01.Natalie Portman and Keira Knightley
මේ දෙන්න නම් වෙන් කරලා අඳුරගන්න හරිම අමාරුයි. ඒ ඉතින් අපි විතරක් නෙවෙයි චිත්රපට නිශ්පාදකවරුත් මේ දෙන්නා එක වගේ කියලා හිතනවා. නයිට්ලිව අවුරුදු 14දී ස්ටර් වෝස් චිත්රපටයේ පොර්ට්මන්ගෙ ඩබල් චරිතය රඟපාන්න එහි නිශ්පාදකවරු තොරගත්තෙ අන්න ඒ නිසයි..
02.Brittany Murphy and Lili Reinhart
බ්ලොන්ඩ් කොන්ඩෙ සහ හාට් ශේප් මූණයි නිසා දෙන්නා එක වගේ කියලා ඔවුන්ගේ රසිකයො කියනවා. දක්ෂ නිලියක් වූ බ්රිටනිගේ හදිසි මරණය කාගෙත් හිත සසල කරන ඛේදනීය එකක් වුණා. ඉතින් ඇතැමුන් කියන්නේ ලිලී, බ්රිටනිගේ නැවත ඉපදීමක් කියලා.
03.Tobey Maguire and Topher Grace
ටොබී සහ ටෝෆර් දෙන්නත් එක වගේ කියලා හොලිවුඩ් වල කවුරුත් පිළිගන්න කතාවක්. SpiderMan-No Way Home චිත්රපටයේ දෙන්නා එකට රඟපානකොට පොඩ්ඩක් රසිකයොත් අවුලට පත් වෙනවා.
04.Dakota Fanning and Amanda Seyfried
රන්වන් හිසකෙස්, සුදුමැලි මූණු සහ නිල් ඇස් එක වගේ. දෙන්නා හරියට අක්කයි නංගියි වගේ.
05.Liam Neeson and Ralph Fiennes
මේ දෙන්නා එක වගේ කියන එක ඒ දෙන්නම පිලිගෙන තියෙන කාරණාවක්. ඒ වගේම ලියම් සහ රැල්ෆ් දෙදෙනා දශකගනනාවක තිස්සේ හොඳම යාලුවෝ.
06.Rob Lowe and Ian Somerhalder
රොබ් සහ ඉයන් දෙන්නගෙ ඇස් තමයි කාවත් රවට්ටන්නේ. දෙන්නගේ වයස් පරතරය අවුරුදු 14ක් උනාට දෙන්නා නිවුන් සහෝදරයෝ වගේ.
07.Rachel Bilson and Kaia Gerber
බිල්සන් සහ ගර්බර්ගේ වයස පරතරය අවුරුදු 20ක්. නමුත් ඇතැම් වෙලාවට දෙන්නව වෙන් කරලා හඳුනගන්න එක අහරිම අපහසුයි.
08.Henry Cavill and Matt Bomer
මේ දෙන්නගෙත් මූණෙ හැඩයයි ඇස් දෙකයි එකවගේ. Man of Steel චිත්රපටයේ සුපර්මෑන් චරිතයට මුලින්ම පනපෙවුවේ බොමර් බව ඔහු පවසා තියෙනවා. දැන් ඒ චරිතය රඟපාන්නේ කැවිල්. ඉතින් හිතාගන්න පුලුවන්නේ දෙන්නගේ සමාන කම.
09.Theo James and James Franco
The Divergent සීරීස් එකේ රඟපාන තිඕ ජේම්ස්ව 127 Hours චිත්රපටයේ රඟපෑ ජේම්ස් ෆ්රැන්කෝ කියලා පැපරාට්සි පවා රැවටිලා තියෙනවා.
10.Victoria Justice and Nina Dobrev
දෙන්නගේ හිනාව සහ ඇස් තමයො අපිව රවට්ටන්නේ. ඔවුන් දෙදෙනා අවසානයේ 2015 දී Veuve Clicquot Polo Classic හිදී මුණගැසුණු අවස්ථාව සැබැවින්ම නිවුන් සහෝදරියන් මුණගැහුනු මොහොතක් වගේ වුනා.
Leave a Reply