පෝක් රෙසිපි 7 ක්

එකම විදියට පෝක් හදල කාලා ඇති වෙලාද? ඔයාලට ඔන්න අපි ගෙනාවා සුපිරි පෝක් රෙසිපි ටිකක්. ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

01. හනි ගාලික් පෝක් චොප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඌරු මස් පෙති 4 ක්
ලුණු
ගම්මිරිස්
සුදුළූනු පව්ඩර් තේහැඳි ½
ඔලිව් තෙල්
බටර් මේසහැඳි 1
චොප්කරගත් සුදුළූණු මේසහැඳි 3
චොප්කරගත් ඉඟුරු මේසහැඳි 2
මී පැණි කෝප්ප ¼
චිකන් ස්ටොක් හෝ පෝක් ස්ටොක් කෝප්ප ¼
විනාකිරි මේසහැඳි 2
කුඩාවට කපාගත් පාස්ලි මේසහැඳි 1

  • බෝල් එකකට මස් පෙති 4 දාල ගම්මිරිස් කුඩු, සුදු ළූණු කුඩු, ලුණු ඇඩ් කරලා මැරිනේට් කර ගන්න.
  • පෑන් එකකට ඔලිව් ඔයිල් දාල මැරිනේට් කරපු පෝක් බැඳ ගන්න.
  • එය ඉවත් කරලා ඒ පෑන් එකට බටර් දාල ඒකට සුදුළූණු, ඉඟුරු, ලුණු, මී පැණි, පෝක් (චිකන්) ස්ටොක්, විනාකිරි එකතු කරලා තික් වෙනකම් සෝස් එක හැඳි ගාන්න.
  • ඒකට බැඳගත් පෝක් දාලා සෝස් එක හොඳින් තවරමින් විනාඩි 10 පමණ කුක් කරගන්න.
  • අවසානයේ පාස්ලි එකතු කරන්න.

02. පෝක් බිස්ටේක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
පෝක් 500g
ලුණු
ගම්මිරිස්
චොප් කරගත් සුදුළූණු මේසහැඳි 2
චොප් කරගත් ඉඟුරු මේසහැඳි 2
චොප් කරගත් එනසාල්, කරාඹුනැටි 2-3
විනාකිරි මේස හැඳි 2
සෝයා සෝස් තේ හැඳි 1 ½
අමු මිරිස් කරල් 2
රවුමට කපපු මාලුමිරිස් කරල් 2
රවුමට කපපු ළූණු ගෙඩි 2
කුරුඳු කැබැල්ලක්
අබ කුඩු මේස හැඳි ½
මස් කරි තේ හැඳි 1
කරපිංච ඉති 1
වතුර

  • බෝල් එකකට පෝක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, මස් කරි තේ හැඳි 1, සෝයා සෝල් තේ හැඳි 1, ලුණු එකතු කරලා විනාඩි 30 ශීතකරණයේ සීසන් කරගන්න.
  • පෑන් එකකට තෙල් මේස හැඳි 5 ක් දාල රත්වෙනකොට සුදුළුණු, ඉඟුරු, එනසාල්, කරාබුනැටි, අබ, කුරුඳු, අමු මිරිස්, කරපිංච, ගම්මිරිස් කුඩු තේ හැඳි ½ , ලුණු එකතු කරලා හොඳින් මික්ස් කරන්න.
  • කුක් වෙනකොට ඒකටම පෝක්, විනාකිරි, සෝයා සෝස් එකතු කරලා විනාඩි තුනක් නැවත කුක් කරන්න.
  • විනාඩි 3 පසු වතුර තේ හැඳි 2 ඇඩ් කරල විනාඩි 20 කුක් කරගන්න.
  • ඒකට රවුමට කපාගත් ලූණු, මාලුමිරිස් එකතු කරගන්න.

03. තායි ගාලික් පෙපර් පෝක් ස්ටර් ෆ්‍රයි

 

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් පෝක් 300g
ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
සෝයා සෝස් මේස හැඳි 1
සීසනින් සෝස් මේස හැඳි 1
සීනි මේස හැඳි 1
එළවළු තෙල්
චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
ගම්මිරිස්
ලුණු

  • බෝල් එකකට පෝක්, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, සීසනින් සෝස්, සීනි, තෙල් තේ හැදි 1, සුදුළූණු මේස හැඳි 1, ලුණු එකතු කරලා විනාඩි 20 -30 සීසන් කරන්න.
  • පෑන් එකකට තෙල් මේස හැඳි දෙකක් දාලා රත් වෙනකොට සුදුළූණු මේස හැඳි 1 දාලා බැඳ ගන්න.
  • හීට් එක වැඩිකරලා සීසන් කරපු පෝක් එකතු කරලා විනාඩි 3-4 හොඳින් බැඳ ගන්න.
  • ඉන් පසුව පෝර්ක් එකට ගම්මිරිස් එකතු කරලා තත්පර 30 ක් පමණ නැවත කුක් කර ගන්න.

04. පෝක් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය:-

මැරිනේට් සඳහා:-
පෝක් 300-400 g
සෝයා සෝස් තේ මැදි ½
චොප්කරගත් සුදුළූණු මේසහැඳි 1
චොප්කරගත් ඉඟුරු මේසහැඳි 1
කහ කුඩු තේ හැඳි ¼
මී පැණි මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1

සලාදය සඳහා :-
කපා ගත් ළූණු ගෙඩි 2
කපාගත අමු මිරිස් කරල් 2
කොත්තමල්ලි කොල ඉති 2-3
ලුණු
ගම්මිරිස්
විනාකිරි මේසහැඳි 1

  • බෝල් එකකට පෝක්, සෝයා සෝස්, චොප්කරගත් සුදුළූණු, චොප්කරගත් ඉඟුරු, කහ කුඩු, මී පැණි, විනාකිරි එකතු කරලා මැරිනේට් කරන්න.
  • පෑන් එකකට තෙල් දාලා මැරිනේට් කල පෝක් රන්වන් පාට වනතුරු බැඳ ගන්න.
  • බෝල් එකකට ළූණු, අමු මිරිස්, කොත්තමල්ලි කොල, ගම්මිරිස්, විනාකිරි, ලුණු මිශ්‍ර කර පෝක් ටික එකතු කරන්න.

05. පෝක් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය:-

මැරිනේට් සඳහා:-
පෝක් 500g
තුනපහ මේසහැඳි 1
මිරිස් කුඩු මේසහැඳි 1
කහ කුඩු ¼
විනාකිරි මේසහැඳි 1
සෝයා සෝස් මේසහැඳි 1
ලුණු

ඩෙවල් සඳහා :-
ළූණු ගෙඩි 1
තක්කාලි ගෙඩි 1
මාළු මිරිස් කරල් 1
චොප් කරගත් සුදුළූණු මේසහැඳි 1
චොප් කරගත් ඉඟුරු මේසහැඳි 1
අමු මිරිස් කරල් 2
කරපිංච
සීනි
පොල්තෙල්
තක්කලි සෝස් මේසහැඳි 1
කෑලි මිරිස් මේසහැඳි 2
ගම්මිරිස් කුඩු, ලුණු

  • බෝල් එකකට පෝක්, තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, විනාකිරි, සෝයා සෝස්, ලුණු එකතු කරලා මැරිනේට් කරන්න.
  • පෑන් එකකට තෙල් දාලා මැරිනේට් කරපු පෝක් රන්වන් පාට වනතුරු බැඳ ගන්න.
  • පෑන් එකකට තෙල් දාලා රත් වෙනකොට ඒකට සුදුළූණු, ඉඟුරු දාලා බඳින්න.
  • ඒකටම රවුමට කපාගත් ළූණු, රවුමට කපාගත් මාළු මිරිස්, අමු මිරිස්, කරපිංච, රවුමට කපාගත් තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස්, සීනි, දාන්න.
  • මේ මිශ්‍රණයට බැඳගත් පෝක්, තක්කලි සෝස් දාල හොදින් මිශ්‍ර කරගන්න.

06. පෝක් ස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය:-
පෝක් 250g
ගම්මිරිස්
කහකුඩු තේ හැඳි ½
සේර කෑලි 2-3
කුරුඳු කෑලි 1-2
රවුමට කපපු මාලුමිරිස් කරල් 1
රවුමට කපපු ළූණු ගෙඩි 2
චොප්කරගත් සුදුළූණු බික් 4-5
චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
චොප්කරගත් එනසාල්, කරාබුනැටි 2-3
විනාකිරි මේස හැඳි 2
දෙකට පලාගත් අමු මිරිස් කරල් 4
කරපිංචා ඉති 1
පොල්තෙල්
වතුර
ලුණු

  • බෝල් එකකට කහකුඩු, ගම්මිරිස් මේස හැඳි 2, විනාකිරි, පෝක් දාලා හොඳින් මැරිනේට් කරන්න.
  • මැරිනේට් කරපු පෝක් පෑන් එකකට දාලා ඒකට කුරුදු, කරාබුනැටි, එනසාල්, සේර, වතුර කප් ½ ඇඩ් කරල මද ගින්දරේ විනාඩි 40 ක් තම්බා ගන්න.
  • පෑන් එකකට තෙල් මේස හැඳි ½ දාලා ඒකට සුදුළූණු, ඉඟුරු, කරපිංච, ළූණු, අමු මිරිස්, මාලුමිරිස් එකතු කරලා බැද ගන්න.
  • ඉන්පසු පෝක් එකතු කරන්න.

07. ස්ටර් ෆ්‍රයිඩ් පෝක් ඇන්ඩ් කැප්සිකම්

අවශ්‍ය ද්‍රව්‍ය:-
දික් අතට කපපු පෝක් 250g
දික් අතට කපපු මාලුමිරිස් කරල් 2
පොල්තෙල්
චොප් කරගත් සුදුළූණු මේසහැඳි 1
චොප් කරගත් ඉඟුරු මේසහැඳි 1
Oyster සෝස් මේසහැඳි 1
සෝයා සෝස් මේසහැඳි 1
ගම්මිරිස් කුඩු
ලුණු

  • පෑන් එකකට තෙල් දාලා පෝක් රන්වන් පාට වනතුරු බැද ගන්න.
  • භාජනයකට පොල්තෙල් ටිකක් දාලා ඒකට සුදු ළූණු, ඉඟුරු, මාලුමිරිස්, සෝයා සෝස්, oyster සෝස්, ගම්මිරිස් කුඩු සහ ලුණු දාන්න.
  • මේ මිශ්‍රණයට බැඳගත් පෝක් දාල විනාඩි 2 කුක් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *