ජීවතය ගැන positive විදියට හිතන්න චිත්‍රපට හතක්

අද අපි හිතුවා ෆිල්ම්ස් බලන්න ආස අයට විතරක්ම නෙමේ ජීවතය ගැන අසුබවාදි විදියට හිතෙන අය වෙනුවෙන් චිත්‍රපට කිහිපයක් ගැන කතා කරන්න. ඉතින් මේ ගොඩක් චිත්‍රපට හොලිවුඩ් වගේම බොලිවුඩ් භාෂා වලින් නිමැවුනු නිර්මාන. ඉතින් මෙතන තියෙන චිත්‍රපට නොබලපු අය අනිවාර්යයෙන්ම බලන්න….

1. Pursuit of Happyness


මෑත කාලයේ පොඩ්ඩක් විතර ආන්දෝලනාත්මක චරිතයක් වෙච්චි විල් ස්මිත් රංගනයෙන් දායක වුනු ජනප්‍රියම චිත්‍රපටයක් තමයි මේ. ඉතින් මේ සිනමාපටයට පාදක වෙන්නේ ක්‍රිස් ගාඩ්නර් කියන ධනවත් ව්‍යාපාරකයාගේ සත්‍ය කතා පුවතක්. ඒ වගේම මේ නිර්මාණයේ අවසානයේ ඔහුවත් අපිට දකින්න පුලුවන්. ඉතින් ජීවතයෙ බිංදුවෙන් පටන් අරන් අන්තිමේදි ජීවතයේ උපරිමයට ගිය ඔහුගේ කතාව ඇත්තටම හැමෝටම ආදර්ශයක්.

 

2. Dear Zindagi

Gauri Shinde අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයත් ගොඩක් දෙනෙක් අතරට ගිය නිර්මාණයක්. ඇත්තටම මේ චිත්‍රපටය තනිකරම ජීවතය ගැන motivation මූවි එකක්. ඉතින් මේ නිර්මාණය පුරාවටම කතා කරන්නේ කයිරා කියන යුවතියක් ගැන. ඇය ජීවතය තුල මුහුණ දෙන අභියෝග ඇය පස්සේ ඒවා ජයගන්න හැටි හරිම ලස්සනට නිරූපනය කරලා තියෙනවා.

 

3. Its a Wonderful Life


මේ ලිස්ට්‍ එකේ තියෙන පරණම ෆිල්ම් එක තමයි මේ. ඒත් හැබැයි අනික් හැම චිත්‍රපටය තරම් විශිෂ්ට නිර්මාණයක්. ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ විදියේ. ඉතින් ඇත්තටම මේක ගොඩක් පැරණි චිත්‍රපටයක් වුනත් මේ නිර්මාණය බලන හැමෝම ජීවතය ගැන අලුත් විදියකට හිතයි කියලා හිතනවා. ඒ තරම් සුන්දර නිර්මාණය ක්.

 

4. Catch Me If You Can


ෆ්‍රැන්ක් ඇබග්නෙල් කියන්නේ ඔහුගේ වයස අවුරුදු 14දී දෙමව්පියන් දික්කසාද වුනු ළමයෙක්. කොහොම හරි මේ ළමයා අවුරුදු 19 වෙද්දී ඩොලර් මිලියන ගානක් හොරකම් කරපු හොරෙක් වෙනවා. ඉතින් ඔයාලා බලයි මේකේ තියෙන මෝටිවේට් එක මොකද්ද කියලා. කියන්නෑ බලලම හොයා ගන්න. ඉතින් පුලුවන් නම් අනිවාර්යයෙන්ම බලන්න.

 

5. Hichki


මේකත් හරිම හාස්‍යජනක චිත්‍රපටයක් වගේ පෙනුනත් හරිම සංවේදි චිත්‍රපටයක්. බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුනු රාණි මුකර්ජි තමයි මේ චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් නිතරම ඉක්කාවකින් පිඩා විඳින රෝගි කාන්තාවක් අවසානයේ තමන්ගේ ජීවතය සාර්ථක කරගන්න හැටි හරිම ලස්සනට මේ චිත්‍රපටය ඇතුලේ පෙන්වලා තියෙනවා.

 

6. Whiplash


මේක ඇත්තටම හරිම විශිෂ්ට චිත්‍රපටය ක්. මේක සංගීතයත් එක්ක බැදුනු නිර්මාණයක් නිසා සංගීතයට ප්‍රිය කරන අයටත් අනිවාර්යයෙන්ම බලන්න ආරාධනා කරනවා. මේකෙන් දෙන පණිවිඩය හරි ලස්සන එකක්. තමන්ගේ ජීවතය ඇතුලේ තමන්ට ජයග්‍රහණය හොයන් යන්න ඕනේ නම් තමන් මුලින්ම තරඟ කරන්න ඕනේ තමන් එක්ක.

 

7. Chhichhore


මේකත් හින්දි සිනමාවේ චිත්‍රපටයක්. අපි කලින් කතාකරපු චිත්‍රපට දෙකම වගේ මේකේ ප්‍රධාන රංගන ශිල්පිය වුනු සුෂාන්ත් සිංගේ මරනයත් එක්ක මේ චිත්‍රපටය ගැන ගොඩක් දෙනා කතා කලා. ඉතින් මේ චිත්‍රපටය ට පාදක වෙන්නේ හරිම සරල කතා දාමයක් වුනත් මේ චිත්‍රපටය තුලින් දෙන්න හදන පණිවිඩය වර්තමාන සමාජයේ සිදුවන සියදිවි නසාගැනීම් වලට ගොඩක් වැදගත් .

ඉතින් මේ ලිස්ට් එකේ තියෙන චිත්‍රපට වලට අමතරව ඔයාලා බලලා තියෙන මේ වගේ චිත්‍රපට තියෙනවා නම් ඒවා ගැන අනිවාර්යයෙන්ම අපිට කියන්නත් අමතක කරන්න එපා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *