බ්‍රේක්-අප් වුනාට පස්සේත් සෙක්ස් කිරීමේ හොඳ සහ නරක මේවා තමයි!

සාමාන්‍යයෙන් දැන් ලව් එකක් නැවතුණාට පස්සේ, ඒ කියන්නේ බ්‍රේක් අප් වුණාට පස්සේ දෙන්නෙක් සෙක්ස් කරනවා තියා සාමාන්‍ය මිතුරු සම්බන්ධතාවයක් වත් තියාගන්නේ නැති තරම්නේ. සමහර වෙලාවට නම් ආයෙ නම්බර්ස්, සෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කරලා, නම මතක් වුණත් හෙණ ඉල්ලන ටයිප් එකට තමයි සම්බන්ධතා කෙළවර වෙන්නේ. හැබැයි ඇත්තටම එහෙම සම්බන්ධතාවයක් නරකින් නරකට ගියපු තැනකින් අවසන් වෙන එක නම් කණගාටුවට කරුණක්. ඊට වඩා තරහකාරයෝ නොවී, සුහදව සම්බන්ධතාවයක් අවසන් කරන්න පුලුවන් නම් ඉතාම හොඳයි. එහෙම සුහදව සම්බන්ධතාවය ඉවර කරලා තරහකාරයෝ වගේ නැතුව සාමාන්‍ය යාළුමිත්‍ර කමක් හරි තියාගෙන ඉන්න පුලුවන් නම් තවත් හොඳයි.

 

හරි, ඒක එහෙමයි කියමුකෝ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා, දෙන්නා අතර සම්බන්ධතාවය අවසාන කළත්, හරියටම සම්බන්ධතාවය ඉවර වෙන්නෙ නෑ. ඒ කියන්නේ දෙන්නා එකඟ වෙලා ආදර සම්බන්ධය ඉවර කළත්, එක මොහොතක දෙන්නත් එක්ක ආයෙමත් සෙක්ස් කරන්න යන්න පුලුවන්. සමහර වෙලාවට ඒ තරම් හොඳ තත්වයක් නැතුව ආදර සම්බන්ධතාවය අවසාන වුණත්, කාලයක් ගිහිල්ලා හරි දෙන්නත් එක්ක ආයෙමත් තාවකාලිකව හරි සෙක්ස් සම්බන්ධයක් පටන් ගන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට මේ කියන්නේ ආදර සම්බන්ධතාවය අවසාන වුණාට පස්සේ කාලයක් ගිහින් ආයෙමත් ආදරය පටන් ගන්න සීන් එකකට නෙවෙයි. මේ කියන්නේ ආදර සම්බන්ධතාවය අවසාන වුණත්, අතීතයේ සුන්දර මතක සටහනක් නැවත තාවකාලිකව රස විඳින අරමුණින් හරි සෙක්ස් කරන එකට. ඒක එක පාරක් කරලා ඉවර වෙන වන්-නයිට්-ස්ටෑන්ඩ් එකක් වෙන්නත් පුලුවන්. එහෙම නැතිනම් තාවකාලිකව ටිකක් කල් පවත්වගෙන යන සෙක්ස් සම්බන්ධයක් වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට ඒක ෆ්‍රෙන්ඩ්ස්-විත්-බෙනිෆිට්ස් ටයිප් එකේ එකක්. හැබැයි සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ස්-විත්-බෙනිෆිට්ස් ටයිප් එකට වඩා ඒක වෙනස් නිසාම, අපි ඒකට බ්‍රේක්-අප් සෙක්ස් කියලම කියමු. 

 

ඒ කොයි එක වුණත්, බ්‍රේක්-අප් සෙක්ස් වල තියෙන හොඳ සහ නරක දැනගෙන කරන තරමට, ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ අඩුයි. ආන්න ඒ නිසා තමයි අපි ඒ වගේ දේක තියෙන හොඳ සහ නරක ගැන කියන්න හිතුවේ.

 

01. හොඳ: මූව් ඔන් වෙන්න උදව්වක්? 

දැන් ආදර සම්බන්ධයක් අවසන් කරන්නේ සුහදවද, නරක හිතින්ද කියන එක අදාළ නෑ, ආදරේ අවංකව නැගලා ගියා නම්, ඒක අවසාන වීමත් යම් තාක් දුරකට හෝ හිත් වේදනාවක්ම තමයි. එතකොට, එතනින් මිදිලා ඉස්සරහට යන්න අවශ්‍යයි. ඔය ලව් එකක් බොහොම අවුල් සහගත විදියට කැඩිලා ගියහම සමහර මිනිස්සු කාලයක් මනෝ ගහගෙන ඉන්නේ, පිස්සු විකාර කරන්නේ, ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්නේ සහ තවත් විකාර කරන්නේ ඒ නිසා තමයි. ඕක ආදරය නිසා වගේම ඔබ්සෙෂන් එක නිසාත් වෙන දෙයක්. එතකොට හොඳ හිතින් සමුගත්තත්, ඇත්තටම ඒ අතීතයට සමු දෙන්න ටිකක් කාලයක් සහ අවධානය වෙනස් වීමක් අවශ්‍ය වෙනවා. දැන් ඔය බ්‍රේක්-අප් සෙක්ස් වලට ගියපු අය සමහරු කියනවා, ඇත්තටම පරණ කෙනා එක්ක එහෙම බැඳුණු සම්බන්ධතාවයකින් තොරව, නිදහසේ සෙක්ස් කරන්න පුලුවන් නම්, ඇත්තටම ඒක පරණ සම්බන්ධතාවයෙන් මූව් ඔන් වෙන්න, එතනින් ඉස්සරහට යන්න උදව්වක් වෙනවා කියලා.

 

02. හොඳ: සෘණාත්මක හැඟීම් නැති වෙන්න උදව්වක්?

දැන් සුහද සිතින් දෙන්නෙක් එක්ක වෙන් වුණා වුනත්, නරකින් වෙන් වුණා වුනත් ඔය දෙන්නගෙම හිතේ යම් යම් කහට ඉතුරු වෙලා තියෙන්න පුලුවනිනේ. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. කිසිම ගැටළුවක්, අවුලක් නැතිනම් සම්බන්ධතාවය ඉවර වෙන්නෙ නැහැනේ.  හැබැයි අපි කියමු දෙන්නා ආයෙමත් බ්‍රේක්-අප් සෙක්ස් වලට යනවා කියලා. සෙක්ස් කරන්න බැහැනේ තරහකාරයෝ වගේ. එතකොට ගොඩක් දුරට සිද්ධ වෙන්නේ, ඇඳේ හැමදේම හොඳින් සිද්ධ වුණොත්, අර දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හරි හිතේ මොකක් හරි අනික් කෙනා ගැන කහටක් තියෙනවා නම්, ඒ කහට ඉවත් කරගන්න පුලුවන් වෙන එක තමයි.

 

03. හොඳ: සෙක්ස් නීඩ් එක හොඳ විදියට තෘප්තිමත් කරගන්න උදව්වක්?

දැන් මේ බ්‍රේක්-අප් සෙක්ස් කියන්නේ තමන් දන්න, තමන් කලින් සෙක්ස් කරලා තියෙන පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි එක්ක සෙක්ස් කිරීමක්නේ. එතකොට ඉතින් ගොඩක් වෙලාවට මේ තමන් එක්ක සෙක්ස් කරලා පුරුද්ද තියෙන නිසාමත්, එතකොට තමන්ගේ වුවමනා එපාකම් දන්න නිසාමත්, තමන්ව හොඳින් තෘප්තිමත් කරන්න පුලුවන් කම තියෙන පරණ පාට්නර් නිසා, හොඳ සෙක්ස් එක්ස්පීරියන්ස් එකක් ලබාගන්න පුලුවන් වෙයි. සමහර විට ආදර සම්බන්ධතාවය තියෙන කාලයේදී සෙක්ස් කිරිල්ල පුරුද්දට වුණු එකක් නිසා, එහෙම නැතිනම් වෙන වෙන ප්‍රශ්නත් එක්ක දුවපු නිසා ඒ තරම් හොඳ සෙක්ස් සම්බන්ධයක් නොතිබ්බත්, බ්‍රේක් අප් වෙලා සෙක්ස් කරනකොට, එතන එක්සයිට්මන්ට් එක නිසාත්, එකම කෙනා එක්ක වුණත් වෙනස් අත්දැකීමක් නිසාත්, හොඳ තෘප්තියක් ලබාගන්නත්, ලබාදෙන්නත් පුලුවන් වෙයි. ඒකෙන්, තමන් රිලේෂන්ශිප් එකෙන් බ්‍රේක් අප් වුණත්, පොදුවේ සෞඛ්‍ය සම්පන්න සෙක්ස් ලයිෆ් එකක් පවත්වා ගෙන යන්න පුලුවන් කම ලැබෙයි.

 

04. හොඳ: නොදන්න යක්කුන්ට වඩා දන්න යකා!

දැන් ඔය බ්‍රේක් අප් එකකට පස්සේ එනවා රීබවුන්ඩ් කියලා සීන් එකක්. ඒ කියන්නේ, ලව් එකක් කැඩුණට පස්සේ අපේ හිතේ තියෙන අවුල හදාගන්න, වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයකට යන එක. හැබැයි ඒක ඉතින් සියේට අනූනමයක් දුරට අර ෆුල් ලව් එකක් නිසා ඇතිවෙන සංගෙදියක් නෙවෙයිනේ. ඊට වඩා එතන තියෙන්නේ අර පරණ ලව් එක නැතිවුණු නිසා ඇතිවෙන රික්තකයක් පුරවා ගන්න කරන දෙයක් කියන එක තමයි. ඒක ඉතින් සෙක්ස් වලටත් යනවා ගොඩක් වෙලාවට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපි ලව් කරලා කෙනෙක් එක්ක සෙක්ස් කරන්න යනකොට, ගොඩක් දුරට මනුස්සයාව දැන අඳුනාගෙන, දෙන්නා අතරේ අවබෝධයක් එක්ක තමයි සෙක්ස් කරන්න යන්නේ. හැබැයි රීබවුන්ඩ් රිලේෂන්ශිප් එකක් කියන්නේ එහෙම කාලයක් අරගෙන, හොඳ අවබෝධයක් එක්ක යන ගමනක් නෙවෙයි. ඊට වඩා ලව් එක කැඩිලා තමන් තුළ ඇතිවෙන රික්තකයක් පුරවා ගන්න ඕනම සෙට් වෙන කෙනෙක්ව ආදේශ වීමක් වගේ දෙයක්. එහෙම හරියට නොදන්නා කෙනෙක් එක්ක සෙක්ස් කරන එකෙන් ගැටළු ඇතිවෙන්නත් ඉහළ ඉඩක් තියෙනවා. හැබැයි ඉතින් තමන්ට සෙක්ස් කරන අවශ්‍යතාවය තියෙනවා නම්, පරණ කොල්ලා හරි කෙල්ල හරි එක්කම සෙක්ස් කරන්න ගියහම ඔය ප්‍රශ්නේ එන්නෙ නෑ. නොදන්න යක්කුන්ට වඩා දන්න යකා හෝ යස්සනී හොඳයිනේ, නැද්ද?

 

හැබැයි එකක්, එහෙම අහඹු කෙනෙක් එක්ක සෙක්ස් වලට නොයා පරණ කෙනා එක්කම සෙක්ස් කරන එක, ආරක්ෂාව අතින් හොඳ වුණාට, ආයෙමත් ඉමෝෂනල් බැඳීම් හට ගන්න එකෙන් අනවශ්‍ය නරකක් වෙන්නත් පුලුවන්. ඒක අපි ඉස්සරහට කියනවා.

 

05. නරක: පවුල් අවුල්!

දැන් බ්‍රේක් අප් සෙක්ස් වල හොඳ දේවල් අපි බැලුවනේ. හැබැයි බ්‍රේක් අප් සෙක්ස් එක්ක සිද්ධ වෙන්න පුලුවන් නරක දේවලුත් තියෙනවා. ඒකෙන් එකක් තමයි පවුල් අවුල් ඇතිවෙන එක. දැන් බ්‍රේක් අප් සෙක්ස් කියන්නේ ලව් එක බ්‍රේක් වෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ දෙන්නා සෙට් වෙලා ආයෙමත් සෙක්ස් කරන එක නෙවෙයිනේ. ගොඩක් වෙලාවට බ්‍රේක් අප් එකෙන් කෙටි කාලයක් ඇතුළතදී සිද්ධ වෙන සෙක්ස් එෆෙයාර් එකක් තමයි බ්‍රේක් අප් සෙක්ස් කියන්නේ. එතකොට පවුල් අවුල් වෙන්නේ කොහොමද? දැන් අපි හිතමු බ්‍රේක් අප් එකට හේතු වෙන්නේ එක්කෙනෙක් තවත් කෙනෙක් එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබීම කියලා. එහෙම නැතිනම් බ්‍රේක් අප් එකත් එක්ක තවත් රිලේෂන්ශිප් එකක් පටන් ගත්තා කියලා. එතකොට එහෙම රිලේෂන්ශිප් එකක ඉන්නකොට පරණ එක්කෙනා එක්ක සෙක්ස් කරන එක චීට් කිරීමක් නෙවෙයිද? ඒකට අපිට උත්තර දෙන්න බෑ. ඒක පුද්ගලානුබද්ධයි. හැබැයි ඉතින් බ්‍රේක් අප් සෙක්ස් වලින් ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩක් තියෙනවා කියන එක අපි කියලා තියන්න ඕන. ඒක බ්‍රේක් අප් සෙක්ස් නිසා සිද්ධ වෙන්න පුලුවන් නරකක්. ඒක කළමනාකරණය කරගන්න එකත් පුද්ගලානුබද්ධයි!

 

06. නරක: ඉමෝෂනල් කොම්ප්ලිකේෂන්ස්!

බ්‍රේක් අප් සෙක්ස් වල වෙන්න පුලුවන් තවත් අවුලක් තමයි, දෙන්නම හරි, දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඉමෝෂනල් අවුලකට පත් වෙන එක. දැන් අපි උඩින් නැවත නැවතත් කියපු විදියට, බ්‍රේක් අප් සෙක්ස් කියන්නෙම ටිකක් ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් ටයිප් එකේ වැඩක්නේ. ඒ කියන්නේ, සීරියස් ලව් රිලේෂන්ශිප් එකක් නෑ, හැබැයි සුහදත්වය සහ එකිනෙකා කෙරෙහි තියෙන ලැදියාවත් එක්ක සෙක්ස් කරනවා. දැන් ඕක අවුලක් නෑ. හැබැයි සෙක්ස් කියන දේ නිකම් යාන්ත්‍රිකව කරන්න අපි රොබෝලා නෙවෙයිනේ. ඉතින් බ්‍රේක් අප් සෙක්ස් එක්ක දෙන්නම හරි එක්කෙනෙක් හරි ඉමෝෂනලි ආයෙමත් අනික් කෙනා එක්ක, නැතිනම් එකිනෙකා එක්ක බැඳෙන්න පුලුවන්. අන්න එතකොට, දෙන්නට ආයෙමත් එකතු වෙන අවකාශයකුත් නැතුව තියෙනකොට, අනවශ්‍ය හිත් රිදවීම් සහ හිත් අමාරු තමයි ඇතිවෙන්නේ ආයෙමත්.

07. නරක: වැරදි හේතු නිසා ආයෙමත් එකට?

මෙන්න මේක අතිශයින්ම වැදගත් කාරණයක්. දැන් ඔන්න ලව් එක බ්‍රේක් වෙනවා. හැබැයි ඊට පස්සේ දෙන්නා ඉතින් කැෂුවල් මුණගැහෙනවා. එක දේකින් තව දේකට ගිහින්, ඒකෙන් තවත් දේකට ගිහින් ඔන්න දෙන්නා නවතින්නේ ඇඳේ. බ්‍රේක් අප් සෙක්ස්. ඒකත් මරු කියලා හිතෙනවා. ඉතින් ඔන්න දෙන්නට හිතෙනවා, ඇයි අපි මේ සම්බන්ධෙ නැවැත්තුවේ, සෙක්ස් වුණත් මරුනේ දෙන්නත් එක්ක ඉන්නකොට. ඒ නිසා අපි ආයෙමත් යාළු වෙමු කියලා. ඔන්න ඔතන තමයි කේස් එක. අපි හිතමු දෙන්නා බ්‍රේක් අප් වෙන්නේ සෙක්ස් අවුල් නිසා කියලා. එහෙමනම්, ඒක ෆික්ස් වීම හේතුවෙන් ආයෙමත් යාළු වුනාට මොකුත් කියන්න බෑ තමයි. හැබැයි ඉතින් ඒ වගේ හේතුවක් නිසා සාමාන්‍යයෙන් දෙන්නෙක් බ්‍රේක් අප් වෙන්නෙ නැහැනේ. ගොඩක්ම දුරට වෙන මොනවා හරි සීරියස් හේතු හින්දා තමයි බ්‍රේක් අප් වෙන්නේ. ආන්න එතකොට, ඒ බ්‍රේක් අප් වෙන්න ඇත්තටම හේතු වුණු සීරියස් කරුණු කාරණා විසඳගන්නෙ නැතුව, බ්‍රේක් අප් සෙක්ස් හොඳ හින්දම ආයෙ සෙට් වෙනවා කියන්නේ, ඒ සම්බන්ධය ආයෙමත් සුපිරි එකෙන්ම කෙළ වෙලා කැඩිලා යන්න ඉඩ වැඩියි කියන එක තමයි. අන්න ඒ නිසා, බ්‍රේක් අප් සෙක්ස් හොඳ වුණත්, තමන් දෙන්නා ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න ඕන.

 

හැබැයි අපි හිතමු බ්‍රේක් අප් සෙක්ස් නිසා දෙන්නටම හිතෙනවා නෑ අපි තව උත්සාහයක් දීලා බලමු සම්බන්ධය ගෙනියන්න කියලා. ඊට පස්සේ ඇඳෙන් නවතින්නෙ නැතුව දෙන්නා සීරියස්ලි හිතලා බලනවා කලින් වතාවේ සම්බන්ධය වැඩ කරපු නැති හේතු මොනවද කියලා. ඊට පස්සේ ඒ හේතු ෆික්ස් කරගන්න උත්සාහ කරනවා. ආන්න ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

අපි කලිනුත් කියලා තියෙනවා, බ්‍රේක් අප් එකකින් පස්සේ කිසිසේත්ම නොකළ යුතු දේවල් සම්බන්ධයෙන්. දෙන්නත් එක්ක එකට ඉදිරියට ගෙනියන්න බැරි සම්බන්ධතාවයකදී, අන්න ඒ දේවල් හිතට අරගෙන හරි විදියට සම්බන්ධතාවය නවත්වන්න පුලුවන් නම් ඒක ඉතාම හොඳයි. ඒකෙන් අනෙක් කෙනා ගැන වෛරයක්, තරහක් නැතුව තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙනවා. එතකොට බ්‍රේක් අප් සෙක්ස්? උඩ කියපු විදියට ඒක ඉතාම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. දැන් අපි සාකච්ඡා කළානේ බ්‍රේක්-අප් සෙක්ස් වල තියෙන හොඳ සහ නරක ගැන. ඊලඟ දවසෙදී අපි කතා කරමු, කොහොමද පරිස්සමෙන්, එක පාර්ශවයක්වත් හර්ට් වෙන්නේ හෝ එක පාර්ශවයකට වත් හානියක් වෙන්නේ නැති විදියට බ්‍රේක්-අප් සෙක්ස් වලට යන විදිය ගැන ටිප්ස් කීපයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *