කටට රසට කන්න කෙසෙල්මුව රෙසිපි 5ක්

ලංකාවෙ අපි ගොඩක් කන කෑමක් තමා කෙසෙල් මුව. කෙසෙල් කැන පීදුනට පස්සෙ ඉතිරි වෙන කොටස තමයි කෙසෙල් මුව විදියට ගන්නෙ. මේක ගොඩක් රසවත් විදි වලට හදාගන්න පුලුවන්. හැමදාම හදන ක්‍රම වලින් එහාට ගිහින් ඔන්න ටිකක් වෙනස් විදියට කෙසෙල්මුව හදන හැටි කියලා දෙන්න හිතුවා. එහෙනම් කියවලා බලන්න.

01. කෙසෙල්මුව සීනි සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය :-
කෙසෙල්මුව 1
ලියාගත් ළූණු ගෙඩි 1
කරපිංචා කොළ ස්වල්පයක්
හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ
වියලි මිරිස් කරල් 5 පමණ
කෑලිමිරිස් තේහැඳි 2
ලුණු ස්වල්පයක්
විනාකිරි මේසහැඳි 3
සීනි මේසහැඳි 2
බැදීමට තෙල්

  • කෙසෙල්මුව හීනියට කපලා ලුණු වතුර දාලා විනාඩි 10ක තියන්න.
  • ඊළඟට මේක වතුර බේරෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න.
  • මේ වගේම ළූණු, කරපිංචා, මිරිස්, හාල්මැස්සො ටිකත් වෙන වෙනම බැදගන්න.
  • දැන් මැටි මුට්ටියක් ලිපේ තියලා තෙල් මේසහැඳි 2ක් වගේ දාගන්න.
  • තෙල් රත්වෙනකොට විනාකිරි හා කෑලිමිරිස් ටික දාලා කලවම් කරගන්න.
  • ඊලඟට මේකට බැදගත් සියල්ලම දාලා රස අනුව සීනි හා ලුණු දාලා කලවම් කරගන්න.
  • ටිකකින් ලිපෙන් බාගන්න.

02. කෙසෙල්මුව පෙති බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය :-
කෙසෙල්මුව 1
පාන්පිටි මේසහැඳි 1
කඩලපිටි මේසහැඳි 1
බිත්තර 1
මිරිස්කුඩු තේහැඳි 2
කහකුඩු තේහැඳි 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
බිස්කට්කුඩු ස්වල්පයක්
බැදීමට තෙල්

  • කෙසෙල්මුව වටේට ඇරිලා තියල කොළ ගලවලා කෙසෙල්මුවට ෆිට් වෙලාම තියන කොටස ගන්න.
  • දැන් අග ඉඳලා තරමක පෙති කපාගන්න.
  • බෝල් එකකට පාන්පිටි, කඩලපිටි, බිත්තරය දාලා මේකට මිරිස්කුඩු, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න.
  • දැන් කෙසෙල් පෙති මේ බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගන්න.
  • ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.

03. කෙසෙල්මුව චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෙසෙල්මුව 1
කඩල පරිප්පු මේසහැඳි 1
වියළි මිරිස් කරල් 2
කහකුඩු තේහැඳි 1/2
තෙල් ස්වල්පයක්
ගාගත් පොල් කෝප්ප 1
සියඹලා තේහැඳි 1
හකුරු තේහැඳි 2
ලුණු ස්වල්පයක්

  • කෙසෙල්මුව වල වටේ තියන ලොකු පෙති ටික ගලවලා ගන්න.
  • මේක තරමක කෑලි කපලා භාජනයකට දාලා කහකුඩු හා වතුර දාලා තැම්බෙන්න තියන්න.
  • මේක හොඳට තැම්බුනාම ලිපෙන් බාලා වතුර පෙරාගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කඩල පරිප්පු හා වියළි මිරිස් දාලා හොඳට බැදෙන්න අරින්න.
  • දැන් මේ ටික බැදුනම ලිපෙන් බාලා ග්‍රයින්ඩර් එකට දාලා තම්බාගත් කෙසෙල්මුව ටිකත් දාගන්න.
  • මේකට ගාගත් පොල්, සියඹලා,හකුරු හා රස අනුව ලුණු දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.

04. කෙසෙල්මුව සලාද

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෙසෙල්මුව 1
කපාගත් ළූණු ගෙඩි 1
කපාගත් තක්කාලි ගෙඩි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් සුදුළූණු බික් 2
කපාගත් අමුමිරිස් කරල් 2
දෙහි බෑයක යුෂ
රෝස්ට් කරගත් තල ඇට ස්වල්පයක්
රෝස්ට් කරගත් රටකජු ස්වල්පයක්

  • කෙසෙල්මුව කොල ඇතුලෙ තියන පොඩි කෙසෙල් මල් ටික ගන්න.
  • මේකෙ කහපාට මල් කොටස හා අලුපාට කූරක් වගේ කොටස අයින් කරගන්න.
  • තනිකර සුදුපාට ටික ගන්න.
  • ඒ වගේම කෙසෙල්මුව වල ඇතුලෙම තියන සුදුපාට කොටසත් ගන්න.
  • මේ ටික පොඩියට කපලා ලුණු ටිකක් දාලා තම්බගන්න.
  • විනාඩි 2ක් වගේ තැම්බුනාම ලිපෙන් බාලා වතුර පෙරාගන්න.
  • වතුර හොඳටම අයින් වෙනකල් තියන්න.
  • දැන් මේ ටික බෝල් එකකට දාලා කපාගත් ළූණු, තක්කාලි, අමුමිරිස් ටික දාගන්න.
  • තලඇට, රටකජු, සුදුළූණු, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා දෙහි යුෂ ටිකක් දාලා අනාගන්න.

05. කෙසෙල්මුව චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෙසෙල්මුව 1

පළවෙනි කෝට් එකට:-
කර්ඩ් මේසහැඳි 2
කොත්තමල්ලි කුඩු තේහැඳි 1/2
කහකුඩු තේහැඳි 1/4
මිරිස්කුඩු තේහැඳි 1
ලුණු ස්වල්පයක්
ඉඟුරු සුදුළූණු පේස්ට් තේහැඳි 1

දෙවෙනි කෝට් එකට:-
කෝන්ෆ්ලා මේසහැඳි 1
පාන්පිටි මේසහැඳි 2
ලුණු ස්වල්පයක්
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
බැදීමට තෙල්

  • කෙසෙල්මුව ඇතුලෙ තියන පොඩි කෙසෙල් මල් ටික ගන්න.
  • මේවයෙ ඇතුලෙ තියන මල් රේණු කොටස අයින් කරගන්න.
  • දැන් මේ ටික වතුර භාජනයකට දාලා තියන්න.
  • ටිකක් පෙඟුනම හොඳට සෝදලා වතුර අයින් කරගන්න.
  • දැන් බෝල් එකකට කර්ඩ්, කොත්තමල්ලිකුඩු, කහකුඩු, මිරිස්කුඩු, ලුණු හා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා කලවම් කරගන්න.
  • දැන් මේකට කෙසෙල් මල් ටික දාලා කලවම්කරගන්න.
  • වෙනම බෝල් එකකට පාන්පිටි, කෝන්ෆ්ලා හා ලුණු දාලා වතුර ටිකක් දාලා තික් බැටර් එකක් හදාගන්න.
  • මේකට චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න.
  • දැන් මේකට කෙසෙල් මල් ටික දාලා එකින් එක රත්වුණු තෙලට දාලා බැදගන්න.

Leave a Reply

Your email address will not be published.