අපි මීට කලින් කතා කල ඔයාලට,මතක ඇති LGBTQ ප්‍රජාව ගැන කතාකරපු චිත්‍රපට ගැන අපි ඒක කොටස් දෙකකින් ඉදිරිපත් කලා. ඉතින් අද අපි හිතුවා එවැනි තේමාවකට නිර්මාණය වුනු කෘති හතක් ගැන කතා කරන්න.
1. Girl, Woman, Other
මේ පොතේ සිංහල පරිවර්තනය සුදු රටේ කළු ගැහැනු කෘතිය ගැන අපි පසුගිය දවස්වල සෑහෙන්න දැනුවත් කලා ඔයාලව. ඉතින් මේ කෘතිය ප්‍රබලවම LGBTQ ප්‍රජාව ගැන කතාකරන කෘතියක්ම නෙමේ ඊට එහා ගිය කතාවක් අන්තර්ගත වෙනවා. මේ කෘතියට පාදක වෙන්නෙ ඇමා නම් කළු ජාතික කාන්තාව හා ඇය වටා රොක් වන ගැහැනු චරිත කිහිපයක්. ඉතින් හැමෝම අනිවාර්යයෙන්ම කියවිය යුතුම කෘතියක්.
2. Funny Boy
පසුගිය වසරේ නිර්මාණය වුනු දීපස් මෙහෙතා ගේ චිත්‍රපටය නිසා ආයෙත් කරලියට ආපු හරිම විශිෂ්ට කෘතියක් තමයි මේ. Shyam Selvadurai කියන අපේ රටේ කතුවරයා ලියපු මේ පොත සිංහල ට පරිවර්තනය කරන්නේ සුගතපාල ද සිල්වා මහත්මයා. අපේ රටේ ජාතිවාද ප්‍රශ්නයත් එක්ක දමිල සමරිසි ප්‍රජාව මුහුන දුන් ඛේදවාචකය ලස්සනට කෘතියේ අන්තර්ගත වෙනවා.
3. The Color Purple
ස්පිල්බර්ජන් ගේ චිත්‍රපටය නිසා ගොඩක් ජනප්‍රිය වුනු ඒ වගේම තහනමට පවා ලක් වුනු විශිෂ්ටතම කෘතියක් තමයි The Colour Purple කියන්නේ. මේ කෘතියේ සිංහල පරිවර්තනයක් තියෙනවා දම් පාට කතාව නමින්. යුද සමයේ ජීවත් වුනු දිලිදු කලු ජාතික දැරියක් වු සැලිගේ හරිම සංවේදි කතාපුවතත් තමයි මෙර් නිර්මාණයට පාදක වුනේ.
4. අංගනා
මේක නම් සිංහල නවකතාවක්. ගොඩක් අය කැමති සමහර අය අකමැති මිශ්‍ර ප්‍රතිචාරයක් ලබා ගත්ත කෘතියක් තමයි මේ කෘතිය. ඉතින් මේ පොතටත් පාදක වෙන්නේ සමලිංගික චරිතයක්. ඔහුගෙ නම සේපාල. ඉතින් මුලු කෘතියම දිවයන්නේ ඔහුගේ ජීවිතයේ ඔහු මුහුණ දෙන අත්දැකීම් කම් කටොලු හරහා.
5. Picture of The Dorian Grey
මේ කෘතියත් ගොඩක් කතාබහට ලක් වුනු වෙනස්ම ආකාරයක කතාවක්. ඒ වගේ මේ ඇසුරින් නිර්මාණය වුනු චිත්‍රපටයත් හරිම වෙනස් ම විදියක චිත්‍රපටයක්. තමන්ගේ චිත්‍රයක් ඇඳ ගෙන ජීවත කාලය පුරාම ඒ චිත්‍රය වගේ තරුන විමේ බලාපොරොත්තු වෙන්න ඉන්න තරුණයෙක් වටා තමයි මේ නිර්මාණය ලියවෙන්නේ. මේ කෘතිය රන්ජිත් ධර්මකීර්ති සිංහල ට පරිවර්තනය කලා.
6. අර්ධ නාරි
මේක නම් ඇත්තටම ලාංකීය ස්වතන්ත්‍ර නවකතාවක් කේ. කේ. සනන් කුමාර විසින් රචනා කරපු. හැබැයි පොත ටිකක් සංකීර්ණ වැඩියි. මේ කෘතිය ට පාදක වෙන්නේ චරිත දෙකක්. එක්කෙනෙක් සමරිසි ගැහැනියකට ආදරය කරන හිමිනමක් අනෙක් චරිතය සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක්ට ආදරය කරන තරුනයෙක්.
7. පණ්ඩක පුත්‍ර වස්තුව
මේකත් අනුරසිරි හෙට්ටිගේ විසින් රචනා කරපු වෙනස්ම මාදිලියේ සිංහල ස්වතන්ත්‍ර නවකතාවක් විදියට හඳුන්වන්න පුලුවන්. තමන් පිරිමියෙක්ද නැත්නම් ගැහැනියක්ද කියන ගැටලුව මත ජීවත් වන සිරිමල් එහෙම නැත්නම් ශේන්‍යා කියන queer පුද්ගලයාගේ චරිතය තමයි මේ කෘතියට පාදක වෙන්නේ.
ඉතින් මේ ප්‍රජාව ගැන ලියවුනු ඔබත් කියවූ වෙනත් කෘති තියෙනවා නම් ඒවා ගැන තොරතුරුත් අපි එක්ක බෙදා ගන්න..
Leave a Reply