දුප්පත් මිනිසුන් නිතරම කරන, ධනවත් මිනිසුන් කිසිදා නොකරන දේවල් 10 ක්

10 Things Poor People Always Do, Rich People Never Do

සමහර අය හිතාගන්නවත් බැරි තරම් ධනවත් වෙන්නේ කොහොමද කියල ඔයා කවදා හරි සිතුවාද? අපි හැමදාම විවිධ ඇබ්බැහි වීම් මත තමයි ජීවත් වෙන්නේ. අපි හිතන රටාව සහ ජීවත් වන රටාව වෙනස් කරන්න පුළුවන් නම් අපට ඕනිම දෙයක් කරන්න පුළුවන්. Lifie අද මේ ගැන කතා කරන්නේ ඔබව මැජික් එකකින් වගේ එකපාරම පොහොසත් කරන්න නෙමෙයි. වැඩකට නැති, වියදම් අධික දේවල් වලින් ඉවත් වෙන්න, ඒ වගේම ඉතිරි කරන්න, ආයෝජනය කරන්න, මුදල් නිකරුනේ නාස්ති කරන එක නවත්තන්න, ඔයාට සාර්ථක වෙන්න පාර සුද්ධ කරල දෙන්න හිතපු නිසා.

01. විවේකය කළමනාකරණය කර ගැනීම

 10 Things Poor People Always Do, Rich People Never Do

විවේකය කළමනාකරණය කරගැනීම සහ එය වඩාත් ඵලදායී විදියට පාවිච්චි කිරීම සම්බන්ධයෙන් දුප්පතුන් සහ පොහොසතුන් අතර ලොකු වෙනසක් තියෙනවා.

පොහොසතුන් විවේකයක් අවශ්‍ය වුනාම ඇවිදින්න⁣ට යනවා. ඒ සඳහා නිශ්චිත කාලයක් යොදා ගන්නවා.

“ෆ්‍රෙඩ්රික් නිට්ෂේ” ඇවිදීම ගැන මෙහෙම කියනවා,

“ඇත්ත වශයෙන්ම විශිෂ්ට සිතුවිලි සියල්ලම ඇවිදීමේදී පිළිසිඳ ගනී.”

ඒ වගේම රූපවාහිණිය මුලින්ම සොයා ගත් වෙලාවේ “සිතන සිත් නවතිනවා, ලියන අත් නවතිනවා. ” කියන කතාවත් කරලියට ආවා.

ඉතින් පොහොසත් මිනිස්සු මේ ගැන දන්නවා. එයාල රූපවාහිනිය ඉස්සරහට වෙලා කාලය කන්නෙ නෑ. දුප්පත් මනුස්සයෙක්ට විවේකයක් ඕනි වුනාම ඇදට වෙලා, netflix බලබලා, නැත්නම් වීඩියෝ ගේම් ගගහ, එහෙමත් නැතිනම් ෆේස් බුක් එකේ ඕපදූප හොයමින් කාලය කා දමනවා. මේ වැඩෙන් එයාට මොතුත්ම ලැබෙනව කියල ඔයාල හිතනවාද?

ගොඩක් වෙලාවට ධනවතුන් කාලය කා දමන කිසිදු වැඩකට නැති ඒ වගේ දේවල් කරන්නෙ නෑ. සාර්ථක මිනිස්සු විවේක ගන්න ඕනි වුනාම ඇවිදින්න යනවා. එහෙමත් නැතිනම් සන්සුන් සංගීතයකට ඇහුම්ක් දෙනවා. එයාල එයාලගෙ අවධානය වෙන වෙන දේවල් වලට යොමු වෙන්න දෙන්නෙ නෑ. ඒ නිසාම එයාලගෙ මනස තමන් බලාපොරොත්තු වන විවේකය නිසා යථා ස්වභාවයට පත් වෙනවා.

ඔයාටත් ඇත්තටම විවේක ගන්න ඕනි නම් නාගන්න, ඔයා කැමති පොතක් කියවන්න, ටිකක් ඇවිදින්න, ව්‍යායාම කරන්න. ඔයාගෙ අවධානය වෙන දේවල් වලට යොමු කරන දේවල් වෙනුවට ඇත්තටම ඔයාගෙ හිතටයි, ශරීර සෞඛ්‍යයි වැදගත් වන දෙයක් කරන්න. ඒක හෙට දවසට හොද ආයෝජනයක් වේවි.

02. මිල අධික දේපල

 10 Things Poor People Always Do, Rich People Never Do

ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිස්සු සිල්ලර දේවල් වලට කැමතියි. මෝස්තරක් විදිහට තමන්ට ලැබෙන ආදායමට වඩා, තමන්ට දරා ගන්න බැරි මිල ගණන් වැඩි වාහන, ගෙවල්, බඩු මුට්ටු මිලදී ගන්නවා. මේ හේතුව නිසා වෙන්නේ ජීවිත කාලයේම ඒ ණය ගෙවන එක. ඔයාල දැකල තියෙනවද සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් පේලිවල එක දිගට කේබල් ටීවී ඇන්ටනා ගහල තියෙනවා. ඇත්තටම ⁣ටික කාලයයි ඒවා නඩත්තු කර ගන්න ඔවුන්⁣ට හැකි වෙන්නේ. ගොඩක් ඒවයේ සම්බන්ධතාව අත්හිටවලා බිල් ගෙවා ගන්න බැරිව. මෙන්න මේ වගේ තමයි හැමදාමත් සාමාන්‍ය දුප්පත් මිනිස්සු තමන්ගේ ආදායමට වඩා වියදම් අධිකව දරන කන්ඩායමක්.

ඒත් ධනවතුන් කවදාවත් මේ වගේ දේවල් සිද්ධ තරන්නේ නෑ. එයාල හැම වෙලාවෙම තමුන්ට ඕනි, තමන්ට අවශ්‍යතාවය හා මුදලට සරිලන වාහන, නිවාස, ගෘහ භාණ්ඩ වලට කැමතියි. එහෙමත් නැතිනම් එයාල පැරණි දේපලක් මිලට අරගෙන ආර්ථික ප්‍රතිලාභ ලැබීමට තරම් යහපත් තත්වයට අලුත්වැඩිය කරන්න තමන්ගේ මුදල් ආයෝජනය කරනවා. ඒ වගේම වාහන සම්බන්ධයෙනුත් එහෙමමයි.

03. උගත් කම

 10 Things Poor People Always Do, Rich People Never Do

ධනවත් මිනිසුන් නිතරම කියන කියමනක් තිබෙනවා. ඒ තමයි,
“ඔබ වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා තරමට ඔබ උපයා ගනී.”

ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආයෝජකයා වන Warren Buffett ගෙන් වරක් ඔහුගේ සාර්ථකත්වයේ යතුර මොකක්ද කියල ඇහුවා.ඔහුගේ උත්තරය වුනේ තම පොත් මිටිය පෙන්වා. “දිනපතා පිටු 500ක් කියවන ලෙස” පිළිතුරු දීමයි.

දැනුම අපව වඩා සංකීර්ණ උගුල් වලින් ගලවා ගන්නා බවත් ඔවුන් කියනවා. ඒ වගේම අපි කවුරුත් හොඳින්ම දන්න මයික්‍රොසොෆ්ට් හි නිර්මාතෘ වන බිල් ගේට්ස් සතියකට පොතකට ආසන්න වශයෙන් වසරකට පොත් 50 ක් කියවන අතර ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඔහු පෙළ පොත් කියවීමෙන් රොකට් සෑදීමට ඉගෙන ගත් බව කියන්නේ හරිම ආඩම්බරයකින්.

ඒත් දුප්පතුන් 50 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් දිනපතා ස්වයං-වැඩිදියුණු කිරීමේ කියවීමේ පුරුද්ද කරන බව තමයි සමීක්ෂණ වලින් කියවෙන්නේ. මේ දැනුමෙන් පොහොසත් නොවීම නිසා ඔවුන් මුදල් අතින් දියුණු තත්වයට යන තීරණ ගැනීමට දැනුමත් භාවයට පත් වෙන් නැති බවයි සඳහන් වෙන්නේ.

04. ඇදුම් සහ සපත්තු

 10 Things Poor People Always Do, Rich People Never Do

කාලෙන් කාලෙට එන ඇඳුම් විලාසිතාව, හෙයාස්ටයිල් එක, එහෙමත් නැතිනම් අලුත්, අලංකාර විලාසිතාවලින් හැඩ වුන සුපිරි තරු දැක්කම ⁣ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිසුන් ට්‍රයි කරන්නේ ණය වෙලා හරි ඒ මොස්තර ඇඳුම් පැළඳුම් මිලට ගන්න එක.
ඒත් ඇත්තටම ධනවතුන්, එහෙමත් නැතිනම් සාර්ථක මිනිසුන් මෙයට විරුද්ධ පැත්ත කරන්නේ. ඒ කිව්වේ එයාල සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ගේ පහසුව ගැන මිසක් අලුත් විලාසිතා ගැන නෙමෙයි. මොකද ඇත්තටම එයාලට එයාලගෙ බාහිර පෙනුම වෙනස් කරල සමාජයේ කැපී පේන්න උත්සහ කරන්න ඕනි නෑ. මොකද එයාල ගැන සමාජය දන්නවා. ඒ බාහිර පෙනුම නඩත්තු කරල ලෝකය ඉස්සරහ තමන් ගැන ඔප්පු කරන්න දෙයක් එයාලට නෑ.

05. ජය ගැනීමට තිබෙන අවස්ථා ගැන නොදැනීම

 10 Things Poor People Always Do, Rich People Never Do

අපි දන්න ප්‍රසිද්ධ කතන්දරයක් තියෙනවා. ඒක නම්,
” පාවහන් වෙළෙන්දෙක් ඈත රටක ඉඳන් දූපතකට සපත්තු විකුණන්න ට්‍රයි කළා. ඒත් තියෙන එකම ගැටළුව වුනේ කිසි කෙනෙක් සපත්තු දාගෙන සි⁣ටියේ නැති එක. ඒක නිසා මේ වැඩේ හරිම දුෂ්කර වුනා.

මේ වෙළෙන්දා කලකිරීමෙන් සපත්තු වෙළඳාම අත්හැර දාල යන්න පිටත් වුනා. ඒ යන අතරතුර ඔහුට තවත් සපත්තු වෙළෙන්දෙක් හම්බ වුනා.

“ඔය පේන නගරයට යන්න කරදර වෙන්න එපා. ඒ මිනිස්සු සපත්තු දාන්නෙත් නෑ.” කියල පළමු වෙළෙන්දා කිව්ව.

දෙවන වෙළෙන්දාගේ ඇස් ලොකු වුනා. “ඈ කාටවත්ම සපත්තු නෑ!, එහෙනමි මට හැමෝටම සපත්තු කුට්ටමක් විකුණන්න පුළුවන්. අපි භාවිතා කරපු නැති වෙළඳපොළක අපි කොච්චර වාසනාවන්තද?”

ඉතින් ඔයාට මේ කතාව තේරෙනව නේද? දුප්පතුන් බොහෝ විට බාධක දකින අතර ඉක්මනින් අත්හරිනවා. පොහොසතුන් අවස්ථා දකින අතර බොහෝ දෙනෙක් සිහිනෙන්වත් නොසිතන ක්‍රීඩා පිටිවලට ක්‍රීඩා කරන්න හැම වෙලාවෙම ලෑස්ති පිට ඉන්නවා.

06. අළුත් භාණ්ඩ මේනියාව

 10 Things Poor People Always Do, Rich People Never Do

දුප්පත් අය ගොඩක් වෙලාවට අතේ තියෙන කිසිම ලෙඩක් නැති හොඳින්ම වැඩ කරන ෆෝන් එක අයින් කරලා අලුතෙන් එන එකකට මාරු වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ වගේ වැරදි, නිකරුණේ මුදල් නාස්ති කරන නවීනතම බඩු වලට මාරු වීමේදී ණය වෙන්න, අපසතු දෙවල් විකිණීමට සිදුවන අවස්ථා අපි අත්දැක තියෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ දුප්පතා ගොඩක් වෙලාවට ධනවත් කම, නවීනත්නව පෙන්නන්න උත්සහ කරන නිසා.

දුප්පතා නොදැනුවත් කමින් එහෙම කරද්දී ලෝකයේ ධනවත් හා බලවත් පුද්ගලයන් වසර ගණනාවක් තිස්සේ එදිනෙදා පාවිච්චි කරන්නේ තමන්ගේ පැරණි බඩු බාහිරාදිය සහ දුරකථනයි. එයාල කොයි වෙලාවකවත් අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමට හැර මුදල් වියදම් කරන්නේ නෑ.

07. දුප්පතුන් කවදා, කොයි මොහොතක හෝ අවදි වේ. ධනවතුන් උදෑසන සිරිතක් විදියට අවධි වෙි

 10 Things Poor People Always Do, Rich People Never Do

මේ ගැන ඩැනියෙල් හැන්ඩ්ලර් මෙ⁣හෙම කියනවා.

“උදෑසන යනු දවසේ වැදගත් වේලාව. මොකද ඔයා උදෑසන ගත කරන විදිහ ගොඩක් වෙලාවට ඔයාට මොනවගේ දවසක් ලැබෙනවාදැයි කියන්න පුළුවන්.”

දුප්පත් මිනිස්සු උදේ ඇහැරුනාම තමන්ට වෙන ඕනම දෙයක් ඉස්සෙල්ලම කරනවා. සාමාන්‍යයෙන් එයාල එයාලගෙ ෆොන් එක බලනවා. ඊට පස්සේ පැය භාගයක්, පැයක් ඒකෙ එල්ලිලා ඉන්නවා. ඊටත් පස්⁣සේ ඇඳෙන් බැහැල කන්න, රූපවාහිණිය බලන්න,සමහර විට යාළුවො කිහිප දෙනෙකුට sms
පණිවිඩ යවන්න කාලය නාස්ති කරනවා.

දන්නවද ධනවත් මිනිස්සු මෙහෙම කරන්නෙ නෑ. එයාලට දවසේ පැය 24 ගොඩක් වටිනවා. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ සෞඛ්‍යට හිතකර වෙන විදියට, දවස ප්ලෑන් කරන එක උදේ නිවැරදිව කලමනාකරනය කර ගන්නවා.

බොහෝ ධනවතුන් උදේ 5 ට නැඟිට ව්‍යායාම් ශාලාවට යනවා. තවත් අය උදේ 10 ට නැඟිට උදේ ඇවිදින්න යනවා.

මේ මගින් දවස නැවුම්ම, ගත කරන්න ඒ වගේම ප්ලෑන් කරන්න එයාලට පුළුවන් වෙනවා.

08. ණය

 10 Things Poor People Always Do, Rich People Never Do

ණය සම්බන්ධයෙන් නම් ලංකාව තුළත් තියෙන්නේ හරිම ඛේදවාචකයක්. ධනවතුන් බැංකු ණය , ක්‍රෙඩිට් කාඩ්, අතමාරු වගේ සියළු මුදල් ගැනීම් වලින් වැළකෙන්න උත්සහ කරනවා. ඒ අතරේ දුප්පත් සාමාන්‍ය මිනිස්සු දිගින් දිගටම ණය ගැනීම හා ගෙවීම සිදු කරන අතරම අවසානයේ එය ඉවරයක් නැති චක්‍රයක් බවට පත් වෙනවා. ඔයාල දන්නවද ලංකාවේ කුඩා ශුද්ධ මූල්‍ය සමාගම් ගම්වල දුප්පත් මිනිසුන්ගෙන් 24% වගේ ලොකු පොළියකට ණය දෙනවා. මේ වගේ ණය උගුල් වලට එයාල හිර වෙනවා. අවසානයේ මුළු ආදායමම ණය ගෙවන්න යට කරනවා. ඒ ණය ගෙවාගන්න බැරිව තවත් ණය වෙනවා.මෙහෙම වෙන්න හේතුව සොයා බැලීමක් නැතිව, හරි හමන් කළමනාකරණයක් නැතිව ණව ලබා ගන්න එක.

09. දුප්පතුන් සිතන්නේ වැඩ කරන පැය ගණන අනුව. ධනවතුන් සිතන්නේ නිෂ්පාදනය කරන ලද වටිනාකම අනුව

 10 Things Poor People Always Do, Rich People Never Do

“ඔබ උපයන මුදල් ඔබ නිර්මාණය කරන වටිනාකමේ සංකේතයකි.” කියල කියමනක් තියෙනවා.

දුප්පත් මනුස්සයෙක්ගෙන් අද දව⁣ස නොහොමද කියල ඇහුවොත් එයාල ගොඩක් වෙලාවට කියන්නේ වැඩ කරන පැය ගණන ගැන.. “මම අද පැය 7 ක් වැඩ කළා.” “මම මේ ව්‍යාපෘතිය සඳහා පැය 3ක් ගත කළා.” “අද මම පැය 2ක් වගේ ගෙව්වා ගෙදර සුද්ද කරන්න.”

ඔයා ධනවතෙකුගෙන් දවසේ ඵලදායීතාවය ගැන ඇහුවොත් ගොඩක් වෙලාව⁣ට එයාලගෙ උත්තරය. “මම අද අන්තිම ඇනවුමත් යැව්වා.” “මම මුළු ගෙදරම සම්පූර්ණයෙන් පිරිසිදු කළා.” වගේ උත්තර.

දුප්පත් මිනිස්සුන්ට පැයට වැඩ ලැබෙනවා. ධනවතුන්ට වැටුප් ලැබෙනවා. ධනවත්ම පුද්ගලයින්ට කොටස් හිමිවන අතර, පසුව ඔවුන් ව්‍යාපාරයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මත පදනම්ව ගෙවනවා.

ඔයත් වැඩ කරන කරන පැය ගණන ගැන සිතීම නවත්වන්න. ඔයා කරන ප්‍රමාණය මත පදනම්ව ඔයාගෙ ඵලදායිතාව තක්සේරු කිරීම ආරම්භ කරන්න.

10. දුප්පත් මිනිසුන් ඔවුන්ගේ මුදල් පාලනය නොකරයි. ධනවතුන් එසේ කරයි

 10 Things Poor People Always Do, Rich People Never Do

දුප්පත් මිනිසුන් ගොඩක් වෙලාවට තමන්ගේ මුදල් ප්ලෑන් කරල වියදම් කරන්නෙ නෑ. ඒ වගේම ආදායම් සහ වියදම් ගැන සැලකිලිමත් නෑ. තමන්ගේ සල්ලි වියදම් කලේ මොකටද? ඒවා අනවශ්‍ය වියදම්ද, ඒවා අඩු කර ගන්න විදිහ ගැන ප්ලෑන් එකක් නෑ.

ඒත් ධනවතුන් තමන්ගේ මුදල් පාලනය කරනවා. හැම වියදමක් ගැනම සටහනක් තියා ගන්නවා. ඒ නිසා එයාල එයාලගෙ ආදායම සහ වියදම ගැන හොද අවබෝධයකින් ඉන්නවා. එයාල ආදායමක් ගත්ත ගමන් ගොඩක් වෙලාවට තමන්ගේ ඉතිරිකිරීම් වලට සහ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කරනවා. ඒ වගේම එයාල නියමිත වෙලාවට පෙරත් හොඳින් බිල් ගෙවනවා.

ඔයත් ඔයාගෙ මුදල් යන්නෙ කොහෙටද කියල හොයා බලන්න. හැම මාසෙකම ඔයා කොපමණ මුදලක් වියදම් කරනවාද කියල නිවැදිව ගණනය කරන්න. ඔයා ඒ මුදල් වියදම් කලේ කුමක් සඳහාද යන්න නිවැරදිව සොයා බලන්න. මේ නිසා ඔයාට ඔයාගෙ මුදල් හොඳින් කළමනාකරගෙන ඔයාට ඕන ටාගට් එකට යන්න, පොහොසතෙක් වෙන්න හීන දකින්න අඩිතාලම දා ගන්න පුළුවන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *