SURROGACY සහ IVF ක්‍රමවේද හරහා දරුවන් වැදූ ​බොලිවුඩ් තරු

Surrogacy ක්‍රමය ආශ්‍රිතව නිපදවුනු චිත්‍රපට ගැන අපි කලින් ලිපියකින් කතා කළා. surrogacy ක්‍රමය කියන්නේ කාන්තාවක් වෙනත් දෙමවුපියන් යුවළක් වෙනුවෙන් දරුවෙක් බිහි කර දීමට එකඟ වීමයි. ඉතින් අද අපි කතා කරමු එලෙස surrogacy ක්‍රමය හරහා දරුවන් හදා වඩා ගන්නා බොලිවුඩ් තරු හත් දෙනෙක් ගැන.

01. ශාරුක් ඛාන්


අපි මුලින්ම කතා කරමු බොලිවුඩයේ කින් කාන් මේ ක්‍රමය හරහා ලබාගත් දරුවා ගැන. ඉතින් ශාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෞරි ඛාන් මෙලෙස 2017 වසරේදී තමන්ගේ තෙවැනි දරුවා වන අබ්රාම් ඛාන්ව surrogacy ක්‍රමයට බිහි කරා. ඒ වගේම 2013 වසරේදි ඔහු surrogacy මඟින් දරුවෙක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ගැන ඔහු ප්‍රථම වරට ගැන කතා කරලා තිබ්බා.

 

02. ශිල්පා ශෙට්ටි

surrogacy ක්‍රමයෙන් දරුවෙක් ලබා ගත්ත තරු නිළියන් අතරින් කෙනෙක් තමයි ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා කියන්නේ. ඇය ඒ නිසාම බොලිවුඩයේ ජනප්‍රිය මවක් බවට පත් වුණා. ඇයගේ සහ ඇගේ සැමියා වන රාජ් කුන්ද්‍රාගේ දෙවන දරුවා විදිහට එම දරුවාව පෙබරවාරි 15 වනදා පිළිගත්තා. ඔවුන්ගේ මේ විදියට බිහි කරපු දරුවගේ නම වෙන්නේ මීෂා ෂෙට්ටි කුන්ද්‍රා.

 

03. සනී ලියොන්

සනි ලියෝන් කියන්නේ ජනප්‍රිය නිල් සිනමාපට නිලියක් වගෙම ඇය බොලිවුඩ් නිලියක්. සනී ලියොන් ඇයගේ පළවෙනි දරුවා වන නිෂාව දරුකමට හදා ගැනීමට අරගෙනයි තිබ්බේ. ඊට පස්සේ ඇය හා ඇගේ සැමියා ටික කාලයකට පස්සේ 2018 දී surrogacy ක්‍රමයෙන් ද නිවුන් දරුවන් දෙදෙනෙක් ලබා ගත්තා. ඒ දරුවන් දෙදෙනාගේ නම් වෙන්න්නේ නෝවා සිං වෙබර් සහ නිෂා කෞර් වෙබර්.

 

04. ආමීර් ඛාන්


අමිර් ඛාන් කියන්නේ බොලිවුඩයේ තවත් අති දක්ශ රංගන ශිල්පියෙක්. 2011 දී ඔහු සහ ඔහුගේ දෙවනි බිරිඳ කිරාන් රාඕ විසින් ඔවුන්ගේ කුලුඳුල් දරුවෙකු මේ IVF surrogacy ක්‍රමය මගින් ලබා ගත්තා.

 

05. කරන් ජොහාර්


බොලිවුඩයේ ආන්දෝලනාත්මක චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂ වරයෙක් තමයි කරන් ජොහාර් කියන්නේ. ඔහුත් surrogacy ක්‍රමයෙන් 2017 මාර්තු මාසයේදී පිරිමි ළමයෙක් හා ගැහැණු ළමයෙක් ලබා ගත්තා. ඔහු තමන්ගේ නිවුන් දරුවන්ව යෂ් සහ රූහි ලෙස නම් කලා. ඔහු සින්ගල් පේරන්ට් කෙනෙක් විදිහට තම දරුවන් හදාවඩා ගන්නවා. ඒ විදියට ඒ නම් දෙක ඔහු යොදා තියෙන්නේ ඔහුගේ දෙමව්පියන්ගේ නම් සිහි වෙන්නයි කියලයි වාර්තා වෙන්නෙ.

 

06. තුෂාර් කපූර්


බොලිවුඩයේ වැඩිය කතා නොවුනත් අති දක්ෂ රංගන ශිල්පියෙනෙ තමා තිශාර් කපූර් කියන්නේ. ඉතින් ඔහුත් 2016 ජුනි මාසයේදී surrogacy ක්‍රමය හරහා පිරිමි දරුවෙක් ලබා ගත්තා. ඔහුත් ඒ සින්ගල් පේරන්ට් කෙනෙක් වීම විශේෂත්වයක්. ඉතින් තනිකඩව ජීවත් වෙන ඔහු තමන්ගේ දරුවාට ලක්ෂ්‍යා කියන නම තබලා ඇති බවයි වාර්තා වෙන්නේ.

 

07. එක්තා කපූර්


එක්තා කපූර් කියන්නේ අපි කලින් කතාකරපු තුෂාර් කපූර්ගේ වැඩිමල් සහෝදරිය. ඉතින් ඇයත් මේ ක්‍රමය හරහා දරුවෙක් ලබාගත්තා. ඇයත් තමන්ට දරුවෙක් ලබා ගැනීමට surrogacy ක්‍රමයෙන් උපකාර ලබා ගත්තා. රූපවාහිනියෙන් ඇය ඒ පිළිබඳව නිවේදනය කරමින් කිව්වේ ඇය surrogacy ක්‍රමය තෝරා ගනිමින් 2019 ජනවාරි 27 වන දින පිරිමි දරුවෙක්ට මවක් වූ බවයි. එක්තා කපූර් ඔහුට රවී යන නම තැබුවා.

 

08. ප්‍රීති සින්ටා


2021 වසරේ ප්‍රීති සින්ටා සහ ඇයගේ ස්වාමියා වන ජීන් surrogacy ක්‍රමය මගින් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වුණු බව සමාජමාධ්‍ය ජාලයක් ඔස්සේ නිවේදනය කලා.

 

09. ප්‍රියන්කා චොප්‍රා

2022 මැයි මාසයේ ප්‍රියන්කා සහ නික් ඔවුන්ගේ කුළුඳුල් දියනියගේ දෙමාපියන් වූ බව ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රකාශ කරා. වසර මුළදී උපත ලැබූ දියණිය දින 100ක් පමණ අළුත උපදරුවන් සිටින දැඩිසත්කාර ඒකකයේ සිටි බවත් ප්‍රියන්කා ඇයගේ පළමු මවුවරුන්ගේ දිනය සැමරූ බවත් නික් එහි සටහනක් තබා තිබුනා.

 

10. ශ්‍රෙයාස් තාල්පාදේ


Surrogacy ක්‍රමය මගින් ඔවුන්ගේ දියණිය, ආද්‍යා 2017 වසරේ ශ්‍රෙයාස් සහ ඔහුගේ බිරිඳ දීප්ති ආදරණීය දෙමාපියන් බවට පත් කළා.

 

11. සොහේල් කාන්

සල්මන් කාන් ගේ සහෝදර සොහේල් කාන් සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවනි දරුවා වන යොහාන් 2011 වසරේ ක්‍රමය මගින් හිමි කරගත්තා.

Leave a Reply

Your email address will not be published.