නොබෙල් සම්මානයට හිමි කම් කියු කාන්තාවන් හත් දෙනෙක්

ඉතින් අද අපි කතා කරන්න හිතුවේ ලෝකයේම ආදරයට හා ගෞරවය ට භාජනය වුනු නොබෙල් ත්‍යාගයට හිමිකම් කියු කාන්තාවන් හත් දෙනෙක් ගැන කතාකරන්න.

1. මාරි කියුරි


මාරි කියුරි ගැන නම් කව්ද නොදන්නේ නේද? ඉතින් ඇය තමයි මේ නොබෙල් ඉතිහාසය ම තුල මුලින්ම නොබෙල් ත්‍යාගයකට හිමිකම් කියන්නේ. ඒ විතරක්ම නෙමේ නොබෙල් සම්මාන දෙකක් ලබාගත්ත ලොව එකම පුද්ගලයා වෙන්නෙත් ඇය. ඒ 1903 දී සහ 1911 දී යි. ඇය විතරක්ම නෙමේ ඇගේ සැමියා, වැඩිමහල් දියනිය, බාල දියනියගේ ස්වාමියා සියලු දෙනම නොබෙල් ත්‍යාග හයක් දිනාගෙන තියෙනවා.

 

2. මලාලා යුසුෆ්සායි


මලාලා යුසුෆ්සායි කියන්නේ ලාබාලතම නොබෙල් සම්මානලාභිනිය. ඒ 2014 දී යි. ඇත්තටම ඇය පාකිස්තානයේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රබල හඬක් නැගුවා. එමෙන්ම තලෙබාන් ක්‍රියාකාරින්ගෙන් කාන්තාවනට සිදුවන වන අසාධාරණකම් වෙනුවෙන් ඇය සටන් කලා. එමෙන්ම ඇය ඔවුන්ගේ වෙඩි පහටකටද ලක්වුනා.

 

3. මාරියා රෙසා


2021 වසරේ සාමය උදෙසා නොබෙල් ත්‍යාගයට හිමි කම් කියපු කාන්තාව තමයි ඇය. මේ සම්මානය ඇය දිමිත්‍රි මුරටොවු සමඟ බෙදාගත්තා. ඔවුන් දෙදෙනාම භාෂණ නිදහස සුරකීම සඳහා විශාල මෙහෙවරක් කල මාධ්‍යවේදීන් දෙදෙනෙක්.

 

4. මදර් තෙරේසා


1979 සාමය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය වෙනුවෙන් දිනාගත්ත මුඩුක්කුවේ සාන්තුවරිය හෙවත් තෙරේසා මව්තුමිය කියන්නේත් ලෝකයේ ආදරය ට හා ගෞරවය ට පාත්‍ර වුනු ගැහැනියක්. ඉන්දියාව තුල ජීවත් වෙන රෝගින්, විශේෂයෙන්ම ඒඩ්ස් වැනි සමාජයෙන් ප්‍රතික්ෂේප කල රෝගීන් වෙනුවෙන් ඇය බොහෝ ඇපෝපස්ථාන කලා.

 

5. ගැබ්‍රියෙල් මිස්ට්‍රාල්


O/leval ඉංග්‍රීසි සාහිත්‍යට නිර්දේශ වුනු Fear කවි පන්තියේ කිවිඳිය තමයි ගාබ්‍රියෙල් මිස්‍රා කියන්නේ. ඇය 1945 සාහිත්‍ය වෙනුවෙන් මේ සම්මානයට හිමි කම් කියනවා. ඉතින් ඇය තමයි මේ සම්මානයට හිමිකම් කියපු පලමු ලතින් ඇමරිකානු කාන්තාවත්. කතුවරියකට කිවිඳියකට අමතරව ඇය මානව හිතිවාදයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද වනවා.

 

6. නැඩින් ගෝඩිමාර්


1991 වසරේ සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් සාහිත්‍ය සම්මානයට හිමි කම් කියන්නේ ඇය. ඉතින් ඇය ලොකයේම ආදරයට පාත්‍ර වුනු කලු ජාතික කතුවරියක්. ඇය විසින් රචනා කල Julys People එහෙම නැත්නම් එහි සිංහල පරිවර්තනය අඩමාන අඩවිට කියන්නේ ලෝකයේම ආදරය ලක්වුනු ජනප්‍රියම කෘතියක්.

 

7. අවුන් සාන් සු කි


අවුන් සාන් සුකි මෑතකදි සිරදඩුවමකට මුහුන දුන්නු මියන්මාරයේ හිටපු ජනාධිපතිනිය ක්. ඇය සාමය වෙනුවෙන් 1991 නොබෙල් ත්‍යාගය ලබා ගත්ත මියන්මාර ජාතිකයෙක්. අල්ලස් ඡෝදනාවක් මත ඇයව මේ වසරේ අප්‍රේල් මාසයේ සිරගත කලා. ඇගේ සිරදඩුවම වසර එකොලහක්.

ඉතින් මීට අමතරව සම්මානයකට වඩා වටිනා වූ ගෞරව සම්මානයන්ට උරුමකම් කියූ වෙනත් කාන්තාවන් ගැන ඔයාලා දන්න දේවලුත් අපිත් එක්ක බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *