අල්ලපු රට ඒ කියන්නෙ ඉන්දියාව කියන්නෙ හැම අතින්ම සුන්දර දේවල් තියන රටක්. ආහාර පාන, චාරිත්‍ර, මිනිස්සුන්ගෙ චර්යා මේ හැම එකම සිත් ඇදගන්නා සුළුයි. ඒකනෙ අපිත් ගොඩක් වෙලාවට සමහර දේවල් ඉන්දියන් විදියට කරන්න ට්‍රයිකරන්නෙ. ඉතින් අද අපි කියන්න යන්නෙ ඉන්දියාවටම ආවේණික වුන හරිම රසවත් රසකැවිලි ගැනයි. මේවා කාලා තියන අයට රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. කන්න ආස අයට ගෙදරදිම හදාගන්න රෙසිපි සෙට් එකකුත් ගෙනාවා ඔන්න.
01. Rasagulla
අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරි ලීටර් 3/4
ලෙමන් යුෂ මේසහැඳි 3ක්
ශුගර් සිරප් එකට:-
සීනි කෝප්ප 1
වතුර කෝප්ප 2
- කිරි ටික ලිපේ තියලා උණු කරන්න.
- මේක උණුවෙනකොට ලෙමන් යුෂ ටික දාගන්න.
- දැන් කිරි කිරි කැටි ගැහෙනවා පෙනෙයි.
- පිරිසිඳු රෙදි කෑල්ලකට මේක දාලා කැටිගැහුණු කිරි ටික පෙරාගන්න.
- මේකට වතුර ටිකකුත් දාලා පෙරෙන්න තියන්න.
- දැන් හොඳට මිරිකලා රෙදි කෑල්ලෙන්ම ගැටගහලා පැය බාගයක් තියන්න.
- දැන් මේ කිරි කැටිය අතින් කඩලා විනාඩි 10ක් හොඳට නීඩ් කරගන්න.
- දැන් මේකෙන් පොඩි බෝල හදාගන්න.
- වෙනම පෑන් එකකට සීනි දාලා ලිපේ තියන්න.
- වතුර ටිකත් දාලා සීනි දියවෙනකල් හැඳිගාන්න.
- හොඳට නටනකොට බෝල ටික දාලා විනාඩි 10ක් තියන්න.
- දැන් මේ බෝල ටික සිරප් එකෙන් ටිකක් එක්කම රැයක් ෆ්‍රිජ් එකේ තියන්න.
- උඩින් චොප්කරගත් පිස්ටාචියෝ ටිකක් ඉහලා කෑමට ගන්න.
02. Peda
අවශ්‍ය ද්‍රව්‍ය:-
ගිතෙල් මේසහැඳි 3
කිරි කෝප්ප 1/2
සීනි කෝප්ප 1/2
කිරිපිටි කෝප්ප 2
චොප්කරගත් පිස්ටාචියෝ ස්වල්පයක්
- පෑන් එකට ගිතෙල් ටික දාලා ලිපේ තියන්න.
- මේකට කිරි හා සීනි දාලා හැඳිගාන්න.
- ඊළඟට මේකට කිරිපිටි ටික ටික දාලා කැට නැතිවෙනකල් හැඳිගාන්න.
- හොඳට හැඳිගාලා තික් මිශ්‍රණයක් ආවම ගින්දර අඩු කරලා තවත් හොඳට හැඳිගාන්න.
- පෑන් එකේ නොඇලී එක ගුලියක් වගේ මිශ්‍රණයක් ආවම (අතේ නොඇලෙන) ලිපෙන් බාලා බෝල් එකකට දාගන්න.
- විනාඩි 5ක් වගේ නිවෙන්න තියන්න.
- අතේ තෙල් ටිකක් ගාලා මිශ්‍රණයෙන් ටික ටික අරන් බෝල හදාගන්න.
- දැන් මේ බෝල පොඩ්ඩක් පැතලි කරලා මැදට පිස්ටාචියෝ පෙත්තක් තියන්න.
03. Coconut Jaggery Laddo
අවශ්‍ය ද්‍රව්‍ය:-
ගාගත් පොල් කෝප්ප 2
කුඩුකරගත් හකුරු කෝප්ප 1
කරදමුංගු කුඩු ස්වල්පයක්
- පෑන් එකකට පොල් හා හකුරු දාලා ලිපේ තියන්න.
- අඩු ගින්දරේ විනාඩි 10ක් වහලා පිසගන්න.
- හකුරු දියවේගෙන එනකොට හොඳට කලවම් කරගන්න.
- මේකට කරදමුංගු කුඩු ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
- ටිකක් නිවෙන්න තියලා බෝල හදාගන්න.
04. Kesari
අවශ්‍ය ද්‍රව්‍ය:-
රුලං කෝප්ප 1
ගිතෙල් මේසහැඳි 2
කජු ස්වල්පයක්
රේසින් ස්වල්පයක්
සීනි කෝප්ප 1/2
සැෆ්රන් හෝ කලරින් ස්වල්පයක්
ගිතෙල් කෝප්ප 1/4
කරදමුංගු කුඩු ස්වල්පයක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා කජු හා රේසින් ටික දාගන්න.
- මේ ටික පොඩ්ඩක් බැදුනම ලිපෙන් බාලා මේ පෑන් එකටම රුලං ටික දාගන්න.
- රුලං ටික විනාඩි 5ක් බැදුනම ලිපෙන් බාගන්න.
- වෙනම පෑන් එකකට වතුර කෝප්පයක් දාලා රත්වෙනකොට රෝස්ට්කරගත් රුලං ටික දාගන්න.
- රුලං වලට වතුර උරාගෙන ටික ටික වතුර ගතිය අඩු වෙනකොට සීනි දාගන්න.
- හොඳට කලවම් කරලාසීනි දියවෙනකොට කලරින් දාලා ගිතෙල් කෝප්ප 1/4 දාගන්න.
- හොඳට කලවම් කරලා විනාඩි 2ක් විතර වහලා පිසගන්න.
- ටිකකින් රෝස්ට් කරගත් කජු හා රේසින් ටික දාලා කරදමුංගු කුඩු ටික දාගන්න.
- දැන් වතුර ගතිය අඩු වෙලා මිශ්රණයෙක ගුලියක් වගේ එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා ලෙවල් කරන්න.
- පැය 2ක් වගේ තියලා කෑලි කපන්න.
05. Kesar Burfi
අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරි කෝප්ප 3/4
සැෆ්රන් තේහැඳි 1/4
ගී ඔයිල් කෝප්ප 1/4
පිටිකිරි කෝප්ප 2 1/2
කුඩුකරගත් කජු කෝප්ප 1/4
සීනි කෝප්ප 1/2
තැඹිලි කලරින් ස්වල්පයක් (කැමතිනම්)
චොප්කරගත් ආමන්ඩ්, වෝල්නට්ස් හා කජු ස්වල්පයක්
- කිරි වලට සැෆ්රන් දාගන්න.කලවම් කරලා විනාඩි 20ක් පෙඟෙන්න තියන්න.
- දැන් මේක පෑන් එකකට දාලා ගී ඔයිල් එකතුකරන්න.
- ඊලඟට කිරිපිටි ටික එකතු කරන්න.
- කඩු කුඩු ටිකත් දාගන්න.
- හොඳට කලවම් කරල ලිපේ තියලා හැඳිගාන්න.
- පාට වැඩිකරගන්න ඕනෙනම් කලරින් ටිකක් දාගන්න.
- මිශ්‍රණට ටික ටික තික් වෙලා පෑන් එකෙන් අයින් වෙලා එක ගුලියක වගේ පදමට එයි.
- මේකට විනාඩි 15ක්වත් හැඳිගාන්න ඕනේ.
- දැන් මේ නොඇලෙන ඩෝ එක බටර් ගාගත් ට්‍රේ එකකට දාලා ලෙවල් කරලා උඩින් චොප්කරගත් නට්ස් ටික දාගන්න.
- පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියලා කෑලි කපාගන්න.
06. Gulab Jamun
අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරිපිටි කෝප්ප 1
පාන්පිටි මේස හැඳි 3
යෝගට් කෝප්ප 1/2
ලුණු ස්වල්පයක්
බේකින් සෝඩා තේ හැඳි 1/2
බටර් හෝ ගී ඔයිල් මේස හැඳි 1
බැදීමට තෙල්
ශුගර් සිරප් එකට :-
සීනි කෝප්ප 1 1/2
වතුර කෝප්ප 2
කරදමුංගු කුඩු තේ හැඳි 1/2
රෝස් වෝටර් ස්වල්පයක්
සැෆ්රන් ස්වල්පයක් ( සැෆ්රන් වෙනුවට යෙලෝ කලරින් යොදාගන්න පුලුවන් )
- පාන්පිටි හා කිරිපිටි එකතු කරන්න.
- මේකට ලුණු හා බේකින් පව්ඩර් දාලා හලාගන්න.
- ඊලඟට මේකට යෝගට් ටික දාලා බටර් ටිකත් එකතු කරලා අනාගන්න.
- මේක ඇලෙනසුළු මෝළියක්.
- මේක පැය 1/4ක් වහලා තියන්න.
- ඒ අතරෙ ශුගර් සිරප් එක හදාගන්න.
- පෑන් එකකට වතුර හා සීනි ටික දාලා කරදමුංගු කුඩු ටික දාගන්න.
- රත්කරමින් සීනි ටික දියකරගන්න.
- සීනි හොඳට දියවුනාම රෝස්වෝටර් දාලා ලිපෙන් බාලා සැෆ්රන් ටික එකතු කරන්න.
- තාච්චියකට තෙල් දාලා රත්වෙනකොට ගුලබ් පොඩි බෝල හදලා අඩු ගින්දරේ හිමින් බැදගන්න.
- ගින්දර වැඩි කරගන්න එපා ඇතුල තැම්බෙන්නෙ නෑ.
- ඊලඟට ලිපෙන් බාලා ගුලාබ් ටික එහෙම්මම ශුගර් සිරප් එකට එකතු කරන්න.
07. Malpua
අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් කැරට් අල 2
කිරි කෝප්ප 1/2
වෙනම කිරි කෝප්ප 3/4
පාන්පිටි කෝප්ප 1
රුලං කෝප්ප 1/4
කරදමුංගු කුඩු ස්වල්පයක්
සැෆ්රන් ස්වල්පයක් හෝ කලරින්
සීනි මේසහැඳි 1
බැදීමට තෙල්
ශුගර් සිරප් එකට:-
සීනි කෝප්ප 2
කරදමුංගු ඇට 2
සැෆ්රන් හෝ කලරින් ස්වල්පයක්
වතුර කෝප්ප 2
- කැරට් ටික ග්‍රයින්ඩර් එකට දාලා කිරි ටික දාලා ග්‍රයින්ඩ් කරගන්න.
- දැන් මේ පියුරි එක බෝල් එකකට දාලා පාන්පිටි, රුලං හා කරදමුංගු කුඩු, සැෆ්රන් හා සීනි එකතු කරන්න.
- ඉතිරි කිරි ටිකත් දාලා තික් බැටර් එකක් වෙනකල් විස්ක් කරගන්න.
- කිරි මදිනම් තව ටිකක් එකතු කරන්න.
- මේ බැටර් එක විනාඩි 30ක් වහලා තියන්න.
- වෙනම භාජනයකට ශුගර් සිරප් එකට අදාළ සියල්ලම දාලා ලිපේ තියලා හැඳිගාන්න.
- විනාඩි 5කින් විතර නටන්කොට ලිපෙන් බාගන්න.
- වෙනම පෑන් එකකට තෙල් දාලා රත්වෙනකොට බැටර් එකෙන් මේස හැන්දක් වගේ ගැඹුරු තෙලට දාලා පූරි එක වගේ හැදෙනකොට දෙපැත්ත හරවමින් බැදගන්න.
- රන්වන්පාට වෙනකල් බැදුනම ලිපෙන් බාලා ශුගර් සිරප් එකට දාගන්න.
- විනාඩි 5ක් වගේ පොඟවන්න.
Leave a Reply