පරිප්පු වලින් හදන්න පුලුවන් කෑම වර්ග ටිකක්

රනිල කුලයට අයත් බෝගයක් වන ලෙන්ටිල් නැතිනම් පරිප්පු වර්ග ආසියාතික රට වල බහුලව ආහාරයට ගත්තත්, දැන් ලෝකෙ පුරා එක එක ආකාරයෙන් හදන රසවත් කෑමක්. විශේෂයෙන්ම ප්‍රෝටීන් වලින් සපිරි නිසාත්, ලොව වටා වීගන් ජනගහනය දිනෙන් දින වැඩි වෙන නිසත් පරිප්පු ජනප්‍රිය ආහාරයක් වෙලා. පරිප්පු වල විවිධ ප්‍රබේද තියනවනෙ. ඉතින් අද අපි කියලා දෙන්න ආවේ ලෙන්‍ටිල් එහෙම නැතිනම් පරිප්පු වලින් හදන්න පුලුවන් කෑම වර්ග ටිකක් ගැන….

01. Lentil Patties

අවශ්‍ය ද්‍රව්‍ය:-
ග්‍රීන් ලෙන්ටිල් කෝප්ප 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු බික් 2
ග්‍රේට්කරගත් කැරට් අල 2
ලුණු හා ගම්මිරිස්කුඩු
කහකුඩු තේහැඳි 1/2
තුනපහකුඩු තේහැඳි 1/2
චොප්කරගත් පාස්ලි කෝප්ප 1/4
චොප්කරගත් චිව්ස් ස්වල්පයක්
බිත්තර 1
පාන්පිටි කෝප්ප 1/2

  • පරිප්පු ටික සෝදල වතුර පෙරාගන්න.
  • භාජනයකට වතුර ටිකක් දාලා ලෙන්‍ටිල් දාලා හොඳට තම්බගන්න.
  • වතුර පෙරාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු හා සුදුළූණු දාගන්න.
  • මේ ටික තෙම්පරාදු උනාම තම්බාගත් ලෙන්‍ටිල් වලට දාලා අනික් සියල්ලම එකතු කරගන්න.
  • හොඳට කලවම් කරලා බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකකට මේකෙන් ටික ටිකතියලා පොඩ්ඩක් පැතලි කරගන්න.
  • සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් විතර බේක් කරගන්න.
  • මේක තෙල් දාලා ෆ්‍රයි කරගන්නත් පුලුවන්.

02. Lentil Soup

අවශ්‍ය ද්‍රව්‍ය:-
රෙඩ් ලෙන්ටිල් කෝප්ප 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 1
තුනපහකුඩු තේහැඳි 1
තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
උණුවතුර කෝප්ප 6
කහකුඩු තේහැඳි 1/4

  • ලෙන්ටිල් ටික හොඳට සෝදගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු ටික දාගන්න.
  • මේකට ඉඟුරු සුදුළූණු පේස්ට් එකත් දාගන්න.
  • ළූණු ටික ෆ්‍රයි උනාම මේකට ලෙන්ටිල් ටික දාලා තුනපහකුඩු හා රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.
  • ඊලඟට මේකට උණුවතුර ටික දාලා කහකුඩු එකතු කරන්න.
  • මේ ටික හොඳට තම්බගන්න.
  • හොඳට තැම්බුනාම හෑන්ඩ් බ්ලෙන්ඩර් එකක් හෝ සාමාන්‍ය බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක ආයෙ ලිපේ තියලා හැඳිගාන්න.

03. Lentil Falafel

අවශ්‍ය ද්‍රව්‍ය:-
සෝදාගත් ග්‍රීන් ලෙන්ටිල් කෝප්ප 1
ග්‍රේට්කරගත් කැරට් 1
ග්‍රේට්කරගත් අල ගෙඩි 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් ගෝවා කෝප්ප 1/2
තෙල් ස්වල්පයක්
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
පාන්පිටි කෝප්ප 1/2
ඉඟුරු කෑල්ලක්
සුදුළූණු බික් 4
බේකින් සෝඩා තේහැඳි 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
තුනපහකුඩු තේහැඳි 1/2
කෑලිමිරිස් තේහැඳි 1/2
කොත්තමල්ලි ඇට ස්වල්පයක්

  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට එළවළු ඔක්කොම දාගන්න.
  • එළවළු ටික තෙම්පරාදු උනාම ලිපෙන් බාගන්න.
  • දැන් බ්ලෙන්ඩර් එකට සෝදාගත් ලෙන්‍ටිල්, පාස්ලි, පාන්පිටි, ඉඟුරු, සුදුළූණු හා තෙම්පරාදු කරගත් එළවළු ටික දාගන්න.
  • මේකට තෙල් හැර අනික් සියල්ලම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් අතේ තෙල් ටිකක් ගාලා අතින් පොඩි බෝල හෝ වඩේ වගේ හදලා ගැඹුරු තෙලේ බැදගන්න.

04. Greek Lentil Salad

අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් බ්‍රවුන් තම්බාගත් ලෙන්ටිල් කෝප්ප 1
චොප්කරගත් තක්කාලි ගෙඩි 2
කපාගත් ගර්කින් ගෙඩි 1/2
චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
කපාගත් ඔලිව් ගෙඩි ස්වල්පයක්
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
ග්‍රේට්කරගත් ෆෙටා චීස් කෝප්ප 1/2

ඩ්‍රසින් එකට:-
දෙහි යුෂ මේසහැඳි 1
ඔලිව්තෙල් මේසහැඳි 1
ඇපල් සයිඩර් විනාකිරි මේසහැඳි 1
මී පැණි මේසහැඳි 1
ඩිජොන් මස්ටඩ් තේහැඳි 1
චොප්කරගත් සුදුළූණු තේහැඳි 1
ඔරිගානෝ ස්වල්පයක්
ලුණු හා ගම්මිරිස්කුඩු

  • මේ ටික ඔක්කොම බෝල් එකකට දාලා කලවම් කරන්න.
  • ඩ්‍රසින් එකට අදාළ සියල්ලම හොඳට කලවම් කරලා සැලඩ් එකට දාලා කලවම් කරගන්න.

05. Lentil Stew

අවශ්‍ය ද්‍රව්‍ය:-
යෙලෝ ලෙන්ටිල් කෝප්ප 1/2
තෙල් ස්වල්පයක්
චොප්කරගත් ළූණු ගෙඩියක්
චොප්කරගත් සුදුළූණු බික් 3
කපාගත් කැරට් කෝප්ප 1
කපාගත් සැල්දිරි කෝප්ප 1/2
කපාගත් අල ගෙඩි 3
ලුණු හා ගම්මිරිස්කුඩු
තුනපහකුඩු තේහැඳි 1/2
ඩිජොන් මස්ටඩ් මේසහැඳි 1
සීනි තේහැඳි 1
සෝයාසෝස් තේහැඳි 1
වෙජිටබල් බ්‍රොත් කෝප්ප 2
ග්‍රීන්පීස් කෝප්ප 1

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු හා සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • මේකට කැරට්,සැල්දිරි හා අල දාලා කලවම් කරලා ටිකකින් සෝදාගත් ලෙන්ටිල් ටික දාගන්න.
  • රස අනුව ලුණු එකතු කරලා තුනපහකුඩු ටික දාගන්න.
  • මේකට ඩිජොන් මස්ටඩ්,සීනි හා සෝයාසෝස් දාලා වෙජිටබල් බ්‍රොත් එක එකතු කරගන්න.
  • කලවම් කරලා වහලා පිසගන්න.
  • එළවළු හොඳට තැම්බුනාම හැන්දෙන් පොඩ්ඩක් පොඩිකරගන්න.
  • මේකට ග්‍රීන්පීස් ටික දාගන්න.
  • දැන් ස්ටූ එක තික් වෙනකල් තවත් ටිකක්වහලා තියලා ලිපෙන් බාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *