කටට රසට සැරට කන්න ආස අයට බුරීටෝ (Burrito) රෙසිපි

මෙක්සිකෝවේ ජනප්‍රිය කෑමක් වන බුරීටෝස් හදන හැටි ඉගෙන ගන්න තමයි යන්නෙ. මේ බුරීටෝ හදන්න ගන්නෙ විශේෂයෙන්ම ටෝටිලා රොටී. ඒ වගේම මේකට විශේෂයෙන්ම රෙඩ් බීන් පේස්ට් එක දානවා ඒ රටවල් වල. ඉතින් අපි අපේ රටේ ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් දාලා හදමු. හැම පැත්තෙන්ම වැසුණු සිලින්ඩරාකාර විදියට තමා මේක හදන්නෙ. අද අපි බලමු මේ බුරීටෝ වලට දාලා ෆිලින්ග්ස් කොහොමද හදාගන්නෙ කියලා.

කලින් කිව්වා වගේ බුරීටෝ හදන්න විශේෂයෙන්ම ගන්නෙ ටෝටිලා රොටිය. ඒක හදන්නෙ මෙහෙමයි.

ටෝටිලා රොටිය

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පිටි කෝප්ප 2
පොල්තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
බේකින් පව්ඩර් තේහැඳි 1
ලා රස්නෙ වතුර කෝප්ප 1/2

  • මේ ඔක්කොම දාලා හොඳට නීඩ් කරලා ඩෝ එකක් හදාගන්න.
  • මේක තෙත රෙදි කෑල්ලකින් වහලා විනාඩි 30ක් තියන්න.
  • ඊළඟට මේ ඩෝ එක අරන් කොටස් වලට කඩලා ඒ කොටස් ටිකත් හොඳට නීඩ් කරගන්න.
  • ඊළඟට මේවයින් බෝල හදලා විනාඩි 15ක්වහලා තියන්න.
  • ආයෙ ටිකක් නීඩ් කරලා තුනී කරලා බටර් ගාගත් පෑන් එකකට දාලා දෙපැත්ත පුළුස්සාගන්න.

01. Chicken Burrito

 

අවශ්‍ය ද්‍රව්‍ය :-
චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500
මිරිස්කුඩු තේහැඳි 1
කහකුඩු තේහැඳි 1/2
තුනපහකුඩු තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
ඔරිගානෝ ස්වල්පයක්
ඔලිව්තෙල් ස්වල්පයක්
චොප්කරගත් ළූණු ස්වල්පයක්
චොප්කරගත් සුදුළූණු බික් 3
කපාගත් බෙල්පෙපර් කෝප්ප 1/2
තම්බාගත් කෝන් ස්වල්පයක්
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
ග්‍රේට්කරගත් චෙඩාර් හා මොසරැල්ලා ස්වල්පයක්

  • චිකන් වලට ඔලිව්තෙල් ටිකක් දාගන්න.
  • මේකන මිරිස් තුනපහ සියල්ලම දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • දැන් පෑන්එකට තෙල් ටිකක් දාලා මේ ටික හොඳට ෆ්‍රයි කරගන්න.
  • ලිපෙන් බාලා කෑලි කපාගන්න.
  • ඒ පෑන් එකටම චොප්කරගත් සුදුළූණු හාළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • ටිකකින් බෙල්පෙපර් ටික දාලා චිකන් ටික දාගන්න.
  • හොඳට කලවම් කරලා විනාඩි 4කින් වගේ බාගන්න.
  • ටෝටිලා එකක් අරන් මැදට මේ මිශ්‍රණය තියලා උඩින් කෝන් හා කොත්තමල්ලි කොළ දාගන්න.
  • උඩින් චීස් ටිකත් දාලා මුලින්ම දෙපැත්තකින් නවලා අනික් දෙපැත්ත වහගන්න.
  • මේක ෆොයිල් එකක ඔතලා විනාඩියක් මයික්‍රොවේව් කරගන්න.

02. Egg Burrito

 

අවශ්‍ය ද්‍රව්‍ය :-
බිත්තර 3
චොප්කරගත් ළූණු ගෙඩියක්
චොප්කරගත් තක්කාලි ගෙඩියක්
චොප්කරගත් බෙල්පෙපර් ගෙඩියක්
ලුණු හා ගම්මිරිස්කුඩු
මයෝනිස් මේසහැඳි 1
කිරි කෝප්ප 1/4
බටර් මේසහැඳි 1
චොප්කරගත් සුදුළූණු තේහැඳි 2
හොට් සෝස් ස්වල්පයක්
චෙඩාර් චීස් පෙති කිහිපයක්

  • බෝල් එකකට චොප්කරගත් ළූණු, තක්කාලි හා බෙල්පෙපර් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • වෙනම බෝල් එකකට මයෝනිස් දාලා කිරි මේසහැඳි 3ක් දාලා කලවම් කරගන්න.
  • බිත්තර ටික වෙනම කඩලා බෝල් එකකට දාගන්න.
  • මේකට ලුණු හා කිරි මේසහැඳි 4ක් දාලා විස්ක් කරගන්න.
  • පෑන් එකට බටර් ටිකක් දාලා සුදුළූණු ටික දාගන්න.
  • ටිකකින් බිත්තර මිශ්‍රණය දාලා ස්කැම්බල් කරගන්න.
  • ටෝටිලා මැදට හොට්සෝස් දාලා සාදාගත් සැලඩ් එකෙන් ටිකක් දාගන්න.
  • උඩින් බිත්තර කෑලි දාලා මයෝනිස් සෝස් එක දාගන්න.ඊළඟට චෙඩාර් චීස්පෙති දෙක්ක තියලා නවාගන්න.
  • මේක අඩු ගින්දරේ විනාඩි 5ක් වගේ දෙපැත්ත පුළුස්සගන්න.

03. Bacon Sausage Egg Wrap Burritos

 

අවශ්‍ය ද්‍රව්‍ය:-
බිත්තර 2
පාමසාන් චීස් මේසහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
බටර් ස්වල්පයක්
ග්‍රේට්කරගත් චෙඩාර් චීස් ස්වල්පයක්
සොසේජස් ස්වල්පයක්
බේකන් කෑලි ස්වල්පයක්

  • සොසේජස් ටික වෙනම ෆ්‍රයි කරගන්න.
  • බේකන් ටිකත් ඒ වගේම ෆ්‍රයි කරලා පැත්තකින් තියාගන්න.
  • බිත්තර දෙක කඩලා පාමසාන් චීස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විස්ක් කරගන්න.
  • ඊළඟට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට මිශ්‍රණය දාලා ස්ප්‍රෙඩ් කරගන්න.
  • මේක මැදට චීස් ටික දාලා සොසේජස් හා බේකන් ටික දාගන්න.
  • දැන් මේක වහලා විනාඩි 2-3ක් තියන්න.
  • ලිපෙන් බාලා බිත්තර මිශ්‍රණයෙන් හතර පැත්ත වහගන්න.

04. Beef Burrito

අවශ්‍ය ද්‍රව්‍ය:-
තෙල් මේසහැඳි 1
චොප්කරගත් සුදුළූණු බික් 3
අඹරාගත් බීෆ් ග්‍රෑම් 500
සවර් ක්‍රීම් කෝප්ප 1/2
කිරි මේසහැඳි 3
මිරිස්කුඩු තේහැඳි 1
ලුණු ස්වල්පයක්
කෑලිමිරිස් තේහැඳි 1
හොට් සෝස් මේසහැඳි 2
ලෙමන් යුෂ මේසහැඳි 1
ග්‍රේට්කරගත් දම් ගෝවා කෝප්ප 1
ලෙටස් කෝප්ප 1
තම්බාගත් කෝන් කෝප්ප 1/2
ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/4
චොප්කරගත් ළූණු කෝප්ප 1/2
ලෙමන් යුෂ මේසහැඳි 1
ග්‍රේට්කරගත් මොසරැල්ලා හා චෙඩාර් චීස්

  • තෙල් ටිකක් පෑන් එකට දාලා සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • මේකට බීෆ් ටිකත් දාලා කලවම් කරන්න.
  • බීෆ් ටික හොඳට තැම්බෙනකල් පිසගන්න.
  • රස අනුව ලුණු, මිරිස්කුඩු, කෑලිමිරිස්, හොට්සෝස් හා ලෙමන් යුෂ එකතු කරන්න.
  • හොඳට කලවම් කරලා පිසගන්න.
  • වෙනම බෝල් එකකට ගෝවා හා ලෙටස් දාලා කෝන්, කැරට්, ළූණු හා දෙහියුෂ ටික දාගන්න.
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න.
  • සවර් ක්‍රීම් වලට කිරි ටික දාලා හොඳට විස්ක් කරගන්න.
  • ටෝටිලා වලට මැදට සවර් ක්‍රීම් එක ගාලා පිසගත් බීෆ් ටිකක් තියන්න.උඩින් ග්‍රේට්කරගත් චීස් දාලා සැලඩ් එක දාගන්න.
  • දැන් මුලින්ම දෙපැත්තකින් නවලා අනික් දෙපැත්තත් වැහෙන විදියට නවාගන්න.

05. කැලිෆෝනියා බුරීටෝ

අවශ්‍ය ද්‍රව්‍ය:-
චිකන් තයි කිහිපයක්
චොප්කරගත් ළූණු ගෙඩියක්
චොප්කරගත් තක්කාලි ගෙඩියක්
මයෝනිස් මේසහැඳි 2
කිරි මේසහැඳි 2
දෙහි යුෂ ස්වල්පයක්
ලුණු හා ගම්මිරිස්කුඩු
බැදගත් ෆ්‍රෙන්ශ් ෆ්‍රයිස් ස්වල්පයක්
මිරිස්කුඩු තේහැඳි 2
කහකුඩු තේහැඳි 1/2
තුනපහකුඩු තේහැඳි 1
හොට් සෝස් ස්වල්පයක්
චොප්කරගත් කොත්තමල්ලි කොළ කිහිපයක්
අලිගැටපේර ගෙඩියක්
තෙල් ස්වල්පයක්
ග්‍රේට්කරගත් මොසරැල්ලා හා චෙඩාර් චීස් ස්වල්පයක්

  • චිකන් ටික පොඩියට කපලා ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, තුනපහකුඩු හා දෙහි යුෂ දාලා පැයක් මැරිනේට් කරගන්න.
  • මයෝනිස්වලට දෙහි යුෂ, ලුණු, ගම්මිරිස්කුඩු හා කිරි ටිකක් දාලා කලවම් කරලා සවර් ක්‍රීම් එක හදාගන්න.
  • අලිගැටපේර ගෙඩියට රස අනුවලුණු දාලා මෑශ් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා චිකන් ටික ෆ්‍රයි කරගන්න.
  • ටෝටිලා එකක් මැදට සවර්ක්‍රීම් එක ගාලා උඩින් චොප්කරගත් තක්කාලි, ළූණු දාලා චිකන් ටික දාගන්න.
  • උඩින් හොට්සෝස් දාලා අලිගැටපේර පේස්ට් එක දාගන්න.
  • ඊළඟට පැත්තකින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියලා ග්‍රේට්කරගත් චීස් දාගන්න.
  • දැන් මේක දික් අතට හතර පැත්තෙන්ම කවර් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *