ඔන්න කෑම රස කරගන්න ගෙදරදිම හදාගන්න පුලුවන් සෝස් අතරට තවත් රසම රස සෝස් වර්ග ටිකක් ගෙනාවා. පීසා වලට, ග්‍රිල්චිකන්, ශවර්මා වලට වගේම සැලඩ්, සැන්ඩ්විච් වලටත් දාන්න පුලුවන් මේ සෝස් හරිම ලේසියෙන් ගෙදරදිම හදාගන්න විදිය කියලා දෙනවා. කියවලම බලන්න එහෙනම්…
01. Basic Soya Sauce
අවශ්‍ය ද්‍රව්‍ය:-
සීනි කෝප්ප 1/2
ලුණු ස්වල්පයක්
විනාකිරි මේසහැඳි 2
- පෑන් එකට සීනි ටික දාලා රත්වෙන්න තියන්න.
- ටිකකින් සීනි දියවෙලා රන්වන්පාට වෙන්න ගත්තම ගින්දර අඩු කරන්න.
- දැන් සීනි සම්පූර්ණයෙන්ම දියවෙලා කැරමල් එක හැදුනම නොනවත්වාම හැඳිගාන්න.
- බුබුළු දාගෙන එනකොට තවත් විනාඩි 10ක් වගේ අඩුගින්දරේ හැඳිගාන්න.
- ටිකක් තික් වේගෙන එනකොට වතුර කෝප්ප 1 1/2ක් දාලා හැඳිගාන්න.
- මේකට ලුණු ටිකක් එකතුකරන්න.
- විනාකිරි ටිකත් දාලා කලවම් කරන්න.
- මේ ප්‍රමාණයෙන් බාගයක් වගේ වෙන්න හිඳෙනකල් හැඳිගාන්න.
- දැන් ලිපෙන් බාගන්න.
- හොඳට වහලා දවස් කිහිපයක් තියාගන්න පුලුවන්.
02. Pizza Sauce
අවශ්‍ය ද්‍රව්‍ය:-
තක්කාලි ගෙඩි 6
චොප්කරගත් සුදුළූණු බික් 3
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් බැසිල් තේහැඳි 2
සීනි තේහැඳි 1
මිරිස්කුඩු තේහැඳි 1
ඔරිගානෝ තේහැඳි 1
කෑලිමිරිස් තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
තක්කාලි සෝස් තේහැඳි 1
බටර් තේහැඳි 1
- තක්කාලි ගෙඩි වල යට පැත්තෙ x හැඩේට කැපුම් කරලා වතුර භාජනයකට දාලා විනාඩි 3-4ක් තම්බගන්න.
- දැන් මේවයෙ පොත්ත ගලවලා ඇට අයින් කරලා 3ක් බ්ලෙන්ඩ් කරගන්න.
- අනික් 3 ඇට අයින් කරලා චොප් කරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු හා ළූණු දාලා තෙම්පරාදු කරගන්න.
- මේකට චොප්කරගත් තක්කාලි ටික දාලා කලවම් කරගන්න.
- මේකට බ්ලෙන්ඩ් කරගත් පියුරි එකත් දාලා බැසිල්, සීනි, ඔරිගානෝ, මිරිස්කුඩු, කෑලිමිරිස් හා රස අනුව ලුණු දාලා විනාඩි 5ක් වහලා පිසගන්න.
- ඊලඟට තක්කාලි සෝස් හා බටර් ටික දාගන්න.
- හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
03. Honey Mustard Sauce
අවශ්‍ය ද්‍රව්‍ය:-
මයෝනිස් කෝප්ප 1/4
මී පැණි මේසහැඳි 1
ඩිජොන් මස්ටඩ් මේසහැඳි 1
විනාකිරි මේසහැඳි 1
මිරිස්කුඩු තේහැඳි 1/2
- මේ ඔක්කොම බෝල් එකකට දාලා ස්මූත් වෙනකල් විස්ක් කරගන්න.
04. Barbecue Sauce
අවශ්‍ය ද්‍රව්‍ය:-
බටර් මේසහැඳි 1
තක්කාලි කේචප් කෝප්ප 1
මස්ටඩ් පේස්ට් තේහැඳි 1
Worcestershire සෝස්
ගාලික් පව්ඩර් තේහැඳි 1
සූදුරු කුඩු තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු තේහැඳි 2
රතු සීනි හෝ කුඩුකරගත් හකුරු කෝප්ප 1/4
වතුර කෝප්ප 1/4
විනාකිරි තේහැඳි 1
- පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට බටර් ටික දාගන්න.
- බටර් ටික මෙල්ට් වෙනකොට කේචප් ටික දාලා මස්ටඩ් පේස්ට් එකදාගන්න.
- ඊලඟට worcestershire සෝස්, ගාලික් පව්ඩර්, සූදුරු කුඩු, ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු දාලා සීනි ටික දාගන්න.
- මේකට වතුර කෝප්ප 1/4ක් හා විනාකිරි ටික දාලා කලවම් කරගන්න.
- නටනකොට ලිපෙන් බාගන්න.
05. Espagnole Sauce (Brown Sauce)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොටුවට කපාගත් කැරට් කෝප්ප 1
කපාගත් ලීක්ස් කෝප්ප 1
කපාගත් ළූණු ගෙඩි 1
මෙල්ටඩ් බටර් මේසහැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
තක්කාලි සෝස් මේසහැඳි 2
පාන්පිටි කෝප්ප 1/4
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
බේ ලීෆ් 1
පාස්ලි කොල කිහිපයක්
බීෆ් ස්ටොක් කෝප්ප 2
- මුලින්ම පිරිසිදු රෙදි කෑල්ලකට ගම්මිරිස්කුඩු, පාස්ලි හා බේ ලීෆ් එක තියලා ගැටගහන්න.
- පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට ළූණු හා එළවළු ටික දගන්න.
- මේ ටික ගෝල්ඩන් බ්‍රවුන් වේගෙන එනකොට පාන්පිටි ටික දාගන්න.
- මේකට තක්කාලි සෝස් ටිකත් දාලා බීෆ් ස්ටොක් එක දාගන්න.
- හැඳිගාන ගමන් සාදාගත් කුළුබඩු රෙදිකඩ මේකට දාගන්න.
- හොඳට නටලා පොඩ්ඩක් හිඳෙන්න දෙන්න.
- පේස්ට් එක තික් වේගෙන එනකොට දාගත් කුළුබඩු රෙදිකඩ අයින් කරලා මේක පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරාගන්න.
- සාදගත් සෝස් එක නිවෙන්න තියන්න.
06. Hollandaise Sauce
අවශ්‍ය ද්‍රව්‍ය:-
බිත්තර කහමද 5
මෙල්ටඩ් බටර් මේසහැඳි 2
ලෙමන් යුෂ මේසහැඳි 2
මිරිස්කුඩු තේහැඳි 1/4
ලුණු ස්වල්පයක්
- වතුර භාජනයක් ලිපේ තියලා ඒ ඇතුලෙන් තව භාජනයක් තියලා ඒකට බිත්තර කහමද ටික දාලා විස්ක් කරගන්න.(ඩබල් බොයිල්)
- අඩු ගින්දරේ හොඳට විස්ක් කරගන්න.
- ටික ටික පාට වෙනස් වෙනවා පේනෙයි.
- විනාඩි 4කින් වගේ මෙල්ටඩ් බටර් ටික දාගන්න.
- කැටිගැහෙන්න නොදී දිගටම විස්ක් කරගන්න.
- ස්මූත් ක්‍රීම් එකක් වෙනකල් විස්ක් කරගන්න.
- ගින්දර අඩු මට්ටමෙ තියාගන්න.
- ඊලඟට මේකට දෙහි යුෂ, ලුණු හා මිරිස්කුඩු දාගන්න.
- ක්‍රීම් පාට ස්මූත් තික් පේස්ට් එකක් ආවම ලිපෙන් බාගන්න.
07. Tahini Sauce
අවශ්‍ය ද්‍රව්‍ය:-
තල ඇට කෝප්ප 1/2
ඔලිව්තෙල් මේසහැඳි 2-3
- තල ටික පෑන් එකට දාලා පොඩ්ඩක් රෝස්ට් කරගන්න.
- දැන් මේක ෆුඩ් ප්‍රොසෙසර් එකට දාලා හොඳට කුඩු කරගන්න.
- මේකට ඔලිව්තෙල් දාලා ආයෙ බ්ලෙන්ඩ් කරගන්න.
- ස්මූත් පේස්ට් එකක් ආවම මේකට ලුණු දාගන්න.
- ආයෙ ටිකක් බ්ලෙන්ඩ්කරලා මේ ස්මූත් ටහිනි සෝස් එක බෝතලේකට දාගන්න.
Leave a Reply