අපි අපේ Lifie වෙබ් අඩවිය හරහා හැමවෙලාවකම වගේ පොත් කියවන්න ආසා ඔයාල වෙනුවෙන් විවිධ මාදිලියේ ලිපි වර්ග ගෙන එනවා. ඉදිරියේදිත් ගේනවා. අද අපි කතා කරන්නෙත් පොත් කියවන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන කරුණු ටිකක් ගැන. ඒ තමයි, පොතක් සල්ලි වලට ගනිද්දී හිතන්න ඕනේ දේවල් කීපයක් ගැන…
01. අංක එක රසවින්දනය
පොතක් කියවන්න සීමාවක් නෑනේ ඇත්තටම. අපිට තේරෙන බාසාවකින් තියන ඕනෑම පොතක් අරගෙන කියවන්න අපිට පුළුවන්. ඇත්තටම අපි ඒවා කොච්චර තේරුම් ගන්නවද කියන එකනේ අවුල. එක එක්කෙනාට පොත් සම්බන්ධ විවිධ රැචි අරුචිකම් තියනවා. සමහර අය ආස ලව් ස්ටෝරි කියවන්න. සමහර අය ආස ත්‍රිලර් පොත් කියවන්න. තව කෙනෙක් ආස සංචාරක සටහන් කියවන්න. ඉතින් එක අතකින් මෙහෙම තමන්ටම පොත් කියවන්න සීමාවන් දාගෙන ඉන්න එක වැරදියි. ඒත් ඉතින් තමන්ට නොතේරෙන, රහ නැති පොතක් වුණත් බොරුවට අරගෙන පොත් කබඩ් එක ලස්සන කරගන්න තියාගන්න එක. ඔයාට ඒ වගේ පොතක් කියවන්න ආසම නම් හොඳම විසඳුම තමයි පුස්තකාලයකින් අරන් කියවන එක. ඒ වගේ ටයිප් පොත් ආයේ කියවන්න හිතට ඇල්ලුවනම් ආයේ කඩෙන් අරන් කියෙව්වට එතකොට ප්‍රශ්නෙකුත් නැ.
02. මාර්කටින් වලට හසු නොවීම
වර්තමානයේ ගත්තොත් ෆේස්බුක් වගේ නොයෙකුත් මාධ්‍ය ජලා වල තමන්ගේ ළඟම කෙනෙක්ට හිතවත්කමට හෝ මුදලට ලියවුණු විචාරකයන් බහුලවම ලියවෙනවා. සමහර පොත් ලියන්නන් සහ ප්‍රකාශකයන් විසිනුත් දුර්වල පොත් සම්බන්ධව දැවැන්ත ප්‍රචාරණයන් දියත් කරනවා. ඒ හින්දම අපි සමහර වෙලාවට සවුත්තු පොත් අරන් නිකරුණේ රැවටෙනවා. එතනදී අපේ සල්ලිත් අපරාදේ. ඒ නිසා ඔයා පොතක් ගනිද්දි විචාරකටම මුල් තැන දෙන්න එපා. අනෙක් හිතවතුන් සහ අනෙක් මාර්ගවලිනුත් හොයලා බලන්න. දැන් සමහර පොත් සාප්පු වල වුණත් ඔන්ලයින් මාර්ගයෙන් පොත් මිලට ගන්න කලින් පවා පිටු කීපයක් කියවලා බලන්න පහසුකම් සලසලා තියනවා. ඒවායේත් උදවුවෙත් පොතක් තෝරගන්න.
03. ගැලපෙන යාළුවගෙන් අහන්න
මේක අපිට පුළුවන් උඩ කියපු දෙවනි කාරණේට විසඳුමක් විදියට ගන්න. ඔයාට පුළුවන් ගොඩක් වෙලාවට ඔයාගෙම කැමැත්තට සමාන කැමැත්තක් තියෙන යාළුවෙක්ගෙන් පොත් ගැන අහන්න. නැත්නම් ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාන්න පුළුවන් මේ පොත හොඳද කියලා අහලා. එතකොට පොතට කැමති අයගෙත් අකමැති අයගෙත් අදහස් දෙකම මේ හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. ඒක ගොඩාක් වැදගත් වෙයි ඔයාට පොතක් තෝරගන්න වෙලාවට.
04. බාල – උසස් රසවින්දනය
මෙන්න තවත් වැරැද්දක්. ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා ටිකක් සංකීර්ණ නැත්නම් ඔය සම්මාන හම්බෙච්චි පොත් කියවන්න අකමැති. ඒකට හේතුව තමයි ගොඩක් අය හිතනවා ඒ පොත් තියෙන්නේ සම්භාව්‍ය රසවින්දනයක් සහිත, බුද්ධියෙන් උසස් මිනිස්සුන්ට විතරක් කියවන්න කියලා. ඒත් ඉතින් ඒක එහෙම නැහැ. සාමාන්‍යයෙන් හැමෝගෙම අදහස් එක සමාන නැහැනේ. ඒ නිසාම සරල වගේම හොඳ පොතුත් කියවන්න පුරුදු වෙන්න. තමන්ගේ රසවින්දන පරාසය පුළුවන් තරම් වැඩි කරගන්න උත්සහ කරන්න.
05. පරිවර්තන පොත් ගන්න අයට
අපේ රටේ ගත්තොත් පොත් ප්‍රදර්ශනය වගේ කාලෙට දකින්න පුළුවන් දෙයක් තමයි ආප්ප වගේ පරිවර්තන පොත් බිහිවෙන එක. ඉතින් මේ රැල්ලට ඔයා අහුනොවි ඉන්න උත්සහ කරන්න ඕනේ හැබැයි සමහර නවක පරිවර්තකයන්ගෙත් පරිවර්තන පොත් ගොඩක් උසස් ගනයේ තියෙන නිසා අපිට විශිෂ්ට පරිවර්තකයෝ දුර්වල පරිවර්තකයෝ කියලා පරිවර්තන පොත් වර්ග කරන්න අමාරුයි. ඒ නිසාම ඔයාට පුළුවන් පරිවර්තකයාගේ හොඳ නරක බලන්න. පොතෙන් පිටු කිහිපයක් පොත ගද්දි කියවලා බලන්න. හැබැයි ඔන්ලයින් පොත් ගනිද්දී නම් මේ වැඩේ ටිකක් අපහසුයි.
06. ඇස් කඩාගෙන යන පිටකවරේ
‘Do not judges the book by its cover’. මේ කතාව හැමෝම වගේ අහලා ඇතිනේ ඉතින් ඇත්තටම වර්තමානයේ පොතක් විකුනගන්න පුළුවන් ලොකුම මාර්කටින් ට්‍රික් එක තමයි පොතෙ කවරේ ඉතින් සමහර පොත් හොල්මන් පොතක් කියලා ඔය කකරෙ බලලා හිතුවට ඒක කියවද්දි ඒක වෙනම බහුභූතයක් වෙන අවස්ථාත් ඔයා හොඳට විදල ඇති. ඉතින් පොතක් ගනිද්දී එක පාර ඒකට වහවැටිලා පොත ගන්න එපා . ටිකක් හිතලා හොයලා බලලා ඒ පොත ගන්න.
07. පොකට් එක
මේක තමයි ගොඩක් අය වැටෙන තැන. පොත් කියවන්න ආස වුනාට ඒකට සල්ලි අඩු එක. ඉතින් ප්‍රමාණයෙන් ලොකු පොතක් ගද්දි අනිත් පොතක් ගන්න සල්ලි මදි වෙන අවස්ථවෙදි ඒ එන අසරණකම සමහර විට ඔයා හොඳට විදලා ඇති. ඉතින් ඔයාට පුළුවන් පොතකට හොඳ ඩිස්කවුන්ට් එකක් දෙන පොත් කඩේකින් පොත් ගන්න. එක පාර ගොඩක් පොත් ගන්නව නම් සමහර පොත් කඩ වලින් අඩුවට දෙනවා. නැත්නම් ඔයාට පුළුවන් සෙකන්ඩ් හැන්ඩ් පොත් විකුණන පොත් කඩේකින් පොත් ගන්න. මේකත් ගොඩාක් ලේසි ඔයාට යි ඔයාගේ පොකට් එකටයි.
දැන් ඔයා දැනුවත් පොතක් ගන්නකොට හිතන්න ඕන දේවල් ගැන. එහෙනම් මාර්කටින් වලට අහුවෙන්නේ නැතුව ඔයාටත් පුළුවන් දැන් පොතක් ගන්න. එහෙනම් මේ වටින තොරතුරු ඔයාගේ යාලුවෝ එක්ක බෙදාගන්නත් ඔයා පොතක් ගද්දි වෙන හිතෙන දේව ගැනත් අපිට අමතක කරන්න එපා.
Leave a Reply