ලංකාවේ වැදි ජනතාව වගේම ඉතා ඵෛතිහාසික වටිනාකමකින් යුතු ගෝත්‍රික ජනතාවක් තමයි එක්ස්කිමෝවරු කියන්නේ. මොවුන් “ඉනූට්” යන නමින් හඳුන්වනවා. එස්කිමෝ යන වචනයේ තේරුම “අමු ආහාර” හෝ “අමු මාළු අනුභව කරන තැනැත්තා” යන්නයි. මොවුන් ප්‍රධාන වශයෙන් ග්රින්ලන්තය, ඩෙන්මාර්කය, ඇලස්කාව, කැනඩාව, සයිබීරියාව, රුසියාව ආශ්රිත ජීවත් වූවන්. මොවුන් ආසියාතික මොංගෝලියානුවන්ගෙන් පැවත එන බව නිශ්වාස කරනවා. මොවුන් පිළිබද පර්යේෂණය කළ විද්‍යාඥයෝ මොවුන්ගේ ලේ වර්ගය B බව හඳුනාගෙන තිබෙනවා. අධික සීතට ඔරොත්තු දෙන්න ඕනි නිසාම ඔවුන්ගේ ශරීර මිටි ස්වභාවයක් ගන්නවා. ඉතින් එස්කිමෝවරුන්ගේ ජීවිත වල සුවිශේෂී, අරුම පුදුම ජීවන රටා ගැන කතා කරන්නයි lifie මේ සුදානම.
01. එස්කිමෝ හාදුව
අපේ හාදුවට හාතපසින්ම වෙනස් එයාලගෙ ආදරය දැක්වීමේ හාදුව. එයාල එකිනෙකාගේ නාසය අතුල්ලමින් සෙනෙහස දැක්වීම තමයි කරන්නේ. නාසය අතුල්ලන ගමන් එකිනෙකාගේ සුවඳ ඇද ගන්න එයාල උත්සහ කරනවා. ඒ එක්කම එකිනෙකාගේ සම සහ හිසකෙස් මිරිකනවා. එක්ස්කිමෝවරු ජීවත් වෙන්නෙ සෘණ අංශක 40 – 50 පමණ වන දැඩි සීතලකින් යුතු හිමෙන් වැසුණු, හිම කුණාටු ගහන, ගහකොලන්වත් වැවෙන් නැති ප්‍රදේශවල. මේ නිසා එයාල එලිමහනේ තොල් සිපගැනීමකට, වැළඳ ගැනීමකට ගියොත් එකිනෙකා සීතලට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා මෙවැනි චාරිත්‍ර ඇති වූවා වෙන්න පුලුවන්.
02. වෙනත් අයෙකුගේ බිරිඳක් ණයට!
විවාහක බිරිඳ අසනීප වීම හෝ ඇයට කුඩා දරුවෙකු සිටීම නිසා ස්වාමියාගේ වගකීම්, යුතුකම් සහ නිවසේ රාජකාරි කිරීමට නොහැකි තත්වයට පත්වූවහොත් තරුණ හා ශක්තිමත් කාන්තාවක් දින කීපයකට හුවමාරු කර ගැනීමේ සිරිතක් ඔවුන් අතර පවතිනවා. මේ හුවමාරු කරගන්නා බිරිඳ ස්වාමියාගේ විවාහක යුතුකමි සහ සියළු ඕනෑ එපාකම් ඉටුකළ යුතු වනවා. ඒ වගේම ඉවුම් පිහුම් කටයුතු සහ නිවසේ අනිකුත් සියළුම කටයුතු කළ යුතුයි. ඇයගේ කාර්ය්ය අවසාන් වූ අසු ඇය නැවත් යා යුතු වනවා.
03. ඇඳුමට ලයිනිං පාසි වලින්
මොවුන්ගේ ඇඳුම් ගැහැණු, පිරිමි කියල විශේෂ බෙදීමකට ලක් කරල නෑ. ගොඩක් වෙලාවට මොවුන් විසින් දඩයම් කරන ලබන සතුන්ගේ හම් සහ පිහාටු වලින් ඇඳුම් හදා ගන්නවා. තවත් සුවිශේෂී කාරණයක් නම් කාන්තාවන් ඔවුන්ගේ ඇඳුම් වල ලයිනිං සඳහා මුහුද ආශ්රිත ජීවත් වන අය පාසි සහ ඇල්ගී භාවිතා කිරීමයි. කඳුකර ආශ්‍රිතව ජීවත් වන අය ලොම් සහිත සතුන්ගේ හම් ඇඳුම්වල ලයිනිං සඳහා පාවිච්චි කරනවා.
04. අමු මාංශ ආහාර
එස්කිමෝවරු ආහාරයට ගන්නේ ඔවුන් දඩයම් කරන සතුන්ගේ මස් සහ මාළුයි. මුහුදු සිංහයන්, තල්මසුන්, සීල්, මුවන්, හිම වලසුන්, කස්තුරි ගෝනුන්, කුරුල්ලන්, බිත්තර, ආහාරයට ගන්නවා. එස්කිමෝවරුන්ගේ සුවිශේෂී දෙයක් තමයි ඔවුන් මස්, මාළු අමුවෙන් ආහාරයට ගැනීම. සත්තු කැපූ පසු මොළය, බඩවරල්, මේධය එක්කම කෑම තමයි ඔවුනගේ සිරිත. මීට අමතරව අරුම පුදුම කාරනය නම් ඔවුන් මේ සතුන්ගේ රුධිරයද පානය කරනවා. එය ඔවුන්ගේ සෙෘඛ්‍යයට අතිශයින්ම ප්‍රයෝජනවත් කියලා ඔවුන් විශ්වාස කරනවා.
05. අසාමාන්‍ය නිවාස
එස්කිමෝවරුන්ගේ ගෙවල් “ඉග්ලු” ලෙස හඳුන්වනවා. “ඉග්ලූ” කියන නම අහපු ගමන් බොහෝ වෙලාවට අපි හිතන්නේ එස්කිමෝවරුන්ගේ ගෙවල් හිම වලින් පමණක් සාදා ඇති කියායි. නමුත් ඒක වැරදියි. ඔවුන් ඕනෑම වර්ගයේ ගෙයකට “ඉග්ලූ” යන නම පාවිච්චි කරනවා. “ඉග්ලු” යන්නෙහි තේරුම ආවරණය යන්නයි. මෙයින්ම තේරෙනවා හිම ගෙවල් වල විතරක් ඔවුන් ජීවත් නොවන බව. ඔවුන්ගේ නිවාස මිදුණු හිම, ගල්, ලී සහ සත්ව හම් වලින් සාදනවා. සීත කාලේදී හිම වලින් නිවාස සාදනවා. ඝනව මිදුණු හිම කුට්ටි අඩි දෙකක් දිගට, අඟල් අටක් පළලටද, අඟල් පහක් උසටද වන විදියට කපනවා. ඒවා එකමත එක කවාකාරව තියලා තමයි ගෝලාකාර හිම ගෙවල් සාදන්නෙ. ඒ වගේම ගල්, ලී, සහ සත්ව හම් යොදා නිවාස ඉදිකරන බවද සඳහන්.
06. කැලිපිලුක් යක්ෂයෝ
ලංකාවේ අපිත් කුඩා දරුවන් බය කරන්න කොයෙකුත් යකුන්ගේ, සතුන්ගේ නම් පාවිච්චි කරනවා.
මේ වගේම එස්කිමෝවරුත් යකෙක් ගැන කියා දරුවන් බිය වද්දන්න දක්ෂයි. දේශීය ජනප්රවාදවට අනුව කැලිපිලුක් කියන්නේ අයිස් යට ජීවත් වන යක්ෂයින්. ඒ අනුව හිතුවක්කාර දරුවන් මොවුන් මුහුද යටට ඇදගෙන යන බවයි ඔවුන්ගේ අදහස.
07. ෂාමන්වරුන් සහ සෙඩ්නා
මොවුන් ආත්මයන් පිළිබඳව විශ්වාස කරනවා. මුළු ලෝකයම මැවුම් කරුවෙකු විසින් පාලනව කරන බව ඔවුන් විශ්වාස කරනවා. මුහුදු සම්පත් සහ සතුන්ගේ දේවතාවිය ලෙස සලකන දෙවි කෙනෙකුද සිටිනවා. ඇය සෙඩ්නා ලෙස හඳුන්වනවා. ඒ වගේම ඇය විසින් මළවුන්ගේ රාජ්‍යයද පාලනව කරන බවද මොවුන් විශ්වාස කරනවා. ආත්මය ලෝකයට විහිදී යාමේදී දෙවියන් සහ මිනිසුන් අතර මැදිහත් වන පුද්ගලයන් මොවුන් අතර සිටිනවා. ඔහු ෂාමන්වරුන් ලෙස හඳුන්වනවා. මොහු විසින් ආත්මයන් සතුටු කිරීම සඳුහා චාරිත්‍ර වාරිත්‍ර පවත්වනවා. ගෝත්‍රිකයන්ගේ ජීවිත වල දුෂ්කර කාලවලදී උපදෙස් ලබාදෙන අතර ආරවුල් විසඳීමටද මැදිහත් වෙනවා. ආත්මයන් ඇදහීමේ විශ්වාසය තුල ඔවුන් සතුන්ට දක්වන්නේ ඉමහත් ගෞරවයක්. සතුන් මැරිය හැක්කේ ආහාර සඳහා පමණක්මයි. සතුන් මිය ගිය පසු ඒ ආත්ම මිනිසුන්ගේ ජීවිතයේ, කොටසක් වන බව විශ්වාස කරන එස්කිමෝවරු ඒ මගින් මිනිස් සංහතියම දිගටම පවත්වාගෙන යන බවද විශ්වාස කරනවා.
Leave a Reply