මැණිකේ මගේ හිතේ ගීතය ලංකාවේ වගේම ලෝකයේ පොඩි දරුවන් අතරත් ඉතා ජනප්‍රියත්වයට පත් වුනු ගීතයක් කියල අපි දන්නවා. ඉතින් ලෝකයේ ජනප්‍රිය වුනු ලාංකික තරු ගැන කතා කරන කොට යොහානි ගැනත් කතා නොකරම බෑ. ඇය ජනප්‍රියත්වයට පත්වුණේ මැණිකේ මගේ හිතේ ගීත නිසා. ඇයගේ මැණිකේ ගීතයට රියැක්ෂන් ගීත විශාල ප්රමාණවක් මේ වෙද්දි හැදිලත් ඉවරයි. ඇමරිකාව, යුරෝපය, ආසියාව අප්‍රිකා වගේ රටවල මෑත කාලයේ ජනප්‍රිය වුනු ඇය ගැන අපි දන්නවා. නමුත් ගොඩක් දෙනා නොදන්න වගේම මේ වන විට ලෝකයේ තවත් ජනප්‍රිය වුනු ලංකාවේ තරු ගැනත් අපි කතා කරමු.
01. NGR
NGR කියන නමත් එක්කම මොහුට සමාන ලංකාවේ චිත්‍රපට ක්ෂේත්රයේ ජනප්‍රිය වුනු නලුවා තමයි ගාමිණී ෆොන්සේකා. ඉතින් ගාමිණී ලංකාවේ ජනප්‍රිය වුනා වගේම ලංකාවේ අපේම රටේ ඉපදුනු දකුණු ඉංදියාවේ ජනප්‍රිය වුන ඉතාම කඩවසම් නලුවෙක් තමයි NGR කියන්නේ.
ඔහු ඉපදුනේ 1917 ලංකාවේ නාවලපිටියේ. ඔහු ඉංදියාවේ NGR නමින් ජනප්‍රිය වුනත් ඔහුගේ නම මරුතන් ගෝපල රාමචන්ද්‍රන්. අම්මා ඉන්දීය දෙමළ කාන්තාවක්. ඔහුට වයස දෙකහමාරේදී විතර ඔහුගේ පියා මිය යනවා. මේ නිසා ඔහුගේ මව ඔහුත් එක්ක ඉන්දියාවේ තමන්ගේ නෑදෑයන් වෙත යනවා. කුඩා කාලයේ සිටම ඉතාමත්ම දක්ෂ දරුවෙක්. ඔහු රංගනයට, ගායනයට ඉතා දක්ෂයි.
1936 තමයි දකුණු ඉංදීය සිනමාවට එන්නේ. එකල ඉතා ජනප්‍රිය නලුවා වෙන්නෙත් ඔහු. ඒ විතරක් නෙමෙයි ඔහු 1977දී තමින්නාඩුවේ මහ ඇමති දක්වා දීර්ඝ දේශපාලන ජීවිතයකට ගිය පුද්ගලයෙක්. ඔහු 1987 මිය ගියා.
02. දීක්ෂිතා වෙන්කඩේෂන්
මාරි ටූ චිත්‍රපටයේ “රව්ඩි බේබි” ගීතය ලෝකය පුරාම ඉතා ජනප්‍රිය වුනා. ඉතින් දකුණු ඉන්දියාවේ ආදායම් වාර්ථා රැසක් තියපු මේ ගීත ධනුෂ් එක්ක ගායනා කලේ ලංකාවේ ඉපදුනු දීක්ෂිතා වෙන්කඩේෂන්.
ඇය 1998 යාපනයේ ඉපදුනේ. පස්සේ ඕස්ට්‍රේලියාවට පදිංචියට ගියා. ඇයගේ මවගේ දෙවන විවාහයේ සැමියා වුනු සන්තෝෂ්නාරායන් නිසා තමයි ඇය ගීත ගායනයට එන්නේ. ඇය 2012 සංගීත ජීවිතයට අඩිය තිබ්බා. ඔයාල අපි දන්න 2013 තිරගත වුනු Pizza ll දමිළ චිත්‍රපට තමයි ඇය මුල්ම සිනමා ගීතය ගායනා කලේ. ඇය දකුණු ඉංදියාවේ ආදායම් වාර්ථා රැසක් තැබූ සිනමා පට රැසක් ගීත ගායනා කරා.
“රව්ඩි බේබි” ගීතය සඳහා හොඳම ගායිකාව හිමි සම්මානය ලැබුණා. මැඩ්රාස්, කබලෙ, ගුරු, වැනි ජනප්‍රිය වුනු චිත්‍රපට සඳහාත් ඇය තමයි ගීත ගායනා කලේ. ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහාත් ඇගේ ගීත නිර්දේශ වෙලා තියෙනවා.
03. මිනෝන් රත්නම්
මේ වෙනකොටත් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය “කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ” ගීතයේ මුල් ගායිකාව වෙන්නේ ඇය. ඇයත් ලංකාවේ ඉපදුනු අපේම කෙනෙක්. ඇය කොළඹ ශාන්ත බ්‍රිජට් කණ්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක්. ඇය 60 දශකයේ ඉතාම ජනප්‍රිය වුනා.
ඇය ගායනා කල ඉංග්‍රීසි ගීත ලෝකයේ අදටත් ජනප්‍රියයි. ඒ වගේම එංගලන්තයේ AM Records සමාගම සමග ගිවසුම් වලට එන්න පවා ඇය පෙළඹිලා තියෙනවා මේ ජනප්‍රියත්වය නිසාම. ඇය ජාත්‍යන්තර සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.
04. මෝරීන් නෙලියා හින්ගර්ට්
ඇය ලංකාව තුළ මුලින්ම කතා බහට ලක් වුනේ 1955 දී ලංකාවේ දෙවන රූ රැජින බවට පත් වුන නිසා. මේ කාලයේදීම මිස් යුනිවර්ස් තරගයට සහභාගි වුනු ඇය එහිදී 3 වෙනියා බවට පත්වෙනවා. මේ නිසා හොලිවුඩ් ජනප්‍රියම රංගන ශිල්පිනියක් නිරූපිකාවක් බවට පත් වුනා. ඇයගේ ජනප්‍රියත්වය නිසාම ඇය 1958 ගන්ෆීවර් හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. ලංකාවේ හොලිවුඩ් ජයගත්ත පළමු නිළිය ඇය යි.
05. පූජා උමාශංකර්
පූජා ගැන ලංකාවේ කුඩා දරුවන් පවා, දන්නවානේ. ඇය ඒ තරමටම ලංකාවේ චිත්‍රපට කේෂ්ත්‍රයේ ඉතා ජනප්‍රියයි.
පූජා ලංකාවේ ජනප්‍රිය වෙන්න ඉස්සෙල්ලා දකුණු ඉංදියාවේ තමයි වඩාත් ජනප්‍රිය වුනේ. 1981 කොළඹ ඉපදුනු ඇය ඉගෙනීමට ඉතාම දක්ෂයි. 2003 වර්ෂයේදි විතර තමයි ඇය දකුණු ඉන්දියාවේ සිනමාවට එන්නේ. ඇය මේ වෙද්දි දකුණු ඉන්දියාවේ විශාල චිත්‍රපට ප්‍රමාණයක රඟපාලා තියෙනවා. ඒ වගේම 2005 වසරෙදි අංජලිකා චිත්‍රපටයට එන ඇය මේ වෙනකොට ලංකාව තුල ඉතා ජනප්‍රිය වුනු කුස පබා, සුවඳ දැනුනා ජීවිතේ, පත්තිනි, සරිගම චිතුපට වල රංගනයට දායක වුනා. ඇය සුන්දර, නිරහංකාර, සුපිරි නිළියක් කිව්වොත් නිවැරදියි.
06. ජැකොලයින් ෆර්නැන්ඩස්
ජැකොලයින් ගැන මේ කාලයේ අහන්න ලැබෙන කතා නම් එච්චරම හොඳ නෑ. නමුත් ජැකොලයින් කියන්නෙත් ලාංකීය සම්භවයක් තියෙන ලෝකයේ විශේෂයෙන්ම ඉංදියාවේ ජනප්‍රිය වුන නිලියක්. ඇයත් මුල් වතාවට කතා බහට ලක්වෙක්නේ 2006 රූ රැජින වීම නිසා. ඇය 2006 මිස් යුනිවර්ස් ගියා. ඒ ලංකාව වෙනුවෙන්. නමුත් ඇයට ජය ගන්න බැරි වුනා.
ඇය 1985 බහරේන් වල ඉපදුනා. තාත්තා ලංකාවේ අයෙක්. ඇයට ප්‍රංශ, අරාබි ඇතුළු භාෂා කීපයක් කතා කරන්නත් පුළුවන්. ඇය මුලින්ම 2009 වර්ෂවේදී නිරූපන වැඩසටහකට ඉන්දියාට ගියාම තමයි බොලිවුඩ් රඟපාන්න අවස්ථාවක් ලැබුනේ. එහිදි ඇලඩින් චිත්‍රපටය සඳහා ඇයට ආරාධනා කෙරුණා වගේම ඒ චිත්‍රපටය හරහා ඉතා ජනප්‍රිය වුනා. මේ චිත්‍රපටය වෙනුවෙන් අයිෆර් සම්මාන උළෙලේ දී හොඳම නැගී එන නිලිය හිමි සම්මානයත් ඇයට හිමි වුනා.
ඇය 2018 රගපාපු According to Mathew චිත්‍රපටය හරහා ලංකාවේ ඉතා ජනප්‍රිය වුනා. මර්ඩර් 2, රේස් 3, වැනි ජනප්‍රිය බොලිවුඩ් නිර්මාණ 23ක විතර මේ වෙද්දි ඇය දායක වෙලා තියෙනවා.
07. නිරෝෂා රාධා
ලංකාවේ සරාගීම නිලිය කවුද කියල ඇහුවොත් ගොඩක් අයගේ උත්තරය ස්වර්ණා කියන එක. ස්වර්ණා වගේම ඉතාම සුරූපී සරාගී නිළියක් තමයි රාධා. රාධා 1971 ලංකාවේ ඉපදුනු තරුවක්. පස්සේ දකුණු ඉන්දියාවට ගිය ඇය එහිදී තමයි ඉන්දීය සිනමාවට සම්බන්ධ වෙන්නේ. ඇය දකුණු ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය නිළියක්. ඒ වගේම ඇය දමිළ, මලයාම්, කර්නාටක් සිනමාපට හැටකට අධික සංඛ්‍යාවක රගපාලා තියෙනවා මේ වෙද්දි. රාධා 1988 වර්ෂයේ සිට 1996 දක්නා ජනප්‍රිය වුනා වගේම එවකට තිරගත වුනු චිත්‍රපටවල ප්‍රධානම නිලිය වුනා.
Leave a Reply