ගැහැනිය ගැන ලියූ ගැහැනිය – සුනේත්‍රා රාජකරුණානයක

අද අපි කතාකරන්න හිතුවේ අපේ රටේ අතිශයින් ජනප්‍රිය නවකතාකාරිනියක්, කෙටිකතාකරිනියක්, පරිවර්තිකාවක් වගේම තීරුලිපි ලියන්නියක් විදියට අපි කාගෙත් හදවතේ ලැගුම් ගත් සුනේත්‍රා රාජකරුණානයක මහත්මිය ගැන. ඉතින් මේ ඇගේ පෞද්ගලික ජීවිතය ගැනම නෙමේ. අද කතා කරන්නේ ඇගේ පෞද්ගලික මෙන්ම වෘත්තීය දිවිය ගැන.

01. මොරටුවෙන් සබරගමුවට

එඩ්මන් විල්මට් රෙනෝල්ඩ් හා ක්ලැරිස් වීඩා ඇනට් යුවළ දාව 1954 පෙබරවාරි 7 වෙනි දවසේ තමයි තිරංජනී සුනේත්‍රා ප්‍රනාන්දු නොහොත් අද දවසේ කතානායිකාව උපත ලැබුවේ. ඇය උපත ලබන්නේ මොරටුවේදී. ඒත් ඇගේ පියාගේ රැකියාවත් එක්ක එක නගරයක ජීවත් වෙන්න ඇයට හැකිවෙන්නේ නැහැ. ඒ නිසාම ඇය තමන්ගේ ළමා දිවිය ගත කලේ රත්නපුර සහ කෑගල්ල වගේ සබරගමු ප්‍රදේශවල. ඒ හින්දාම ඇය අධ්‍යාපනය ලබපු පාසලුත් කාලෙන් කාලෙට වෙනස් වුනා. මේ හේතුව නිසාම ජා ඇල තුඩැල්ල කන්‍යාරාමයෙන් කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යායට එයින් අටුළුගම මායාදුන්න මහා විද්‍යායට සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයන් වලට ඇයට මාරු වීමට සිද්ධ වුන.

 

02. ලාබාල වියේදීම රචනා කල පත පොත

අද අපේ කතානායිකාව සුනේත්‍රා මහත්මිය පුංචි සන්ධියෙ ඉදලම පොතට පතට ආදරය කරන්නියක් වුනා. ඒ ඇල්ම කොච්චද කියනව නම් ඇය පුංචි සන්ධියෙත් ඩබ්ලිව් ඒ සිල්වා, පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ වැනි විශිෂ්ටතමයන්ගේ කෘති සෑහෙන්න කියවලා තියෙනවා. ඇය ඇයට දහතුන් වියක් වන කල ‘අපි භාවනා කරමු’ නමින් පොතක්ද රචනා කරලා ඇගේ පාසල් මිතුරියන් එක්ක බෙදාගත්තා. ඇයට පුංචි කාලේම ඉඳලා කතන්දර කියලා දිපූ ඇගේ මවම පහු කාලයේදි ඇයට පොත් කියවන එකත් තහනම් කරනවා.

 

03 . වෘත්තීය දිවිය ඇරඹීම

ඇය ඇයගේ පියාගේ අභාවයත් එක්ක ඇය නැවතන් තමන්ගේ අම්මත් එක්ක තමන්ගේ මුල් ගමට ඒ කියන්නේ මොරටුවට පදිංචියට යනවා. ඒ වන විට ඇය ශ්‍රී සහ රසවාහිනී සඟරාවන්ට කෙටිකතා, නවකතා ආදිය රචනාකරලා තිබ්බා. පසුව ඇය දෙසතිය සඟරාවට සම්බන්ධ වෙනවා. එමෙන්ම ඇය පසුකාලීනව විදර්ශි, නවලිය, ඉරිදා ලංකාදීප, රාවය ඇතුළු පුවත්පත් හා සඟරා විශාල ප්‍රමාණයක් ඔස්සේ ද සිය කෘති එළි දක්වා තිබෙනවා. ඇය ලියූ දෑඅවුරුද්ද නම් තීරුලිපි එකතුව අතිශය ජනප්‍රිය වුනා. ඒ වගේම ඇය නිහාල් රාජකරුණානායක සමග 1976 වසරේ යුගදිවියට එලබුනා.

 

04. සඳුන් ගිරේන් ඇරඹී ලේඛන කලාව

ඇය අපි කලින් කිව්වා වගේ මුල් අවධියේම විවිධ පුවත්පත් සඟරාවල තමන්ගේ නවකතා, කෙටිකතා රචනා කලා මුද්‍රිත පොතක් හැටියට ඇගේ මුලින්ම එලියට පැමිනියේ 1983 දී නිකුත් වුනු මෝපසාං කෙටි කතා නම් පරිවර්තනයයි. ‘සඳුන් ගිර ගිනි ගනියි’ පොතක් වශයෙන් පළ වූ ඇගේ මුල් ම නවකතාව කියවපු හැමෝටම රත්නපුරෙන් කොලඹ වලව්වට ගිය කුසුමෙව නම් හොඳටම මතක ඇති. 1989 වසරේ දි ඒ කෘතිය එළිදක්වලා මාස තුනක් වගේ කාලයකදී ඒ පොතේ පිටපත් සියල්ල විකිණී ගියා. පඩුව ඇය ලිවූ ප්‍රේම පුරාණය, රිදී තිරංගනාව, සද්ගුණාකාරය, පොදු පුරුෂයා, නන්දිතය, කවි කදුර මෙන්ම මෑතකදි ආ සිලෝනාගමනයත් පාඨකයා කෙතරම් වැලද ගත්තාද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ. එමෙන්ම ඇගෙ කෘතින් කිහිපයක් ඉංග්‍රීසි භාශාවටත් පරිවර්තනය වුනා.

 

05. සම්මානනීය සාහිත්‍ය දිවිය

ඇය ලියු මුල්ම ප්‍රබන්ධ කෘතිය ඒ කිව්වේ සඳුන්ගිර ගිනිගනියි කෘතිය 1987 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ඩී. ආර්. විජයවර්ධන සම්මානයෙහි අවසන් වටය සඳහා නිර්දේශිත වුනා. අනතුරුව ඇය සම්මානනීය වෙන්නේ රිදී තිරංගනාව කෘතිය හරහා. ඇය එම වසරේ රාජ්‍ය සම්මානය දිනාගත්තා. එමෙන්ම ඇය 2008 වසරේ ලියු පොදු පුරුෂයා කෘතියත් සම්මානනීය වෙනවා. එහි කතා තේමාවත් තරමක් වෙනස් පිරිමි ගනිකාවක් වගේ චරිතයක් වටා ගෙතුන කතාවක්. ඒ හින්දම තරමක් ආන්දෝලනයකට තුඩු දුන්නා කිව්වොත් වැරදි නැ. ඇය ලියු කවිකදුර කෘතියට 2011 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගන්නවා.

 

06. ටෙලියටත් නැගී සාහිත්‍යය

ඇය ලියපු කෘති විශාල ප්‍රමාණයක් අපිට පුංචි තිරයෙදිත් දැකගන්න ලැබුනා. පොතෙන් ලද ආශ්වාදයම එම ටෙලිනිර්මාණ වලින් අප ලද බවත් අමතක කරන්න බැහැ. ඇය ලියූ සද්ගුණාකාරය, සඳුන්ගිර ගිනිගනියි ටෙලි තිරයේ අපිට බලාගන්න පුලුවන් වුනා. ඒ වගේම ඇය ලියු සම්මානනීය කවිකදුර කෘතිය ඇගේම තිරපිටපතකට අනුව ධවල කඩුල්ල නමින් ටෙලිතිරයකට පරිවර්තනය වුනා. ඒ ටෙලිනාට්‍යට වෙනුවෙන් ඇය සම්මානයකටත් හිමිකම් කිව්වා.

ඉතින් අද අපි කතාකලේ වර්තමානයේ සාහිත්‍යය එක සංධිස්ථානයක් සනිටුහන් කල සුනේත්‍රා රාජකරණානයක මහත්මිය ගැන. ඉතින් තව කාලයක් ඇගෙ පාඨකයන් වෙනුවෙන් පොත පත ලිවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *