මේ මොහොත වෙනකොට අවුරැදු 96 ක් වයසැති දෙවන එලිසබෙත් රැජින මිය ගිය පුවත නිසා ලෝකයේ ගොඩක් අය ඉතා සංවේගයෙන් ඉන්නේ.
ඉතින් ලොවක් කම්පාවට පත් කරපු ඇයගේ ජීවිතයේ කිසිදාක නොඇසූ අපූරු දේවල් 10 ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න lifie අපි හිතුවා.
බ්‍රිතාන්‍යයට සියවස් ගණනාවක් පුරා විවිධ රැජිනියන් හා රජවරුන් නායකත්වය ලබා දුන්නා. වර්තමානය වන විටත් මහා බ්‍රිතාන්‍යය ලෝකයේ ප්‍රබලම රාජ්‍යයන්ගෙන් එකක්. බලයෙන් හා ධනයෙන් වැජඹෙන මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම පුරවැසියා ලෙස සැලකෙන්නේ මහ රැජිණියයි.
එලිසබෙත් මහ රැජිණ ලෙස අපි දන්න ඇයගේ නම එලිසබත් ඇලැක්සැන්ඩ්‍රා මේරි. ඇය හයවන ජෝර්ජ් රජුගේ සහ එලිසබෙත් රැජිනයගේ පළමු දියණිය. ඇය උපත ලබන්නේ 1926 අප්‍රේල් මස 21 වන දිනයි. ඇය දෙවන ලෝක යුද්ධ සමයේ එංගලන්ත යුධ හමුදා කාන්තා අංශයට අනියුක්තව සිය සේවය ලබා දුන්නා. 1947 දී තමයි ඇය පිලිප් කුමරු සමගයි විවාහ වුනේ. ඔවුන්ට දරුවන් සිව් දෙනෙකු සිටිනවා.
එංගලන්ත මහා රැජිණ ගැන නොයෙකුත් කතන්දර අපිට අහන්න ලැබුණත් ඇයගේ අතීතය සහ වර්තමානය ගැන සොයා බලන අයට ඇය හරිම අපූරු සහ අද්විතීය චරිතයක් විදිහයට අනිවාර්යයෙන්ම හඳුනා ගන්න පුළුවන්.
01. ඇයට උපන් දින දෙකක් තියෙනවා
ඔයාල හිතනවා ඇති මේක කොහොමද වුනේ කියලා. ඇයගේ ඇත්තටම ඉපදුනු දවස අප්‍රේල් මස 21 වන දිනයි. අප්‍රේල් මාසය කියන්නේ එංගලන්තයට දැඩි සීතල දේශගුණයක් තියෙන කාලයක්. මේ නිසා ඇගේ උපන් දිනයට දක්වන ගෞරව පෙළපාලිය දක්වන්න අපහසුයි. උත්සව පවත්වන්න අපහසුයි. මෙන්න මේ නිසා ඇගේ උපන් දිනය සමරණු ලබන්නේ හැම වර්ෂයකම ජූනි මස 02 වන සෙනසුරාදා. ඒකට හේතුව තමයි ජූනි මාසය වෙනකොට එංගන්තෙට වසන්තය උදා වෙලා නිසා ඉතාමත් පැහැබර කාලගුණයක් එංගලන්තයේ පවතින එක. නමුත් මේ සම්ප්‍රදාය දෙවන එලිසබෙත් රැජින විසින් පනවපු දෙයක් නෙමෙයි. 1948 සිට පවතින සම්ප්‍රදායක්. කාලගුණය හොඳින් ඇති ආචාර රථ පෙළ පාලියක් සහිත ගෞරවනීය උත්සවයක් පැවැත්විය හැකි දිනයක තමයි අතීතයේ සිට රජවරුන්ගේ සහ රැජිනියන්ගේ ජන්ම දිනය සමරනු ලැබුවේ.
02. ලියාපදිංචි කර නැති, වාහනයක් රියදුරු බලපත්‍රයක් නොමැතිව පැදවිය හැකියි
මේ ඇයගේ ආරක්ෂාව සඳහා ගත් පියවරකටත් වඩා ඇයට කරන ගරුත්වයක් විදිහට කරන ලදදක්. රැජින ගමන් ගන්නා කිසිදු මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩු ඇත්තේ නෑ. ඇය අංක තහඩු නැති ලෑන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් වල ගමන් කිරන්න බොහෝ සෙයින් ආස කල බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඇයට වාහනයක් ධාවනය කිරීමට වලංගු රියදුරු බලපත්‍රයක් අවශ්‍ය වන්නෙත් නෑ. එය ඇගේ තනතුර සඳහා කරන ලද ගෞරවයක් ලෙසට ඇයට ලබාදෙන විශේෂ වරප්‍රසාදයක් විදිහයටයි සඳහන් වෙන්නේ.
03. ඇයට කිසිදු රටකට යෑමට ගුවන් බලපත්‍රයක් අවශ්‍ය නෑ
මේ කාරණයත් හරිම පුදුමයි නේද? ඒත් මේ කතාව ඇත්ත. මේකත් රැජිණට දක්වන විශේෂ ගෞරවයක් විදිහට තමයි ලබාදීල තියෙන්නේ. ඒ අනුව ඇයට ලෝකයේ සියළුම රාජ්‍යයන් ගුවන් බලපත්‍රයක් නැතිව තමන්ගේ රටට එන්න අවසර ලබා දී තිබෙනවා. එලිසබෙත් මහ රැජින මේ වෙද්දි රටවල් 115 කට අධික සංඛ්‍යාවක සංචාරය කරල තියෙනවා. ඒත් ඇයට කවදාවත් ගුවන් බලපත්‍රයක් තිබිලා නෑ. ඕනෑම රටක ජනාධිපති වරයෙකුට ගුවන් බලපත්‍රයක් තිබුනත් ඇයට අදටත් ගුවන් බලපත්‍රයක් නෑ. සමහර විදේශ වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට ඇය ගුවන් බලපත්‍රයක් නොමැතිව විදේශ සංචාර 270 ක් විතර ගිහින් තිබෙනවා.
04. එංගලන්තයේ සිටින තල්මසුන්, හංසයන් සහ ඩොල්ෆින් සියළු දෙනා අයිති එළිසබෙත් මහ රැජිනට
මේ වගේ වරප්‍රසාද තියෙන වෙනත් රටක් ලෝකයේ නැති තරම්. ඇයට කොහොමද ඒ වගේ අයිතියක් ලැබුනේ කියලා දැන් ඔයාලටත් හිතෙනවා ඇති. ඇත්තටම මේ අයිතිය මහා බ්‍රිතාන්‍යයේ රජුට හෝ රැජිනට ලැබෙන්නේ වසර 1234 තරම් ඉතාමත් ඈත කාලයේදී පනවන එක්තරා නිති සංග්‍රහයකින්. පුදුමයට කාරණය තමයි ඒක තවමත් ඒ විදිහටම වලංගු වීම. මහා බ්‍රිතාන්‍ය භුමියේ සිටින සියළුම හංසයන් හා ඊට අයත් මුහුදු සීමාවේ සිටින සියළුම ඩොල්ෆින් මසුන් සහ තල්මසුන් අයිති වන්නේ එලිසබෙත් රැජිනටයි. නිතිය අනුව නම් ඇගේ අවසරයක් නොමැතිව මේ කිසිම සතෙකුට කිසිම දෙයක් කරන්න කිසිම පුද්ගලයෙකුට හැකියාවක් ඇත්තේ නැහැ.
05. රැජිණට වසරකට ලිපි හැත්තෑ දහසක් ලැබෙනවා
ලෝකය දියුණු වීමත් එක්ක මේ වෙනකොට අපි ගොඩක් වෙලාවට ලිපි ගනුදෙනු කරනව හරිම අඩුයි. වැඩිපුරම email තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට නම් අවුරුද්දකට ලියුමක් නොලැබෙන තරම්. හැබැයි රැජිනට දිනකට ලිපි 300- 400 අතර ප්‍රමාණයක් ඇය මියයන තෙක් ලැබුන කියලයි විදේස් වෙබ් අඩවි සඳහන් කරන්නේ. මේ විදිහට හැම වසරකම ඇයට ලිපි හැත්තෑදහක් පමණ ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වෙනවා. ඇය හැම දිනකම තෝරාගත් ලිපි කීපයක් කියවන බවත් සඳහන්. ඇය කාර්යමණ්ඩලයේ වෙනමම පිරිසක් මේ ලියුම් බලන්න, උත්තර ලියන්න පත් කරලා තියෙනවා. ඔවුන් සියළුම ලිපි විවෘත කර බලලා රැජිනට ලැබෙන සුබ පැතුම් සහ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දීලා පිළිතුරු දීමක් සිද්ධ කරනවා. මේ විදිහට ඇයට ලෝකය පුරා විවිධ විවිධ පුද්ගලයන් ලිපි එවනවා. සමහරු රැජිනගේ මුද්‍රාව සහිත ලැබෙන පිළිතුරු ලියුම් සිහි වටන ලෙස එකතු කරනවා විතරක් නෙමෙයි ඒවා වැඩි මුදලට අලෙවිත් කරනවාලු.
06. බ්‍රිතාන්‍ය මහා රැජිනගේ ආදර කතාව
අපි දන්නවා ඇයගේ ආදරයට අයිති කාරයා වුනේ පිලිප් කුමාරයා කියලා. මේ ආදරයත් හරිම අපූරුයි. අවුරුදු 8 තරම් කුඩා කාලෙ තමයි ඇයට පිලිප් කුමාරයාව දැන හඳුන ගන්න ලැබෙන්නේ. ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ කුමරයා වූ ඇන්ඩෲ කුමාරයා සහ ඇලිස් කුමරියගේ පුතා තමයි පිලිප් කුමරයා. පිලිප් කුමාරයා ඇයට වඩා අවුරුදු 6ක් වැඩිමල්. ඔවුන් මුලින්ම හමුවෙන්නේ ග්‍රීසියේ මරිනා කුමරියගේ විවාහ මංගල අත්සවයේදී. එතකොට එලිසබත් කුමරියට වයස අවුරුදු 8 යි. පිලිප් කුමරායට වයස අවුරුදු 14 යි. ඉන් වසර පහකට පස්සේ ඇය සිය පියා වූ 6 වන ජෝජ් රජු සමග රාජකීය නාවික විද්‍යාලයේ චාරිකාවකට යනවා. මේ වෙලාවෙදි තමයි ඇයට කැඩෙට් නිලධාරියෙක්ව සිටි පිලිප් කුමරුව නැවත මුනගැසෙන්නේ. පිලිප් කුමරු හමුවේදී ඇයට ලියා දුන් ලිපියකින් ඔවුන්ගේ ආදරය ඇරඹුන බවත් සඳහන් වෙනවා. ඔවුන්ගේ ආදරය, ලිපි හුවමාරුවටම සීමා වුනා. ඇය පිලිප් කුමරුව දැක තිබුනේ වසර තුනකටම දෙවතාවක් හෝ තුන් වතාවක් විතරයි. එය ඔහු නිවාඩුවකට පැමිණි විටයි. කොහොම වුනත් ඇය බ්‍රිතානයයේ කිසිදු රාජකුමාරියක් නොකල දෙයක් කළා. ඒ තමයි 1946 දී පිලිප් කුමරු ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. ඇය සිය දෙමව්පියන්ට නොදන්වාම එයට සිය කැමැත්ත පල කරලු තිබුනා. ඇය පසුව මේ ආදරය සම්බන්ධය පිළිබඳවය ජෝර්ජ් රජුට පැවසූ පසු ඔහු ඇයට විවාහ වීමට වයස අවුරුදු 21 පසුවන තෙක් සිටීමට නියෝග කර කැමැත්ත ලබා දී තිබුනා.
07. සංඥා ලබාදෙන රුජිනගේ අත්බෑගය
රුජින සිය ආරක්ෂකයන්ට යම් යම් සංඥා ලබා දිම සඳහා ඇගේ අත් බෑගය භාවිතා කරන බව ප්‍රසිද්ධ රහසක්. ඇය ඇයගේ අත්බෑගය නොමැතිව කිසිදු ගමනකට සහභාගී වෙන්නේ නෑ. ඇයට අවශ්‍ය දේවල් එහි රැගෙන යාමට අමතරව ඇය එයින් සිය ආරක්ෂකයින්ට විවිධ සංඥා ලබා දීම සිදු කරන්නේ ඉතාම අපූරු විදිහකට. විදෙස් වෙබ් අඩවි පවසන ආකාරයට ඇගේ අත් බෑගය යම් පුද්ගලයෙක් හෝ පුදගලයින් කොට්ඨාසයක සංවාදයේ යෙදෙන විටදී මේසක් මතින් තැබුවහොත් එයින් අදහස් කරන්නේ ඇයට විනාඩි 5 ඇතුලට එම ස්ථානයෙන් පිටව යෑමට අවශ්‍ය බවයි. එවිට ආරක්ෂකයින් එම ස්ථානයට පැමිණි අමුත්තන්ගෙන් අවසර ගෙන ඒ සඳහා කටයුතු සම්පාදනය කරනවා. ඇය යම් හෙයකින් අත් බෑගය බිමින් තැබුව හොත් එයින් අදහස් කරන්නේ ඇය එම සංවාදයට කිසිම කැමැත්තක් නොමැති බවයි. එවිට ආරක්ෂකයින් එහි පැමිණි බොරුවට කුමක් හෝ ඇයට මතක් කරලා ඇයව පිටතට ගෙන යනවා. එසේ නොමැති නම් බොහේ විට ඇය සිය අත්බෑගය තමා සමග තබා ගන්නවා.
08. රැජින දෙවතාවක් ප්‍රහාරයන්ට ලක් වුණා
1981 වසරේදී එලිසබත් රැජින බකින්හැම් මාලිගයේ පිටත පැවති ආචාර පෙළපාලියකට ආචාර කරමින් අසු මතින් යමින් සිටියදී තමයි ඇය මුල්ම වතාවට මේ විදිහට ප්‍රහාරයකට ලක් වුනේ. 17 හැවරිදි මාකස් නම් පුද්ගලයෙකු එහිදී ඇයට වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. නමුත් ඉන් රැජිනට හානියක් නොවී බේරා ගැනීමට ඇගේ ආරක්ෂයින්ට හැකියා ලැබුනා. මේ පුද්ගලයා අමරිකානු ජනාධිපති ජෝජ් එෆ් කෙනඩි ඝාතනයෙන් ආභාෂය ලබා ප්‍රසිද්ධ වීමට සිතා රැජිනව මරන්න උත්සහ කළ බවත් සදහන්. ඔහු සිරභාරයට ගත්තත් 1984 දී නිදහස් කරල තියෙනවා. නැවතත් 1982දී මයිකල් ෆේගන් නම් මිනිසෙකු විශාල ආරක්ෂාවක් ඇති බකිම්හැම් මාලිගයේ ආරක්ෂකයින්ගේ නෙත් වසා රැජිනගේ කුටියට ඇතුළු වුනා. ඔහු අපද්‍රව්‍ය බැහැර කරන නලයක් දිගේ ඇවිත් තියෙන්නෙ. ඔහු දැකීමෙන් පසු රැජින සිය කාමරයෙන් කෑ ගසමින් ඉවතට දිව ගිය බවත් සඳහන්. නමුත් ඔහු ආරක්ෂක අංශ අල්ලා ගත් පසුව ඇය ඔහුත් සමග බොහේ වේලා කතා කරලා තියෙනවා. මේ සිදුවීමෙන් පසුව ඇගේ කාමරයට කූඹියෙක්ටවත් ඇතුල් වෙන්න බැරි විදිහට ආරක්ෂාව සැපයීමටත් බලධාරින් කටයුතු කළා.
09. මහා ඉහළින් සමරපු රැජිනගේ මංගල උත්සවය
ඉරාකයේ, ලක්සම් බර්ග් සහ නෙදර් ලන්තයේ කුමර කුමරියන් ඇතුළු රාජකීය මෙන්ම තවත් අමුත්තන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී කරගෙන 1947 වසරේ නොවැම්බර් මස 20 වන දින උදැසන 10.30 ට රැජිණියගේ විවාහ උත්සවය පැවැත් වුනා. මේ අවස්ථාව පටිගත කළ වැඩසටහන් බිබිසී ගුවන් විදුලිය හරහා ලෝකය පුරා මිලියන 200 කට වඩා වැඩි ජනතාවක් අහල තිබුනා. ඇයගේ මංගල ඇඳුමේ වටිනාකම එවකට ඇමරිකානු ඩොලර් හතළිස් දාහක් විතර වෙලා තියෙනවා. මේ ඇඳුම ඉතාමත් මිල අධිකයි. මෙය ඇමරිකාවෙන් ගෙනා වටිනා මුතු ඇට දහ දහසකින් ඇත්දල වලින් කල මෝස්තරයකින් සහ රන් රිදී මිශ්‍රව කළ විවිධ මෝස්තර සහිත වූ ඉතාම සුන්දර ඇඳුමක් කියලයි සඳහන් වෙන්නේ. මහත්මා ගාන්ධි තුමා ඇයගේ විවාහයට සුබ පතලා ඔහු විසින්ම නිර්මාණය කළ කපු සළුවක් ඇයට තෑගි ලෙස යැවූ බවත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඇයගේ විවාහයට දෙවන මනමාලියන් 8 දෙනෙක් සිටියා කියලා සඳහන් වෙනවා. මෙය ලෝකයේ පැවති විශාලම මංගල උත්සවය ලෙස ඉතිහාසගත වෙනවා.
10. බ්‍රිතාන්‍ය රජ පවුලේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 88 ක්
බ්‍රිතාන්‍ය රජ පවුල ඇමරිකානු ඩොලර් බිලියන 88 ක වත්කමක් දරන බවයි සඳහන් වන්නේ. එයිනුත් රැජින සතු සමස්ත වත්කම විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 530 ක්. මේ නිසා ඇය ලෝකයේ ධනවත්ම රාජකීයයන් අතර 12 වෙනි තැන රැඳිල ඉන්නවා. ඒ වගේම තමයි කෙතරම් මිල මුදල් තිබුනත් රාජකීයන් බදු ගෙවීමට බැඳී සිටින්නේ නෑ. ඔවුන් බදු බරින්ද නිදහස් වෙනවා. රජ පවුලේ රාජකීයන් විශාල ප්‍රමාණයක් ඉන්න නිසා මෙන්න මේ කියන ධනය බොහෝ දෙනෙක් අතර බෙදිලා ගිහිල්ලයි ඇත්තටම තියෙන්නේ.
කොහොම වුනත් ඇය ලෝකයේ සියළු දෙනාම ගරු කරපු අපගේ හිත්වල හැමදාමත් නොමැකෙන සලකුණක් තියපු රැජිණක්.
Leave a Reply