රඹුටන් කාලෙට රඹුටන් වලින් හදන්න පුලුවන් දේවල්

ඔන්න ඉතින් රඹුටන් කාලෙත් ඇවිල්ලා. මල්වාන පැත්තට ගියා නම් දවල්ට රතු බල්බ් දාලා වගේ ලස්සනට බලාගන්න පුලුවන්. ඉතින් ඔයාලගෙ ගෙවල් වලත් හැදිලා තියන රඹුටන් නිකන්ම කන්නෙ නැතුව මේ වගේ හදලා බලන්න කොච්චර ‍රසද කියලා.

01. රඹුටන් දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය:-
රඹුටන් ගෙඩි 10-15
සීනි කෝප්ප 1/2
කුරුදුපොතු කෑල්ලක්
තලාගත් එනසාල් ඇටයක්

  • රඹුටන් ගෙඩි වලට පොඩි පොඩි කැපුම් දාගන්න.
  • පෑන් එකකට සීනි දාලා සීනි ටික කරවේගෙන එනකොට වතුර මේසහැඳි 2ක් දාලා කැරමල් එක හදාගන්න.
  • මේකට තලාගත් එනසාල් හා කුරුදුපොතු ටිකත් දාලා කලවම් කරගන්න.
  • දැන් මේකට රඹුටන් ගෙඩි ටිකත් දාලා වතුර ගතිය ටිකක් අඩුවෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.
  • ජීවාණුහරණය කල බෝතලේක අසුරගන්න.

02. රඹුටන් ජූස්

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇට ඉවත්කළ රඹුටන් ගෙඩි 10-15
සීනි මේසහැඳි 1
ලුණු ස්වල්පයක්
දෙහි බෑයක යුෂ
මී පැණි ස්වල්පයක්
කසකසා ඇට මේසහැඳි 1

  • කසකසා ඇට වතුර දාලා පෙඟෙන්න තියන්න.
  • බ්ලෙන්ඩර් එකට රඹුටන්, සීනි, ලුණු හා මී පැණි ටික දාලා වතුර කෝප්ප 1 1/2ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක පෙරලා දෙහි දාලා කලවම් කරලා ග්ලාස් වලට දාගන්න.
  • උඩින් කසකසා ඇට ටිකක් දාගන්න.

03. රඹුටන් ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය:-
රඹුටන් ගෙඩි 20 පමණ
සීනි කෝප්ප 1/2
වතුර කෝප්ප 1/2
කුරුදුපොතු කෑල්ලක්
දෙහි යුෂ ස්වල්පයක්

  • රඹුටන් වල ඇට අයින් කරලා මදය බ්ලෙන්ඩර් එකට දාගන්න.
  • දැන් මේකට වතුර වලින් ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා පල්ප් එකක් හදාගන්න.
  • දැන් මේක භාජනයකට දාලා ඉතුරු වතුර ටිකත් දාලා සීනි හා කුරුදුපොතු කෑල්ල දාලා මද ගින්නෙ පිසගන්න.
  • මිශ්‍රණය ටික ටික උකු වෙනකල් හැඳිගාමින් පිසගන්න.
  • ජෑම් පදමට ආවම කුරුදුපොතු කෑල්ල අයින් කරලා ලිපෙන් බාලා දෙහි යුෂ දාගන්න.
  • ජිවාණුහරණය කල බෝතලේකට අසුරගන්න.

04. රඹුටන් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇට ඉවත්කළ ‍රඹුටන් ගෙඩි 15
සීනි කෝප්ප 1/4
වතුර කෝප්ප 2
අගර් අගර් මේසහැඳි 1

  • භාජනයකට රඹුටන්, සීනි, අගර් අගර් හා වතුර දාලා ලිපේ තියන්න.
  • වතුර නටනකොට ලිපෙන් බාලා රඹුටන් ටික වතුරෙන් වෙන්කරලා පුඩින් බෝල් එකට අතුරගන්න.
  • ඊළඟට මේක විනාඩි 10ක් ෆ්‍රීස් කරන්න.
  • ඊළඟට ලික්විඩ් එක හොඳට හැඳිගාලා ෆ්‍රිජ් එකෙන්ගත්තු පුඩින් එකට දාලා ෆ්‍රිජ් එකේ නෝමල් කොටසෙ දාන්න.
  • පැයකින් වගේ එලියට අරන් අන්මෝල්ඩ් කරගන්න.

05. රඹුටන් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇට ඉවත්කළ ‍රඹුටන් ගෙඩි 15
කස්ටඩ් පව්ඩර් මේසහැඳි 2
කිරිපිටි මේසහැඳි 10
කුඩුකරගත් සීනි කෝප්ප 1/4
ජෙලටින් මේසහැඳි 1
උණුවතුර කෝප්ප 4

  • රඹුටන් මද ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ටිකක් කෑලි තිබුණත් කමක් නෑ.
  • කිරිපිටි, කස්ටඩ් පව්ඩර්, සීනි හා ජෙලටින් හා වතුරදාලා හොඳට බීට් කරගන්න.
  • මේකට බ්ලෙන්ඩ් කරගත් රඹුටන් ටිකත් දාලා තව ටිකක් හොඳට බීට් කරගන්න.
  • දැන් මේක පැයක් ෆ්‍රීස්කරලා ආයෙ විනාඩි 10ක් බීට් කරගන්න.
  • ආයෙ පැය 4ක් ෆ්‍රීස් කරලා විනාඩි 10ක් බීට් කරගන්න.අවසාන වතාවට පැය 3ක් වගේ ෆ්‍රීස් කරලා කෑමට ගන්න.

06. රඹුටන් ලැසී

අවශ්‍ය ද්‍රව්‍ය:-
රඹුටන් ගෙඩි 20
යෝගට් 1
සීනි කෝප්ප 1/4
කිරි කෝප්ප 4
සුවඳ කුඩු තේහැඳි 1/4
අයිස්කැට කෝප්ප 1
වතුර කෝප්ප 1/2

  • ඇට ඉවත්කළ ‍රඹුටන් ටික බ්ලෙන්ඩර් එකට දාලා සීනි හා යෝගට් එකතු කරන්න.
  • මේකට සුවඳ කුඩු, කිරි හා වතුර දාලා අයිස්කැට කෝප්ප 1/2ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක වීදුරු වලට දාලා කැමති නම් උඩින් අයිස්කැට දාලා බොන්න.

07. රඹුටන් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
රඹුටන් ගෙඩි 10-15
මිරිස්කුඩු මේසහැඳි 2
චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේහැඳි 1
අබ තේහැඳි 1/2
සූදුරු තේහැඳි 1/2
විනාකිරි මේසහැඳි 1
සීනි මේසහැඳි 1
ලුණු ස්වල්පයක්
තෙල් අවශ්‍ය

  • පෑන් එකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න.
  • මේකට අබ හා සූදුරු දාලා ටිකකින් ඉඟුරු සුදුළූණු පේස්ට් එකදාගන්න.
  • මේ ටික හොඳට බැදුනම ලිපෙන් බාලා මිරිස්කුඩු ටික දාගන්න.කලවම් කරලා රස අනුව ලුණු හා සීනි දාගන්න.දැන් ආයෙ ලිප ඔන් කරලා රඹුටන් ටික දාලා හොඳට කලවම් කරගන්න.
  • විනාඩි 2ක් වගේ කලවම් කරලා ලිපෙන් බාලා විනාකිරි දාලා හොඳටකලවම් කරගන්න.

Leave a Reply

Your email address will not be published.