ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු වෙනස් විදියේ තායි සිනමාපට හතක්

අපි ඉතින් හැම මොහොතේ ම වගේ ඔයාව දැනුවත් කරනවා විවිධ සිනමාවන් ගැන. අද අපි හිතුවේ තායිලන්ත සිනමාව ගැන කතාකරන්න. අද අපි කතාකරමු ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තායි සිනමාපට හතක් ගැන. මේ හතම ටිකක් වෙනස් සාමාන්‍යයෙන් රසවිදින්න පුළුවන් කතා හතක්.

01. First Love – 2010

අපි මුලින්ම කතාකරන්න යන්නේ 2010දී තිරගත වුණු නිර්මාණයක් ගැන. මේ නිර්මාණයට පාදක වෙන්නේ අවුරුදු 14ක නාම් කියන ගෑනු ළමයෙක්. ඉතින් එයා පිරිමි ළමයෙක්ගේ පෙම්වතිය වෙන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් එයා කරන දේවල් හරිම ලස්සනට කිසිම කම්මැලි කමක් නැතුව මේ ෆිල්ම් එක පුරාවටම තියෙනවා. ඒ වගේමයි මේ නිර්මාණය විවිධ සම්මාන උ​ළෙලවෙල්වල වසරේ හොඳම සිනමා නිර්මාණය​ට හිමි සම්මානය පවා ලබාගන්න සමත් වුණා.

 

02. Pee Mak

මේක නම් ටිකක් හොරර් මූවි එකක් කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් විත​ර කොමඩි පැත්තටත් බරයි. මාක් කියන්නේ යුධ සොල්දාදුවෙක්. එයායි එයාගේ යාලුවොයි යුද්ධයේ ඉවර වෙලා මාක්ගේ ගෙදර එනවා. ඒ වගේමයි තව දෙයක් මේ මාක්ගේ බිරිඳ යි ළමයයි මැරිලා. දැන් ගමේ රාවයක් යනවා එයලා හොල්මන් කරනවා කියලා ඉතින් ඕකයි මේ සිනමාපටයට පාදක වෙන කතාව.

 

03. Bad Genius

මේක නම් ටිකක් ක්‍රයිම් පැත්තට බර සුපිරිම ෆිල්ම් එකක. ඒ ටයිප් බලන්න ආස අය නම් අනිවාර්යයෙන් කැමතිවෙයි. මේකට පාදක වෙන්නේ පාසලේ ඉන්න අති දක්ෂ ළමයෙක්. ඉතින් මේ ශිෂ්‍යයා සල්ලි උපයන්න, එක එක විදියේ හොර ක්‍රම වලට විභාග වංචා කරන්න අනිත් අයට උදව් කරනවා. ඉතින් ටිකක් අමුතු කතාවක් ඒ වුනාට අනිවාර්යයෙන් බලන්න කුතුහලයෙන් මුලු චිත්‍රපටයම බලන්න පුළුවන්.

 

04. The Teacher’s Diary

මේක නම් ඉතින් ටිකක් රොමැන්ටික් එකක්. නම වගේම මේ කතාවටත් පාදක වෙන්නේ ගුරුවරියකගේ දිනපොතක්. ඉතින් පාසලකට යන ගුරුවරයෙක් ඒ ඉස්කෝලේ කලින් හිටපු ගුරුතුමියගේ අමතක වෙලා දාලා ගිය diary එක කියවනවා. ඊට පස්ස්සේ ඒ ගුරුවරයගේ හිතේ ඉබේම ඒ ගුරුවරිය ගැන ආදරයක් ඇතිබෙනවා. ඉතින් ටිකක් වෙනස් ආදරයක්.

 

05. Timeline

මේකත් ඉතින් හරිම හිමින් ගලන් යන හරිම ලස්සන නිර්මාණයක්. මේකට පාදක වෙන්නේ ගොවිපළක වැඩ කරන වැන්දඹු මවකගේ පුතෙක්. ඒ අම්මා තමන්ගේ පුතා ටැන් ව අධ්‍යාපනයට බැංකොක් යවනවා. ඊට පස්සෙ එහිදී ටැන් ගෙයි එයාගේ හොඳම මිතුරියගෙයි ආදරය ගැනයි මෙහි කියවෙන්නේ. ඉතින් හරිම ලස්සනට ගලාගෙන යන ආදර කතාවක්. සාමාන්‍ය ආදර කතාවක් වගේ වුනත් හරිම ආසාවෙන් බලන්න පුළුවන්.

 

06. Heart Attack

මේකට පාදක වෙන්නේ graphic designer කෙනෙක් ගැන. එයා ගොඩක් බිසි කෙනෙක්. ඔන්න එක දවසක් එයාගේ ඇඟේ අමුතු එක එක විදියේ දද වගයක් හටගන්නවා. පස්සේ එයාට ප්‍රතිකාර කරනවා වෛද්‍යවරියක් . හිමින් සැරේ මේ ග්‍රැෆික් ඩිසයිනර්ට එයාට ප්‍රතිකාර කරන ඩොක්ටර් ගැන ආදරයක් ඇතිවෙනවා. ඉතින් මේ ආදර කතාව තමයි මේ නිර්මාණය පුරාම තියෙන්නේ.

 

07. Inhuman Kiss

තායිලන්තයේ ගොඩක් තියෙනවා හොරර් චිත්‍රපට. අපි කලින් කියපු තායිලන්තයේ හැදිච්ච Pee Mak වගේ තව ශටර්, අලෝන් වගේ ෆිල්ම්ස් ගොඩක් ජනප්‍රිය හොරර් ෆිල්ම්ස්. මේකත් හොරර් ෆිල්ම් එකක්. මේක හොරර් එකක් කිව්වට එක පැත්තකින් ලව් ස්ටෝරියක් තවත් පැත්තකින් ඇක්ශන් ෆිල්ම් එකක්. මොනාවුනත් ෆිල්ම් එක පුරාවටම සෑහෙන්න කුතුහලයකින් බලන්න පුළුවන් සිනමාපටයක්.

එහෙනම් මීට අමතරව ඔයා බලපු සුපිරිම තායිලන්ත සිනමාපට ගැනත් අපිට අනිවාර්යයෙන් කමෙන්ට් එකකින් කියන්න ඔන්න අමතක නොකර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *