මතකයෙන් නොගිලිහෙන සිනමා දුෂ්ඨයින් හත් දෙනෙක්

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් වේවා ටීවී සීරීස් එකක් වේවා ඔය මොකක වුණත් දුෂ්ඨයෙක් ඉන්නවනම් වීරයට වඩා මතකයේ රැදෙන්නේ දුෂ්ඨ චරිතය කිව්වොත් වැරදි නැ. ඉතින් අද අපි හිතුවා ඒ වගේ මතකයේ රැඳුණු දුෂ්ඨ චරිත හතක් ගැන කතා කරන්න.

01. Joker – Dark Knight

මේ කියන්නේ 2019 ඔස්කාර් දිනපු ජෝකර් ගැන නම් නෙමේ. Batman the Dark Knight ෆිල්ම් එකේ හිටපු ජෝකර් ගැන. මේ රංගනය නම් ෆිල්ම් එක බලපු කාටවත් අමතක වෙන රංගනයක් නම් නෙමේ. එහි රංගනය නිසාමයි මේ රංගනයේ යෙදුනු හීත් මියයන්නෙත්. චරිතයට ගොඩාක් ආරූඪ වුනු නිසා හීත්ට (Heath Andrew Ledger) ඒකෙන් මිදෙන්න බැරි වුනා. ඒ නිසාම ඖෂධ අධිමාත්‍රාවෙන් ශරීරගත වෙලා ඔහු මිය යනවා. ඒත් ඔහු මවපු ජෝකර් නම් සදා ජීවමානයි..

 

02. Anton Chigurh – No Country for Old Men

No Country for Old Men චිත්‍රපටයත් නොබලපු කෙනෙක් නම් හොයන්නත් අමාරුයි. 2007 තිරගත වුනාට වර්තමානයේ පවා අතිශය ජනප්‍රිය වුනු කතාවක්. දරුනු කුලී මිනි මරුවෙක් වුනු Anton Chigurh හා දඩයක්කාරයෙක් වට තමයි මේ No Country for Old Men සිනමපටයට පාදක වුනේ. චිත්‍රපටයේ තියෙන දර්ශන අතුරින් කාසියේ වාසියෙන් අහිංසක මිනිහෙක්ගේ ජිවිතය තීරණය වන අවස්ථාව නම් කාට වුනත් මතක ඇති. ඉතින් මේ සිනමාපටයේ Anton Chigurh චරිතයට රංගනයෙන් දායක වුනේ Javier Bardem. ඔහුගේ විශිෂ්ට රංගනයත් අමතක නොවෙන එකක්.

 

03.MALEFICENT- MALEFICENT Mistress of Evil

මේක නම් අනිත් හයට වඩා වෙනස් චරිතයක්. ඒකට එක හේතුවක් මේ ෆිල්ම් එක තනිකරම ෆැන්ටසියක්. අනිත් එක මේ චරිතයත් ගැහැනු චරිතයක් හැබැයි. ඒ වුනාට නම් අපිට අමතක නොවන චරිතයක් බවට නම් සැකයක් නෑ. සමහර විට Angelina Jolie කියන සරාගි ගිනි සිලුව මේ චරිතය රඟදක්වපු නිසාද දන්නෑ. පොඩි කාලේ ඉදලා දන්න ස්ලීපින් බියුටි කතාව තමයි 2019 අවුරුද්දේ Joachim Rønning කියන අධ්‍යක්ෂවරයා සිනමාවට ගේන්බේ. මීට ක්ලිනුත් අනුවාර්තන රැසකට ස්ලීපින් බියුටි කතාව පාදක වුනා.

 

04.Dr Hannibal Lecter – Hannibal

Hannibal සිනමාපටයේ Hannibal Lecter විදියට Sir Anthony Hopkins රඟ දක්වපු ඒ චරිතයත් කවමදාවකවත් අමතක වෙන එකක් නෙමේ. මේ චරිතය කොච්චර ප්‍රබලද කියනවනම් ඒ වෙද්දි Anthony Hopkins ගේ පෙම්වතිය වුනු Martha Stewart ඔහුව හැර දාලා යනවා. ඒ ඔහු ළඟ ඉද්දි ඇයට Hannibal Lecter ළඟ ඉන්නවා වගේ හැඟීමක් දැනෙන නිසාලු . චිත්‍රපටය පුරාවටම මහ ලොකු වෙලාවක් ඔහුගේ රංගනය නොතිබ්බට කිසිම දවසක අමතක නොවෙන අතිශය ප්‍රබල රංගනයක් ඔහු පෙන්වූවා ඒ සිනමාපටය හරහා…

 

05.Hela – Thor: Ragnarök

මේ ඉන්නෙත් චිත්‍රටයක ප්‍රධාන චරිතයට වඩා දුෂ්ඨ චරිත අපේ හිත ඇදගන්න සමත් වුනු තවත් චරිතයක්. ගොඩක් අය නම් මේ ෆිල්ම් එක බලලා ඇති කියලා හිතනවා. කලින් කතා කරපු MALEFICENT වගේ තමයි හෙලාත් අමතක නොවෙන තවත් එක දුෂ්ඨ චරිතයක්. තෝර්ගේ මිටිය වූ මියෝනියරය පවා විනාශ කරන්න පුලුවන් විදියේ විශිෂ්ට බුද්ධිය, සටන්කාමීත්වය, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නිසාම ඇගේ චරිතය ප්‍රධාන චරිතයට වඩා දැනුනා..

 

06.Vijay Agnihotri – Anjaam

අපි කලින් කතා කලේම හොලිවුඩ් ෆිල්ම්ස්, ටීවි සිරියස් නේ. දැන් කතා කරන්නේ නම් බොලිවුඩ් එකක්. බොලිවුඩයේ රජු එහෙම නැත්නම් ශාරුක් ඛාන් තමයි මේ චරිතය රඟදැක්වුවේ ඔහුගේ මුල් කාලයේ සිනමාපටයක් වුනත් ආධුනික බවක් නම් අපිට හොයන්න ආමාරුයි ඒ චරිතේ. ඒ තරම් ප්‍රබල රංගනයක් ඒ නිසාම ඔහු ඒ වසරේ හොඳම දුෂ්ඨ චරිතය හිමි ෆිල්ම්ෆෙයා සම්මානයටත් හිමි කිව්වා. බලපු අයටනම් ඒ රංගනය හොඳට මතක නැති.

 

07. Amon Goeth – Schindler’s List

මේ ඉන්නේත් අනිත් හය දෙනාවගේම මතක් වෙද්දත් තරහා යන දුෂ්ඨයෙක්. Schindler’s List කියන්නේ බලපු හැමෝගෙම වගේ නෙත් තෙත් කරපු සිනමාපටය කියලා අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනේ නැහැ. ඉතින් බලපු කෙනෙක්ට නම් ඒ කලු සුදු රූපරාමුවල තිබ්බ Amon ගේ අමානුෂික හැසිරීම් නම් අමතක වෙන්න බැ. මුලු ලෝක ඉතිහාසයෙම කලු පැල්ලමක මතකයන් නිසා අදටත් විඳවන මිනිස්සු එමටයි. ඉතින් මේ Amonගේ චරිතයට රංගනයෙන් දායක වුනේ Ralph Fiennes .

ඉතින් ටීවි සිරියස් ෆිල්ම්ස් පිස්සෙක්නම් ඔයාට මෙ චරිත ඔක්කොම හොඳට මතක ඇති. ඉතින් මේ වගේ මතකයේ රැඳුණු දුෂ්ඨ ප්‍රතීවීර චරිත ගැන අපිට කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *