ස්පෙශල් කෑම හදන කුළුබඩු 7ක් ගෙදරදීම හදාගන්න විදි

කෑම රස කරන්න, නැතුවම බැරි රසකාරක තමයි අපේ කුළුබඩු. ඉතින් මේ කියන්න යන්නෙ කෘතිම රසකාරක ගැන එහෙම නම් නෙමෙයි. ගෙදරදීම බොහොම රසට හදාගන්න පුලුවන් ස්වභාවික කුළුබඩු ගැනයි. ඉතින් කෑම රසට හදන්න කැමති ඔයාලගෙ කුස්සියේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ කුළුබඩු ටිකක රෙසිපි තමා දෙන්න හදන්නෙ…

01. අමු තුනපහ කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය:-
කොත්තමල්ලි කෝප්ප 1/2
සූදුරු කෝප්ප 1/4
මාදුරු කෝප්ප මේසහැඳි 1
කහකුඩු තේහැඳි 1
කරපිංචා ස්වල්පයක්

  • මේ ටික හොඳට සෝදලා වේලගන්න.
  • ඊළඟට කබලෙ බැදලා හොඳට කුඩු කරගන්න.

02. මස්කරි කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය:-
කොත්තමල්ලි කෝප්ප 1
කරාඹුනැටි 10 පමණ
එනසාල් ඇට 8 පමණ
ස්ටාර් ඇනීස් 3-4
සූදුරු කෝප්ප 1/2
කරපිංචා ස්වල්පයක්
ගම්මිරිස් ඇට මේසහැඳි 1
කුරුදු කෑල්ලක්

  • මේ සියල්ලම හොඳට සෝදලා කබලෙ දාලා හොඳට බැදගන්න.
  • ඊළඟට හොඳට ග්‍රයින්ඩ් කරගන්න.

03. ජැෆ්නා කරි පව්ඩර්

අවශ්‍ය ද්‍රව්‍ය:-
කොත්තමල්ලි කෝප්ප 1/4
නැටි ඉවත්කළ වියළි මිරිස් කරල් 30 පමණ
සූදුරු තේහැඳි 1
ගම්මිරිස් තේහැඳි 1
එනසාල් ඇට 3-4
මාදුරු තේහැඳි 1
උළුහාල් තේහැඳි 1/2
කඩල පරිප්පු තේහැඳි 1
හාල් තේහැඳි 1
කරාඹුනැටි 2-3
කහකුඩු තේහැඳි 1/2
කුරුදුපොතු කෑල්ලක්
කරපිංචා කොළ ටිකක්

  • මේ සියල්ලම සෝදලා හොඳට වේලගන්න.
  • කබලෙ බැදගන්න.
  • අඩු ගින්දරේ ලාවට තමා බැදගන්න ඕනේ.
  • හොඳට වහලා බෝතල්කරගන්න.

04. බැදපු තුනපහ කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය:-
කොත්තමල්ලි ග්‍රෑම් 250
රම්පේ හ කරපිංචා
සුදුළූණු බික් 4-5
සූදුරු ග්‍රෑම් 50
මහදුරු ග්‍රෑම් 50
එනසාල් ඇට 3-4
කුරුදුපොතු කෑල්ලක්
කරාඹුනැටි 4-5
කව්පි මේසහැඳි 2
මුංඇට මේසහැඳි 2
කඩල පරිප්පු මේසහැඳි 2
කඩල මේසහැඳි 2
කැකුළු හාල් මේසහැඳි 2

  • සියල්ලම හොඳට සෝදලා අව්වෙ වේලගන්න.
  • දැන් කොත්තමල්ලි, එනසාල්, කරාඹුනැටි, රම්පේ, කරපිංචා හා සුදුළූණු එකට දාලා කබලෙ බැදගන්න.
  • අනික් ටික වෙන වෙනම බැදගන්න.
  • තුනපහකුඩු එකේ පාට තීරණය වෙන්නෙ ඔයාලා බදින වෙලාව අනුව.
  • පාට වැඩි වෙන්න නම් ටිකක් වැඩිපුර වෙලා කබලෙ බැදගන්න.
  • අඩු ගින්දරේ හෙමින් බැදගන්න.
  • දැන් මේ ඔක්කොම එකට දාලා ග්‍රයින්ඩ් කරගන්න.

05. බිරියානි මසාලා පව්ඩර්

අවශ්‍ය ද්‍රව්‍ය:-
සූදුරු ග්‍රෑම් 50
උළුහාල් ග්‍රෑම් 50
උඳු ඇට ග්‍රෑම් 50
මයිසූර් පරිප්පු ග්‍රෑම් 50
කඩල පරිප්පු ග්‍රෑම් 50
කැකුළු හාල් ග්‍රෑම් 50
ගම්මිරිස් ඇට ග්‍රෑම් 50
කුරුදුපොතු කෑල්ලක්
එනසාල් ඇට 5
කරාඹුනැටි 7-8
කහකුඩු තේහැඳි 1/4
පොඩි ඉඟුරු කෑල්ලක්
සුදුළූණු බික් 4
රම්පෙ කෑල්ලක්
කරපිංචා ස්වල්පයක්

  • මේ ඔක්කොම හොඳට සෝදලා වේලගන්න.
  • ඊළඟට මේ ටික වෙන වෙනම කබලෙ බැදගන්න.
  • හොඳට ග්‍රයින්ඩ් කරලා බෝතල් කරගන්න.

06. සාම්බාර් කුඩු මිශ්‍රණය

අවශ්‍ය ද්‍රව්‍ය:-
නැටි ඉවත් කළ වියළි මිරිස් කරල් 15 පමණ
සූදුරු තේහැඳි 1/2
අබ තේහැඳි 1/2
උළුහාල් තේහැඳි 1/2
කොත්තමල්ලි කෝප්ප 1/2
ගම්මිරිස් ඇට තේහැඳි 1
තෝර පරිප්පු මේසහැඳි 1
කඩල පරිප්පු මේසහැඳි 1
තෙල් මේසහැඳි 1
කරපිංචා ස්වල්පයක්

  • මේ සියල්ලම සෝදලා වේලගන්න.
  • දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා මිරිස් කරල් ටික දාලා විනාඩියක් වගේ බැදගන්න.
  • දැන් මේ ටික අයින් කරලා කොත්තමල්ලි ටික දාලා බැදගන්න.
  • මේවගේ අනික් ඒවත් වෙන වෙනම බැදලා නිවෙන්න තියලා කුඩු කරගන්න.

07. ගරම් මසාලා කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය:-
සූදුරු තේහැඳි 1
මාදුරු තේහැඳි 1
කරාඹුනැටි 3
කරදමුංගු 3
ස්ටාර් ඇනීස් 1
කොත්තමල්ලි මේසහැඳි 1

  • මේ ටික සෝදලා හොඳට වේලගන්න.
  • ඊළඟට කබලෙ බැදල කුඩු කරලා බෝතල් වල අසුරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *