ලංකාවට ආවේණික කිතුල් රා වගේම රුසියානුවන්ට ආවෙිණික බීමක් තමයි vodka. අපේ අලුත උපන් බිරිඳගෙ රන් කිරි කට ගානව වගේ රුසියානුවන්ගෙ අලුත උපන් දරුවන්ගෙත් මුවේ මුලින්ම vodka ටිකක් කටගාන එක සිරිතක්.
Vodka නිෂ්පාදනයේ මහ ගෙදර රුසියාව. මූලික වශයෙන්ම අර්තාපල් යොදාගෙන නිෂ්පාදනය ආරම්භ කරපු vodka මේ වන විට ධාන්‍ය වර්ග, පළතුරු, එළවළු යොදාගෙන රුසියාවට අමතරව අනික් රටවලත් නිෂ්පාදනය කරනවා.
ඔයාලා දන්නවනෙ vodka අවර්ණ බීමක්. මේ අවර්ණ බව නිසාම vodka බීල පහුවෙනිදට දැනෙන අපහසුතා ඉතාම අඩුයි. ඒ වගේම කැලරි අඩු බීමක් නිසා බඩ එන එක, මහත් වෙන එක කරදරයක් විදියට සලකන ඔයාලට කියාපු බීමක් තමයි vodka කියන්නෙ.
අපේ රටේ බොනකොට ෂැන්ඩි කරන්න සීනි අධික බීම වර්ග යොදා ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාබෝහයිඩ්රේට් වැඩි කෑම ජාති තමයි වැඩිපුර කන්නේ. නමුත් vodka නිවැරදිවම ශරීරයට කිසිම හානියක් නොවන විදියට බොනව නම් ඔයා ෂැන්ඩි කරන්න කිසිම අමතර බීම වර්ගයක් යොදා ගන්න එපා.
රුසියානුවන් නිර්දේශ කරන්නෙ ෂොට් ග්ලාස් එකක් මේ වැඩේට හොඳයි කියලා. මොකද vodka ෂැන්ඩි නොකර බොන එක වඩා හොඳ නිසා. ඒ වගේම හිස්බඩ vodka පානය කිරීම එතරම් හොඳ නෑ. කෙටි කෑමකින් පස්සෙ වැඩේ පටන් ගන්න. ඒ වගේම ඔයාල දන්නව ඇල්කොහොල් විතරක් බිව්වොත් ශරීරය ඩීහයිඩ් වෙන්න තියෙන ඉඩ වැඩියි.. ඒ වුණාට ලංකාවෙ අපට පුරුදු විදියට වෙනත් සීනි අධික බීම ෂැක්ඩි විදියට යොදා ගන්න එක ශරීරයට හොඳ මදි නිසා vodka බොන විට හැම ෂොට් එකකටම පස්සෙ වතුර උගුරක් බොන එක වඩා හොඳයි.
Vodka වල ඇල්කොහොල් ප්‍රමාණය 38.5% සිට 40% අතර පවතිනවා. ඔයාට මිහිරි රසයකින් බොන්න ඕනි නම් vodka අනිවාර්යෙන් කූල් කරල බොන්න. මිහිරි රසය වගේම රුසියාවේ සීතලත් අපිට මේ නිසා දැනෙනවා.
හරි එහෙම නම් මූලිකම දේට අපි යමු. ඒ තමයි ලෝකයේ හොඳම vodka brand 10 ගැන කතා කරන එක. මුලින්ම හොඳම එක ගැන කතා කළොත් කුතුහලය අඩුවන නිසා අපි 10 වෙනි ස්ථානයෙන් පටන් ගමු.
01. ලෝකයේ 10 වෙනි ස්ථානය Russian Standard Vodka සතුය
නමෙන්ම ඔයාල දන්නව Russian standard vodka එක නිෂ්පාදනය කරන්න රුසියාවෙ. රුසියානුවන් 1998 තමයි මේ vodka brand වෙළෙඳපොළට නිකුත් කරල තියෙන්නෙ. මෙය හඳුන්වාදීමේ ගෞරවය රුසියානුවෙක් වෙන Roustam Taska හිමි වෙනවා.
ධාන්‍ය වලින් තමයි මේක හදන්නෙ. ධන්‍ය වලට අමතරව යොදා ගන්න වතුර ලැඩෝගා විලෙන් ප්‍රධාන වශයෙන් ගන්නෙ. ඇල්කොහොල් ප්‍රතිශතය 38% ත් 40% අතර තියෙනව. Russian Standard Vodka බොන ඔයාලට මෘදු හා රසවත් බවක් ලබාදෙන්න හතර වතාවක් පෙරීමකට ලක් කරන බව සඳහන් කරනවා.
02. ලෝකයේ 09 වෙනි ස්ථානයේ හිමි වන්නේ Pinnacle Vodka
අපේ ඇහැට ප්‍රියමනාප අහසේ නිලට සමාන නිල් පාටට හුරු බෝතලයක අඩංගු දැක්ක ගමන් බොන්න හිතෙන vodka එකක් තමයි Pinnacle Vodka කියන්නෙ.
Pinnacle Vodka වල මහ ගෙදර තමයි ප්‍රංශය. 2002 අවුරුද්දෙ වයිට් රොක් ඩිස්ටිලර් තමයි මුලින්ම Pinnacle Vodka එක අපට හඳුන්වා දුන්නෙ. ප්‍රංශයේ තිරිඟු පිටි සහ ජලය තමයි මූලිකම අමුද්‍රව්‍යය විදියට යොදා ගන්නෙ නිෂ්පාදනය සඳහා. මෙහි Russian Standard Vodka එකට වඩා වැඩි ඇල්කොහාල් ප්‍රතිශතයක් තියෙනව. 35% ත් 50% අතර ඇඟට දැනෙන ප්‍රතිශතයකින් යුත්තයි.
Beam Suntory නිෂ්පාදන ආයතනයටයි Pinnacle Vodka අයිති. මෙහි මහ ගෙදර ප්‍රංශය වූවාට මේ වනවිට බෝතල් කරල අපේ අතට ලබා දෙන්නේ එක්සත් රාජධානිය. Pinnacle Vodka රස 30 කින් යුතුයි.
03. ලෝකයේ 08 වෙනි ස්ථානයේ හිමි වන්නේ Skky Vodka
ගොඩක් වෙලාවට Skky Vodka අඩංගු බෝතලෙත් Pinnacle Vodka බෝතලේ වගේම නිලට හුරු දැකුම් කළුයි.
Maurice Kanbar විසින් 1992 මේ රසවත් Vodka එක අපට හඳුන්වා දුන්න. ඉන්ෆියුෂන් කියන පලතුරු වලින් සාදන නිසා වෙන්න ඇති අපේ ශරීරයට සුවදායී ගතියක් දැනෙන්නෙ.
Skky Vodka ඉතාලියෙ කම්පායි වලට අයිති උනත් මෙය නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ. ඇල්කොහොල් ප්‍රතිශතය 37.5% සිට 43% දක්වා අඩංගුයි වගේම වර්ග 17 කින් අපට රස බලන්න පුළුවන්.
04. ලෝකයේ 07 වෙනි ස්ථානයේ හිමි වන්නේ Belvedere Vodka
නම කියපු සැනින් ලංකාවේ අපට මතකයට නැගෙන vodka එකක් තමයි Belvedere. ලංකාවේ ඉතාම ප්‍රසිද්ධයි. ඊට හේතුව බෝතලයේ සිත් ගන්නා සුළු පෙනුම කියල තමයි හිතෙන්නෙ. උජාරුවට බොන්න කැමති ඔයාලට හොඳටම ගැලපෙන බීමක්. Belvedere Vodka සුඛෝපභෝගී බීමක් බවට පත්වෙන්න පෝලන්ත ජනාධිපති මන්දිරය වන බෙල්වෙඩර්ගේ නමින් නම් කරල තියෙන එකත් බලපානවා.
පෝලන්ත ජාතිකයෙක් විසින් 1993 අපට Belvedere Vodka එක හඳුන්වල දුන්නෙ. මේක නිෂ්පාදනය කරන්නෙත් පෝලන්තයේ Żyrdów නගරයේ. Russian Standard Vodka වගේම Belvedere Vodka වල ඇල්කොහොල් ප්‍රතිශතය 40% ක් අඩංගුයි.
05. ලෝකයේ 06 වෙනි ස්ථානයේ හිමි වන්නේ Smirnoff Vodka
ලංකාවෙි අපට vodka නම ඇහුන ගමන් මතක් වෙන වොඩ්ක එකක් තමයි Smirnoff Vodka. මෙහි මහ ගෙදර රුසියාව. 1860 උපත සිද්ධ වෙලා තියෙන්නෙ.
ලංකාවේ අප අතර වගේම 2014 දි ලොව වැඩිම ප්‍රසිද්ධියට පත් වුන Smirnoff Vodka වල ඇල්කොහොල් ප්‍රතිශතය Pinnacle Vodka වලට සමානයි. එනම් 35% ත් 50% ත් අතර. බ්‍රිතාන්‍ය සමාගමක් වන ඩයජියෝ සමාගම විසින් Smirnoff Vodka නිෂ්පාදනය කරල අපේ අතට ලබා දෙනවා.
06. ලෝකයේ 05 වෙනි ස්ථානයේ හිමි වන්නේ Absolute Vodka
Absolut Vodka ත් අපේ රටේ වැඩිපුර ප්‍රසිද්ධයි. මොකද ගොඩාක් වෙලාවට කොක්ටේල් හඳන්න පාවිච්චි කරන නිසා.
vodka හදන්න මූලිකව යොදා ගන්න අමුද්‍රව්‍ය වන ධාන්‍ය වලින්මයි Absolut Vodka ත් හඳන්නෙ. ඒ winter weats කියන ධාන්‍ය වර්ගය. 1879 අපට මුලින්ම හඳුන්වලා දෙන රට ස්විඩනය. මෙි වන විට රටවල් 126 ක බෙදා හරිනවා.
Absolut Vodka තියෙන සුවිශේෂී බව තමයි කාලෙන් කාලෙට විවිධ රසවල් අපට හඳුන්වා දෙන එක. මෙහි ඇල්කොහොල් ප්‍රතිශතය 40% ක් වෙනවා.
07. ලෝකයේ 04 වෙනි ස්ථානයේ හිමි වන්නේ Stolichnaya Vodka
ලංකාවේ නිෂ්පාදිත කිතුල් රා මෙන්ම ඉතාම පැරණි vodka brand එකක් තමයි Stolichnaya. මෙය අවුරුදු 121 ට පෙර, ඒ කියන්නේ 1901 වර්ෂයේ තමයි ලෝකයට හඳුන්වා දීල තියෙන්නෙ. අප අතට පත්කිරීමේ ගෞරවය රුසියාව සතු වෙනවා. නිෂ්පාදනය කරනු ලබන්නේ සුප්‍රසිද්ධ සෝවියට් සමාගමක් වන SPI සමූහයයි.
මේ vodka එකත් ඉහත අපි කතා කරපු බොහොමයක් vodka වර්ග වගේම තිරිඟු සහ රයි ධාන්‍ය වලින් හඳල තියෙන්නෙ. අනිකුත් vodka වගෙම Stolichnaya වVodka වල ඇල්කොහොල් ප්‍රතිශතය 40% ක් වෙනවා.
08. ලෝකයේ 03 වෙනි ස්ථානයේ හිමි වන්නේ Finlandia Vodka
හුරු බුහුටි සුදු සහ රතු වර්ණයෙන් යුත් බෝතල් වල එන මේ vodka එක බ්‍රවුන් හෝම්ස් සමාගම විසින් ලෝකයට හඳුන්වල දුන්නෙ.
මෙය නිෂ්පාදනය කරන රට පිළිබඳව මේකෙ නමින්ම අපිට ඉඟියක් දෙනව. 1970 පින්ලන්තය තමයි මේ vodka එක ලෝකයට හඳුන්වලා දුන්නෙ.
අනිකුත vodka වර්ග වගේම Finlandia Vodka එකත් නිෂ්පාදනය කරන්න ධාන්‍ය වර්ගයක් වන බාර්ලි තමයි ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නෙ. Finlandia Vodka එකේ 40% ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙනවා.
මේ වෙනකොට රටවල් 135 බෙදාහරින මේ vodka එක vodka ලෝලීන්ට දෙහි, අඹ, රතු බෙරි, ටැංජරීන්, බැලැක් කරන්ට්, වල් බෙරි සහ මිදි වැනි විවිධ රසවල ලබා ගන්න පුලුවන්.
09. ලෝකයේ 02 වෙනි ස්ථානයේ හිමි වන්නේ Crystal Head Vodka
Crystal Head vodka එක අපේ අතට පත් කරන්නේ මෙතෙක් අපි දැකපු vodka බෝතලයක හැඩය කුඩු පට්ටම් කරමින්. දැකපු ගමන ඇහැ යන මිනී ඔලුවක හැඩයක් තමය මේ බෝතලයේ හැඩය.
Crystal Head Vodka එක ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ කැනඩාවට වුණාට මෙය නිෂ්පාදනය කර බෙදා හරින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාව.
Crystal Head Vodka එක හතර ගුණයක් ආසවනය කර හත් වරක් පෙරා අපේ අතට පත් කරන නිසාම වෙන්න ඇති ලෝකයේ දෙවන ස්ථානයට හිමිකම් ලබන්නේ. ඉහතින් කතා කරපු vodka brand වගේම මේකෙත් ඇල්කොහොල් ප්‍රතිශතය 40% ක් වෙනවා.
10. ලෝකයේ 01 වෙනි ස්ථානයේ හිමි වන්නේ Grey Goose Vodka
මෙතෙක් වෙලා ඔයාල බලාපොරොත්තුවෙන් සිටි vodka හී රැජින ලෙස හඳුන්වන Grey Goose Vodka එක ගැන අපි කතා කරමු.
Vodka ලෝලීන්ට දැක්ක ගමන් ගන්න හිතෙන සුවිශේෂී බෝතලයක තමයි ලෝකයේ රැජින වන Grey Goose Vodka ඔයාල අතට එන්නේ.
Pinnacle Vodka එක වගේම Grey Goose රැජිනගෙ මහ ගෙදරත් ප්‍රංශය. 1997 සිඩ්නි ෆ්රෑන්ක් තමයි රැජිනව සොයා ගත්තෙ. අපි කවුරුත් හොඳන් දන්න බකාර්ඩි සමාගම විසින් මෙය නිෂ්පාදනය කර ලෝක පුරා බෙදනවා. අනිකුත් බොහොමයක් vodka වගේම රැජිනගෙ ඇල්කොහොල් ප්‍රතිශතයත් 40% ක් වෙනවා.
ප්‍රංශයේ තිරිඟු වලින් නිෂ්පාදනය කරන මේ vodka රැජිනගෙ තවත් සුවිශේෂී රහසක් තමයි ප්‍රංශ පිරිසිදු වසන්ත ජලය මේ සඳහා යොදා ගැනීම.
Leave a Reply