ඕනම දෙයක් ආකර්ශනය කරගන්න පුලුවන් ආකර්ශණයේ නීතිය

වචනයේ පරිසමාප්තියෙන්ම දේවල් ආකර්ශනය කරගන්න විශ්වය මඟින් අපිට දීලා තියන ක්‍රමවේදයක් ගැන පැහැදිලි කරන්න තමයි අද මේ හදන්නෙ. බලන්න මේක ඔයාගෙ ජීවිතයට කොච්චර වැදගත් වෙයිද කියලා.

01. ආකර්ශනයේ නීතිය යනු?


මොකද්ද මේ ආකර්ශනයේ නීතිය කියන්නේ ටිකක් ගැඹුරු සිද්ධාන්තයක්. ඒක මං මේ විදියට පැහැදිලි කරන්නම්. කෙනෙක් හිතන සිතුවිලි අනුව එයාට ලබාගන්න පුලුවන්, එහෙම නැතිනම් ආකර්ශනය කරගන්න පුලුවන් දේවල් ගැන විග්‍රහ කරන විශ්වයේ නීතියටතමයි ආකර්ශනයේ නීතිය කියන්නෙ.
විශ්වයේ ශක්තීන්, අපගේ ධනාත්මක හෝ ඝණාත්මක සිතුවිලි වල බලය නිසා ඔයාට ධනාත්මක හෝ ඝණාත්මක දේවල් ආරෝපණය කර දීම කියලා සරලව කියන්න පුලුවන්. ඔයා අද මේ තත්වෙ ඉන්නෙ අතීතයේ ඔයාගෙ සිතුවිලි වල ප්‍රතිඵලයක් විදියටයි. ඒක නිකන් තේරුනේ නෑ වගේද එහෙනම් අපි ආකර්ශනයේ නීතියේ ප්‍රධාන සිද්ධාන්ත වලින් ඒක පැහැදිලි කරගමු.

 

02. අවශ්‍ය දේ නිගමනය කිරීම

මුලින්ම ආකර්ශනයේ නීතිය යොදාගෙන ඔයාට මොනාද ලබාගන්න ඕනෙ කියලා හිතන්න. ඒක ස්වභාවයේ තිබෙන ධනාත්මක දෙයක් හෝ කෙනෙක් විය හැකී. අනවශ්‍ය ඝණාත්මක දේවල් වීමට බලාපොරොත්තු වෙනවනම් විශ්වය විසින් ඔබට දෙන්නෙත් ඝණාත්මක දේවල්ම තමා. ඒ නිසා අපි හැමවෙලේම සුබවාදීව කටයුතු කරන්න ඕනෙ.

හිතින් ධනාත්මක වෙන්න වෙන්න විශ්වය ඔයාට ඒ වගේම දේවල් ලං කරනවා. අන්න ඒ නිසයි මං උඩින් කිව්වෙ ඔයා අද මේ තත්වෙ ඉන්නෙ අතීතයේ තිබ්බ සිතුවිලි වල ප්‍රතිඵලයක් විදියටයි කියලා.

ඒ වගේම අරමුණ නිශ්චිත වීම වැදගත්. ඒකෙදි අපිට ලබාගැනීමට අවශ්‍යම දේ මොකද්ද කියලා ස්වයං අධ්‍යනයක් කරලා ඔයාට අවශ්‍යම දේ මේකෙදි ලබාගන්න කටයුතු කලාම මේකෙ සාර්ථකත්වය ගොඩක් වැඩී.

 

03. විශ්වාස කිරීම

අවශ්‍ය දේ ලැබීම ගැන විශ්වාසයක් හිතේ තියාගෙන ඉන්න එක අවශ්‍යම දෙයක්. විශ්වාසයක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ කියනවනෙ. ඉතින් ඔයාට ලබාගන්න අවශ්‍ය දේ ගැන අචල විශ්වාසෙකින් ඉන්න එක විශ්වය විසින් ඔබට ධනාත්මක දේවල් ආරෝපණය කිරීමට ගොඩක් ඉවහල් වෙනවා. මේ දේ මට ලැබෙනවා ලැබෙනවාමයි කියලා ඔයාගෙ යටි සිතට දැන්වූවාම යටි සිත නිතැතින්ම ඒ අරමුණ විශ්වාස කරන්න ගන්නවා. ඒක ඔයාගෙ අරමුණ ඉටුවෙන්න ගොඩක් බලපානවා. ඒ නිසා හැමවේලේම අරමුණ ඉටුවෙන විශ්වාසෙන් ඉන්න. අපිට සමහර අවස්ථාව වල මේ දේ හරි නොයයි කියන සිතිවිල්ලක් එන්න පුලුවන්. ඒත් ඔයාගෙ හිතට පුලුවන් වෙන්න ඕනේ ඝණාත්මක සිතුවිල්ලට වඩා සුබවාදීව දේවල් හිතලා අර සිතුවිල්ල යටපත් කරන්න.

 

04. චිත්ත රූප මැවීම

ආකර්ශනයේ නීතියේ තියන තවත් වැදගත්ම දෙයක් තමයි මේ. අපිට ලබාගන්න අවශ්‍ය දෙය, අපිට ඉටුවිය යුතු අරමුණ ඉටුවෙලාතියන ආකාරය නිරන්තරයෙන්ම මනසින් චිත්‍රයක් වගේ මෙනෙහි කරන්න ඕනෙ. විශුවලයිස් කියන්නෙ අපේ ජීවිතේට අවශ්‍යමදෙයක්. ෆ්‍රැන්සිස් පාප්වහන්සේත් වරෙක ප්‍රකාශ කරලා තියනවා සිහින දකින එක නවත්වන්න එපා, නොනවත්වාම සිහිනදකින්න. ඒකෙන් ඔයාගෙ යටි හිතට එන සුබවාදී ආකල්ප හා හැඟීම් වැඩිවෙනවා. ඔයාගෙ අරමුණ විශ්වය විසින් ඔයාට ඉටු කරලාදීලා තියනවා ඔයා ආවර්ජනය කරලා හිතින් සතුටු වෙනවා කියන්නෙ ඒ අරමුණට ඔයා නිතැතින්ම ලඟා වෙනවා. ඒ වගේම ඔයාගෙ අරමුණු විශුවලයිස් කරන්න පුරුදු උනාම ඒක නිකන්ම පුරුද්දක් වෙනවා. හිත සතුටින් තියනවා අවශ්‍ය දේවල් නිතැතින්ම ආකර්ශනය කරගන්න පුලුවන්.

 

05. ස්තූතිවන්ත වීම / අගය කිරීම

හැමවෙලේම මෙහෙම හිතන්න. ඔයාගෙ අරමුණ ඉටු උනා කියලා හිතලා විශ්වයට ස්තූතිවන්ත වෙන්න. ඒක නිරන්තරයෙන් සිදුවිය යුතු දෙයක්. ඒ කියන්නෙ අනාගතයේදී ඔයා ඉටුවෙතැයි අපේක්ෂා කරන දේ දැන් ඉටුවෙලා කියලා හිතලා විශ්වයට ස්තූතිකරන්න. අරමුණක් නැති කාලෙක උනත් ඔයාගෙ එදිනෙදා ජීවිතයේ වෙන සුබවාදී දේවල් වලට විශ්වයට ස්තූතිවන්ත වෙන්න පුරුදුවෙන්න. ආකර්ශනයේ නීතියේ එන මැනිෆෙස්ටින් වලදි අපි කරන්නෙම මේ ස්තූතිවන්ත වීම තමා.

 

06. අත් හැරීම

ඒ වගේම අපිට අවශ්‍ය නැති දෙයක් වගේම ඝණාත්මක දෙවල් නිතර හිතෙනවනම් ඒවා හිතින් අතාරින්න උත්සහ කරන්න. ආකර්ශනයේ නීතිය ඵලදරන්න ගොඩක්ම අවශ්‍ය වෙන්නෙ ධනාත්මක සිතුවිලි. එතකොට හැමවෙලේම ඝණාත්මක සිතුවිලිඑන එක, හිතන එක හෝ ඝණාත්මක සිතුවිලි සහිත පුද්ගලයින්, දේවල්, ස්ථාන වලින් ඈත් වී සිටීම තමයි මේකෙදි කියන්නෙ. නෙගටිව් වයිබ්ස් වලින් අයින් වෙලා ඉන්න එක හැම අතින්ම හොඳ දෙයක්.

 

07. ආකර්ශනයේ නීතිය යටතේ අපිට කල හැකි කෙටි ක්‍රියාකාරකම්

ආකර්ශනයේ නීතිය යටතේ අපිට අවශ්‍ය දේවල් ලබාගන්න කරන්න පුලුවන් කෙටි ක්‍රියාකාරකම් තියනවා. මේවා හරියටම කරනවාකියන්නෙ ඔයාගෙ අරමුණ අනිවාර්යෙන්ම ඉටු කරගන්න පුලුවන්. මේක ලියන මමත් ඒ ක්‍රම වලින් දේවල් ඉටුකරගන්න කෙනෙක්. විශ්වාසෙන් කියන්නෙ මේ ක්‍රම ඔයාගෙ ජීවිතේට අරගෙන සාර්ථකත්වයට පත්වෙන්න. ආකර්ශනයේ නීතිය කියන්නෙ ආගමක් වගේ ඇදහිය යුතු දෙයක් නෙමෙයි. මේ විශ්වයේ තියන යතාර්ථය පැහැදිලි කරලා දෙන ක්‍රමයක්. මං පහලින් ඒ විධි ටික දාන්නම්.

55*5 ක්‍රමය
තප්පර 17 ක්‍රමය
තප්පර 69 ක්‍රමය
වලාකුළු නීතිය
නිකොලා ටෙස්ලාගේ 369 නීතිය
රෝස බුබුළු ක්‍රමවේදය

මේ ක්‍රම වලට කොහොමද අපි ජීවිතයට අවශ්‍ය දේවල් ලබාගන්නෙ කියලා මං ඊළඟ ආටිකල් එකෙන් කියලා දෙන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *