පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක හදමු

මේ වෙලාවේ අපේ රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා ගොඩක් අය රට හැරදාල යන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඉතින් රටට බරක් නොවී, පවුලට බරක් නොවී, ⁣ගොඩ යන්න හිතන ඔයාලගෙ රටකට යනකොට ගෙනියන බෑගය, baggage එක බරක් නොවී සකස ගන්න වැදගත් වන tips කීපයක් ඔයාලට අරන් එන්න තමයි මේ lifie අපි සූදානම් වෙන්නෙ.

පළමු වතාවට ඔයා flight එකේ යනව නම් ඔයා කොහොමද ඔයාගෙ baggage එක ඉතාමත් නිවැරදිව, පිළිවෙළට, ගෙන යා හැකි බරට අනුව සකසා ගන්නෙ කියන එක ගැන ගොඩක් අය දැනුවත් නෑ. එහෙනම්, දැනුවත් නැති අය දැනුවත් කරන්නයි මේ සූදානම.

01. රැගෙන යා හැකි baggage ගණන

ගුවන් ගමනට අපට baggage දෙකක් සහ ලැප්ටොප් බෑගයක් රැගෙන යා හැකියි.

● නිවැරදිව මෙම baggage සැකසීම.
● තිබෙන ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගැනීම.
● රැගෙන යා හැකි බරට සරිලන පරිදි සැලසුම් කිරීම.
● කැඩෙන බිඳෙන බඩු ආදිය අසුරන නිවැරදිම ආකාරය.
● බෑගය අස්ථානගත වුනොත් එය සොයා ගැනීමට පහසු ආකාරයට සැලසුම් කිරීම.
● අත්‍යවශ්‍ය ලියකියවිලි ආදිය බහාලිය යුතු baggage එක කුමක් විය යුතුද යන වග.
● බෙහෙත් වර්ග රැගෙන යනවා නම්, පිළිපැදිය යුතු නීති රීති.
● Hand baggage එක සම්බන්ධයෙන් පවතින නීති

ආදී විශාල වශයෙන් අපිට හිතන්න කාරණා රැසක් තියනව.

 

02. Main baggage එක තෝරාගැනීම

බෑගයේ ප්‍රමාණය, ගෙනියන්න පුළුවන් බර මත තීරණය කරන්න. ඔයාට ⁣ගෙනියන්න පුළුවන් බර කිලෝ 30 වගේ නම් ඔයා කිලෝ 7-8 බෑගයක් තෝරා ගන්න එපා. බරින් සහ විශාලත්වයෙන් අඩු බෑගයක් තෝරා ගන්න.
බෑගය හොඳින් ඝනකම් එකක් විය යුතුයි. Handle එක හොඳට හයිය එකක් විය යුතුයි. බෑගයේ පතුලෙහි තිබෙන රෝද ඇතුලට තිබෙන එකක් නම් වඩාත් හොඳයි. මොකද ඔයා airport එකේදි ඔයාගෙ main baggage එක බාර දුන් විට ඒක ඔයාට නැවත ලැබෙන්නෙ ගමන අවසානයේ. මේ බෑගය එහාට මෙහා⁣ට කරන විට, බොහෝ වෙලාවට වීසි කිරීමකට ලක් වෙනවා. ඒ නිසා මුලින් කියපු දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

 

03. Main baggage එක අසුරන ආකාරය

Main baggage එකේ රෙදි ඇසිරීමේදී මුලින්ම ඔබේ සපත්තු බෑගයේ වටේට අතුරන්න. ඒ මගින් බෑගයේ මැද තබන බඩු තැලෙන පොඩිවෙන එකෙන් පරිස්සම් වෙනවා. සපත්තු ඇතුලට මේස් දාන්නත් අමතක කරන්න එපා.
බෑගයේ ඇතුළත සාක්කු වලට පොඩි ඇඳුම්, යට ඇඳුම් ආදිය දාගන්න. ඒ මගින් ඉඩ ඇහිරෙන එක වැළකෙනවා.
ෂැම්පු බෝතල්, සුවඳ විලවුන් ආදී බෝතල් තියෙනවනෙ. ඒවත් මැදින් දාගන්න.
ඇඳුම් නමන වි⁣ට රෝල් කරල නමා ගන්න. එතකොට ඉඩ ඇහිරෙන්නෙ නෑ.
නැතිනම් එකක් මත එකක් ඇඳුම් අතුරල සියල්ල එකම ගොඩක් විදිහට නමා ගන්න.
හැම ඉඩකම උපරිම විදියට දේවල් අසුරගන්න අමතක කරන්න එපා.

 

04. Hand baggage එක එකලස් කරගැනීම

කිලෝ 7ක් වගේ බර ප්‍රමාණයක් තමයි hand baggage එකේ ගෙනියන්න පුළුවන්.
ඒ නිසා බරින් වැඩි ඇදගෙන යන baggage එකකට වඩා, බරින් අඩු, කිලෝ 7ක් දාන්න පුළුවන් පිටේ එල්ලන් යන baggage එකක් ගන්න එක කෝකටත් හොඳයි.
ඔයාගෙ අත්‍යවශ්‍ය ලියකියවිලි Main baggage එකට දාන්න එපා. මොකද ඔයාට Main baggage එක නැවත ලැබෙන්නෙ ඔයාගෙ ගමනෙ අවසානයේදි නිසා. එවැනි ලියකියවිලි hand baggage එකේ අසුරගන්න.
දවස් 4කට පමණ අවශ්‍ය බෙහෙත් (බෙහෙත් ගෙනියනව නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයකුගෙන් ලැබුණු ප්‍රෙස්ක්‍රිප්ශන් පත අරන් යන්න අමතක කරන්න එපා. ඒක අත්‍යවශ්‍ය කාරණයක්) මේ hand baggage එකට දාගන්න.
ඔබ ගෙනයන වටිනා ආභරණ අනිවාර්යයෙන් මේකට දාගන්න. Main baggage එකේදි ඒව නැති වෙන්න පුළුවන්.
ඒවගේම ෂැම්පු, හෙයා ක්‍රීම් වැනි දියරමය කිසි දෙයක් hand baggage එකේ ගෙනයාම තහනම්.
දත් බෙහෙත් ගෙනියන්න අවශ්‍ය නම් මිලි ලීටර් 100 වඩා අඩු බෝතලයක දාගෙන ගෙනියන්න පුළුවන්.
කතුරු, නේල් කටර්, කුඩා පිහි ආදී දේවල් hand baggage එකේ ගෙනයාමත් සපුරාම තහනම්.
Hand baggage එකේ අනිවාර්යයෙන් එක ඇඳුමක් දාගන්නත් අමතක කරන්න එපා.
Phone එකේ චාජර් එකත් දාගන්න හොඳේ.

 

05. Laptop බෑගය

Hand baggage එකට අමතරව ඔයාට laptop බෑගයක් ගෙනියන්න පුළුවන්. ඒක ඔයාට ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය⁣ට ගණන් ගන්නෙ නෑ. ඒ නිසා වැඩිය නොපෙනෙන විදියට පොඩි බඩු ටිකකුත් මේක ඇතුළට දාගන්න පුළුවන්.

 

06. Transit එකකදි ගෙනියන්න පුළුවන් බර ගැන දැනුවත් වෙන්න

ඔයාල transit එකක් විදියට වෙනත් රටකදි flight එක මාරු කරලා නම් යන්නෙ, අනිවාර්යෙන් ගෙනියන්න පුළුවන් බර පිළිබඳ සැලකිලිමත් වෙන්න. එකම ගුවන් සමාගමේ නම් මාරු වෙන flight දෙකේම ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය බොහෝ දුරට එක සමාන වෙන්න පුළුවන්. නමුත් ගුවන් සමාගම් දෙකක නම් බර වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට අමතර ගෙවීමක් කරන්න වෙනව. ඒ නිසා ඒ ගැන සොයා බලන්න සැලකිලිමත් වෙන්න

 

07. Baggageවල ආරක්ෂාව තහවුරු කරගැනීම

ඉතින් වැඩේ තාම ඉවර නෑ. ඔයා අනිවාර්යයෙන් main baggage එකේ (ලංකාවෙ book shop එකකින් ගන්න පුළුවන්) ටැග් එකක් එල්ලන්න ඕනි. නම, යන ස්ථානයේ ලිපිනය, තැපැල් අංකය, ඔයාගෙ දුරකථන අංකය (whatsapp) ආදිය විස්තර සටහන් සහිත tag එකක් බෑගයේ සිපර් එකේ එල්ලන්න. එවිට baggage එක නැතිවුනොත් ඔයාට හොයා ගන්න පහසු වෙනව.

අනිවාර්යයෙන්ම ඔයාගෙ ආදරවන්තයගෙ, ආදරවන්තියගෙ photo එකක් ගෙනියනවට අමතරව මේ baggage වල photos ගහගන්නත් අමතක කරන්න එපා. බෑග් නැති වුනොත් ඔයාට හොයාගන්න ලේසියි.

ඔයා ගමන අවසානයට ආ පසුව ඔයා ආපු ගුවන් යානයට අදාළ බෙල්ට් එකට ගිහින් baggage එක ගන්න. ළඟ තියෙන trolley එකකින් එළියට ගෙනියන්න පුළුවන්.

ඉතින් එහෙනම් සුබ ගමන්. ජීවිතේ ජය ගන්න ලැබේවා කියල lifie අපි සුබ පතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *