සාමාන්‍යයෙන් අපි මිනිස්සු විදියට තරහ යනවනෙ.. ඉතින් නිතර නිතර තරහා අරන් කෝපාවිෂ්ඨ වෙලා කෑගහන එක නම් හොඳ දෙයක් නෙමෙයි. ඔයාලට අද කියලා දෙන්න හදන්නෙ මේ තරහව කොහොමද පාලනය කරගන්නෙ කියලා. තරහව පාලනය කරගන්නවා කියන්නෙ අපිට තරහ යන්න තියන හේතු හා විධි සොයාගන්න එකයි. ඒවට ඵලදායි විසඳුම් සොයන එකයි. ඉතින් මේවා අඳුනගෙන තරහ පාලනය කරගන්නෙ කොහොමද කියලා අද අපි බලමු.
01. කතා කරන්න කලින් හොඳට හිතන්න
තරහ ගිය වෙලාවට තීරණ ගන්න එපා, සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්න එපා කියලා කතාවක් අහලා ඇතිනෙ. මේක ඇත්තම ඇත්ත. අපිට තරහ ගිහින් ඉන්න වෙලාවක අපේ කටින් පිටවෙන වචන තව කෙනෙක්ගෙ හදවත පසාරු කරගෙන යන තියුණු උණ්ඩ වෙන්න පුලුවන්. ඉතින් ඒ වගේ වෙලාවට එලියට එන අදහස් හා හැඟීම් පසු කලෙක අපේම අවාසියට හිටින්න පුලුවන් අවස්ථා බොහොමයි. ඒ වගේ අවස්ථා වල පුළුවන් තරම් නිහඩව සිටීමයි කරන්න ඕනේ. ඒ වගේම පුලුවන් තරම් සන්සුන් ආකාරයට කතා කරන්න. තත්ත්වය කොයි තරම් අපහසු උනත් ඔබ ඔබේ සංයමය තියාගෙන කතා කරන එක මාර වටිනවා. ඔයාට එහෙම මනස හදාගන්න තරම් කන්ට්‍රෝල් එකක් තියනව නම් ටික ටික තරහ යන එක පාලනය කරගන්න පුලුවන්.
02. නිතරම තරහා යන අවස්ථා හෝ පුද්ගලයින් ඇසුරුකිරීම අතහරින්න
ඔයාව නිතරම තරහ ගස්සන අවස්ථාවන් පුලුවන් තරම් මඟහරින්න. ඒ වගේම නෙගටිව් වයිබ්ස් තියන තැන් වලින් හැකිතරම් ඈත්වෙලා ඉන්න. ඔයාගෙ ජීවිතයට හම්බෙන පුද්ගලයින්ගෙන් සමහරු ඉන්නවා නිතරම අපේ ජීවිත වලට අනවශ්‍ය ඇඟිලිගැසීම් කරන, ඒ වගේම අසීමාන්තිකව අපිව පාලනය කරන්න හදන. ඉතින් ඒ වගේ අය එක්ක අපිට තරහ යන එක අහන්නත් දෙයක්ද… පුළුවන් තරම් ඒ අයව ඇසුරු නොකර ඉන්න එක ඔයාගෙ මනසටත් සැහැල්ලුවක්. ඒ වගේම ඔයා සහභාගි වෙන්න අකමැති අවස්ථා මඟහැරලා නිදහසේ හිත කැමති තැනක්, කෙනෙක් මුනගැහෙන්න. ඔයාගෙ මනසෙ තියන පීඩාකාරී සිතුවිලි වලට සහනයක් ගෙන දෙන දේවල්, පුද්ගලයින් ඇසුරු කරන්න නිතරම වග බලාගන්න.
03. කවුන්ටින් කරන්න
ඔයාට අධික ලෙස යමකට තරහ ගිහින් එය පාලනය කරගැනීමට අවශ්‍ය නම් මොහොතක් ඇස් පියාගෙන 1 සිට 10 දක්වා ගණන් කරන්න. ඉතාම තදින් තරහා ගිහින් නම් මේක 100 දක්වා වැඩි කරන්න. ඊලඟට නැවත මේක 100 සිට 1 දක්වා ගේන්න. ඒ විදියට ඇස් පියාගෙන ටිකක් වෙලා ඉඳලා වෙන වැඩකට මාරු වෙන්න. මේක තරහව පාලනය කරලා මනස සන්සුන් කරගන්න ඉතාම හොඳ ක්‍රමයක් මේක තරහා ගිය ගමන්ම කරන්න ඕනේ. එතකොට අපේ අවධානය කාලයත් එක්ක වෙනතකට යොමුවෙන නිසා ඉක්මනින් කෝපය පාලනය කරගන්න පුලුවන්. මේක මනෝචිකිත්සාව හා චර්‍යා විද්‍යාව පිළිබඳ ප්‍රවීණ මහචාර්යවරයෙක් තමා කියලා තියෙන්නෙ.
04. හැකි නම් තරහා යාමට අදාළ සිද්ධියෙන් මදකට හෝ ඈත් වන්න
තරහා යාමට අදාළ සිද්ධිය සමඟ තවදුරටත් වාද කරමින් සිටීම හෝ කෝප ගැනීම නුවණැති දෙයක් නෙමෙයි. ආගිව්මන්ට් එකක උපරිම අවස්ථාවකට එළඹෙනකොට, ඔයාගෙ ඉවසීමේ සීමාව ඉක්මවා යනවා යැයි හැඟෙන කොට පුළුවන්නම් කතා කරන එක මදකට නවත්වලා පොඩි විවේකයක් ගන්න.
ඉතින් පුළුවන් නම් ඒ ස්ථානයෙන් මදකට හෝ ඉවත්වීම තමයි හොඳ. ඔයා කෝපය පාලනය කිරීමට උත්සහ කරන බව හඟවා හෝ ඉන් ඉවත්වීමයි කලයුත්තේ. මේක තවත් හොඳ තරහා පාලනය කිරීමේ ක්‍රමටක්. විනාඩි කිහිපයක් හෝ එම අවස්ථාවෙන් මිදිලා නිස්කලංක තැනකට වෙලා ටිකක් වෙලා ඉඳලා නැවත එන්න.
05. හිතවත් කෙනෙකුට කතා කරන්න
ඔයාට තරහක් හිතට ආ වෙලාවක හිතට ලොකු බරක් දැනෙනව නම් ඒක නිදහස් කරගන්න ඔයාගෙ ලඟම හිතවතෙක්ට කතාකරන්න. ඔයාගෙ හිතේ තියන ඒ හැඟීම් රිලීස් කරගන්න හොඳම ක්‍රමයක් මේක. හිතේ තියන දේවල් හෝ හිර වුන සිතුවිලි නිදහස් කරගන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ වගේ අවස්ථාවක ඇහුම්කන් දෙන, යෝග්‍ය උපදෙස් දෙන යාළුවෙක් තෝරගන්න අමතක කරන්න එපා.
06. හොඳින් හුස්ම ගන්න. මාංශපේෂින් ලිහිල් කරගන්න
තරහා ගියාම අපේ මාංශපේශී වල ආතතිය වැඩි කරනවා. ඒ වගේම අධික කෝපයෙන් නිදන්ගත රෝග උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසාම මේ වගේ අවස්ථා වල උපරිමයෙන් සන්සුන් වෙන්න උත්සහා කරන්න. ඊලඟට හොඳින් හුස්ම ගන්න. වේගයෙන් නෙමෙයි. හිත සන්සුන් වෙනකොට ගැප් එකක් ඇතුව හෙමින් හුස්ම ගන්න උත්සහා කරන්න. ඒ වගේම කෝපය වැඩි කරන සිතුවිලි නිතැතින්ම ගලා ආවත් ඒවට හිත යොමු නොකර හිස් බවකින් ඉන්න උත්සහ කරන්න. එහෙම නැතිනම් කොහෙත්ම අදාළ නැති දෙයක් ගැනහිතන්න උත්සහ කරන්න. නිතරම හිතින් “මම සන්සුන් වෙනවා” කියලා හිතන්න.
07. තරහව පාලනය කරගැනීමට ස්වයං සන්සුන් වීමේ කට්ටලයක් සාදාගන්න
මේක සෑහෙන වැදගත් දෙයක්. ඔයා නිතරම තරහ යන කෙනෙක් නම් ඔයා විසින්ම තරහ ගිය වෙලාවට බලන්න වගේම අහන්න දේවල් ටිකක් හදාගෙන ඉන්නවනම් ඒක සෑහෙන්න වටිනවා. ස්ලෝ සින්දු ටිකක්, කාම් ඩවුන් ඉමේජස්, සීනරීස් ටිකක් සිත සන්සුන්කරන බලන්න පුලුවන් වීඩියෝ වලින් පිරි ෆෝල්ඩර් එකක් ෆෝන් එකේ තියාගන්න වගේම, බ්‍රීදින් එක්සයිස් ටෙක්නික්ස් ටිකක් වගේ දේවල් මේකට දාගන්න පුලුවන්. ඒ වගේම හයියෙන් කියවන්න පුලුවන් අධ්‍යාත්මික වැකි කිහිපයක්, ඒ වගේ අවස්ථාවක කන්න පුලුවන් මින්ට් හෝ ආස රසැති චුවින්ගම් එකක් වගේ දේවල් ලඟ තියනව නම් සෑහෙන්න වටිනවා.
Leave a Reply