සොබාදහම කියන්නේ අරුම පුදුම රහස් වලින් පිරුණු තැනක්. අද lifie ලෑස්ති වෙන්නේ සොබාදහමේ තියෙන විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු ගැන කතා කරන්න.
01. Transparent Juvenile Surgeonfish
ඔයාල Finding Nemo කාටුන් චිත්‍රපටය බලල තියේනම් එකේ ප්‍රධාන චරිතයක් වන Dori මේ
Surgeon fish මාළු වර්ගයේ ළගම නෑයෙක්. මෙයා ඔයාගෙ අතට ගත්තොත් වීදුරුවක් වගේමයි පේන්නේ. පුදුමාකාර ලස්සනක් තියෙනවා. එයාගෙ ඔළුව හරියටම වීදුරු කවරයක් ඇතුලෙ දාල තියෙනව වගෙයි පේන්නේ. මේ විනිවිද පේන මාළුවාගේ නම වෙන්නේ Surgeonfish. මෙි මාළු විශේෂය නවසීලන්තය අවට මුහුදු අශ්‍රිතයේ තමයි ජීවති ලැබෙන්නේ.
02.The Glasswing Butterfly (විදුරු තටු ඇති සමනළයා)
Greta Oto එහෙමත් නැත්තම් විදුරු තටු ඇති සමනළයා කියන්නේ පාද හතරක් තියෙන සමනලයෙක්. මෙයාගෙ තටු දිහා ඔයා බැලුවොත් පේන්නේ අනික් පැත්තේ අවට තියෙන දේවල්. එයාගෙ ඇග වටෙි තියෙන දාර වලින් විතරයි එයා සමනලයෙක් කියල අපට හොයා ගන්න පුළුවන් වෙන්නෙ. මෙයාගේ පියාපත්වල විනිවිද පේන්න හේතු වෙන්නේ පියාපත් මගින් දෘශ්‍ය ආලෝකය අවශේෂණය කර ගැනීම අඩු වීම සහ පරාවර්තන ගුණාංග අඩු වීමයි.
Glasswing Butterfly බොහෝ දුරට මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ හොයාගන්න පුළුවන්. නමුත් ඔවුන් විශාල දුරක් සංක්‍රණය වෙන නිසා මෙක්සිකෝව සහ ටෙක්සාස් වැනි උතුරු ප්‍රදේශ වලත් හොයාගෙන තියෙනවා.
03. Juvenile Sharpear Enope දැල්ලා
ජුවනයිල් ෂර්පියර් එනොප් කියන්නේ දැල්ලෝ විශේෂයක්. මෙයාව කළුවර තැනක දැක්කොත් පිටසක්වල ජීවියෙක් වගේ තමයි පේන්නේ. පුදුම ලස්සනයි. පාට පාට බල්බ් පුරවපු වීදුරු කවරයක් වගේ මෙයාලගෙ විනිවිද පෙනෙන ශරීරයේ තැන් තැන් වල තිත් රටා මවමින් වර්ණක පිරවූ සෛල තියෙනවා. මේ දැල්ලෝ විශේෂය නිවර්තන සහ උපනිවර්තන සාගර පුරා, බොහෝ විට මීටර් 200 – 1000 අතර ගැඹුරේ තමයි ජීවත් වෙන්නේ.
04. Tortoise Shell කුරුමිණියා
Tortoise Shell කුරුමිණියා සම්පූර්ණයෙන්ම විනිවිද නොවුනත් එයාට තියෙනවා විනිවිද පෙනෙන පිටත කවයක්. මේ පෙනුමේ එයාට දීල තියෙන්නෙ එයාව ගොදුරු කරගන්න විලෝපිත සතුන් රවට්ටන එක. වෙනස් වෙනස් හැඩ වලින් තියෙන වීදුරු වගේ රවුම් ඇති Tortoise Shell කුරුමිණි ප්‍රබේධ ගොඩක් ඉන්නවා.
05. Costa Rican ඉස්ගෙඩියන්
මෙයත් විනිවිද පෙනෙන චූටි ඉස්ගෙඩියෙක්. එයාව බැලූ බැල්මටම අපට හිතෙන්නේ එයාගෙ බඩ ඇතුලේ කොයිල් එකක් ලස්සන රටාවකට ඔතල තියෙනව කියලා. එයා ලා කහපාටට හුරු කොළ පාටයි. බ්‍රසීලයේ කොස්ටා රීකාවට ආවේනික මේ විනිවිද පෙනෙන ඉස්ගෙඩියගේ බඩේ ඇතුලේ ලස්සනට එතිලා පෙනෙන රටාව වෙන්නේ එයාගෙ බඩ ඇතුලේ තියෙන පිළිවෙළට එතුණු බඩවැල්.
06. විනිවිද පෙනෙන ගෙම්බා (Hyperolius Leucotaenius)
Hyperolius leucotaenius කියන්නේ කොන්ගොවට ආවේණික ගෙම්බන් විශේෂයක්. එයාල ගොඩක් ලස්සනයි. පෙනුම පුදුමාකාර විදියට විචිත්‍රයි. එයාව අතට ගත්තාම අපේ අත විනිවිද පේනවා. කාලයක් වඳවී ගිහිල්ල කියල හිතාගෙන හිටියත් 2011 දී නැවතත් ගං ඉවුරක ගවේෂකයන් පිරිසක් මේ ගෙම්බා දැකල තියෙනවා.
07. Macropinna Microstoma
Macropinna microstoma කියන්නේ තවත් විනිවිද පෙනෙන අමුතුම මාළු වර්ගයක්. මෙයාගෙ ඔළුවේ උඩු කොටස විනිවිද පෙනෙන ගෝලාකාර මතුපිටක් වගේ. එයාගෙ ඇස් සහ මොලය තමයි විනිවිද පේන්නේ. එයාගෙ ඇස්වල අභ්‍යන්තර කවච ඉදලා මුළු මොලයම පෙනෙනවා. මෙයාගෙ පවුලේ වෙනත් මාළු වර්ග නෑ. ඉන්නෙ මෙයා විතරයි. ඒවගේම ඉතා දුලබ මාළුවෙක්. මෙයාව මුහුදෙ ඉන්න බව ධීවරයො දැකල තිබුනත්, චිත්‍රවල ඇදල තිබුනත් 1939 ඉදල දැනගෙන හිටියත් මෙයාව හොයා ගන්න ගොඩක් අමාරු වුනා. මෙයාව හොයාගෙන ඡායාරූප ගත කරන්න පුළුවන් වුනේ 2004දි තරම් මෑත කාලෙදි.
Leave a Reply