ඔයාලා ආසම හොට් චොක්ලට් ඩ්‍රින්ක්ස්

Hot Chocolate Recipes

සීතල වෙලාවක බොන්න කියාපු පානයක්නෙ මේ හොට් චොක්ලට් ඩ්‍රින්ක් එක. ඔන්න අද හොට් චොක්ලට් හදන විදි 7ක්ම අරගෙන ආවා. කැමති විදියට ට්‍රයි කරලා බලන්න. චොක්ලට් දාලා හදම ඕනම කෑමකට කට්ටිය බෑ කියන්නැති නිසා ඔන්න ඔයාලා ආසම හොට් චොක්ලට් ඩ්‍රින්ක්ස්

01. Italian Hot Chocolate

Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
කිරි කෝප්ප 1
කොකෝවා පව්ඩර් මේසහැඳි 1
කෝන්ෆ්ලා මේසහැඳි 1/2
සීනි මේසහැඳි 2

  • කිරි ටික ලිපේ තියලා උණුවෙනකොට ලිප ඕෆ් කරගන්න.
  • වෙනම බෝල් එකකට කොකෝවා පව්ඩර් හා කෝන්ෆ්ලා දාලා කිරිචුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න.
  • දැන් මේක කිරි මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • සීනි ටිකත් දාලා ආයෙ ලිප ඔන් කරලා කලවම් කරගන්න.
  • ඊලඟට මේකට චොක්ලට් ටික දාලා කලවම් කරගන්න.
  • මිශ්‍රණය ටික ටික තික් වේගෙන එනවා පෙනෙයි.
  • තව ටිකක් තියලා ලිපෙන් බාලා කෝප්පෙට දාගන්න.

02. French Hot Chocolate

Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
කිරි මිලිලීටර් 500
කුරුදුපොතු කෑල්ලක්
වැනිලා ස්වල්පයක්
කොකෝවා පව්ඩර් මේසහැඳි 1
සීනි මේසහැඳි 1
ලුණු ස්වල්පයක්

  • කිරි ටික ලිපේ තියලා රත්වෙනකොට ඩාක් චොක්ලට් ටික දාගන්න.
  • මේකට කුරුදුපොතු හා වැනිලා දාලා කලවම් කරගන්න.
  • ඊලඟට මේකට කොකෝවා පව්ඩර් දාලා සීනි හා ලුණු ටික දාගන්න.
  • රත්වෙනකොට ග්‍රේට්කරගත් චොක්ලට් ටික දාලා කලවම් කරගන්න.
  • හොඳටම මෙල්ට් වෙලා මිශ්‍රණය තික් වෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.

03. Mexican Hot Chocolate

Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරි කෝප්ප 2
චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2
කුරුදුපොතු කෑල්ලක්
රතු සීනි මේසහැඳි 3
වැනිලා ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
මිරිස්කුඩු පින්චක් (Cayenne Pepper)
කොකෝවා පව්ඩර් මේසහැඳි 2

  • කිරි ටික පෑන් එකට දාලා කුරුදුපොතු කෑල්ලක් දාලා ලිපේ තියන්න.
  • මේකට සීනි,වැනිලා හා ලුණු දාලා කලවම් කරන්න.
  • ටිකකින් ඩාක් චොක්ලට් ටික දාන්න.
  • මිරිස්කුඩු හා කොකෝවා පව්ඩර් ටික දාගන්න.
  • කිරි ටික හොඳට උනුවෙනකොට ලිපෙන් බාගන්න.
  • කෝප්පෙට දාලා කුරුදුපොතු කෑල්ලක් දාලා සර්ව් කරන්න.

04. Peppermint Hot Chocolate

Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් මේසහැඳි 3
චොප්කරගත් පෙපර්මින්ට් කැන්ඩි 8-10
කිරි කෝප්ප 2
සීනි මේසහැඳි 3
වැනිලා ස්වල්පයක්
කුරුදුපොතු කෑල්ලක්
චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
ෆ්‍රෙශ් ක්‍රීම් ස්වල්පයක්

  • පෑන් එකට කිරි,සීනි,ලුණු හා කොකෝවා පව්ඩර් දාල ලිපේ තියන්න.
  • හොඳට විස්ක් කරගන්න.
  • ඊලඟට මේකට චොක්ලට් චිප්ස් ටික දාලා වැනිලා දාගන්න.
  • චොක්ලට් ටික හොඳට මෙල්ට් උනාම පෙපර්මින්ට් ටික දාගන්න.
  • හොඳට විස්ක් කරලා ලිපෙන් බාලා කප් වලට දාගන්න.
  • ෆ්‍රෙශ් ක්‍රීම් ටිකකින් ගානිශ් කරගන්න.

05. Nutella Hot Chocolate Recipe

Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරි කෝප්ප 1
නියුටෙලා මේසහැඳි 2
කොකෝවා පව්ඩර් තේහැඳි 1

  • කිරි ටික ලිපේ තියලා නියුටෙලා හා කොකෝවා පව්ඩර් දාලා කලවම් කරගන්න.
  • ලිපේ තියන ගමන් වේගෙන් විස්ක් කරගන්න ඕනේ.
  • ටිකක් තික් වේගෙන එනකොට ලිපෙන් බාලා කෝප්පෙට දාගන්න.

06. Milkmaid Hot Chocolate Recipe

Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
මිල්ක්මේඩ් පොඩි ටින් 1
කොකෝවා පව්ඩර් කෝප්ප 1/4
ලුණු ස්වල්පයක්
වැනිලා ස්වල්පයක්
වතුර කෝප්ප 1

  • පෑන් එකට මිල්ක්මේඩ් දාලා කොකෝවා පව්ඩර් දාලා විස්ක් කරගන්න.
  • මේක ලිපේ තියලා වතුර, ලුණු හා වැනිලා දාලා හොඳට විස්ක් කරමින් උණු කරගන්න.
  • උණුවෙන්ම පිළිගන්වන්න.

07. Dutch Hot Chocolate

Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
චොප්කරගත් චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
කොකෝවා පව්ඩර් තේහැඳි 1
කිරි කෝප්ප 1 1/4
විප්ක්‍රීම් මේසහැඳි 1
බ්‍රැන්ඩි හෝ රම් ස්වල්පයක්
සීනි මේසහැඳි 1

  • පෑන් එකට කිරි වලින් භාගයක්, කොකෝවා පව්ඩර් හා සීනි දාලා ලිපේ තියන්න.
  • හොඳට විස්ක් කරගන්න.මේකට චොක්ලට් චිප්ස් ටිකත් දාගන්න.
  • ඉතුරු කිරි ටිකත් දාලා උණුකරගන්න.
  • අන්තිමට රම් හෝ බ්‍රැන්ඩි ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • කප්ස් වලට දාලා උඩින් විප්ක්‍රීම් වලින් ගානිශ් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *