සැලඩ් කන්න ආස අයට සැලඩ් ඩ්‍රසින් රෙසිපි 7ක් (Salad Dressing Recipes)

සැලඩ් රසගන්වන්න අපිට ගෙදරදීම හදාගන්න පුලුවන් සැලඩ් ඩ්‍රසින් කිහිපයක් තමා මේ කියලා දෙන්න යන්නෙ. කඩෙන් ගන්න ඩ්‍රසින් වලට වඩා රසවත්ව ස්වභාවික හදාගන්න නිසා ගුණත්වයත් වැඩී. ඉතින් අපි සැලඩ් කන්නෙත් සෞඛ්‍ය සම්පන්නව ඉන්නනෙ.. එහෙනම් මේ රෙසිපි ඔයාලට ඕනවෙයි.

01. Caesar Salad Dressing

අවශ්‍ය ද්‍රව්‍ය:-
චොප්කරගත් සුදුළූණු බික් 5
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
ඩිජොන් මස්ටඩ් තේහැඳි 2
ලෙමන් යුෂ මේසහැඳි 1
Worcestershire සෝස් මේසහැඳි 2
බිත්තර කහමද 1
ඔලිව්තෙල් මේසහැඳි 1
ග්‍රේට්කරගත් පාමසාම් චීස් කෝප්ප 1/4

  • චීස් හැර අනික් සියල්ලම දාලා හොඳට විස්ක් කරගන්න.
  • ඊළඟට චීස් ටික ටික දාලා තික් වෙනකල් විස්ක් කරගන්න.
  • ලුණු හා ගම්මිරිස්කුඩු ‍රස අනුව එකතු කරන්න.
  • පොටැටො සැලඩ් වලට, ග්‍රීන් බීන්ස් හෝ බේක් චිකන් එක්ක නියමයි.

02. Ranch Dressing

අවශ්‍ය ද්‍රව්‍ය:-
මයෝනිස් කෝප්ප 1 1/2
බටර්මිල්ක් කෝප්ප 3/4
ගාලික් පව්ඩර් තේහැඳි 2
අනියන් පව්ඩර් තේහැඳි 2
ලුණු ස්වල්පයක්
සුදු ගම්මිරිස්කුඩු ස්වල්පයක්

  • මේ සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න.
  • බෝතලේකට දාලා ෆ්‍රිජ් එකට දාගන්න.

03. Blue Cheese Dressing

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෑලි කඩාගත් බ්ලූ චීස් ග්‍රෑම් 150
මයෝනිස් කෝප්ප 1 1/2
සවර් ක්‍රීම් කෝප්ප 1/2
බටර්මිල්ක් කෝප්ප 1/2
අනියන් පව්ඩර් තේහැඳි 2
සීනි තේහැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
Worcestershire තේහැඳි 1
විනාකිරි තේහැඳි 2

  • චීස් හැර අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න.
  • හොඳට විස්ක් උනාම චීස් ටික දාලා කලවම් කරගන්න.
  • රැප් ෆිලින්ස් වලට සැන්ඩ්විච් වලට හෝ රෝස්ට් කරගත් චිකන් වින්ග්ස් එක්කත් නියමයි.

04. Creamy Lemon Yogurt Dressing

අවශ්‍ය ද්‍රව්‍ය:-
යෝගට් කෝප්ප 1
ඔලිව්තෙල් මේසහැඳි 3
ලෙමන් යුෂ මේසහැඳි 2
සීනි තේහැඳි 1
චොප්කරගත් සුදුළූණු තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු

  • මේ ටික ඔක්කොම එකට දාලා කලවම් කරගන්න.
  • මේක බ්‍රොකොලි සැලඩ් එකකට නියමයි.

05. Potato Salad Dressing

අවශ්‍ය ද්‍රව්‍ය:-
යෝගට් කෝප්ප 1
ඔලිව්තෙල් මේසහැඳි 2
විනාකිරි තේහැඳි 1
කිරි මේසහැඳි 2
අඹරාගත් අබ මේසහැඳි 1
ගාලික් පව්ඩර් තේහැඳි 1
සීනි තේහැඳි 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් චිව්ස් ස්වල්පයක්

  • මේ සියල්ලම එකට දාලා කලවම් කරලා පොටැටො සැලඩ් එකකට දාගන්න.

06. Oil Free Honey Mustard Dressing

අවශ්‍ය ද්‍රව්‍ය:-
යෝගට් කෝප්ප 1
මස්ටඩ් පේස්ට් මේසහැඳි 2
විනාකිරි මේසහැඳි 1
පැණි මේසහැඳි 2
ගාලික් පව්ඩර් තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු

  • මේ සියල්ලම කලවම් කරලා නිවිති හෝ වෙන ඕනම කොල වලින් හදන සැලඩ් එකකට දාගන්න පුලුවන්.

07. Peanut Salad Dressing

අවශ්‍ය ද්‍රව්‍ය:-
පීනට් බටර් මේසහැඳි 2(පැණි රස නැති)
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 2
සෝයාසෝස් මේසහැඳි 1
තලතෙල් තේහැඳි 1
දෙහි බෑයක යුෂ
වතුර මේසහැඳි 2

  • මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න.
  • මේක ෆ්‍රෙශ් වෙජිටබල් සැලඩ් වලට නියමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *