සුවඳ විලවුන් වෙනුවට 24 hours ස්වාභාවික සුවඳවත් වීමේ රහස්

ක්‍රියාකාරී ආහාර (Functional foods) යනු පෝෂණ අගය ඉක්මවා සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන ආහාර වේ. පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් අමුද්‍රව්‍ය වලට අමතරව, විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝබියොටික් ප්‍රතිඔක්ෂිකාරක සහ තන්තු වලින් ශක්තිමත් ආහාර මේ කාණ්ඩයට අයත් වේ.
Functional foods අතර දේශීය ඉතා වැදගත් පානයන් ගැන කතා කරන්න තමයි lifie මේ සූදානම.

01. බෙලිමල් පානය

ඉන්දියාවේ බෙලි හඳුන්වන්නේ මැජික් පානය කියලා. බෙලි මල්වල පෝෂණ ගුණය ඉක්මවා සෞඛ්‍ය ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් තියෙනවා. බෙලිවල ප්‍රතිඔක්ෂිකාරක ගුණය ඉහළයි. Tannins (or tannoids) රසායනික සංයෝගය සහ Flavonoid රසායනික සංයෝගය අඩංගුවීම නිසා බෙලි පානය functional drink එකක් ලෙස හඳුන්වනවා. බෙලි යුෂ පානය සහ බෙලි මල් පානය නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පහත සඳහන් වේ.

  • සමේ බැක්ටීරියා හා දිලීර ආසාදනයන් සඳහා ප්‍රතිරෝධකයක් ලෙස
  • රුධිරගත කොලොස්ටොරෝල් පාලනයට
  • පිලිකා ශෛල විනාශ කිරීමට (පියයුරු පිළිකා සෑදීමේ අවධානම අවම වේ)
  • ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සඳහා. (බඩ පුරවා දැමීම, ආහාර ජීර්ණය, බඩ වේලීම)
  • මානසික ආතතිය පාලනය සඳහා
  • ගැස්ටුයිටිස් වැළැක්වීම සඳහා
  • විදුරුමස් දියවීම වැළැක්වීම සඳහා

02. ඉරමුසු පානය

ඉරමුසු වල Saponin කියන රසායනික සංයෝගයත් අඩංගු නිසා functional drink එකක් විදියට සලකනවා. 24 house ශරීරය සුවඳ කරයි. මෙමගින් ලැබෙන ප්‍රතිලාභ.

  • ශරීරයේ ඇති වන උෂ්ණ ගතිය අඩුකර ඇඟ සිසිල් කරයි
  • ශරීරය සුවඳ කරවයි
  • මුත්‍රා ගල් සඳහා
  • මුත්‍රා දැවිල්ලට
  • කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම සඳහා
  • ශරීරයේ ලේ පිරිසුදු කිරීමට
  • කටහඬ අපැහැදිලි බවට
  • පුංචි දරුවන්ගේ ඇඟ කැසීමට
  • ලේ ගෙඩිවලට
  • බඩවැල්වල හා ආමාශයේ තුවාල සඳහා

03. ගොටුකොළ පානය

විශේෂයෙන්ම දේශීය ගොටුකොළ ලෙස සැලකෙන පත්‍ර කුඩා වැල් ගොටුකොළවල රසායනික සංයෝග බහුලව පවතිනවා. ගොටුකොළ කැඳ වශයෙන් හා වේලලා පානයක් ලෙසද සාදා ගත හැකියි.

  • පීනස සඳහා
  • සමේ කැළල් සහ තුවාල සඳහා
  • මතක ශක්තිය අඩුවීම සඳහා
  • බිලිඳුන්ගේ කැස්සට
  • ධාරණ ශක්තිය වැඩිකිරීමට
  • සෙම් රෝග සඳහා
  • ශරීරයේ දැවිල්ල සඳහා
  • ඇස්වල පෙනුම සඳහා
  • සම පැහැපත් කිරිමට
  • කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වැඩි කරයි
  • මුත්‍ර මාර්ගයේ අසාදන සඳහා
  • උපදංශයට
  • රක්ත වාතය සඳහා
  • අතීසාරය සඳහා
  • අක්මා රොග සඳහා
  • ප්‍රකිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කිරිමට බලපානු ඇත
  • පණු රෝග සඳහා
  • ලාදුරු රෝගය සඳහා

04. අශ්වගන්ධ පානය (අමුක්කරා)

රසායනික සංයෝග වලින් පොහොසත් අශ්ව ගන්ධ පානයද ලෝකය තුල ඉතා ප්‍රසිද්ධ පානයක්. මෙමගින්,

  • කාය ශක්තිය වර්ධනය
  • කෘමි රෝගවලට
  • හදවතේ දුර්වලතාවට
  • ප්‍රජනන කාර්යයේදී රසායන වාජීකර හොදින සිදු කිරිම
  • රක්ත ප්‍රමේහය
  • ශුක්‍ර ක්ෂය ලිංග අප්‍රාණිකත්වය සඳහා
  • උදරගත ආබාධ වලට
  • හෘදගත වාත රොග සුව කරයි

05. නෙල්ලි පානය

නෙල්ලි යුෂ කියන්නේ කොලජන් වල මූලික කොටසක් වන විටමින් C අඩංගු ප්‍රභවයක්. අපේ රටේ බහුලව පවතින පලතුරක් තමයි නෙල්ලි. නෙල්ලි පානය නිසා පහත සඳහන් ප්‍රතිලාභ අපට ලබගත හැකියි.

  • දියවැඩියාවෙන් පෙළෙන්න නම් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි
  • රුධිර සංසරණ ආතතිය අඩු කරයි
  • ධමනි සිහින් වීම, හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම අවම කරයි
  • සම වර්ධනයට සහ අලුත්වැඩියා කිරීමට උපකාරී වෙයි
  • කොලෙස්ටරෝල් මට්ටම සාර්ථකව අඩුකරයි
  • නෙල්ලි යුෂ පානය කිරීමෙන් ශරීරය පුරා ඇති නරක බැක්ටිරියා වල ක්‍රියාකාරිත්වය අඩුවේ
  • අස්ථි සෞඛ්‍යයට සහ රුධිර සංසරණයට ඉතාමත් හිතකරයි

06. නිල් කටරොඩු පානය

මේ වෙනකොට ලෝකයේ සහ අප රටේද trend එකක් බවට නිල් කටරොඩු පානය ප්‍රචලිතයි. මෙය ප්‍රබල ඔක්සිකාරකයක්. ඇන්තොසියානින් අඩංගුයි. පහත සඳහන් ප්‍රතිලාභ ලබාගත හැකියි.

මෙය ආහාර වර්ණ ගැන්වීම සඳහාද භාවිතා කරයි.

  • Stress එක අවම කරන පානයක් ලෙස ඉතා ප්‍රසිද්ධයි
  • මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයයි
  • ආහාර ජීර්ණය පහසු කරයි
  • සම පැහැපත් කරයි
  • හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි
  • දියවැඩියා තත්ත්වය සමනය කරයි
  • හෘද සෞඛ්‍ය ඉහළ නංවයි
  • පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි
  • ඇස් පෙනීම වැඩි දියුණු කරයි

07. ගොරක පානය

අපේ ආහාර රස ගැන්වීම සඳහා භාවිතා කරන අතර ලංකාවේ මෙය පානයක් ලෙස සකසා ගැනීම එතරම් ප්‍රසිද්ධ නෑ. නමුත් ගොරකා යුෂ පානය නිසා අපට ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ලැබෙනවා.

  • අනවශ්‍ය තෙල් ඉවත් කරයි
  • කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
  • ආහාර රුචිය ඇති කරයි
  • ආහාර අතර පවතින අසාත්මිකතා අවම කරයි
  • හොරි, දද ආදිය සුව වෙි
  • ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ෂා වේ
  • ලේවල සීනි ප්‍රමාණය අඩු කරයි
  • දියවැඩියාව පාලනය වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *