දියුණු වෙන්න කැමති අය අනුගමනය කරන මේ සංකල්පේ ඔයාලගෙ ජීවිත වලට ගොඩක් වැදගත් වෙනවා

7 habits of highly effective people

මේ අද කියන්න යන සංකල්පේ ඔයාලගෙ ජීවිත වලට ගොඩක් වැදගත් වෙනවා. ඇමරිකන් ජාතික Stephen R.Covey විසින් රචිතThe 7 Habits pf Highly Effective People පොතේ කියලා දෙන වැදගත් පාඩම් ටිකක් තමයි අද ඔයාලට කියලා දෙන්න හදන්නෙ. ජීවිතය සාර්ථවක ගතකරන්නෙ කොහොමද හා පෞරුෂ වර්ධනය කරගන්නෙ කොහොමද කියලා අපිට සෑහෙන උපදේශ මේ පොතේ තියනවා. ඒ වගේම මේ පොත කියවපු කෙනෙක්ට තමුන් මේ වෙනකල් ගතකල ජීවිතයෙ වෙන්න ඕනෙ වෙනස්කම් මොනාද කියලා නිතැතින්ම අවබෝධ වෙනවා. ඒ වගේම මේ පොත වැඩිම අලවියක් වාර්තා උන පොතක්. ඉතින් බලන්නකො මේකෙන් දෙන ඇඩ්වයිස් කොච්චර පවර්ෆුල්ද කියලා. ඉතින් අපි බලමු මොනාද මේ කියලා.

01. Be Proactive – ක්‍රියාකාරී වන්න

7 habits of highly effective people

මේකෙන් අදහස් කරන්නෙ මුලින්ම ඔයාගෙ ජීවිතය පිළිබඳව වගකීම ඔයා ගන්න ඕනෙ කියන එක. මොකද මේ ඝනයට අයත් වෙන අය හරිම වගකීම් සහගතයි. එහෙම අය දන්නවා තමන්ට පාලනය කරන්න පුළුවන් පරිසරය ඇතුලෙ සිදුවන දේවල් වලට ක්‍රියාකාරී වෙන්න.

මං මේක තවදුරටත් පැහැදිලි කලොත් මේ ලෝකෙ කොටස් දෙකකට බෙදෙනවා. බාහිර ලෝකය හා අභ්‍යන්තර ලෝකය. මේ බාහිර ලෝකයේ තියන දේවල් අපිට පාලනට කරන්න බෑ. ඒ කියන්නෙ කාලගුණය, දේශපාලනය, අන් පුද්ගලයන්ගේ ජීවිත/ආකල්පවගේ දේවල්. ඒ වගේම අභ්‍යන්තර ලෝකය ඒ කියන්නෙ අපිට පුද්ගලයෙක් විදියට පාලනය කරන්න පුළුවන් ලෝකය. තමන්ගෙ ආකල්ප, අධ්‍යාපනය, හැකියාවන්, පුරුදු වගේ තමුන්ට වෙනස් කල හැකි දේවල්. ඒ වගේම සෑම පුද්ගලයෙක්ටම මේ ලෝකෙ දෙවිදියකට ජීවත් වෙන්න පුළුවන්. එකක් ප්‍රතික්‍රියාකාරී (re-active) පුද්ගලයෙකු ලෙස හා ක්‍රියාකාරී (proactive) පුද්ගලයෙකු ලෙස. ඉතින් මේ ප්‍රතික්‍රියකාරි පුද්ගලයා හැමවෙලේම තමන්ට පාලනය කල නොහැකි ලෝකයෙන් එල්ල වන බලපෑම් වලට දොස් නගමින් ජීවත් වෙනවා. හැබැයි එයාලා තමන්ගෙ අභ්‍යන්තර ලෝකේ ගැන කිසිම ගාණක් හෝ සැලකිල්ලක් දක්වන්නෙ නෑ. ඒ වගේම තමුන්ගෙ වගකීම අනුන්ට පැටවීමට උත්සහ දරණ අය. මං මුලින්ම කිව්වනෙ proactive පුද්ගලයො තමන්ගෙ වගකීම දරණ අය කියලා. ඒ වගේම ඒ අය තමන්ගෙ පාලනයෙන් තොර ලෝකෙ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැතුව තමන්ගෙ හැකියාවන් හා පුරුදු ගැන සැලකිල්ලෙන් ඉන්නවා. ඒ වගේම ඒ දේවල් වර්ධනය කරන්න තමා මේ අය හැමවෙලේම හිතන්නෙ. ඒ කියන්නෙ තමන්ගෙ සාර්ථකත්වය තමන් මත පවතින්නේ කියලයි එයාලා හිතන්නෙ. මෙන්න මේ විදියට ජීවත් වෙන්න තමුන්ගෙ ආකල්ප හා පුරුදු හදාගන්න හැමෝම උත්සහ කරන්න ඕනෙ.

02. Begin with the End in Mind – අවසානයක් සහිතව පටන් ගන්න

7 habits of highly effective people

මේ ලෝකෙ තියන සෑම දෙයක්ම දෙපාරක් නිර්මාණය වෙලා තියනවා. මුලින්ම ඒක නිර්මාණකරුවාගෙ මනසෙ හා අනික බාහිර ලෝකයෙ. අපි මේ ලෝකෙ ලඟා කරගැනීමට අපේක්ෂිත දේවල් පිළිබඳව අපේ ඔලුවෙ සැලැස්මක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ අපි අනාගතේ මෙන්න මෙතන ඉන්නවා කියන තැන ගැන මනසින් විශුවලයිස් කරන්න ඕනේ.. අපි යමක ආරම්භයේදීම මං මේකෙ මෙතන්ට ගිහිල්ලයි නතර වෙන්නෙ කියන අධිෂ්ඨානෙන් වැඩේ පටන් ගන්න ඕනෙ. ඒ කියන්නෙ අවසානය හොඳින් අධ්‍යනය කරලයි වැඩේ පටන් ගන්න ඕනෙ. තමන්ගෙ ඉලක්කෙ ගන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ.

03. Put First Things First – අත්‍යවශ්‍ය දේට මුල් තැන දෙන්න

7 habits of highly effective people

මුලින් කිව්ව පුරුදු දෙකේම ප්‍රායෝගික කොටස කිව්වොත් නිවැරදී. ඒ කියන්නෙ පලවෙනි පුරුද්දෙන් කිව්වෙ ඔයාට ඔයාව පාලනය කරගෙන අදාල දේ කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඕනම දෙයක් දෙපාරක් නිර්මාණය වෙනවා කියලා දෙවෙනි පුරුද්දෙදි කිව්වනෙ. මේ දෙවෙනි පුරුද්දෙන් කිව්වෙ මුලින්ම නිර්මාණය පිළිබඳව මනසේ මැවෙන රූපය. අන්න ඒක ප්‍රායෝගිකව නිර්මාණය වෙන්නෙ මෙන්න මේ තුන්වෙනි පුරුද්දෙන් වෙන්නෙ. ඔයාට අවශ්‍යම, වටිනම දේ මුලින් කරන්න කියලයි මේකෙන් කියන්නෙ. අපේ අහිතකර පුරුදු නිසා අපි කළ යුතු, වඩාත් අත්‍යවශ්‍ය දේවල් මඟනොහැර කටයුතු කරන්න කියලා තමයි මේකෙන් කියන්නෙ. ඒවගේම ඒ අදාළ කාර්‍යයන් වල අවශ්‍යතාවය අනුව පෙලගස්වාගැනීම මනසින් හෝ හදාගන්නවනම් ගොඩක් වටිනවා.

04. Think Win-Win -දෙපාර්ශවයේම ජයග්‍රහණය සිතීම

7 habits of highly effective people

මේ පුරුද්දෙන් අදහස් වෙන්නෙ දෙදෙනෙක් හෝ දෙපාර්ශවයක් අතර ගනුදෙනු හෝ ක්‍රියාකාරකමක් සිදුවෙනකොට දෙදෙනාටම වාසි සහගත අයුරින් අදාල කාරණාව ඉටුවීමයි. ඒ කියන්නෙ තරඟෙකින් ජයග්‍රහණය කිරීම නෙමෙයි. මේකෙදි වෙන්නෙ අදාල කටයුත්තෙදි දෙපාර්ශවයේම ගිවිසුම් හා විසඳුම් දෙපාර්ශවයට වාසි ගෙනදෙන ආකාරයට සකස්විය යුතුයි. මේක සුහදව ජයග්‍රහණය කරා යන ගමනක්. අනෝන්‍ය ප්‍රතිලභ තමා ප්‍රධාන වෙන්නෙ. මේක තවත් පැහැදිලි කලොත් මේ සංකල්පයෙදි පුද්ගල සබඳතා කොටස් කිහිපයකට බෙදෙනවා.

I ) Win – Lose
II) Lose – Win

මේකෙන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ මේ දෙකට. ඒ කිව්වෙ එක්කෙනෙ දින්නොත් අනික් කෙනා පරාද වෙන්න ඕනෙ කියනදේ. මේක අපේ සමාජෙ බහුලවම දකින්න තියන දෙයක්. මේකට ලොකුම හේතුව හිඟ මානසිකත්වය.

III) Lose – Lose

මේකෙදි කියන්නෙ දෙපාර්ශවයටම අවාසිසහගත දෙයක් හා පරාජයක් ලැබීම. ඒ කියන්නෙ සමහරුන්ගෙ මතයක් තියෙන්නෙ මට නොලැබෙන දේ අනික් අයටත් ලැබෙන්න ඕනේ නෑ කියන හැඟීම. ආන්න ඒ හා සමානයි. ඒ වගේම දෙපාර්ශවයේ හේතු මත ඒ දේ අත්වෙන්නත් පුළුවන්.

IV) Win

මේකෙදි වෙන්නෙ අනික් පාර්ශවය හැන නොසිතා තම ජයග්‍රහණය පමණක් සිතීමයි. මේක හරිම ආත්මාර්ථකාමි දෙයක්.

(V) No Deal

මේකෙදි වෙන්නෙ යම් සම්බන්ධතාවක් ගොඩනගාගන්නා දෙපාර්ශවයටම වාසිසහගත හෝ අවාසිසහගත දෙයක් නොවී අවසන්වීමයි.

(VI) Win – Win

මේක තමා සඵලදායීම පුද්ගල සම්බන්ධතාවය. උඩින් පැහැදිලි කලේ අපි වර්ධනය කරගත යුතු මේ සබඳතාවයයි.

05. Seek First to Understang,Then to Be Understood – තේරෙන්න කලින් තේරුම් ගැනීමට උත්සහ කිරීම

7 habits of highly effective people

මේකෙදි කියන්නෙ අපේ ඇහුම්කන්දීමෙ වැදගත්කම. ඒ කියන්නෙ අපි යමෙක්ට ඇහුම්කන් දෙන්නෙ ගොඩක් වෙලාවට එයා කියනදේට උත්තර දෙන්න මිසක් එයා කියපු දේ තේරුම අරන් නෙමෙයිනේ. ඒ නිසා අදාල පුද්ගලයාව තෙරුම් ගන්න නම් අපි එයාට හොඳින් සවන්දෙන්න ඕනෙ. ඊලඟට එයාට ප්‍රතිඋත්තර දෙන්න ඕනෙ. ඒ වගේම එක එක්කෙනා ලෝකෙ බලන්නෙ විවිධ රාමු වලින්. ඒ කියන්නෙ අදාල කෙනාගෙ මතයන් හා ආකල්යන්ට අනුව තමා ලෝකය දිහා බලන්නෙ එතකොට අපි බලන විදියට නොවෙන්න පුළුවන් ඒ කාරණාව දෙස එයා බලන්නෙ. ඒ නිසා තව කෙනෙක් තේරුම් ගන්න නම් අදාළ කෙනාගෙ විදියට හිතලා බලන්න වෙනවා. එයාට හොඳින් ඇහුම්කන් දෙන්න වෙනවා.

06. Synergize – සහජීවනය

7 habits of highly effective people

මේකෙන් කියන්නෙ අන් අය සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ඇති හැකියාව. මේකෙදි කියන්නෙ කණ්ඩායමක් විදියට වැඩකරනකොට එක් එක්කෙනා දරණ ආකල්ප, විශ්වාස හා අදහස් වෙනස් නිසා අන් අයගෙ මත දරාගන්න පුරුදු වීම. ඒ වගේම මේ වගේ එකතුවෙලා අදහස් හුවමාරු කරගැනීම තුලින් අදාළ කාර්‍යය සඵලදායීව ඉටුකරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නෙ තනි පුද්ගලයෙක් තම අදහස් අනුව ක්‍රියාකරලා ලබාගන්නවාට වඩා ජයග්‍රහණයක් පුද්ගලයින් කිහිපදෙනෙක්ට එකතුවෙලා ලබාගන්න පුලුවන් කමයි.

07. Sharpen the Saw

7 habits of highly effective people

මේ පුරුද්දෙ වචනාර්ථය නම් කියත මුවහත්කරගන්න යන්නයි. මේකෙ තේරුම ගත්තම සෑහෙන වැදගත් දෙයක්. අපි ජීවිතේ මොනාහරි ලබාගන්න අපේක්ෂා කරනව නම් ඊට කලින් අපි හදාගන්න ඕනේ, ඒ කියන්නෙ මුවහත් කරගන්න ඕන දේවල් කිහිපයක් තියනවා. ස්ටීවන් ඒක පෙන්න මෙහෙම පැහැදිලි කරනවා. අපි පුද්ගලයෙකු විදියට අපේ සෞඛ්‍ය, අධ්‍යාත්මය, දැනුම හා බුද්ධිය හා සමාජ සෞඛ්‍යය කියන කාරණා ගැන වැඩි සැලකිල්ලක් දක්වමින් අපි වැඩ කරන්න ඕනෙ. අපේ ඉලක්කය කරා යන්න නම් අපේ ශරීරය, අධ්‍යත්මය හා දැනුම වගේම සමාජය සෞඛ්‍ය ගැන දැනුවත්භාවයකින් සිටීම අත්‍යවශ්‍යම කරුණක්. ඒ කියන්නෙ සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් මේ කියන කාරණා 4 සඵත වෙන්නම ඕනෙ. උදාහරණයක් විදියට ඔබ මේ ලෝකෙ ධනවත්ම පුද්ගලයා උනාට ඔබ සෞඛ්‍යමය අතින්, පවුල් ජීවිතය අතින් අසාර්ථක නම් ඔබගේ ධනවත්කමින් වැඩක් තියේද කියලා. ඒ නිසා මේ සියළුම කාරණා ගැන අවධානය යොමු කරන්න ඕනෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *