වෙනස්ම තේමාවකට නිර්මාණය වුනු සිංහල චිත්‍රපට හතක් – 2 කොටස

අපි කලින් දවසක කතාකලා ඔයාලට මතක ඇති අලුත් තේමාවන් වලට ලියවුනු සිංහල චිත්‍රපට හතක් ගැන. ඉතින් අද අපි හිතුවා ඒ වගේ වෙනස්ම ආකෘතියකට ලියවුනු සිංහල චිත්‍රපට හතක් ගැන කතාකරන්න.

01. හංස විලක්

අපි කලින් ලිපියේ කතා කලා දුහුළු මලක් චිත්‍රපටය ගැන. ඉතින් දුහුළු මලක් චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයටත් බේස් වෙන්නේ අනියම් ප්‍රේම සම්බන්දයක්. හැබැයි මේ කතාව දුහුළු මලක් චිත්‍රපටයේ කතාවට වඩා හාත්පසින්ම වෙනස් ටිකක් psychological thriller ගතියකුත් මුහු වුනු අනියම් ප්‍රේමයක ඛේදවාචකය ගැන කතා කරපු සිංහල සිනමාවේ බිහිවුනු විශිෂ්ටතම නිර්මාණයක් විදියට අපිට හඳුන්වන්න පුලුවන්.

 

02. දෙවැනි ගමන 

අපි කලින් දවසේ කතා කරපු මංගල තෑග්ග සිනමාපටයේ අධ්‍යක්ෂකවරය ම තමයි මේ සිනමාපටයත් නිර්මාණය කරන්නෙ. ඇත්තටම වාණිජ සිනමාවෙත් මෙන්ම කලාත්මක සිනමාවෙත් එක සේ අතික්‍රමණය කරපු නිර්මාණයක් තමයි මේ දෙවැනි ගමන කියන චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටය ට පාදක වෙන්නේ කන්‍යාභාවය කියන මාතෘකාව. ඒ හා බැඳුනු නිර්මාණ හරිම අතලොස්සක් තමයි සිනමාවේ බිහි වෙලා තියෙන්නේ.

 

03. තනි තටුවෙන් ඉගිල්ලෙන්න 

මේ චිත්‍රපටය ගොඩක් ආන්දෝලනයකට තුඩු දුන්නු චිත්‍රපටය ක් වුනා. ඒකට හේතුව වුනේ අනෝමා ජිනාදරී මේ චිත්‍රපටයෙ කල ඒ රංගනය . ඇත්තටම චිත්‍රපටය ම සම්පූර්ණයෙනම බලපු කෙනෙක් නම් ඒ අන්තිම දර්ශනය බලන මොහොතේ ඇහැට කඳුලක් නොආවොත් පුදුමයක්. ඒ තරම්ම විශිෂ්ට ආකාරයේ රංගනයක් අපි දුටුවා . ඉතින් මේ චිත්‍රපටය ට පාදක වෙන්නේ පිරිමි වෙස් ගත් ගැහැනිය ක්.

 

04. ආකාස කුසුම් 

සිංහල සිනමාවේ නිලි රැජින මාලිනි ෆොන්සේකා ගේ රංගනය නිසාම අතිශයින්ම ජනප්‍රිය වුනු චිත්‍රපටය ක් තමයි ආකාස කුසුම් කියන්නේ. සාමාන්‍යයෙන් අපිට සිංහල සිනමාවේ ඉතාමත් අඩුවෙන් දකින්න හම්බවෙන කතා පුවතක් තමයි මේ චිත්‍රපටය ට පාදක වෙන්නෙ. මෙහි එන ප්‍රධාන චරිත වන සන්ධ්‍යා රාණි නම් කීර්තිමත් රංගන ශිල්පිනියකගේ හුදෙකලා ජිවිතය හා ඇගේ දියනිය ප්‍රියා, චිත්‍රපටය නරඹපු හැමෝගෙම ජීවතය න් තුල හැමදාම ජීවත් වෙනවා ඇති.

 

05. දැකලා පුරුදු කෙනෙක් 

සිංහල සිනමාවේ හරිම අඩුවෙන් කතා වෙන පවුලක බැදීම් වල ස්වභාවය ගැන මේ සිනමා පටයෙන් සියුම්ව රසිකයින්ට පෙන්නුම් කරනවා. මෑතකදී නිර්මාණය වුනු අතිශයින්ම විශිෂ්ට චිත්‍රපටය ක් තමයි මේ චිත්‍රපටය. ඉතින් හරිම විශිෂ්ට තිරරචනයක් වගේම විශිෂ්ට තම සංකේත භාවිතයක් චිත්‍රපටය පුරාවටම තිබුනා.

 

06. ප්‍රේරමය නම් 

ප්‍රේමය නම් කියන්නෙත් හරිම වෙනස්ම තේමාවකට නිර්මාණය වුනු චිත්‍රපටය ක් විදියට අපිට හඳුන්වන්න පුලුවන්. මොකද මේකට පාදක වෙන්නේ වෙනස්ම ආකාරයේ මානසික රෝගයක්. ඒ වගේමයි මේ චිත්‍රපටය ට පාදක වෙන්නෙත් සත්‍ය කතාවක්. මේ රෝගය තමයි තමන්ගේ මුත්‍ර වලට බයක් තියෙන වගේම හැම තැනක මුත්‍ර ඇතිබව සිතිම. 

 

07. සුළඟ ගිනි අරන් 

සුළඟ එනු පිණිස, චත්‍රක් වගේ ආන්දෝලනාත්මක චිත්‍රපට බිහි කරපු විමුක්ති ජයසුන්දර යන් කියන්නේ අපේ රටේ ඉන්න විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහුගේ සුළඟ ගිනි අරන් සිනමාපටයත් හරි වෙනස්ම චිත්‍රපටය ක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ අන්තර්ගත වුනු යම් යම් සිද්ධින් නිසා මේ චිත්‍රපටය ආන්දෝලනාත්මක වුනා. මේ චිත්‍රපටය තරමක් ඇන්තොලොජි ගනයේ නිර්මාණය ක්. උදෑසනදී වෛද්‍යවරයෙක් මෙන්ම රාත්‍රියේ කාමතුරයෙක් වන පුද්ගලයෙක්, භීක්ෂු හිමි නමක් වගේ කතා පුවත් මේ නිර්මාණයට අන්තර්ගත වුනා.

 

ඉතින් අද අපි කතා කරපු චිත්‍රපට කිහිපයට අමතරව ඔයාලා බලලා තියෙන වෙනස්ම ආකෘතියකට නිර්මාණය වුනු සිංහල චිත්‍රපට තියෙනවා අනිවාර්යයෙන්ම ඒ චිත්‍රපට ගැන තොරතුරුත් අනිවාර්යයෙන්ම අපිත් එක්ක බෙදා ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *