යෝජිත විවාහයකින් එකතු වුණු දෙන්නෙක්ට හනිමූන් යනකොට වැදගත් වෙන ටිප්ස් කීපයක්!

Sex tips for an arranged marriage honeymoon

අපි මීට කලිනුත් සෑහෙන්න කථා කරලා තියෙනවනේ යෝජිත විවාහයක සහ ප්‍රේම විවාහයක තියෙන හොඳ සහ නරක ගැන. ඒ වගේම, සාමාන්‍යයෙන් ඕනම විවාහයකට පස්සේ හනිමූන් යනකොට හිතලා බලන්න ඕන කරුණු කාරණා ගැන, හනිමූන් යෑමේදී වැදගත් වෙන කරුණු කාරණා ගැනත් අපි කතාබහ කරලා තියෙනවා. හැබැයි අපිට පිළිගන්න වෙනවා, ප්‍රේම විවාහයකින් විවාපත් වුණු දෙන්නෙක් තමන්ගේ මධුසමය නැතිනම් හනිමූන් එක ගත කරන්න යනකොටයි, යෝජිත විවාහයකින් එකතු වුණු දෙන්නෙක් තමන්ගේ හනිමූන් එකට යනකොටයි තියෙන තත්වය සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස් කියලා. මෙතනදී අපි ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ සෑහෙන්න කාලයක් ලව් කරලා බැන්ද දෙන්නෙක්ව. දෙන්නා එකතුවෙන්නේ සමහර විට යෝජනාවකින් වෙන්න පුලුවන්. හැබැයි ඒක අදාළ නෑ. එතකොට අපි මෙතන යෝජිත විවාහයක් කියලා නම් කරන්නේ, දෙමාපියෝ විසින් කපුවෙක් මාර්ගයෙන් හරි පත්තරෙන් හරි වෙනත් ක්‍රමේකින් හරි හොයලා හඳුනාගත්තු මනමාලියෙක් හරි මනමාලයෙක් හරි, දෙපැත්තම කැමති වුණාට පස්සේ බොහොම අඩු කාලයක් ඇතුළත කෙටි ආශ්‍රයකින් පස්සේ විවාහ වෙන එක ගැන.

 

දැන් උඩ කියපු නිර්වචන වල විදියට, ලව් මැරේජ් එකක නැතිනම් ආදර විවාහයක දෙන්නෙකුයි, ඇරේන්ජ් මැරේජ් එකක නැතිනම් යෝජිත විවාහයක දෙන්නෙකුයි අතර තියෙන ප්‍රධානතම වෙනස්කම වෙන්නේ, දෙන්නා දැන හඳුනන, එකිනෙකාට සමීප, එකිනෙකාව ගවේෂණය කරලා තියෙන ප්‍රමාණය තමයි. සරල උදාහරණෙකින් කිව්වොත්, ලව් කරපු දෙන්නෙක් විවාහ වෙනකොට වුණත් ලිංගික හැසිරීම් පවා යම්තාක් දුරකට වෙලා තියෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට එකිනෙකාගේ නිරුවත දැකලා, ඒකට හුරු වෙලා ඉන්න පුලුවන්. හැබැයි ඉතින් අර යෝජිත විවාහයක දෙන්නෙක්ට එහෙම අත්දැකීමක් තියෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයිනේ. ගොඩක් දුරට යෝජිත විවාහයක දෙන්නෙක් හරියට ලිප්ස් කිස් එකක්වත් දීගෙන නැති වෙන්න ඉහළ ඉඩක් තියෙනවා.

 

ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, යෝජිත විවාහයකින් එකතුවෙන දෙන්නෙක් හනිමූන් එකට යන්න කලින්, අවබෝධ කරගන්න ඕන, හිතලා බලන්න ඕන කරුණු කාරණා ටිකක් ගැන සඳහන් කරන්න!

 

01. තමන්ට සෙට් වෙන තැනක්!

Sex tips for an arranged marriage honeymoon

යෝජිත විවාහයකට යනකොට සිද්ධ වෙන එක ගැටළුවක් තමයි, ඒකේ වෙඩිමේ ඉඳන් හනිමූන් එක දක්වා ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ දෙපැත්තේ වැඩිහිටියන්ට වුවමනා විදියට වීම. ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. ඒත් හනිමූන් එකට තැනක් තෝරන එක විවාහ වෙන්න යන දෙන්නත් එක්ක එකතු වෙලා තමන්ගේ තනි කැමැත්තට කරන එක තමයි වඩාත් හොඳ. ඕන නම් ඉතින් හොටෙල් එකේ බිල අම්මලා තාත්තලාට ගෙවන්න කියන්න බැරියැයි!

 

හනිමූන් එකට දෙන්නා එකතුවෙලා ගැලපෙන තැනක් තෝරගන්න කියන හේතුව මේකයි. හනිමූන් යන්නේ ඇත්තටම උදේ ඉඳන් රෑ වෙනකල් සෙක්ස් කරලා එන්න නෙවෙයි. ඊට වඩා හනිමූන් එක කියන්නේ දෙන්නට එකිනෙකා හා සමීප වෙන්න, දෙන්නට දෙන්නා දැනහඳුනාගන්න ලැබෙන අවස්ථාවක්. එතකොට, තමන්ට සෙට් වෙන, තමන්ට එකට කරන්න පුලුවන් ඇක්ටිවිටීස් තියෙන තැනක් තමයි හනිමූන් එකට සෙට් වෙන්නේ. උදාහරණයක් විදියට, බීච් එකට ආස කපල් එකකට හනිමූන් හොටෙල් එක අම්මලා හුන්නස්ගිරියෙන් සෙට් කරන එක තේරුමක් නෑ.

 

02. රොමෑන්ටික් නම් අනිවා තමයි!

Sex tips for an arranged marriage honeymoon

දැන් ඔය අලුත බැඳපු කුරුළු ජෝඩුවක් වගේ කියලා හරි ආදරෙන් ඉන්න කපල් එකක් දැක්කහම ගොඩක් අය කියන දෙයක්නේ. එහෙම ආදරෙන් ඉන්න ඉතින් ආයේ ඇරේන්ජ් මැරේජ් ද, ලව් මැරේජ් ද කියලා වෙනසක් නෑ. දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් යෝජිත විවාහයකින් එකතු වුණු දෙන්නෙක්ට ඒ ආදරේ වැඩි කරගන්න හොඳම කාලය තමයි හනිමූන් එක. ඇත්තටම හනිමූන් එක රසවත් වෙන්නෙත් දෙන්නා රොමෑන්ටික් වීමෙන් තමයි. අන්න ඒ නිසා, හනිමූන් එකේදී පොඩි පොඩි රොමෑන්ටික් දේවල් ප්ලෑන් කරන්න පුලුවන්. එයාව සර්ප්‍රයිස් කරන්න ප්ලෑන් කරන්න, පොඩි පොඩි තෑගි දෙන්න වගේ දේවල් කරන්න පුලුවන්.

 

03. හනිමූන් ක්‍රෑෂර්ස්ලගෙන් පරිස්සම් වෙමු!

Sex tips for an arranged marriage honeymoon

දැන් ඔය වෙඩින් එකේදී යාළුවෝ රැග් දෙන එව්වා, හනිමූන් එකේදී හොටෙල් එකට ගේට් ග්‍රෑෂ් කරන එව්වා එහෙම තියෙනවනේ. හැබැයි ඉතින් එව්වල සීමාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ, හනිමූන් එකට යන කපල් එකේ හිත රිදෙන්නෙ නැති විදියට පොඩි විහිළුවක් කරන එක එකක්. හනිමූන් යන කපල් එකට තෑග්ගක් විදියට කොන්ඩම් පැක් එකක් දෙන එක, සෙක්සි යට ඇඳුම් සෙට් එකක් එහෙම දෙන එකත් එකක්. හැබැයි එක එකාගේ අසහනයන් පිට කරගන්න හනිමූන් එකට කපල් එක යන හොටෙල් එකටත් ඇවිල්ලා රැග් කරන්න යන එක වෙනම ලෙවල් එකක ගැටළුවක්. දැන් සාමාන්‍යයෙන් ප්‍රේම විවාහයකින් එකතු වෙන දෙන්නෙක් නම් දෙන්නට දෙන්නගේ නෑදෑයෝ, යාළුමිත්‍රයෝ ඔක්කොම දන්නවනේ. එතකොට සීමාව පන්නලා හනිමූන් එක ක්‍රෑෂ් කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒක හැන්ඩ්ල් කරගන්න පුලුවන්. හැබැයි යෝජිත විවාහයකදී ඒකේ අනික් පැත්ත. ඒ නිසා, හොඳම දේ තමයි කිසිම කෙනෙක්ට තමන්ගේ හනිමූන් එක ක්‍රෑෂ් කරන්න ඉඩක් නොතියන එක. ඕන නම් තමන්ගේ පැත්තේ වගකීමක් දරන්න පුලුවන් කෙනෙක්ට එහෙම කරදර කරන්න කිසිම යාළු හෝ නෑදෑ සෙට් එකකට ඉඩ තියන්න එපා කියලා කලින්ම කන්ට්‍රැක්ට් එක දීලා තියන්නත් පුලුවන්.

 

04. දෙන්නත් එක්ක එකට කරන්න පුලුවන් දේවල්

Sex tips for an arranged marriage honeymoon

අපි පටන් ගන්නකොටත් කිව්වා, හනිමූන් එක කියන්නේ දෙන්නට දෙන්නා වඩාත් ලං වෙන්න, දැනහඳුනා ගන්න, රොමෑන්ටික් වෙන්න තියෙන එකක් කියලා. ආන්න ඒකට වැදගත් වෙන කාරණයක් තමයි, දෙන්නට එකට කරන්න පුලුවන් වැඩකටයුතු හඳුනාගන්න එක. ඒ කියන්නේ, හනිමූන් එකට ගිහිල්ලා කරන්නේ දවසම රූම් එකට වෙලා සෙක්ස් කරන එක නෙවෙයිනේ. ඇත්තටම සෙක්ස් කරන එක පවා වඩාත් ෆන් වෙන්නේ, ඒක රොමෑන්ටික් වෙනකොට. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න දෙන්නත් එක්ක උදේ නැගිටලා, තේ එකක් එහෙම බීලා අත් අල්ලගෙන පොඩ්ඩක් ඇවිදිනවා. සමහර වෙලාවට බීච් එකේ, නැතිනම් ගාර්ඩන් එකේ ඇවිදින්න යන්න පුලුවන්. එතකොට හොටෙල් එක අවට තියෙන ලස්සන තැන් එහෙම බලන්න යන්න පුලුවන්. හවසට ඕන නම් දෙන්නට හොටෙල් එකේ පූල් එකට බැහැලා ඉන්න පුලුවන්. බිලියඩ් පාරක් ගහන්න, දාම් අතක් අදින්න වගේ දෙයක් කරන්න පුලුවන්. රෑ වෙලා කැන්ඩල් ලයිට් ඩිනර් එකක් එහෙමත් ගන්න පුලුවන්. එහෙම දෙන්නත් එක්ක එකට කාලය ගත කරලා සෙක්ස් කරන්න යනවා කියන්නේ ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මාරයි තමයි.

 

05. රිලැක්ස්!

Sex tips for an arranged marriage honeymoon

දැන් වෙඩින් එකක් කියන්නෙම ඉතින් ඔළුව ගිනිගත්තා වගේ සති කීපයක් එහාට මෙහාට දුවන්න වෙන සීන් එකක්නේ. හැබැයි ඉතින් වෙඩින් එක ඉවර වුණහම ඒ තොවිලේ ඉවරයිනේ. දැන් තියෙන්නේ දෙන්නත් එක්ක අලුතෙන් ජීවිතයක් පටන් අරගෙන ජීවන අරගලයට මුහුණ දෙන්න කලින්, රිලැක්ස් එකේ ටික දවසක් ගත කරන එක. ආන්න ඒකට තමයි හනිමුන් එක තියෙන්නේ. විශේෂයෙන්ම යෝජිත විවාහයකින් එකතු වෙනවා කියන්නේ දෙන්නා මාස ගණන්, අවුරුදු ගණන් අඳුනන්නෙත් නැහැනේ. ඒ නිසා, මේ කාල සීමාව යොදාගන්න දෙන්නත් එක්ක රිලැක්ස් එකේ එකට කාලය ගත කරන්න. දෙන්නව දැනකියාගන්න. දෙන්නට දෙන්නා ලං වෙන්න. ඒකට ඉතින් ඔෆිස් වැඩ එහෙම පැත්තකින් තියලා, ඔය ෆෝන් එකෙන්, සෝෂල් මීඩියා වලින් එහෙම පොඩ්ඩක් බ්‍රේක් එකක් අරගෙන හනිමූන් එක එන්ජෝයි කිරීම තමයි වෙන්න ඕන.

 

06. මේ ඔක්කොටම කලින් දෙන්නට දෙන්නා කතා කරගෙන ඉමු!

Sex tips for an arranged marriage honeymoon

මේක තමයි ඇත්තටම හනිමූන් යන්න කලින් නෙවෙයි, කසාද බඳින්නත් කලින් කරන්න ඕන වැදගත්ම කාරණාව. මේක අපි මැද්දේ පොයින්ට් එකක් විදියට ගත්තට, ඇත්තටම මේක සිද්ධ වෙන්න ඕන විවාහයට කලින්. ඒ තමයි, දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ගැන දෙන්නට දෙන්නා ලැජ්ජාවෙන් පොළව හාරන්නෙ නැතුව, හෘදයාංගම විදියේ කතාබහකට එකතු වෙන එක. එතනදී දෙන්නා සෙක්ස් කරනකොට කරන්න ආස දේවල්, දෙන්නගේ ෆැන්ටසීස් වගේ දේවල් වල ඉඳන්, උපත් පාලනය දක්වා දේවල් විවෘතව කතාබස් කරගන්න ඕන. මේ කාරණා කතාබහ කරන්න යෝජිත විවාහයක්ද, ප්‍රේම විවාහයක් ද කියලා භේදයක් නෑ. හැබැයි ඉතින් යෝජිත විවාහයකදී නම් මේවා කතාබහ කරන්න පොඩ්ඩක් ලැජ්ජාව වැඩියිනේ. අන්න ඒ නිසා ඒ ලැජ්ජාව පැත්තක තියලා සෙක්ස් ගැන ඕපන් කතා කරගන්න ඕන, විවාහයට කලින්. අනිවාර්යයෙන්ම හනිමූන් එකට කලින්. එතකොට උපත් පාලනය ගැන දෙන්නා ඒ තරමට දන්නෙ නැති නම්, තමන්ගේ පළාතේ මිඩ්වයිෆ් නැතිනම් පවුල් සෞඛ්‍ය සේවිකාව මුණගැහිලා තොරතුරු දැනගන්න පුලුවන්.

 

07. එකිනෙකාව ඇක්සෙප්ට් කරමු!

Sex tips for an arranged marriage honeymoon

මෙන්න මේකත් ඉතාම වැදගත්. දැන් යෝජිත විවාහයකින් මුණගැහෙන දෙන්නෙක් ගොඩක් දුරට එකිනෙකා ඉස්සරහා පූර්ණ වශයෙන් නිරුවත් වෙන්නේ හනිමූන් එකේදී. එතකොට, හනිමූන් එකට කලින් තමන් අනික් කෙනාගේ පෙනුම ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තු හනිමූන් එකේදී කුඩේ කුඩු වෙන්න පුලුවන් ද? ඔව්, ඇත්තටම පුලුවන්. කොල්ලට සික්ස් පැක්ස් ඇති කියලා හිතාගෙන ඉඳලා, හනිමූන් එකේදී කොල්ලට බඩක් තියෙනවා දැක්කහම කෙල්ල අවුල් වෙන්න පුලුවන්. කෙල්ලගේ මූණේ සුදු පාට මුලු ඇඟේම ඇති කියලා හිතාගෙන ඉඳලා, කෙල්ලගේ කටී ප්‍රදේශය ටිකක් කළුයි කියලා කොල්ලා අප්සෙට් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ පොළවේ පයගහලා නැති, ප්‍රායෝගික නැති, ගොඩක් දුරට ජීවිතේ ගැන දන්නෙ නැති, ලෝකේ දැකලා නැති මිනිස්සුන්ට තමයි. ප්‍රේම විවාහයක් වුණත්, යෝජිත විවාහයක් වුණත්, දෙන්නට දෙන්නා දේවදූතයෝ, දේවදූතිකාවෝ බලාපොරොත්තු නොවී, මිනිස්සුන්ව බලාපොරොත්තු වෙනවා නම්, ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.

 

08. යතාර්ථවාදී හනිමූන් එකක් බලාපොරොත්තු වෙමු!

Sex tips for an arranged marriage honeymoon

මොකක්ද ඒ කුණුහරුපේ? මෙහෙමයි. දැන් අපි කියමු ඇරේන්ජ් මැරේජ් එකකින් එකතු වෙන දෙන්නට මීට කලින් සෙක්ස් කරලා හොඳට එක්ස්පීරියන්ස් එහෙම තියෙනවා කියලා. එතකොට නම් මේ කියන්න යන කාරණාව ලොකු ගැටළුවක් වෙන්නෙ නෑ. හැබැයි එහෙම එක්ස්පීරියන්ස් තිබුණත්, එකිනෙකා එක්ක එක්ස්පීරියන්ස් නැහැනේ. එතකොට දැන් ඔය දෙන්නෙක් සෙක්ස් කරනවා කියන කතන්දරේ ඔය පෝර්නොග්‍රාෆ් වල තියෙනවා වගේ ලස්සනට, ගාණට, මිම්මට, රූලට සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒකට යම් කිසි කාලයක්, ප්‍රැක්ටිස් එකක් අවශ්‍යයි. උදාහරණයක් විදියට, අපි කියමු ගෑණු ළමයට එහෙම ලේසියෙන් සුරතාන්තයක් එන්නෙ නෑ. එතකොට, පිරිමි ළමයට වෙනවා ඒකට ටිකක් වැඩිපුර ෆෝර්ප්ලේ එහෙම කරන්න. ඉතින් ඒවා පළවෙනි එකතුවීමෙන්ම තේරුම්ගන්න බැහැනේ. ආන්න ඒ නිසා හොඳම දේ ජීවිතේ හොඳම සෙක්ස් තමන්ගේ හනිමූන් එකේ බලාපොරොත්තු නොවෙන එක. ඇත්තටම හනිමූන් එක කියන්නේ දෙන්නා සෙක්ස් කරන්න විතරක් යන ගමනක් නෙවෙයි. ඊට වඩා දෙන්නත් එක්ක නිදහසේ, තනියෙන් කාලය ගත කරන්න, ආදරේ විඳින්න තෝරගන්න කාලයක්. ආන්න ඒක එන්ජෝයි කරන්න!

 

මේ දේවල් ඇරෙන්න ඉතින් හනිමූන් එකට ලකලැහැස්ති වීමත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනනේ. ඒ ගැන අපි කලිනුත් කතා කරලා තියෙන නිසා අමුතුවෙන් කියන්න යන්නෙ නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *