1. සීනි වෙනුවට මී පැණි
ඕක ඉතින් අපි නිතරම අහන දෙයක්නෙ. ඒත් සීනි වෙනුවට මී පැණි, අගාවෙ, මේපල් සිරප් වගේ දේවල් වලට මාරු වෙනව කියන එක නම් එතරම් සෞඛ්‍යට වෙනසක් කරන්නෙ නෑ. මී පැණි වලින් ඇන්ටි-ඔක්සිඩන්ට් සුළු ප්‍රමාණයක් ඇඟට ලැබුනට, පරිවෘතිය ක්‍රියාවලියේදී සීනි, මීපැණි මේ කෝකත් ක්‍රියා කරන්නෙ එක විදිහට.
2. බර අඩු කරගන්න ඕනෙ නම් කාබ් කන්න හොඳ නෑ
ඇත්තෙන්ම මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කන ප්‍රමාණෙ මිසක් කාබෝහයිඩ්රේට් වල නෙවෙයි. කාබෝහයිඩ්රේට අපේ සිරුරට ඕනේ, හැබැයි පාන් ගෙඩියක් විතර හොදි ටිකක් දාගෙන කන එක හොඳ නෑ. රතු බත් වගේ කුරුට්ට තියෙන කාබෝහයිඩ්රේට වලට මාරු වෙන්න.
3. පළතුරු වල තියෙන සීනිත් අපිට හොඳ නෑ
ඔය සමහර දියවැඩියාව තියෙන අය කියන කතාවක්නෙ, ‘අම්මෝ අඹ පැණි රහ වැඩියි ඕවයෙ සීනි’ කියලා. පැණි රස පළතුරු වලට තහනම් පනවගෙන. ඇත්තෙන්ම පළතුරු වල ස්වාභාවික තන්තු තියෙන නිසා ඇඟට සීනි උරාගැනීම සිද්ධ වෙන්නෙ හරිම හිමින්. පළතුරු වලින් අපේ ඇඟට ඕන කරන විටමින්, ලවන වගේ දේවල් ලැබෙනවා කියන එකත් අමතක කරන්න එපා. ඒ නිසා සීනි සීනි කියලා, ඔයා ආසම පළතුරු නොකා ඉන්න එපා. ඒත් ඒවා කෑලි විදිහට කනවා මිසක් ජූස් හදලා බොන්න එපා.
4. වෙජිටේරියන් කට්ටියට ගොඩක් ප්‍රෝටීන් ඕනේ
ලෝකෙ කිසි තැනක සඳහන් වෙන්නෙ නෑ මිනිස්සුන්ට ජීවත්වෙන්න මස් මාළු කන්න ඕනේ කියලා. වෙජිටේරියන් නම් බෝංචි, පරිප්පු, කඩල වගේ ප්‍රොටීන් ලැබෙන දෙයක් ආහාර වේලට එකතු කරගත්තම හරි.
5. කෙට්ටු නම් සෞඛ්‍ය සම්පන්නයි
මේ මතය නම් කාලයක් තිස්සෙ මිනිස්සු අතරෙ තිබ්බ එකක්. ඒත් දැන් දැන් මිනිස්සු හරි පැත්තට එනවා. ඇත්තම කතාව නම් අපි අපේ සිරුරේ ප්‍රමානය ගැන සැලකිලිමත් වෙනවා බොහොම අඩුයි. ව්‍යායාමයක් කරන්නෙ නැති, ඇක්ටිව් නැති කෙට්ටු කෙනෙක්ට වැඩිය ඇක්ටිව් මහත් කෙනෙක්ගෙ ලෙඩ අඩුයි.
6. ඇන්ටි-බැක්ටීරියල් සබන් සහ හෑන්ඩ් සැනිටයිසර් අත්‍යාවශ්‍යයි
ඇත්තෙන්ම සාමාන්‍ය සබන් වලට වැඩිය මේවා වල ඔය කියන විදිහේ වෙනසක් නම් නෑ. සාමාන්‍ය සබන් කෑල්ලකින් හේදුවත් ඇන්ටි-බැක්ටීරියල් කියන සබන් වලින් හේදුවත් එකම පිරිසිදු කිරීම වෙන්න කියලා පරීක්ෂණ වලින් තහවුරු කරලයි තියෙන්නෙ. අතට හැන්ඩ් සැනිටයිසර් දාගෙන කනවට වැඩිය සබන් ටිකක් දාල අත හෝදගත්තොත් තමයි හොඳ.
7. ෆ්ලිප්-ෆ්ලොප් දැම්මට කමක් නෑ
අපි දාන බොහොමයක් පටි දෙකේ සෙරෙප්පු කකුලට සුදුසු විදිහට හදලා නෑ. ඉතින් නිතරම පටි සෙරෙප්පු දාන කෙනෙක් නම් එයින් ඔබට හානියක් සිදුවෙන බව දැනගෙන සිටිය යුතුයි. මෙයින් විළුඹේ වේදනාව, යටිපතුලේ ආච් එකට හානි වීම ඉඳලා ස්නායු වලට හානි වීමෙ දක්වා සිදුවෙන්න පුලුවන්.
Leave a Reply