ඇතැම් පාටකයෝ ඉක්මනින් කියවලා ඉවර කරන්න පුලුවන් කෙටි කතා කියවන්න ආසයි. ඒ වගේම ලොකු පොත් එහෙමත් නැත්නම් පිටු ගොඩක් තියෙන දිග කතා කියවන්නත් ගොඩක් ආස අයත් ඉන්නවා. ඉතින් එහෙනම් අද අපි කතාකරමු පිටු වැඩි හොඳ පොත් හතක් ගැන.
01. සුළඟේ ගිය දිවිය
මාග්රට් මිචෙල් විසින් රචනා කරපු ඇගේ එකම කෘතිය තමයි මේ gone with the wind. ඉතින් මේක වෙලුම් හතරකට පරිවර්තනය කලා ජයන්තො සමරසේකර මහත්මිය. ඇත්තටම මේ ඇසුරින් විශිෂ්ට චිත්රපටයක් පවා නිර්මාණය වුනා. අතිශය දිගු පොතක්. හැබැයි මේ කෘතිය තුල ඔයාට එක මොහොතකම වත් කම්මැලි කමක් නම් ඇතිවෙන එකක් නම් නෑ කියලා හොඳටෝම විශ්වාසයි. ඉතින් නොකියවපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කියවලා රසවිදින්න.
02. මායාවාස
ඉසබෙල් අයියන්දේ කියන ඒ ලෝකයක් වසඟ කරපු ඒ විශිෂ්ට කතුවරියගේ පලවෙනිම කෘතිය. ගොඩක් ජනප්රිය වුනු අතිශය විශිෂ්ට කෘතියක්. ගාමිණී වියංගොඩ මහතා තමයි මේ අග්රගණ්ය විශිෂ්ට කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කලේ. ඇත්තටම ලාංකික පාඨකයන් ට මේ වගේ කෘතියක් පරිවර්තනය කරපු එකම, අගය කල යුතු වැඩක්. පරම්පරා කිහිපයක් වටා දිවෙන හරිම රසවත් මායා යතාර්තවාදයත් මුසු වුනු විශිෂ්ට කෘතියක්.
03. වෛරයේ මිදි ඵල
ලෝකයේ ලිය වුනු විශිෂ්ටතම කෘතින් අතරේ ඉහලින්ම වැජබෙන කෘතියක් තමයි මේ කෘතිය. 1939 පුලිස්ටර් සම්මානයෙන් පවා මේ විශිෂ්ට කෘතිය පිදුම් ලැබුවා. මේ විශිෂ්ට කෘතියට පාදක වෙන කතාව කිව්වොත් 1930 දශකයේ පමණ මහා ආර්ථික අවපාත සමයේ ඇමරිකාවේ ප්රාන්තයක සිදුවුනු විවිධා නායයෑම්, ගංවතුර වගේ අපාදා නිසා තමන්ගේ ජීවිත පවා අහිමිවුනු ඇමරිකානු ජනතාවගේ ඛේදවාචකය. ඉතින් මේක හරිම විශිෂ්ට කෘතියක්. නොකියපු අය අනිවාර්යයෙන්ම කියවලා බලන්න.
04. සොෆිගේ ලෝකය
දර්ශනය කියන මහා බරසාර මාතෘකාවක් හරිම සරලවම පොඩි ළමයෙක්ගේ කතාවක් අස්සේ හරිම සියුම්ව සූක්ෂමව ගලපාපු විශිෂ්ට තම පොතක් විදියට අපිට මේ කෘතිය හඳුන්වන්න පුලුවන්. ඉතින් නේ අග්රගණ්ය විශිෂ්ට කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ රාණි සේනාරත්න කියන ඒ විශිෂ්ට පරිවර්තිකාව. මන් හිතන්නේ ගොඩක් අය මේ පොත අනිවාර්යයෙන්ම කියවලා ඇති කියලා. ඇත්තටම ජීවිතය තුල අනිවාර්යයෙන්ම කියවලා බලන්න ඕනේම පොතක් මේක.
05. කෆ්කා මුහුදු වෙරළේ
හරුකි මුරකාමි කියන විශිෂ්ට කතුවරයාගේ සිංහලට පරිවර්තනය වුනු තවත් එක විශිෂ්ට කෘතියක් විදියට අපිට මේ කෘතිය හඳුන්වන්න පුලුවන් මේ විශිෂ්ට කෘතිය සිංහල ට පරිවර්තනය කරන්නේ ගොඩක් අපිට නුහුරු කතුවරුන්ගේ කෘති සිංහලට සමීප කරපු ගාමිණී වියංගොඩ මහතා විසින්. ඉතින් මේ කෘතියත් හරි වෙනස්. කෆ්කා කියන යුවතියගේ චරිතය තමයි මේ නිර්මාණය ට පාදක වෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුම පොතක්.
06. සියවසක් පවත්නා දවසක්
චිංගිස් අයිත්මාතව් කියන්නේ ගුරු ගීතය, ජමිලා වගේ පොත් හරහා අපි හැමෝටම සමීප වුනු විශිෂ්ට කතුවරයෙක්. ඉතින් මොහුගේ මේ සියවසක් පවත්නා දවස කෘතිය නම් ගොඩක් දෙනා අතර අර පොත් තරම් නම් ජනප්රිය වුනේ නෑති පොතක්. හැබැයි සමහර අය කියන විදියට මේ කෘතිය ඔහුගේ අනික් පොත් ඔක්කොටම වඩා විශිෂ්ට කෘතියක්ලු. චූලානන්ද සමරනායක මහත්මයා පරිවර්තනය කරපු මේ කෘතිය අනිවාර්යයෙන්ම කියවිය යුතුම එකක්.
07. දෙපලු කරන ලද හදවතක චෝදනා පත්රය
මේක නම් මේ මෑතකදී පරිවර්තනය වුනු කෘතියක්. ඇත්තටම කිව්වොත් විශිෂ්ට කෙටිකතා සංග්රහයක්. මන්ටෝ විසින් රචනා කරපු විශිෂ්ට කෙටිකතා පොත් හතක් මේ විශිෂ්ට කෘතිය ට අන්තර්ගත වුනා. චූලානන්ද සමරනායක මහත්මයා තමයි මේ විශිෂ්ට කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කලේ. ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුම පොතක් විදියට මේ විශිෂ්ට කෘතිය හඳුන්වලා දෙන්න පුලුවන්. ඉතින් මග නොහැරම මේ කෘතියත් ඔබේ පොත් එකතුවට එකතු කරගන්න.
එහෙනම් ඔන්න අද අපි කතා කලේ ලොකු පොත් කියවන්න ආස අයට ගැලපෙන ලොකු පිටු ටිකක් තියෙන පොත් ටිකක්. ඉතින් පොතක වටිනාකම හුදෙක්ම එකේ පිටු ගාන මත නම් රඳාපවතින්නෙස් නෑ කියන එකත් ඔය එක්කම මතක තියා ගමු.
Leave a Reply