දැන් ඔය සෙක්ස් කිරීම සම්බන්ධයෙන් දැනගෙන හිටිය යුතු දේවල් සෑහෙන්න ප්‍රමාණයක් ගැන අපි කියලා තියෙනවා මීට කලින් වාර ගණනාවකදීම. හැබැයි ඒ විතරක් නෙවෙයි, සෙක්ස් කරනකොට වෙන්න පුලුවන්, විකාර සහගත දේවල්, ආතල් කුඩු වෙන දේවල් ගැනත් මීට කලින් දෙසැරයකදීම අපි කියලා තියෙනවා. දැන් ඔය අපි කියන සෙක්ස් කරනකොට වෙන්න පුලුවන් විකාර මැන්ටල් වැඩ, ලැජ්ජ හිතෙන වැඩ, ආතල් කුඩු වෙන වැඩ නිසා ඒ වෙලාවට ආයෙ ජීවිතේට සෙක්ස් කරන්නෙ නෑ, කැලේට ගිහින් තාපසයෙක් වෙලා බාවනා කරනවා කියලා හිතුණත්, ඇත්තටම පස්සෙ කාලෙකදී ඔය සීන් මතක් කරලා හිනා වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදර කවුරුත් නැති අතරේ සෙක්ස් කර කර ඉන්නකොට ගෙදර අය ආපු වෙලාවට ඇඳුනුත් නැතුව ඇඳ යටට රිංගලා ඉන්න වෙන එක ආතල් නෑ. හැබැයි දෙන්නා බැඳලා ළමයිනුත් ඉන්න පස්සෙ කාලෙක ඔය සීන් එක මතක් කර කර හිනාවෙන්නත් පුලුවන්. ඉතින් මේ කියන්න යන්නේ ආන්න ඒ විදියේ, සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන් දෙන්නගේ ආතල් කුඩු කරනතව අප්සට් දේවල් කීපයක්!
සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන්, දෙන්නගේ ආතල් කුඩු කරන අප්සට් දේවල් – 1 කොටස
සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන්, දෙන්නගේ ආතල් කුඩු කරන අප්සට් දේවල් – 2 කොටස
01. කොන්ඩම් ප්‍රොබ්ලම්
මේක ඉතින් ඔය සෙක්ස් කරන්න ආධුනික හාදයන්ට හාදියන්ට අනිවා එන ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට, කොන්ඩම් එකක් හරි හැටි කොහොමද දාගන්නේ කියලා උයූටියුබ් වීඩියෝ එකකින්වත් බලන්නෙ නැතුව මුලින්ම සෙක්ස් කරන්න කියලා කොන්ඩම් පැකට් එකකුත් අරගෙන රූම් එකකට ගෑණු ළමයත් එක්ක යන සූටි මල්ලිලා. කොන්ඩම් එක දිගෑරලා දාන්න හදපු අවස්ථා ඉතින් දුර්ලභ නෑ. ඒ විතරක්ද, සමහර වෙලාවට කොන්ඩම් එක හරියට දාගෙන නැති නිසා, සෙක්ස් ෆන් එක උද්වේගයෙන් නැගලා යන අතරමැද්දේ කොන්ඩෝම් එක ලිස්සලා ගිහින් ගැලවිලා වැටෙනවා. සමහර වෙලාවට කොන්ඩම් එක ඇතුළේ. මෙව්වා ආධුනිකයින්ට වෙන සිද්ධි ඉතින්. ඒ වෙලාවට අප්සට් තමයි. හැබැයි හොඳම දේ තමයි, කලින්ම යූටියුබ් එකේ සර්ච් කරලා, කොහොමද හරියට කොන්ඩම් එකක් දාන්නේ කියලා දැනගෙන යන එක.
02. මන්ද පමා? නින්ද ගියා!
සෙක්ස් කරනවා කියන එක ඉතින් හෙනම උනන්දුවෙන් සිද්ධ වෙන වැඩක්නේ. සාමාන්‍යයෙන් එහෙමයි. ඔන්න දැන් වයිෆ් හෙනම උනන්දුව පිට සෙක්සි නයිට් ඩ්‍රෙස් එකක් එහෙම ඇඳලා ලෑස්ති වෙලා ඉන්නවා හස්බන්ඩ් එනකල්. හස්බන්ඩ් ඉතින් හවස හය වෙනකල් වැඩ කරලා අමාරුවෙන් ගෙදර ඇවිත්, ටයර් හතර හතරපොළේ දාලා සෝපාවේ පතබෑවිලා ඉන්නවා. ඔන්න එතකොට වයිෆ් එනවා. අම්මට උඩු. හස්බන්ඩ්ට මහන්සි අමතක වෙනවා. දුවනවා වොෂ් එකක් දාගෙන එන්න. එහෙම ඇවිත් වයිෆ්වත් එක්ක බෙඩ්රූම් එකට යනවා. ගිහින් ඔන්න වැඩේට සෙට් වෙනවා. ඔන්න හස්බන්ඩ් යනවා පහළට, වයිෆ්ට ඕරල් සෙක්ස් පාරක් දෙන්න. වයිෆුත් මාර සතුටෙන් ඉන්නවා. ටික වෙලාවක් යනකොට හස්බන්ඩ් එහෙමම ඉන්නවා, හැබැයි මොකුත් වෙන්නෙත් නෑ. හීනියට ගොරවන සද්දෙකුත් ඇහෙනවා! ඉතින් එතකොට එන හැඟීම හිතලා බලන්ඩකෝ පිංවතුනි! ඕකම ඉතින් අනෙක් අතටත් වෙනවා හැබැයි. හස්බන්ඩ් ෆුල් ජිම්නාස්ටික් සීන් එකෙන් අළුතින් පෝර්න්හබ් බලල ඉගෙන ගත්තු ටෙක්නික්ස් දාගෙන දාගෙන යනකොට, වයිෆ් ගොරෝනවා!
03. ඊයෙ බිල් ටික දැම්මද?
ඔන්න දැන් දෙන්නත් එක්ක, ඇඳට මල් පෙති ඉහලා, රොමෑන්ටික් මියුසික් එකක් එහෙම දාලා, ඉටිපන්දම් එහෙම ගහලා මාර හැඟීමකින් දෙන්නත් එකක් ඇඳට එනවා සෙක්ස් කරන්න. ආයෙ ඉතින් හොලිවුඩ් එරොටික් ෆිල්ම් එකක වගේ ඔන්න වැඩේ නැගලා යනවා. හැබැයි එහෙම වැඩේ බාගයක් දුරට යනකොට ඔන්න වෙන වෙන කල්පනාවල් ඔලුවට එන්න පටන් ගන්නවා. මෙහෙන් ගෑණු ළමයා පිස්සුවෙන් වගේ කිස් කරනවා. එතකොට මුන්දැට මතක් වෙනවා ‘ඊයෙ බොසා ෆයිනලයිස් කරන්න කියපු බිල් ටික දැම්මද මං?’ කියලා. එහෙම නැතිනම් කොල්ලා පිස්සුවෙන් වගේ සංසර්ගය කරන අතරේ ගෑණු ළමයට මතක් වෙනවා ‘ඊයෙ සඳරේඛා උජාරුවට ඇඳගෙන ඇවිත් හිටපු නිල් පාට සාරිය නං ඕකි ගන්න ඇත්තෙ කියපු විදියට සරීතාස් එකෙන් නෙවෙයි, කොහෙන් හරි පොඩි රෙදි කඩේකින් වෙන්ඩෝන’ කියලා. ඉතින් ඔහොම පුලුවන්ද මහත්තයෝ හැඟීමෙන් සෙක්ස් කරන්න? එහෙම එක්කෙනෙක්ගේ අවධානය එහෙ මෙහෙ යනකොට, ඒක අනික් කෙනාටත් දැනෙන්න ගන්නවා. ඉතින් සෙක්ස් කිරිල්ල පට්ට බෝරින් වෙනවා.
04. මල් සුවඳක් නෑනේ!
මේක ඉතින් ගොඩක් වෙලාවට නොදැනුවත්කම නිසා, සෙක්ස් වලට ආධුනික අයට වෙන්න පුලුවන් දෙයක්. දැන් ලිංගේන්ද්‍රියන් කියන්නෙත් අපේ ශරීරයේ තියෙන කොටස්නේ. එතකොට ඒවැයින් විතරක් අමුතුවෙන් මල් සුවඳක් හමන්නෙ නෑ. හැබැයි සෙක්ස් වලට ආධුනික සමහරුන්ගේ ඔළුවේ තියෙන ආකල්පය වෙන්නේ ඒවා මල් සුවඳ හමන, ස්ට්‍රෝබෙරි රස එන තැන් කියලා. ඉතින් එහෙම හිතාගෙන ඕරල් සෙක්ස් එහෙම කරන්න ගියහම “ඊයා අනේ” කියනවා. එතනින්ම සෙක්ස් හබක්. දැන් ඕකේ දෙපැත්තක් තියෙනවා. එකක් ශරීරයක් එක්කයි සෙක්ස් කරන්නේ කියලා ඔලුවේ තියාගෙන සෙක්ස් කරන්න එන එක. දෙවෙනුව, සෙක්ස් කරන්න එනකොට තමන්ගේ පුද්ගලික ශරීර පිරිසිදුකම උපරිමයෙන්ම තියෙන්න ඕන කියන එක අපි කලින්ම කියලා තියෙනවනේ. ඒ කියන්නේ, ඔය ප්‍රයිවට් පාට්ස් එහෙමත් හොඳට සබන් හෝ ෂවර් ජෙල් හෝ දාලා හෝදගෙන කරගෙන එන්න ඕන. එතකොට ඇත්තටම කිසිම ගැටළුකාරී ගන්ධයන් ප්‍රයිවට් පාට්ස් වලින් එන්නෙ නෑ. එතකොට එන්නේ ඒ ඒ පාට්ස් වල තියෙන ස්වභාවික ගන්ධය. ඒක කිසිසේත්ම අපුල දෙයක් නෙවෙයි.
05. නැගිටින්නෙම නෑනේ!
මෙන්න මේකත් විශේෂයෙන්ම පිරිමියාට සිද්ධ වෙන්න පුලුවන් අවුලක්. අපි කියමු දෙන්නත් එක්ක ෆුල් හැඟීමෙන්, ටොප් ගියර් එකට දාගෙන සෙක්ස් කරන්න පටන් ගන්නවා. හැබැයි ෆෝර්ප්ලේ එක උපරිම ලෙවල් එකකින් යනකොට ඔන්න පිරිමියාගේ ලිංගය අප්‍රාණික වෙනවා. සෙක්ස් කිරිල්ල හබක්. ඇත්තටම ගොඩක් පිරිමි මේක තමන්ට සිද්ධ වෙන බොහොම පුද්ගලික මට්ටමේ ලැජ්ජාවක් විදියට ගන්නවා. දැන් එතකොට මොකද කරන්නේ? හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. සමහරුන්ට ඒක ශාරීරික ගැටළුවක් නිසා වෙන්න පුලුවන්. සමහර දියවැඩියාව වගේ රෝගී තත්වයන් නිසාත් ඒ ගැටළුව මතුවෙන්න පුලුවන්. එහෙම නැතිනම් ඒක මානසික හේතුවක් වෙන්නත් පුලුවන්. උදාහරණයක් විදියට කාන්තාවගේ කලින් අත්දැකීම් එක්ක තමන්ට තරග කරන්න බැහැයි වගේ ෆීල් වෙන නිසා, එහෙම නැතිනම් වෙන හිතට දැනෙන අවුලක් නිසා වෙන්න පුලුවන්.
06. සෙක්ස් මැද්දෙ ඉමෝෂනල් ටෝක්!
දැන් ඔන්න දෙන්නත් එක්ක ආදර පෑම් කරන්න පටන් අරගෙන, සෙක්ස් කිරීම ඉස්සරහට යනවා. දැන් ඕක රොමෑන්ටික් විදියට යනකොට, දෙන්නම ඉමෝෂනල් තැනකනේ ඉන්නේ. දැන් එහෙම හොට් එකේ නැගගෙන යනකොට, ඔන්න එක්කෙනෙක් අහනවා ඔයා මට ඇත්තටම ආදරෙයිද කියලා. එතකොට “ඔව් වස්තු කැටේ” කියලා දිගටම යන්න පුලුවන්. හැබැයි ඒ ටෝක් එක එතනින් ඉවර වෙන්නෙ නැතිනම්? “ඔයා ඇත්තටම ඇත්තටම මට ආදරෙයිද, ඔයාගෙ කලින් බෝයිෆ්රෙන්ඩ්ලටත් වඩා ආදරෙයිද?” කියලා අහනවා. දැන් කෙල්ල සෙක්ස් කරන එක නවත්තලා, ඉමෝෂනල් වෙලා, අනික් අයට වඩා මෙයාට ආදරෙයි කියන්න හේතු කියනවා. සමහර වෙලාවට අන්තිමට ටෝක් එක දෙන්නගේ ජීවිත ප්‍රශ්න, ජීවිත අත්දැකීම් ගැන සාකච්ඡා කරන තැනකටම යනවා. එතකොට මොකද වෙන්නේ? වෙන්නේ ඉතින් එක්කෝ ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා. එහෙම නැතිනම් සෙක්ස් කරන එක පැත්තකට දාලා, දෙන්නට ඇඳේ ඉඳගෙනම ඉමෝෂනල් ටෝක් එක ඉවර කරගන්න වෙනවා.
07. මැද්දෙන්ම ඉවරයි!
මේක ඉතින් ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවයට වෙන්න පුලුවන් දෙයක් වුණාට, ස්ත්‍රී පිරිමි දෙගොල්ලන්ටම වෙන්න පුලුවන්. ඒ තමයි, සෙක්ස් කරගෙන යන මැද්දේ, එහෙම නැතිනම් පටන් ගත්තු ගමන් සුරතාන්තයක් ඇවිත් වැඩේ ඉවර වෙන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු සෙක්ස් කරන්න පටන් අරගෙන, ෆෝර්ප්ලේ එක යන අවස්ථාවෙදී පිරිමියාට සුරතාන්තයක් ආවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ පිරිමියාට ඒත් දිගටම වැඩේ කරගෙන යන්න පුලුවන් නම්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ පිරිමියාට එතනින් එහාට මොකුත් කරගන්න බැරි වීම. සාමාන්‍යයෙන් පිරිමියෙක්ට සුරතාන්තයක් ආවට පස්සේ ආයෙත් බැටරි චාර්ජ් වෙන්න ටිකක් වෙලා යනවනේ. එතකොට ඉතින් කාන්තා පාට්නර්ට මොකුත් ලැබිලා නැතිනම්, දෙන්නටම ඒක ටිකක් අප්සට් අවස්ථාවක්. ඒක ඉතින් කතාබහ කරලා විසඳගන්න ඕන. මොකද, දෙන්නටම එක විදියට සුරතාන්තයන් ලැබෙන්නෙ නැහැනේ.
හැබැයි අමතක කරන්න එපා. ඕක අනික් පැත්තටත් වෙනවා. කාන්තාවට පිරිමියාට වඩා ඉක්මනට සුරතාන්තයක් එන්න පුලුවන්. හැබැයි සාමාන්‍යයෙන් කාන්තාවට සුරතාන්තයක් ආවත් දිගටම යන්න පුලුවන් නිසා ඒක ලොකු ගැටළුවක් වෙන්නෙ නෑ. ගැටළුව වෙන්නේ කාන්තාවටත් සුරතාන්තයෙන් පස්සේ ටිකක් වෙලා යනකල් බැටරි චාර්ජ් වෙන්නෙ නැතිනම් තමයි.
Leave a Reply