තිබහට බොන්න නියම මොහිටො මොක්ටේල් රෙසිපි – දෙවන කොටස

ඔන්න මොහිටො මොක්ටේල් ‍රෙසිපි ගොන්නට තවත් රසවත් රෙසිපි ටිකක් ගෙනාවා. කැමති රසකින්, කැමති පාටකින් හදාගන්න පුලුවන් මේ රෙසිපි වලින් බොහොමයක් පළතුරු වලින් හදන ඒවා. ඉතින් ඔයාලා හදලා බලන්න ලේසියෙන් වගේම සමර් එකට නියමෙට ගැලපෙනවා.

01. Passion Fruit Mojito

අවශ්‍ය ද්‍රව්‍ය :-
පැෂන් ෆෘට් මදය මේසහැඳි 2
මින්චි කොළ ස්වල්පයක්
දෙහි ගෙඩි 2
සීනි සිරප් මේසහැඳි 3
දෙහි යුෂ මේසහැඳි 2
ස්ප්‍රයිට් කෝප්ප 2
අයිස්කැට කෝප්ප 1
ගානිෂ් කිරීමට දෙහි පෙත්තක් හා මින්චි කොළ ස්වල්පයක්

  • ග්ලාස් එකකට මින්චි කොළ දාලා කපාගත් දෙහි කෑලි ටික දාගන්න.
  • මේකට සීනි සිරප් ටික දාලා පැෂන් ෆෘට් හා දෙහි යුෂ එකතුකරගන්න.
  • දැන් මේක පොඩ්ඩක් කලවම් කරලා ග්ලාස් එක පිරෙන්න අයිස්කැට දාගන්න.
  • අන්තිමට ස්ප්‍රයිට් දාලා කලවම් කරන්න.
  • උඩින් දෙහි පෙත්තක් ගහලා මින්චි කොළ දාගන්න.

02. Blue Pea Mojito

අවශ්‍ය ද්‍රව්‍ය :-
නිල්කටරොළු ‍යුෂ කෝප්ප 1
දෙහි යුෂ මේසහැඳි 2
සීනි මේසහැඳි 1 1/2
සෝඩා කෝප්ප 1
මින්චි කොළ ස්වල්පයක්

  • නිල්කටරොළු මල් වලට උණුවතුර දාලා වහලා තියලා පෙරාගන්න.
  • දැන් මේ නිල්කටරොළු යුෂ අයිස් කියුබ් ට්‍රේ එකට දාල අයිස්කැට හදාගන්න.
  • ඊලඟට අයිස්කැට ටික ග්ලාස් එකකට දාගන්න.
  • වෙනන ග්ලාස් එකකට දෙහි යුෂ හා සීනි හා මින්චි දාලා සෝඩා ටික දාලා කලවම් කරගන්න.
  • දැන් මේක අයිස්කැට දාපු ග්ලාස් එකට දාගන්න.
  • හරිම ලස්සනට පාට දෙකකින් මොහිටො එකක් දකින්න ලැබෙයි.

03. Mango Mojito

අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් අඹ කෝප්ප 1
මින්චි කොළ ස්වල්පයක්
දෙහි පෙති 2
කුඩුකරගත් සීනි මේසහැඳි 1
කුඩුකරගත් අයිස්කැට කෝප්ප 1
දෙහි පෙති 2
ස්ප්‍රයිට් කෝප්ප 1

  • බෝල් එකකට අඹ කෑලි, මින්චි කොළ හා දෙහි ටික දාලා මඩ්ලර් එකකින් හොඳට චොප් කරගන්න.
  • දැන් මේ ටික ග්ලාස් එකකට දාගන්න.
  • සීනි ටික දාගන්න.
  • හැන්ඳකින් කලවම් කරලා අයිස්කැට ටික දාගන්න.
  • දැන් මේකට දෙහි පෙති දාලා ස්ප්‍රයිට් දාලා කලවම්කරගන්න.

04. Orange Mojito

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් දොඩක් කෑලි කිහිපයක්
දොඩම් යුෂ කෝප්ප 1/4
දෙහි පෙති 2
සීනි මේසහැඳි 1
මින්චි කොළ ස්වල්පයක්
ස්ප්‍රයිට් කෝප්ප 1
අයිස්කැට ස්වල්පයක්

  • ග්ලාස් එකකට දොඩම් කෑලි, දෙහි කෑලි, මිංචි කොළ හා සීනි දාලා මඩ්ලර් එකකින් චොප් කරගන්න.
  • ඊලඟට මේකට අයිස්කැටදාලා දොඩම් යුෂ දාලා ස්ප්‍රයිට් එකතු කරන්න.
  • උඩින් දොඩම් පෙත්තකින් හා මින්චි කොලේකින් ගානිශ් කරගන්න.

05. Tamarind Mojito

අවශ්‍ය ද්‍රව්‍ය:-
සියඹලා කරල් කිහිපයක්
උණුවතුර කෝප්ප 1
සීනි මේසහැඳි 3
දෙහි පෙති කිහිපයක්
කුඩුකරගත් අයිස්කැට කෝප්ප 1
ලයිම් සෝඩා කෝප්ප 1

  • සියඹලා වලට උණුවතුර ටිකක් දාලා ටිකක් වෙලා තියලා අතින් පොඩි කරලා ඇට ටික අයින් කරලා පල්ප් එක හදාගන්න.
  • මේක පෙරාගන්න.
  • සීනි වලට උණුවතුර ටිකක් දාලා දියකරගන්න.
  • ග්ලාස් එකට දෙහි පෙති හා මින්චි කොළ දාලා හොඳට චොප්කරගන්න.
  • මේකට සීනි සිරප් එක දාලා අයිස්කුඩු දාගන්න.
  • දැන් සියඹලා පල්ප් එකෙන් මේසහැඳි 5ක් විතර දාලා සෝඩා දාලා කලවම් කරගන්න.

06. Grapes Mojito

අවශ්‍ය ද්‍රව්‍ය:-
රතු මිදිගෙඩි 15 පමණ
කුඩුකරගත් අයිස් කෝප්ප 1
දෙහි කෑලි කිහිපයක්
මිංචි කොළ ස්වල්පයක්
සීනි මේසහැඳි 1
සෝඩා කෝප්ප 1

  • ග්ලාස් එකකට මිදි, මිංචි, සීනි හා දෙහි කෑලි දාලා චොප් කරගන්න.
  • ඊලඟට මේකට කුඩුකරගත් අයිස් දාලා ග්ලාස් එක පිරෙන්න සෝඩා දාගන්න.
  • හැන්දකින් කලවම් කරගන්න.

07. Pomegranate Mojito

අවශ්‍ය ද්‍රව්‍ය:-
දෙළුම් ඇට කෝප්ප 1
වතුර ස්වල්පයක්
සීනි මේසහැඳි 2
දෙහි යුෂ මේසහැඳි 2
අයිස්කැට කෝප්ප 1
මින්චි කොළ ස්වල්පයක්
සෝඩා කෝප්ප 1/2

  • දෙළුම් ඇට බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා පෙරාගන්න.
  • මේකට සීනි හා දෙහි යුෂ දාගන්න.
  • හොඳට කලවම් කරගන්න.
  • ග්ලාස් එකකට අයිස්කැට හා මින්චි කොළ දාලා කලවම් කරගන්න.
  • ඊලඟට දෙළුම් යුෂ ඔක්කොම දාලා ග්ලාස් එක පිරෙන්න සෝඩා දාලා හැන්දකින් කලවම් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *