මේ ජාතියේ පිරිමි ළමයෙක්ව නං… අම්මෝ එපා!

Never date these types of boys

මේ ලෝකේ ගෝලාකාරයි, ඒකේ ඉන්න මිනිස්සු විවිධාකාරයි කියලා අපි හැමදාමත් කියනවනේ. හැබැයි ඔය විවිධත්වය තිබ්බට, අපි ආදරේ කරන්න හරි, විවාහ වෙන්න හරි කෙනෙක්ව තෝරගන්නකොට, අපිට ගැලපෙන කෙනෙක්ව තෝරගන්න වෙනවා. එහෙම වුණොත් තමයි ඒ ආදර සම්බන්ධතාවය හරි විවාහය හරි සාර්ථක වෙන්නේ. එතනදී ඒ කෙනා තමන් වගේම කෙනෙක් වෙන්නම ඕන නෑ, ගැලපීම තිබ්බා නං ඇති. හැබැයි සමහර වෙලාවට සමහර මිනිස්සු ඉන්නවා, විවිධ විදියට ටොක්සික්. ඒ කියන්නේ ඒ අයගේ ආකල්ප, හැසිරීම, මතිමතාන්තර තමන්ට විස සහිතයි. ආන්න ඒ වගේ අවස්ථාවකදී, අපිට සිද්ධ වෙනවා දෙන්නටම හානියක් නොවෙන්න නම්, එහෙම කෙනෙක් එක්ක සම්බන්ධයකට නොයා ඉන්න. එහෙම කරන්න නම්, ඒ විදියේ මිනිස්සුන්ව කලින්ම හඳුනාගන්න ඕන.

 

දැන් අපි කලින් සතියක කථා කලා, පොදුවේ සම්බන්ධයකට නොයා ඉන්න එක වඩාත් ඇඟට ගුණ කෙල්ලෝ ටයිප් ගැන. අද අපි කියනවා, යාළු වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන පිරිමි ළමයි ටයිප් කීපයක් ගැන.

 

02. ඉමෝෂනල් ඇබියුසර්

Never date these types of boys

මේ ඉමෝෂනල් ඇබියුස් කියන එක නැතිනම් මානසික අපහරණය, මානසික හිංසා පීඩා කිරීම කියන එක, පහළ පොයින්ට් වල කියලා තියෙන දේවල් වලටත් අදාළ වෙනවා. හැබැයි අපි මෙතනදී කතා කරන්නේ ඊට වඩා විශේෂ අවස්ථාවක් ගැන. හිතන්න, ඔන්න මනුස්සයෙක් මුලින් තමන් යාළුවෙන කෙල්ල ගැන හරිම හොඳින් හිතනවා කියලා පෙන්නනවා. ආදරෙන් සලකනවා, අවධානය දෙනවා. හැබැයි එහෙම කරලා කෙල්ල යාළුවුණාට පස්සේ ඔන්න මේ කෙනා තමන්ගේ ඇත්ත කලර්ස් පෙන්නන්න පටන් ගන්නවා. එතකොට මනුස්සයා පට්ට ජෙලස්, ඔබ්සෙසිව්, ඩිමාන්ඩින් ඩයල් එකක් බවට පත් වෙනවා. තමන්ගේ අනාරක්ෂිතභාවය වෙනුවෙන්, ගර්ල්ව දිගින් දිගටම මානසිකව අපයෝජනය කරන්න, ඇබියුස් කරන්න පටන් ගන්නවා. අන්න එතකොට තේරෙනවා, මේ කෙනා අර පටන් ගන්නකොට පෙන්නපු මාර කෙයාරින්, ලවින් ස්වභාවය ඇත්තටම බොරුවක් කියලා. ඒක හරියට මාළුවෙක් අල්ලගන්න ඇමක් දැම්මා වගේ තමයි. ඇත්ත කෙනා මාරම ඇබියුසර් කෙනෙක්. එහෙම ලව් ඉතින් නොපතන් තමයි.

 

02.  නෙවර් ඇප්‍රෙෂියේටර්

Never date these types of boys

අපි හැමෝම කිව්වට පොතක පිටකවරේ බලලා ගන්නෙපා, පොතේ අන්තර්ගතය දිහා බලලා හොඳයි නම් පොත ගන්න කියලා, ඇත්තටම බාහිර පෙනුම කියන එක යම් තාක් දුරකට හෝ වැදගත් වෙනවා මේ ලෝකේ. උදාහරණයක් විදියට කිව්වොත්, අපි ඕනම කෙනෙක් කැමතියිනේ අපි ලස්සනයි, අපි හැන්ඩ්සම් කියලා කවුරු හරි කියනවට. දැන් සමහර බෝයිෆ්‍රෙන්ඩ්ලා ඉන්නවා, කවදාවත් තමන්ගේ කෙල්ලගේ ලස්සනක් දකින්නෙ නෑ. ලස්සනයි කියන්නෙ නෑ. ඒ වෙනුවට දකින්නේ කැතම තමයි. ඒකත් කියන්නේ අපහාසෙට. දැන් අපි කියමු තමන්ගේ කෙල්ල කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා. හැබැයි අපිට තේරෙනවා ඒ විදිය එයාට කැතයි කියලා. එතකොට අපි කියන්න ඕන “අපෝ ඔයාගෙ හැටි, ඔය කොණ්ඩේ හරි කැතයි” කියලා නෙවෙයි. “ඔයාගේ නැචුරල් කොණ්ඩේ තමයි ගොඩක්ම ලස්සන” කියලයි. හැබැයි මේ විදියේ බෝයිෆ්‍රෙන්ඩ්ලා එහෙම කවදාවත් තමන්ගෙ ගර්ල්ගෙ ලස්සනක් ගැන කියන්නෙ නෑ.

 

මේ විදියේ බෝයිෆ්‍රෙන්ඩ්ලගෙ තව දෙයක් තියනවා. තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ලස්සනක් දකින්නෙ නැති වුණාට, අනික් රට වටේම ඉන්න කෙල්ලොන්ගේ ලස්සන නම් දකිනවා. ඒවා රස කර කර කියනවා. “ඔයත් අර නිපුනි වගේ ඉන්නකෝ, ඔයා හරි ගොඩේ පාටයිනේ” වගේ එව්වා කියලා තමන්ගේ ගර්ල්ව පහත් කරනවා. නිකමට හිතන්න එතකොට මේ ගර්ල්ට කොයි තරම් දුකක්ද දැනෙන්නේ කියලා.

 

03.  මං මාර පොර

Never date these types of boys

උඩ කියපු විදියේම තවත් විශේෂීකරණයක් තමයි මේ විදියේ එවුන්. මේ විදියේ කොල්ලන්ටගේ ලෝකෙම කැරකෙන්නේ තමන්ගේ වටේ. තමන් තමයි මාරම පොර. තමන් තමයි හැමදේම දන්නේ. තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙලෝ දෙයක් දන්නෙ නැති, මෙලෝ දෙයක් බැරි ගමහාමිනේ කෙනෙක්. මේ වගේ උන්දැලා ඉතින් කවදාවත් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට දේවල් පුලුවන් කියන එක පිළිගන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අය ට්‍රයි කරන්නේ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කිසිම දෙයක් කරන්න බැහැයි කියන එක නිතරම කියන්න. දැන් මෙහෙම මනුස්සයෙක් එක්ක ඉන්නකොට, ගර්ල්ෆ්‍රෙන්ඩ් නොදැනීම ඒ මනුස්සයාගේ හෙවණැල්ල පිටුපස්සට තල්ලු වෙනවා. ඒ විතරක් නෙවෙයි, නරකම දේ තමයි, ගර්ල් වුණත් තමන්ට දේවල් බැහැ, තමන් බෝයිෆ්‍රෙන්ඩ්ගේ තත්වයට මදි කියලා හිතන්න පටන් ගන්නවා. එයාගේ ආත්ම සම්මානය, ආත්ම විශ්වාසය බිංදුවටම වැටෙනවා. ඒ කියන්නේ ඉතින් ඒ ළමයට ලේසියෙන් තනියෙන් නැගිටින්න ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට මේ ටොක්සික් හාදයට ඕනැත් ඒක වෙන්න පුලුවන්.

 

04. ඩෙඩ්බීට් බෝයිෆ්‍රෙන්ඩ්

Never date these types of boys

දැන් සමහර පිරිමි කාන්තාවෝ ගැන හිතාගෙන ඉන්නවා, එයාලා ආකර්ෂණය වෙන්නේ සල්ලි, බලය තියෙන මිනිස්සුන්ට කියලා. ඇත්තටම ඒක වැරදි කතන්දරයක්. හැබැයි කාන්තාවෝ ආකර්ෂණය වෙනවා, ඉහළට යන්න ආසාව තියෙන, කැපවීමෙන් වැඩ කරන පිරිමින්ට. දැන් මේ කියන ඩෙඩ්බීට් බෝයිෆ්‍රෙන්ඩ් සම්පූර්ණයෙන්ම ඒකේ අනික් පැත්ත. දැකලා තියෙනවද, හරියට රස්සාවක් කරන්නෙත් නැති, හරියට වෘත්තිය දියුණුවක් ලබාගන්නෙත් නැති, එහෙම දේකට උනන්දුවකුත් නැති, දියුණු වෙන්න එහෙම ආසාවක් හෝ වුවමනාවක් හෝ වීරිය කිරීමකුත් නැතිව ඔහේ ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු තමන්ට දියුණුවක් නැති එකට, රටේ පොලිටික්ස් වල ඉඳලා අම්මා තාත්තා දක්වා හැමෝටම වරද පටවනවා. සමහර වෙලාවට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට පවා වරද පටවනවා. හැබැයි බස් එකට සල්ලි ඉල්ලගන්නෙත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් තමයි. හැබැයි එහෙම ගර්ල්ගෙන් යැපෙන අතරේම, ගර්ල්ට වඩා තමන් පහළින් ඉන්නේ කියන හීනමානයත් එක්ක, සමහර වෙලාවට මේ විදියේ හාදයෙක් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ඇබියුස් කරන්නත් තියෙන ඉඩ වැඩියි.

 

05. ජෙලස් මෑන්

Never date these types of boys

කවුද ජෙලස් නැති මිනිස්සු ඉන්නේ? ඒක තමයි ඇත්ත. කෙල්ලො වුණත්, කොල්ලො වුණත් ජෙලස් කියන එක පොඩ්ඩක් හරි තියෙනවා. මේ කියන්නේ ඔය රිලේශන්ෂිප් වල තියෙන ජෙලස් එක ගැන. උදාහරණයක් විදියට ගත්තොත්, කොයි තරම් ජෙලස් නැති මනුස්සයෙක්ට වුණත්, තමන්ගේ කෙල්ල තව කොල්ලෙක්ව කිස් කරනවා දැක්කොත් ඉරිසියා හිතිලා යකා නගින්නේ නැතුව තියෙයිද? අන්න ඒ වගේ. සාමාන්‍යයෙන් ඕනම කොල්ලෙක්ට, ඕනම කෙල්ලෙක්ට තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ලං වෙන වෙනත් අය ගැන යම් කිසි ඉරිසියාවක් දැනෙනවා. ඕක මනුෂ්‍ය සොබාවය. ඒකේ අවුලක් නෑ. හැබැයි ඉතින් එහෙම සොබාවික නොවෙන ඉරිසියාවක් තියෙන මිනිස්සුත් ඉන්නවා. ආන්න ඒක තමයි ඇත්තම ගැටළුව. ඒ කියන්නේ සමහර කොල්ලො ඉන්නවා, තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කිසිම කොල්ලෙක් එක්ක කතා කරන්න බෑ. ඔෆිස් එකේ වුණත් කොල්ලෙක් එක්ක කතාබහ කරන්න බෑ. කොල්ලෝ යාළුවෝ තියාගන්නත් බෑ, අඩුම ගාණේ තමන්ගේ නෑදෑ අයියලා එක්කවත් කතා බෑ වගේ නීති දාන. අන්න ඒක හරිම අස්වාභාවික ජෙලස් එකක්. දැන් මේක තවත් දුර අරගෙන යන සමහරු ඉන්නවා, තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය වාසයෙන් ඈත් කරන්න හදන. ඒවා නම් සාප.

 

06. පැතෝලොජිකල් චීටර්

Never date these types of boys

දැන් චීට් කරනවා කියන්නෙ මොකක්ද? තමන්ගේ සහකරුගේ හෝ සහකාරියගේ අනුදැනුමකින් තොරව, තවත් කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයකට හරි ප්‍රේම සම්බන්ධතාවයකට හරි යන එකටනේ සරලවම චීට් කරනවා කියන්නේ. හැබැයි දැන් මේ විදියේ හැම කෙනෙක්වම, මෙහෙම කරන හැම කොල්ලෙක්වම ටොක්සික් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා වර්ග කරන්න අපි ඉක්මන් වෙන්නෙ නෑ. මොකද, මෙහෙම දේවල් වලට තව හේතු සාධක තියෙන්න පුලුවන්. හැබැයි කවුරුහරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මේක පුරුද්දක් විදියටම කරනවා නම්, ඊටත් වඩා, මේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ චීට් කරන පුරුද්ද තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ අගතියට, හානියට හේතුවක් වෙනවා නම්, ආන්න එතකොට එයාව කිසිමදාක ඩේට් නොකළ යුතු කෙනෙක් විදියට වර්ග කරන්න අපිට සිද්ධ වෙනවා. චීට් කරන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් පුරුද්දක් විදියට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොරු කරනවා සහ බොරු කියනවා නම්, මානසිකව රිද්දනවා නම්, ආන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

 

07. ඇබියුසර්

Never date these types of boys

අපි පටන් ගන්නකොටම කිව්වනේ ඉමෝෂනල් ඇබියුසර්ලා ගැන. ඒ වගේම ෆිසිකල් ඇබියුසර්ලත් ඉන්නවා. ඒ කියන්නේ ශාරීරිකව හිංසා පීඩා කරන, රිද්දන, අපහරණය කරන අය. මේ අය භයානකයි. මොකද, මෙහෙම ඇබියුසර් කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම තමන්ගේ ජීවිතෙත් ෂුවර් නෑ කියන එක තමයි. මොකද, එහෙම අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවනේ. හදිසි කෝපය නිසා හරි, නිදන්ගත කෝපය නිසා හරි තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අත උස්සන පිරිමියෙක් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න කලින්, ගෑණු ළමයෙක් දහපාරක් හිතන්න ඕන. මොකද, පළවෙනි වතාවේ අත උස්සලා ඒකට මොකුත් ඇක්ෂන් එකක් නොගෙන හිටියොත්, ඊලඟ වතාවේ අත ඉස්සීම කෙළවර වෙන්නේ තමන්ගේ ජීවිතේ නැතිවෙලා වෙන්න පුලුවන්. ආයෙ නරක තැනකට පාරක් වැදුණොත්, එතනින් එහාට ජීවිතේ ඉවරයිනේ. අන්න ඒ නිසා.

දැන් යාළු වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන පිරිමි ළමයි ටයිප් කීපයක් ගැන ඔබ දැනුවත්. හැබැයි තවත් දෙයක් ගැන දැනුවත් වෙන්න ඕන මේ ගමන්ම. උඩ කියපු විදියේ මිනිස්සු සදාකල් තනිකඩව ඉන්න ඕන කියලා එකක් නෑ. ඇත්තටම එහෙම කෙනෙක් අපේ යාළුවෙක් නම්, අපි එයාව කොන් කරනවා වෙනුවට, එයාලට උදව් කරන්න ඕන. මොකද, මනුස්සයෙක් ටොක්සික් වෙන්න බලපාන්න පුලුවන් බාහිර සාධක ඕනෑ තරම් තියෙන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා, අපි එහෙම කෙනෙක්ව ඩේට් කරන්න ගියොත් වෙන්නේ, දෙන්නටම ලොකු හානියක් වෙන එක තමයි. ඉතින් ඔය උඩ කියපු ටයිප් වල මිනිස්සුත් දැනගන්න ඕන, තමන් ඒ වගේ නම්, තමන්වම වෙනස් කරගන්න කාලේ හරි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *