දරු කළලයක් පිටස්තර කාන්තාවකගේ ගර්භාෂයක තැන්පත් කරලා දරුවෙකු ලබා ගැනීමේ ක්‍රමය තමයි Surrogacy කියන නමින් හඳුන් වන්නේ. සිංහලෙන් කිව්වොත් අන්වාදේශක මවක්. ඊය අමතරව අපි අද තෝරගත්ත සිනමාපට හතෙන් කිහිපයකට පාදක වෙන්න් ශුක්‍රාණු දන්දීමක් ගැන. ඒ දෙක ගැනම අපි පොදුවේ කතාකරන්න හිතුවා. ඉතින් ඒක ටිකක් නවමු වුනු අත්දැකීමක් බොලිවුඩයටත්. ඉතින් අද අපි කතා කරමු surrogacy ක්‍රමය ගැන කතාකල හින්දි චිත්‍රපට හතක් ගැන.
1. Mimi 2021
මේක අපි මුලින්ම තෝරගන්න හිතුවේ මේ සිනමාපටය මෑතකදී තිරගතවුනු නිසා. ඉතින් මැතකදි තිරගත වුනත් මේ සිනමාපටය අත්පත් කරගත්ත ප්‍රතිචාර නම් සුලුපටු නෑ. ක්‍රීති සැනොන් ගේ හොඳම රංගනය කියලත් ගොඩක් අය මේ සිනමාපටය හඳුන්වනවා. මේ සිනමාපටය ට පාදක වෙන්නෙ නිලියක් වෙන්න ආසවෙන් ඉන්න දුප්පත් ගැහැනු ලමයෙක් ගැන. ඉතින් ඇයට සිද්ද වෙනවා මුදල් වෙනුවෙන් ඇගේ ගර්භාෂය කුලියට දෙන්න. ඉතින් ඊට පස්ස්සේ ඇගේ ජීවිතයේ සිද්ධ වෙන හැලහැප්පීම් මේ සිනමාපටය ට පාදක වුනා.
2. Chori Chori Chupke Chupke (2001)
අපි ඉස්සර ආසාවෙන්ම බලපු චිත්‍රපටයක් තනයි මේ Chori Chori Chupke Chupke කියන්නේ. ඉතින් මේ සිනමාපටය ට පාදා වෙන්නේ Surrogacy ක්‍රමය ආශ්රිත කතා පුවතක්. දරුවන් අහිමි යුවලක් දරුවෙක් ලබාගන්න වුවමනාවෙන් මධුබාලා නම් ගනිකාවකගේ උදවු ලබගන්නවා. ඉන් පසුව ඇය ඒ දේට උදවු කරනවා. ඉතින් ඊට පස්සේ මේ යුවල සහ මධුබාලා මුහුන දෙන අත්දැකීම් තමයි මේ සිනමාපටය පාදක වෙන්නේ.
3. Filhaal (2002)
මේක නම් ටිකක් විතර underrated ෆිල්ම් එකක්. මේ සිනමාපටය පාදක වෙන්නේ හොඳම මිතුරියන් දෙන්නෙක්. මේ දෙන්න දෙවිදියක්. මේ එක මිතුරියක් විවාහකයි. ඒත් ඇයට දරුපල අහිමි. ඒ නිසාම ඇගෙ මිතුරිය ඇයට පිහිට වෙනවා. ඉතින් ඊට පස්සේ මේ චරිත මුහුන දෙන ගැටලු මේ සිනමාපටය හරහා පෙන්නනුවා. ඒ වගේමයි හරිම සංවේදී කතා පුවතක්.
4. I am (2010)
මේක නම් ඇන්තලොජි සිනමාපටයක්. ඒ කියන්නේ කෙටි චිත්‍රපට හතරකින් යුතු චිත්‍රපටයක්. මේ කෙටි චිත්‍රපට හතරින් එක චිත්‍රපටයක සංදහන් වෙන්නේ ශුක්‍රාණු පරිත්‍යාගයක් ගැන. ඉතින් අෆියා කියන තනිකඩ ගැහැණිය දරුවකු ලබා ගැනිමේ වුවමනාවෙන් තමයි මේ දේ ලබාගන්නේ. කොහොමවුනත් මේකේ අවසානය අපි සාමාන්‍යයෙන් නොහිතන විදියක වෙනස්ම අවසානයක්. මේ ෆිල්ම් එකේ අනිත් කෙටි කතා තුනත් වෙනස්ම විදියේ කතා කීපයක්..
5. Vicky Donor (2012)
නූතන බොලිවුඩයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වුනු ආයුශ්මන් කුරානා තමයි මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ. මේ සිනමාපටයට පාදක වෙන්නේ ශුක්‍රාණූ දායකයෙක් ගැන. ඉතින් මේ චිත්‍රපටය සෑහෙන්න සාම්ප්‍රදායික හින්දි සිනමාවෙන් ඔබ්බට ගිය සිනමාපටයක්. ඒ වගේම යි අනිවාර්යයෙන්ම බැලිය යුතු කම්මැලි කමක් නැති සුපිරිම සිනමාපටයක්.
6. Good Newwz (2019)
මේ සිනමාපටය ට නම් පදක වෙන්නේ IVF තාක්ෂණය තුලින් දරුකෙකු සැදීම කියන සංකල්පය. ඉතින් දිගු කාලයක් තිස්සේ දරුවන් අහිමි යුවලක් තවත් විවාහක යුවලකගේ උදවු ඇතිව මෙවැනි දරුවෙක් ලබාගන්න උත්සහ කරනවා. මේක හරිම අසාවෙන් බලන්න පුලුවන් කොමඩි ෆිල්ම් එකක් වුනත් හරිම අපූරුවට සියුම්ව අපේ ජිවිතේටත් යමක් එකතු කරනවා. ඒ නිසා නොබලපු හැමෝටම බලන්න ආරාධනා කරනවා..
7. Doosri Dulhan (1983)
Doosri Dulhan තමයි මේ ලිස්ට් එකේ තියෙන පරණම ෆිල්ම් එක. ශෝබනා ආස්මි තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුනේ. දරුවන් නැති යුවලක් වෙනත් කාන්තාවකගෙ aurrogacy ක්‍රමයෙන් දරුවෙකු ලබා ගැනීමෙ කතාපුවතක් ගැන තමයි මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ. පරන සිනමාපටයක් වුනත් විශිෂ්ටම සිනමාපටයක් විදියට අනිවාර්යයෙන්ම මේ සිනමාපටය හඳුන්වන්න පුලුවන්…
එහෙනම් මීට අමතරව මේ ක්‍රමය ගැන සඳහන් වුනු හින්දි චිත්‍රපට ගොඩක් තියෙනවා ඇති. ඔයා දන්න ඒවත් අපිත් එක්ක බෙදාගන්නත් ආරාධනා කරනවා.
Leave a Reply