ඔබේ වාහනයේ තිබෙන තෙල් ඉතිරි කරගන්න tips ටිකක්

මේ වෙද්දි ලංකාවෙ අපි ආර්ථික සහ සමාජීය වශයෙන් පහළම අඩියට වැටිල හමාරයි. විශේෂයෙන්ම රට සතුව තිබිය යුතු ඩොලර් සංචිතය අඩු නිසා ආනයනයන් සීමා කරන්න සිදුවෙලා තියෙනවා. මේ අතර විශේෂයෙන්ම ඉන්ධන ⁣ආනයනය කිරීමද පෙර මෙන් සිදු වෙන්නේ නෑ. මිනිස්සු දවස් ගණන් පෝලිම්වල රස්තියාදු වෙනවා.

ඒ වගේම ලංකාවෙ ඉන්ධන මිල ඉතා අධිකයි.
පෝලිම්වල ඉන්න වෙන කාලය වැඩියි.
ඒ නිසා ළඟ තියෙන තෙල් පිච්චෙන එක අවම කර ගනිමින් තෙල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි.

Lifie අපි හිතුවා ඔයා⁣ට ඔයා ළඟ තියෙන ඉන්ධන ඉතිරි කරගන්න වාහනය ධාවනය කරන අතරතුර කරන්න පුලුවන් මොනවගේ දේවල්ද කියල දැනුවත් කිරීමක් කරන්න.

01. Accelerator ලෑල්ලටම පාගන්න එපා

අපි දකිනව සමහර වෙලාවට අපිම වුනත් accelerator එක පාගන එකට වඩා කරන්නෙ ඒක උඩ හිටගන්න එක. විශේෂයෙන්ම තරුණයන් වාහනය අතට ගත්තම ඉගිලෙන්න හදනවා. ඒත් ඉතින් ලංකාවෙ මේ තියෙන තෙල් ප්‍රශ්නය සහ ඔයාගෙ ජීවිත අවධානම යන දෙකම ගැන හිතනව නම් accelerator එක ලෑල්ලට පාගන එක නවත්වන්න.

Accelerator එක හයියෙන් පෑගුවම වෙන්නෙ ඒක එක පාරටම පිකප් කරන්න ඕන නිසා ගොඩක් තෙල් පිච්චෙනවා. වෙන රටකට මේ කතන්දරය අදාල නැති වුණාට ඉතින් මේක ලංකාවනෙ. මේ වෙලාවෙ ලංකාවෙ තෙල් නෑනෙ. ඒ නිසා ඔයා මේ දවස්වල වාහනයට දැනෙන් නැති වෙන්න accelerator එක පාගන්න. හිමීට බබා වගේ වාහනය ස්ටාට් කරන්න. මේ උපක්‍රමය මඟින් ඔයාට වාහනයේ තෙල් පිච්චෙන එක අවම කරගන්න පුලුවන්.

02. බ්‍රේක් එක උස්සල පොළවෙ ගහන්න එපා

වාහනයක බ්රේක් එකෙන් තමයි එහි වේගය පාලනය වෙන්නෙ. ඉතින් ඔයාලට මේ කියන්නේ එක පාරම වේගයේ පාලනයක් නැතිව බ්‍රේක් කරන්න එපා කියන එක. අපි අධික වේගයෙන්ම බ්රේක් එක පෑගුවොත් එකෙන් තෙල් පිච්චෙන එක වැඩි වෙනවා. මොකද වේගය පාලනයක් නැති නිසා අධික වේගය එක පාරම නවත්වන්න වැඩි ඝර්ෂනයක් යෙදිය යුතු වෙනවා. මේ සදහා ශක්තිය නිපදවන්නේ තෙල් වලින්. එවිට වැඩිපුර තෙල් පිචිචෙනවා.

බ්‍රේක් එක හිමීට හිමීට පාගල හිමින් සැරේ slow කරන්න. මේ සඳහා පහසුයි ඔයාට වේගය 60-80 වගේ පවත්වාගෙන යන එක. මොකද මේ වේගය ඔයාට පාලනය කරගන්න පුලුවන් වේගයක්. අපි හැම වෙලාවෙම වාහන දෙකක් අතර ඔබ යන වේගය අනුව තප්පර 2-3ක වත් පරතරයක් තියාගෙන යන්න ඕනි. සාමාන්‍යයෙන් අපි වාහනයක් පදින විට ඉදිරියෙන් යන කෙනාගේ හැසිරීමෙන් අපිට හිතාගන්න පුලුවන් ඊළඟට මොකද වෙන්නෙ කියල. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න.. විශේෂයෙන්ම colour light එකක් ආසන්නයේදී ඔයාගෙ වාහනය මේ පරතරය තියා ගත්තොත් ක්‍රමයෙන් හිමීට slow කරන්න පුලුවන් නම් මේ මඟින් ජීවිත අවධානය අවම වනවා වගේම අධිකව තෙල් දහනය වන එක ඔබට වලක්වා ගන්න පුලුවන්.

03. වාහනය එකම වේගයකින් ධාවනය කරන්න

ඔයා හැකි හැමවිටම ඒකාකාර වේගයකින් වාහනය ධාවනය කරන්න. සැරින් සැරේට වාහනය slow කරන්නයි, speed කරන්නයි යෑමෙන් ඉන්ධන කාර්යක්ෂමතාව නැති වෙනව. නිතරම වේගය වෙනස් කරන විට ඊට වාහනයෙන් බලයක් යොදවන්න වෙනවා. මේකට වැය වෙන්නෙ ඉන්ධන. ඒ නිසා ඒකාකාර වේගයක් වාහනය තියාගන්න උත්සහ කරන්න.

04. ටයර් වල ⁣තිබෙන හුළං ප්‍රමාණය පිලිබඳ අවධානයෙන් ඉන්න

වාහනය පොළවට සම්බන්ධ වෙන්නෙ ටයර් මඟින්. ටයර් වල නියමිත ප්‍රමාණයට හුළං පිරිල නැත්නම් ඝර්ෂණය වැඩි වෙනවා. ඝර්ෂණය වැඩි වන විට යොදන්න වෙන බලය වැඩි වෙනවා. මේ නිසා ඉන්ධන පිච්චෙනවා. හුළං තිබිය යුතු ප්‍රමාණය අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ, දෙකම balance වෙන්න ඕනි.

ටයරයේ හුළං ගැන කතා කරන කොට ටයර් වර්ගය ගැනත් කතා කරන්න ඕනි. මොකද සෑම වාහනයකටම ජාඩියට මූඩිය වගේ වාහනයට ටක්කෙටම හරියන ටයර් එක දාන්න ඕනි. වාහනයේ වර්ගය අනුව ටයර් වල තියෙන පීඩනය එකිනෙකට වෙනස්. මේ ගැන ඔයාව දැනුවත් කරල තියෙනව ක්‍රම දෙකකින්. එකක් වාහනය මිලදී ගන්න විට ඔයාට ලැබෙන ඊට අදාල අත්පොතේ. අනික වාහනයේ රියදුරු අසුන පැත්තේ අයිනෙ දොරේ. ඉතින් අඩුම වශයෙන් මේ කාලය තුලවත් සතියකට එක් වතාවක්වත් වාහනයේ ටයර් වල හුළං ප්‍රමාණය ගැන සොයා බලන්න.

05. වාහනයට පටවන බර ගැන සැලකිලිමත් වෙන්න

වාහනයේ වැඩි බරක් පැටවීම නිසා වැඩි බලයක් යොදවන්න වෙනවා. විශේෂයෙන්ම කන්දක වාහනය පදවන්න සිදු වූවොත් වඩා වැඩි බලයක් යොදවන්න සිදු වන බව අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් වැඩි බලයක් යොදවන්න, වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. මේ නිසා බර ගැන සැලකිලිමත් වීමත් ඉතා වැදගත්.

06. නොදන්න පාරවල් වල යන්න එපා

මෙි කාරණය අපේ ජීවිතයටත් අදාලයි. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියල අපි අහල තියෙනවනෙ. මේ කියන්න යන්නෙ “අතරමග” කියන කතාවට වඩා නොදැන ගියොත් ඔයා යන්න තියෙන අවසානයට ළඟා වෙන්න තියෙන දුර ගැන ඔයා දැනුවත්ව නැති නිසා තෙල් පිච්චෙන එක වැඩි වෙන්න පුලුවන් කියන එක.

ඔයාට අතශ්‍යවශ්‍ය කාරණයක් නිසා නොදන්න පාරක යන්නම වෙනව නම් ඔයා Google Map
එක උපකාර කරගෙන කෙටිම මාර්ගය තෝරා ගන්න. එවිට අතරමඟ නොනැවතී තෙල් ටිකත් පරිස්සම් කරගෙන ගමනාන්තයට යන්න පුලුවන්.

07. වාහනය නියමිත වෙලාවට Service කරන්න

අපේ ශරීරයත් නියමිත විදියට නඩත්තු කරන්න ඕනි. අවශ්‍ය කෑම, බීම වෙලාවට ගන්න ඕනි. ලෙඩට දුකට බෙහෙත් ගන්න ඕනි. පිරිසිදු කරන්න ඕනි.

ශරීරයට වගේ සංකීර්ණ කොටස් විශාල ප්‍රමාණයක් වාහනයක තියෙනවා. මේ කොටස් එකිනෙක මත යැපෙන්නෙ. වාහනයේ ක්‍රියාකාරිත්වය තීරණය වෙන්නෙ ඒ එක එක කොටස් වල සහසම්බන්ධතා මත. නියමිත වෙලාවට වාහනය service නොකළොත් වාහනය ලෙඩ දෙන්න පටන් ගන්නව. එවිට වාහනය ධාවනව කරන්න යොදවන්න වෙන බලය වැඩි වෙනවා. මේ නිසා තෙල් පිච්චෙන ප්‍රමාණය වැඩි වෙනවා. වාහනය නිසි කාලයට සර්විස් කරන්න පුරුදු වෙන්න.

මීට අමතරව ඔයා පහත සඳහන් කරුණු පිළිබඳවත් සැලකිලිමත් වෙන්න

  • උදේම තෙල් ගහන එක වඩා හොඳයි. ඒත් දවස් ගණන් තෙල් එන වෙලාව නොදැන පෝලිම් වල ඉන්න වෙලා තියෙන මේ දිනවල මේ කාරණය ප්‍රායෝගික නෑ. නමුත් ⁣ඔයාට හැකි හැම වෙලාවෙම උදෙන්ම තෙල් ගහන්න උත්සහ කරන්න. දවල් දවසේ පරිසරයේ තියෙන රස්නය නිසා තෙල් ප්‍රසාරණය වන වේගව වැඩියි. උෂ්ණත්වය අඩු වෙද්දී ප්‍රසාරණය අඩුයි වගේම ඝනත්වය වැඩියි. මේ නිසා උදෙන්ම තෙල් ගහ ගන්න එකෙන් වැඩි තෙල් ප්‍රමාණයක් එකම ලීටර් ප්‍රමාණයට ගහ ගන්න පුලුවන්.

 

  • Traffic අඩු පාරවල් වල යන්න. මේ දවස් වල තෙල් පෝලිම් නිසා පාරට බැස්සොත් traffic එක වැඩියි. මේක හිසරදයක් බවට පත්වෙලා තියෙනව අපේ රටේ මේ වෙනකොට. නමුත් ඔයාට හැකි හැම වෙලාවෙම Traffic අඩු පාරවල් තෝරාගන්න. එමගින් ඉන්ධන වැය වන ප්‍රමාණය අඩුකර ගන්න පුලුවන්.

මෙි ක්‍රම පිළිපැදීමෙන් තෙල් ඉතුරු වෙනවා වගේම ඔයා ඉතිරි කරන තෙල් ලීටර් 1 කින් කාබන් ඩයොක්සයිඩ් 2.3kg ප්‍රමාණයක් පරිසරයට මුදාහරින එකත් නවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *