මේ දවස් වල ගෑස්, ඉන්ධන නිසා අපේ රට ප්‍රශ්න ගොඩකට මුහුණපාලා ඉන්නෙ කියලා අපි කවුරුත් දන්න කාරණාවක්නේ. ඉතින් මේ කාලෙ අරපිරිමැස්මෙන් කටයුතු කරන එක බොහොම වැදගත්. ඔන්න අපි ගෙනාවා බොහොම ලේසියෙන් අඩු ගෑස් භාවිතාවකින් හදාගන්න පුලුවන් වන්පොට් රෙසිපි ටිකක්. මේ කාලෙට සෑහෙන්න ප්‍රයෝජනවත්. ඉස්සරහට අපි තව ප්‍රයෝජනවත් රෙසිපි ගොන්නක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් අපිත් එක්කම රැඳිලා ඉන්න.
01. Vegetable Noodles
අවශ්‍ය ද්‍රව්‍ය :-
නූඩ්ල්ස් පැකට් 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු බික් 3
චොප්කරගත් ඉඟුරු තේහැඳි 1
කපාගත් තක්කාලි ගෙඩි 1
කපාගත් මශෲම් කෝප්ප 1
කපාගත් කැරට් 1
කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
සෝයාසෝස් මේසහැඳි 1
චිලී පේස්ට් මේසහැඳි 1
විනාකිරි මේසහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
තල තෙල් මේසහැඳි 1
කෑලිමිරිස් තේහැඳි 1
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියන්න.
- මේකට චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාගන්න.
- ඊළඟට මේකට ළූණු ටික දාගන්න.
- කෑලිමිරිස් ටික දාලා කලවම් කරලා කපාගත් තක්කාලි ටික දාගන්න.
- හොඳට කලවම් කරලා වතුර කෝප්ප 2ක් දාගන්න.
- කලවම් කරලා කපාගත් මශෲම්, බෙල්පෙපර් හා කැරට් ටික දාගන්න.
- සෝයාසෝස්, විනාකිරි හා චිලී පේස්ට් ටික දාලා තැම්බෙන්න තියන්න.
- හොඳට තැම්බෙනකොට ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- මේකට තලතෙල් ටික දාලා නූඩ්ල්ස් ටිකත් දාගන්න.
- වහලා හොඳට තැම්බෙන්න තියන්න.
- වතුර ටිකක් හිඳුනම උඩින් කොත්තමල්ලි කොළ දාලා ලිපෙන් බාගන්න.
02. Spaghetti
අවශ්‍ය ද්‍රව්‍ය :-
ස්පැගටි පැකට් 1
චොප්කරගත් තක්කාලි ගෙඩි 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදු ලූණු බික් 1
ටොමැටො පේස්ට් කෝප්ප 1/4
මිරිස්කුඩු තේහැඳි 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
කෑලිමිරිස් තේහැඳි 1/2
සූදුරු තේහැඳි 1/2
චාට් මසාලා තේහැඳි 1/2
පොල්තෙල් මේසහැඳි 3
හොට් සෝස් මේසහැඳි 1
වතුර කෝප්ප 2
ග්‍රේට්කරගත් චීස් ස්වල්පයක්
- පෑන් එකකට චොප්කරගත් තක්කාලි ළූණු හා සුදුළූණු දාගන්න.
- මේකට මිරිස්කුඩු, කෑලිමිරිස්, චාට් මසාලා, සූදුරු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ටොමැටො පේස්ට් එක දාගන්න.
- මැදට ස්පැගටි ටික දාලා ඒක උඩින් පොල්තෙල් ටික දාගන්න.
- හොට්සෝස් ටිකත් එකතු කරන්න.
- වතුර කෝප්ප 2ත් දාලා තැම්බෙන්න තියන්න.
- හොඳට කලවම් කරලා වතුර හිඳුනම ලිපෙන් බාගන්න.
- උඩින් ග්‍රේට්කරගත් චීස් දාගන්න.
03. Egg Rice
අවශ්‍ය ද්‍රව්‍ය :-
තෙල් මේසහැඳි 3
කපාගත් ළූණු ගෙඩි 1
කපාගත් සුදුළූණු බික් 5
කපාගත් කැරට් අල 1
කපාගත් අල ගෙඩි 1
සෝයාසෝස් මේසහැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු තේහැඳි 1
හාල් කෝප්ප 2
බිත්තර 4
- හාල් ටික සෝදලා පෙඟෙන්න තියන්න.
- රයිස් කුකර් එකට තෙල් ටික දාලා රත්වෙනකොට ළූණු හා සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න.
- ඊළඟට මේකට කපාගත් අල, කැරට් ටික දාලා සෝයාසෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- මේක විනාඩි 5ක් වගේ ෆ්‍රයි උනාම වතුර කෝප්ප 2ක් දාලා තැම්බෙන්න තියන්න.
- දැන් මේකට හාල් ටික දාලා උඩින් බිත්තර 4 කඩලා දාගන්න.ටිකක් කලවම් කරලා රස අනුව ලුණු දාගන්න.
- වතුර මැනලා තව වතුර අවශ්‍ය නම් අවශ්‍ය නම් දාලා බත පිසගන්න.
- කැමති නම් බත් එක ඉදුනට පස්සෙ ලූණු කොල ටිකක් කපලා උඩින් දාගන්න.
04. Pumpkin Rice
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් වට්ටක්කා කෝප්ප 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු බික් 4
තෙල් ස්වල්පයක්
සෝදා පෙඟෙන්න දැමූ හාල් කෝප්ප 2
ලුණු හා ගම්මිරිස්කුඩු
වෙජිටබල් බ්‍රොත් කෝප්ප 3
- රයිස්කුකර් එකට තෙල් ටිකක් දාලා ළූණු හා සුදුළූණු ටික දාගන්න.
- මේකට හාල් ටික දාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- මේ ටික කලවම් කරලා කපාගත් වට්ටක්කා ටික දාගන්න.
- වෙජිටබල් බ්‍රොත් එක දාලා කලවම් කරලා වහලා මද ගින්නෙ පිසගන්න.
- බත ඉදුණම ඕෆ් කරන්න.
05. Chicken Fajita Pasta
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1
පැස්ටා පැකට් 1
තෙල් ස්වල්පයක්
කපාගත් බෙල්පෙපර් කෝප්ප 1 (පාට 3න්ම )
කපාගත් ළූණු ගෙඩි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු තේහැඳි 1
තුනපහකුඩු තේහැඳි 1
ගාලික් පව්ඩර් තේහැඳි 1
කිරි කෝප්ප 4
ග්‍රේට්කරගත් චීස් ස්වල්පයක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චිකන් ටික දාලා ෆ්‍රයි කරගන්න.
- චිකන් ටික අයින් කරලා මේකට බෙල්පෙපර් ටික දාගන්න.
- ළූණු ටිකත් දාලා ෆ්‍රයි උනාම චිකන් ටික දාගන්න.
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දාගන්න.
- තුනපහ කුඩු හා ගාලික් පව්ඩර් දාගන්න.
- කලවම් කරලා කිරි ටික දාගන්න.දැන් පැස්ටා ටික දාලා කලවම් කරලා වහලා පිසගන්න.
- දැන් චීස් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
Leave a Reply