එයා ගියා කියල ඔයාට මැරෙන්න හිතෙනවාද?

Do you feel like dying because of him or her

ඔයා දැකල තියෙනවා, අහල තියෙනවා තමන් ආදරය කරපු අය දාල ගියාම කලාතුරකින් සමහර කෙනෙක් ජීවිතය නැති කර ගන්නවා. ඒ මැරුණ අය දිහා පිටින් ඉඳලා අපි බැලුවොත් අපි හැමෝම කියන්නේ හිතන්නේ එක දෙයයි. ඒ තමයි ” මහ මෝඩ මනුස්සයෙක්, නිකං බොරුවට මැරුණා ආදරය කරපු කෙනා දැන් හොදට ඉන්නවා. මහ මෝඩ කමක් කරගත්තේ” කියන දේ.

ඉතින් මේ තමයි ඇත්ත, නමුත් සමහර වෙලාවට තමන්ට මෙහෙම දෙයක් වුනාම මෙහෙම හිතෙන් නෑ. ඇයි එහෙම නොහිතෙන්නේ? ඉතින් lifie අද ඔයා එක්ක මේ ගැන කතා කරන්න ලෑස්තියි, ආදරයෙන් සහ සෙනෙහසින්.

01. අපි කෙනෙක්ට කැමති වෙන්නේ, ආදරය කරන්නේ ඇයි?

Do you feel like dying because of him or her

මේකට හරියටම උත්තරයක් දෙන්න බෑ කියල අපි දන්නවා. ඔයා කිසියම් කෙනෙක්ට ඇටෑච්මන්ට් එකක් හැදෙන්න එහෙමත් නැතිනමි කෙනෙක් විශේෂ කෙනෙක් විදියට දැනෙන්න නොයෙකුත් හේතු තියෙනවා. එයාගෙ පෙනුම, එයාගෙ හිනාව, එයා ඇවිදින විදිහ, අඳින විදිහ, කතා කරන විදිහ, එයාගෙ කොලිටීස්, එයා ගොඩනගා ගත් වටිනා කම්, මේ වගේ එකී නොකී දේවල් සෑහෙන ප්‍රමාණයකින් එක හේතුයක් නිසා වෙන්න පුළුවන් ඔයා එයත් එක්ක ඇටෑච් වෙන්නේ. ඉතින් ඔයා එයා කෙරෙහි ඇතිවන කැමැත්ත, හැඟීම, ආදරය විදිහට ගන්න පුළුවයි. ආදරය ඇති වුනාම ඔයාගෙ ඇතුලාන්තයෙන් සමනලුන් පියාඹනවා වගේ ඔයාට දැනෙනවා. ඔයා අළුත් වෙනවා, ඔයාගෙ ඇඳුම් පැළඳුම්, හැසිරීම, කෙලින්ම ඔයා අලුත් වෙනවා, උදෑසනක් වගේ සුන්දර වෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ඔයා එයාට ඇටෑච් වුන නිසා. ඉතින් මේකට අපි ආදරය කියලා කියනවා.

02. කෙනෙක්ට ඇටෑච් වෙනකොට අපෙන් වෙන වැරදි

Do you feel like dying because of him or her

මෑත කාලයේ දික්කසාද වීම්, සියදිවි නසා ගැනීම් වෙන්නේ, ඔයාට එයා නැති වුනොත් මැරෙන්න හිතෙන්නේ අපි කෙනෙක් එක්ක බැඳීමක් හදා ගන්නකොට එක දෙයක් කෙරෙහි වෙන ආශාව, කැමැත්ත නිසා අනිකාගේ ජීවිතයේ අනික් සමස්ථයම අමතක කරන නිසා. මේක හරිම ඛේදවාචකයක්. අපි එක දෙයක් අගය කරනවා. සමහර විට එයා ගොඩක් ලස්සනයි. එයාගෙ ලස්සනට ඔයා එයාට ඇටෑච් වුනොත් ඔයා ඒ ලස්සන ගැන විතරයි හිතන්නේ. මෙතනදි තමයි අපට වරදින්නේ. එක නවත්වන්න. එයාගෙ අනික් කොලිටිස් ගැන බලන්න. එයා ප්‍රශ්නයක් වුනාම හැසිරෙන විදහ, එයාට දේවල් දරා ගන්න තියෙන හැකියාව, එයාගේ ගති පැවතුම්, එයා ළඟ තියෙන ඔයා බලාපොරොත්තු වෙන සෙනෙහස, ආදරය සහ වගකීම් සහගත බව ආදිය ගැන සොයා බලන්න. ඉක්මන් තීරණ ගන්න එකත් අපි කරන මෝඩ කමක්. එයා ගැන ඔයාට ආදරයක් ඇති වුනා නම් ඔයා එයා ගැන සොයා බලන්න. එයාගේ ගති, පුරුදු ගැන සොයා බලන්න. ඒ කියන්නේ එයාගෙ සමස්ත ජීවිතය ගැන සොයා බලලා හරියටම ඔයා සොයපු කොලිටීස් තියෙන කෙනෙක්ද කියලා හොයලාල බලලා තීරණයක් කරන්න.

03. ආදරය කරන කොට එයාව නැතිව බැරි වෙන්නෙ ඇයි?

Do you feel like dying because of him or her

මේ කාරනේ ගැන අපි වැඩියෙන්ම හිතන්න ඕනි. අපි කෙනෙක්ට ඇටෑච් වුනාම එයත් එක්ක ලොකු බැඳීමක් හදා ගන්නවා. මානසිකව සහ සමහර විට කායිකව. ඉතින් මේ බැඳීම නිසා ඔයා ඔයාගෙ ජීවිතේ සියළුම බලාපොරොත්තු එයා මත තියන්න පටන් ගන්නවා. ඔයාගෙ අනාගතය, ඔයාගෙ හීන එයා මත තියනවා, කොටින්ම ඔයා ඔයාව නැති කරගෙන ඔයාගෙ සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන් නැති කරගෙන එයාට ඕනි, එයා දකින, එයා කැමති වෙනමම කෙනෙක් වෙනවා. මේ නිසා ඔයාට ඔයාව නැති වෙනවා. මෙන්න මේ නිසා තමයි ඔයාට එයාව නැතිව ජීවත් වෙන්න බෑ කියන මානසිකත්වය එන්නේ.

04. ආදරය ඇබ්බැහි වීමක්ද?

Do you feel like dying because of him or her

ආදරය කියන්නේ ඇබ්බැහි වීමක්ම තමයි. ඒක අපි පිළිගන්න කැමති වුනත් අකමැති වුනත් ඇත්ත ඒක තමයි. ඉහතින් කිව්ව වගේ ඔයා එයාට ඇබ්බැහි වෙනවා. එයා කන වෙලාවට ඔයත් කනවා, එයා නිදා ගන්න වෙලාවට ඔයා නිදාගන්නවා, එයාගෙ හිනාව විතරයි ඔයා බලාපොරොත්තු වෙන්නේ. කොටින්ම පරපෝෂිතයෙක් වගේ ඔයා මුළු ජීවිතයම එයාගෙ කකුල් දෙක මුල තියනවා. ඔයා දන්නවද මේක හරියට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුනා වගේ කාරණයක්. මෙතනදි ඩ්‍රග්ස් නැතුව බෑ වගේ ඔයාට එයා නැතිව බැරි වෙනවා. මේ ඇබ්බැහි වීම නිසා එයා නැතිව බෑ කියල ඔයාට හිතෙනවා. ඔයා එයාගෙන් ලැබෙන ෆීලින් මත යැපෙනවා. ඔයාගෙ මනස මේකට ඇබ්බැහි වීම නිසා ඔයාට එයා නැතිව බැරි වෙනවා. එයාගේ ෆීලින් මතින් යැපෙන නිසා ඔයා වෙනම සැලැස්මකට හුරු වෙනවා. මේක ඩ්‍රග්ස් වලට වෙන ඇබ්බැහි වීමට ඉතා සමාන ඇබ්බැහි වීමක් විදිහට සලකන්න පුළුවන්.

05. එයා ඔයාව දාල ගියොත්?

Do you feel like dying because of him or her

ඔව්, මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිරසාර නෑ, අපි හිතනවා හැමදේම සදාකාලිකයි කියලා. ඉතින් ඔයා එයාට ඇබ්බැහි වෙලා ඉන්න නිසා එයා ඔයාව දාල ගියොත් එක පාරම සුයිසයිඩ් කර ගන්න හිතනවා. ඒ වගේම සමහර අයට එහෙම හිතෙන්නේ නැහැ එතනින් පල්ලෙහා ලෙවල්ස් ඒ කියන්නේ හැම දේම එපා වෙලා මාර විදිහට ඩිසපොයින්ට වෙලා, කන්න බෑ, හරි නින්දක් නෑ. මිනිස්සු එක්ක තරහ යනවා. ඉන්නං වාලේ ජිවත් වෙනවා. වැඩ ටික කරන්නන් වාලේ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ ලයිෆ් එක නැති වෙනවා කියලා පේනවා. ජිවිතය සම්පූර්ණයෙන් එපා වෙලා ඔයා ඔයාගෙ ජීවිතය අත්අරිනවා.

ජීවිතය නැති කරගන්න හිතනවා වගේම මේ තත්වයත් හොඳ දෙයක් නෙමෙයි. ඔයා⁣ට මේ විදියට තමන්ගේ සියළුම දේවල් නැති කර ගත්තට පස්සේ ඊළග ස්ටෙප් එකට ගියාම තමයි ජිවිතේ නැති කරගන්න හිතෙන්නේ.

රිලේෂන්ෂිප් එකක හිටියත් මැරේජ් ලයිෆ් එකක හිටියත් දරුවෝ හිටියත් එතනත් මොනව හරි ප්‍රශ්නයක් උනත් හස්බන්ගේ, නැතිනම් වයිෆ්ගේ, නැතිනම් ගර්ල් ෆෙන්ඩ්ගේ, බෝයි ෆෙන්ඩ්ගේ මොන ප්‍රශ්නයක් වුනත් සුයිසයිඩ් කර ගන්න ඕනි කියලා දෙයක් නෑ. ඇත්තටම ඊට වඩා ගොඩක් තෝරා ගැනීම් තියෙනවා අපිට මූන දෙන්න. හැමෝම හිතනවා දරා ගන්න බෑ කියලා. ඒක හරිම සාමාන්‍යයි. ඔයා හිතන්නේ ඔයාට දරාගන්න බෑ කියලා. දරාගන්න බැරි නිසා ඒ ඇක්ෂන් ගන්නවා කියලා. මේ හැමෝටම මේ ලෝකේ ඉන්න හැමෝටම මේ වගේ සිද්ධියක් උනාම දරා ගන්න බෑ තමයි. දරා ගන්න බෑ කියලා ජිවිතේ නැති කරගන්න එක නෙමෙයිනේ එකම තෝරා ගැනීම. එතනින් එහා අපිට පොඩ්ඩක් මුලදි අමාරු වුනත් ටිකෙන් ටික ටිකෙන් ටික ඔප්ෂන් වලට ගිහිල්ලා ඇත්තටම ගොඩ එන්න පුළුවන්.

06. ඔයා ජීවත් වෙන්න… ඒ විෂ සහිත බැඳීමෙන් ඉවත් වෙන්න, මැරෙන්න හිතෙන මානසිකත්වයෙන් ඉවත් වෙන්න මේ දේවල් කරන්න

Do you feel like dying because of him or her

ඔයා දන්නවද එයා දාලා ගිය නිසා මේ වැඩකටම නැති සතපහකට වැඩක් නැති මනුස්සයෙක් නිසා සුයිසයිඩ් කරගන්න ගියපු අය සුයිසයිඩ් කරගන්න ගිහිල්ල වැරදිලා හොස්පිටල් ගිහින් බේර ගත්ත අය කාලයක් ගියාම තේරුම් අරන් කියනවා මම මහ මෝඩ කමක් කරගන්න හැදුවේ කියලා.

අපේ මනස පුරුදු වෙලා තියෙන රටාවෙන් මිදෙන්න කැමති නෑ වෙනස් වෙන්න කැමති නෑ. හැමදාම ඇබ්බැහි වෙච්ච දේවල් එක්කමයි ඉන්න හදන්නේ. එයා ඔයාව දාල ගියාම ඔයාගෙ මනස එයාගේ හොඳ දේවල් විතරක්, ඔයා එයත් එක්ක ගත කරපු සුන්දර මතකයන් විතරක් නිතරම මතක් කර කර ආයෙත් ඒ සම්බන්ධය ගොඩ නගන්න, එයා නැතිව ජීවත් වෙන්න බෑ කියන තත්වයට ඔයාව පත් කරනවා. මේක අපි තේරුම් ගන්න ඕනි. අපේ හිත කියන්නෙම අපිට වරද්දන්නම හදන මැෂින් එකක්. ⁣මෙන්න මේ නිසා හිතත් එක්ක ලොකු ගේමක් ගහන්න අපට සිද්ධ වෙනවා.

එයා මනුස්සකමක් නැති, රිලේෂන්ෂිප් එකක් කියන්නේ මොකක්ද, ආදරය කියන්නේ මොකක්ද, මැරේජ් එකක් කියන්නේ මොකක්ද කියල කිසිම දැනීමක් නැති මනුස්සයෙක් වෙන් පුළුවන්. නමුත් ඔයා අර එයාගෙ දැනෙන දේවල් කීපයකට ඇටෑච්මන්ට් එකක් හදා ගෙන ඈබ්බැහි උනොත් වෙන්න මැරෙන්න හිතෙන මෝඩ අදහසට එන එක. සමහර වෙලාවට හිතා ගන්න බෑ ඇයි මේ මනුස්සයා මේ වගේ කෙනෙක් නිසා මැරෙන්න හිතන්නෙ කියලා. හිතා ගන්න බෑ. වෙන මිනිස්සුන්ට පුදුමයි. ඒ වුනාට එයා එහෙම කරනවා. මානසිකව කනෙක්ට් වුනාට පස්සේ ගැලවෙන්න බෑ. මොන යම් හෝ විදිහයකින් ඔයා ආදරය කරන කෙනා වෙනස් වෙනකොට එයා ඉවත් වෙන්න හදනකොට ජිවිතය ඇති කියලා හිතෙන්න පුළුවන්. ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි විදිහට ඒ කියන්නේ සුයිසයිඩ් කරගන්න එක එක දේවල් ඔයා කරල බලනවානම්, අත්හදා බලනවානම්, ඔයා ප්ලෑන් හදා ගන්නවනම් ඔළුවේ, ඉන්ටනේට් එකෙන් ස්ර්ච් කරනවා නම් වේදනාව නැතිව මැරෙන විදිහ ගැන ඔයා අනිවාර්යයෙන් පුළුවන් ඉක්මනට මනෝවෛද්‍යවරයෙක් ගාවට යන්න මොකද ඔයාගෙ මානසික සිතිවිලි එයාලට පාලනය කරන්න පුළුවන්. ඉවසලා ඉවසලා අන්තිම ඔප්ෂන් එක තියෙනවානේ ඒකත් ජිවිතේ නැති කරගන්න එක නෙමෙයි. එහෙම ඔප්ෂන් එකක් නෑ. ඔයාගෙ අන්තිම ඔප්ෂන් එක වෙන්නත් ඕන ජීවිතේ ගොඩාදාන එක.. ක්ෂණික සිතිවිලි පාලනකය කරගන්න. බැරිනම් අනිවාර්යයෙන් මනෝ වෛද්‍යවරයක් සහය අරගෙන පුළුවන් ඒක පාලනය කරගන්න. මොකද වෛද්‍යවරවෙකුට පුළුවන් ඔයාගේ සිතුවිලි කන්ට්‍රෝල් කරගන්න.

හැබැයි තව කෙනෙක් ඉන්න පුළුවන් සුයිසයිඩ් මානසිකත්වයට එනවා. ඒත් එයා ඒකට එක එක ඇක්සන් ගන්න යන්නේ නෑ. එයාට එයාගෙ පාලනය තියෙනවා.
මම අම්මලා වෙනුවෙන් හරි ඉන්නවා. ප්‍රශ්නයක් නෑ මම ප්‍රශ්නය දරාගෙන ඉන්නවා.

මට ජීවිතේ ඇති කියලා හිතෙනවා. නමුත් මේ වගේ මනුස්සයෙක් නිසා මම ජීවිතය නැති කරගන්නේ නෑ.

මේ තේරුමි ගැනීම තුල ඔයාට පුළුවන් කාලයත් එක්ක නෝ කන්ට්‍රැක් ෆලෝ කරන්න.

07. නෝ කන්ටෑක්ට් ෆලෝ කරන්නේ කොහොමද?

Do you feel like dying because of him or her

එයාගෙ පින්තූර ඩිලීට් කරන්න. අයින් කරන්න. විනාශ කරලම දාන්න.
පරන මැසේජස් ඩිලීට් කරන්න. මේව තියෙනකොට තවත් ඒ මනුස්සයව දැනෙන එක වැඩි වෙනවා. නැතිව බැරි වෙනවා.
එයා අරන් දීපු තෑගි, සිහිවටන සියල්ලම ඉවත් කරන්න.
එයාගෙ ෆේස් බුක් එකවුන්ටි එක බලන එක නවත්තන්න.
එවාගෙ whatsapp ස්ටේටස් බලන එක නවත්තන්න
එයාගෙ ෆෝන් නම්බර් එක බ්ලොක් කරන්න.
කොටින්ම එයාගෙ හුළඟක්වත් වැදෙන්නැති වෙන්න ඔයා එක තීරණයකට එන්න.

මේ තීරණයේ කෙලින් හිට ගන්න. කෙලින් තීරණයක් ගන්න. ආයෙ හැරෙන් නැති වෙන්නම තීරණය ගන්න. වැට උඩ ඉන්නව⁣ වගේ ඉටියොත් කොහොමත් වැටෙන්නේ නෙගටිව් පැත්තට. ඔයා දැඩිව නෝ කන්ටෑක්ට් ෆලෝ කරන තීරණයේ ඉන්න.

ඔයාගෙ අවට බලන්න අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, පාසලේ ගුරුවරු, යහළු යෙහෙලියන්, ඔයා⁣ට ගොඩක් ගරු කරනවා ආදරය කරනවා. ඒ අය වෙනුවෙන් ඒ අයගේ සතුට වෙනුවෙන් ජීවත් වෙන්න ඕනි කියන අධිෂ්ඨානයට එන්න.

කාර්යබහුල වෙන්න. ගොඩක් වෙලාවට කෙනෙක් අපිව දාලා ගියාම අපි අපේ සියළුම වැඩ කරන එක නවත්වනවා . නැතිනම් එයා ගැනම හිත හිතා කාලය ගත කරනවා. ඒක වින්දනයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා කාර්‍යබහුල වෙන්න. ඔෆිස් එකෙන් වැඩ ටිකක් වැඩිපු අරන් කරන්න. ඒ වගේම ලැබෙන පොඩි විවේකයකදී පවා යාළුවෝ එක්ක ගමන් බිමන් යන්න. නින්දට යනකම් වැඩ කරන්න.

විරහ ගීත අහන එක නවත්වන්න. දුක හිතෙන වීඩියෝ බලන්න එපා, දුක හිතෙන පොත් පත් බලන එක නවත්වන්න..

හොඳට අඳින්න, කැමති දේවල් කන්න, දුක හිතෙන දේවල් වලින් අයින් වෙන්න. ෆිල්ම් බලන්න හිත කැමති නැති වුනත් සතුටු හිතෙන දේවල් කරන්න. යාළුවොත් එක්ක කාලය ගත කරන්න, කොමඩි ෆිල්ම් එකක් බලන්න.

දුක වේදනාව විශ්වාසවන්ත කෙනෙක් එක්ක බෙදා ගන්න. කතා කරලා, අඬලා දුක කියන්න. තමුන්ව හිස් කර ගන්න. එවිට ඒ හිස් මනසට නැවත අළුත් බලාපොරොත්තු, ආදරය, සතුට ගලාගෙන එනවා. ඔයා දවස් 21 ක් හරියටම මේ විදියට නෝ කන්ටෑක්ට් ෆලෝ කලෝත් අනිවාර්යෙන්ම ඔයාට එයාගෙ සියළු මතකයන්ගෙන් ගැලවෙන්න පුළුවන්. ඇඩික් වෙච්ච එකෙන් මිදෙන්න පුලුවන්.

ඉතින් හැමදාම ලස්සනට ඉර පායනවා, මල් පිපෙනවා, මලක් පර වෙනකොට මල් දහසක් පිපෙනවා, කොළ හැලෙනකොට චූටි චූටි කොළ දළුලනවා. ඉර බහිනකොට හඳ පායනවා. ඒ නිසා අලුත් හිතකුත් එක්ක අලුත් ජීවිතයක් එක්ක හිනා වෙන්න කියලා lifie අපි ඔයාට ආදරෙන් ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *