එක වගේ කොන්ඩෙ තියෙන එක වගේ උස තියෙන සෙලිබ්‍රිටීස්ලා ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා.. ඒත් එක වගේ මූණ-කට තියෙන… ෆෑන්ස්ලා ට විතරක් නෙවෙයි අනිත් සෙලිබ්‍රිටීස්ලටත් වෙන් කරලා අඳුනගන්න බැරි සෙලිබ්‍රිටීස්ලා ඉන්නවා කිව්වොත් පොඩ්ඩක් අවුල් නේද?.. මේ පෙනුම එක වගේ ප්‍රශ්නේ නිසා සමහර සෙලිබ්‍රිටීස්ලා පොඩි පොඩි කරදර වලටත් මුහුණ දීල තියෙනවා..
01. Zooey Deschanel and Katy Perry
මේ දෙන්නගේ ඇස් දෙකෙයි කටයි පොඩ්ඩක් එක වගේ. කොන්ඩෙත් ඒ කාල එක පාට. ඉතින් ගොඩක් අය මේ දෙන්නව පටලගන්නවා. සොzයී 2009දී පිළිගත්තා ඒ දෙන්නා ටිකක් එක වගේ කියලා. සමහර වෙලාවට මිනිස්සු මොට්ට විදිහට ඒ දෙන්නව පටලගන්නවා කියලා සොzයී කියලා තිබ්බා. 2011දී සොzයී ඉන්ස්ටග්‍රෑම් සටහනකුත් මේ ප්‍රශ්නෙ ගැන දාලා තිබ්බා..
02. Bella Hadid and Jennifer Lawrence
Hadid සහ Lawrence දෙන්නගේ කොණ්ඩ වල පාට වෙනස් උනාට දෙන්නගේ හාට් ශේප් මූණයි ආමන්ඩ් හැඩැති ඇයි දෙක නිසා දෙන්නා සහෝදරියො වෙන්නත් පුලුවන්ද කියලත් හිතෙනවා..
03. Minka Kelly and Leighton Meester
ඇත්ත ජීවිතයේ කෙලී සහ මීස්ටර් හොඳ යාලුවො. 2003 Clearasil ශූට් එකේදී දෙන්නා හොඳ කනෙක්ශන් එකක් තියාගත්තා. ඒ වගේම The Roommate චිත්‍රපටියේ ඔවුන්ගේ රඟපෑමෙදී දෙදෙනාගෙ සමානකම තවත් අපිට හොඳින් පෙන්නුම් උනා..
04. Daniel Radcliffe and Elijah Wood
අපි කවුරුත් ආදරය කරන හැරී පොටර් චරිතයට පන පොවන ඩැනියල් රැඩ්ක්ලිෆ් ගොඩක් වෙලාවට එලිජා වුඩ් එක්ක පැටලෙනව කියලයි ඔහු කියන්නේ. මිනිස්සු ඇවිල්ල අහනවලු ඔහු එලිජා වුඩ් ද? කියලා. මම ඔහු නෙවෙයි කියලා කියනවා මිසක් මම කවුද කියලා කියන්න යන්නේ නෑ කියල ඔහු එක් සම්මුක සාකච්ඡාවකදී කියලා තිබ්බා. ඔහු කියන විදිහට ඔවුන් දෙදෙනාම මිටි නිසාත් දෙන්නම ෆැන්ටසි කතා වල ඉන්න නිසත් මිනිස්සුන්ට දෙදෙනව පැටලෙන්ව ඇති කියලයි ඔහු කියන්නේ..
05. Emma Watson and Kiernan Shipka
තද ඇහි බැම? දුඹුරු ඇස්? ඔව්. දඟකාර සිනහව? එක වගේ නේද? වොට්සන්, ෂිප්කාට වඩා අවුරුදු නවයක් වැඩිමල් වුනත්, ඔවුන් දෙන්නා එකම කෙනා කියලා හෝ අඩුම තරමින් සහෝදරියන් කියලා රසිකයෝ විශ්වාස කරන බව තර්ක කරන්න දෙයක් නෙවෙයි..
06. Rupert Grint and Ed Sheeran
අපි ආදරය කරන මේ හැරී පොටර් තරුව කියන්නේ මිනිස්සු එයාව ශීරන් එක්ක පටලගන්න බවයි. ඔහු මේ බව The Late Late Show එකේදී කියලා තිබ්බා.
07. Helen Hunt and Jodie Foster
හෙලන් දවසක් Starbucks එකට ගිය වෙලාවෙ එතන වැඩකපු කෙනෙක් ඇය ජෝඩි ෆොස්ටර් කියලා රැවටුනා කියලා ඇය ට්විටර් සටහනක් තියලා තිබ්බා.
08. Mark Wahlberg and Matt Damon
2013දී මාක් ඔහුගේ අත්දැකීමක් ෆෙස්බූක් හි සටහන් කරලා තිබ්බා. දවසක් රසිකාවියක් “MATT DAMON!” කියලා කෑගහලා ඔහුත් එක්ක පින්තූරයක් ගත්තලු. ඒ වෙලාවෙ ඔහු ඇයව නිවැරදි කරන්න ගිහින් නෑ. ඒත් ඇය එය ඇයගේ ෆේස්බුක් එකේ පළ කරාම, ඔහු එයට රිප්ලයි කරලා තිබ්බේ, “ළඟින් යනවා :)” [“Close enough. :).”] කියලා..
09. Elizabeth Banks and Chelsea Handler
එලිසබෙත් සහ චෙල්සි දෙන්නා මිනිස්සු ඒ දෙන්නව පටලගන්න එක ගැන 100% OK. දෙදෙනාම සහභාගී වෙච්ච පාටි එකකදී මිනිස්සු ඒ දෙන්නව පටලගත්ත හැටි සහ ඒ අත්දැකීම එලිසබෙත් FOX News වලට දවසක් කියලා තිබ්බා.
10. Sarah Hyland and Mila Kunis
සාරා සහ මීලා දෙන්නව පටලගන්නේ රසිකයො විතරක් නෙවෙයි.. එකසැරයක් Teen Vogue රෙඩ් කාපට් පින්තූර පෙලක මාධ්‍යවේදියොත් දෙන්නව පටලගෙන තිබ්බා.
අපි තව දවසක මෙහෙම පැටලෙන තව සෙලිබ්‍රිටී ලිස්ට් එකක් ගේන්නම්..
Leave a Reply