ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකළ වංගෙඩි මිනීමැරුම

වංගෙඩි මිනීමැරුම එහෙම නැත්නම් සතාසිවම් මහත්මියගේ ඝාතනය කාලයකට ඉහතදී මුළු ලංකාවෙම ආන්දෝලනයක් ඇති කරපු මරණයක්. ඉතින් අද අපි කතාකරන්නේ ඒ මරණය ගැන දැනට තියෙන හෝඩුවාවන් ටිකක් ගැන..

 

01.සතාසිවම් පවුල

මහදේවන් සතාසිවම් මහතා කියන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් යුගයේ හිටිය කීර්තිමත් චරිතයක්. මුල් යුගයේ කියන්නේ ටෙස්ට් වරම් ලංකාවට හිමිවෙන පෙර 1981 වසරට පෙර. ඉතින් මේ ප්‍රකට ක්‍රීඩකයා මුලින්ම විවාහ වුනේ අපේ රටේ වීරයකු වන පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිබිරියක සමග. මේ විවාහයේ අග්‍රඵලය විදියට පුංචි දියණියන් හතරදෙනෙක් මේ සතාසිවම් මැතිණියට දාව උපත ලබනවා.

 

02.සතාසිවම් මැතිනියගේ ඝාතනය

මේ අවාසනාවන්ත මරණය සිද්ධ වෙන්නේ 1951 ඔක්තොම්බර් 9වෙනිදා. අනේ ඉතින් මේ සතාසිවම් මහත්මියගේ පුංචිම දියණියෝ දෙන්නා අම්මව හොයහොය ඉද්දි දවල් කාලයේ මේ අම්මා ගරාජයේ වැටිලා ඉන්නවා දකිනවා. ඊට පස්සේ මේ දරුවෝ දෙන්නා තමන්ගේ අම්මට සනීප නෑ කියලා ළගම ගෙදර ගිහින් කියනවා. ඊට පස්සේ බලද්දි මේ අම්මා මැරිලා නැත්නම් කව්රුහරි මරලා. මේ අසල වංගෙඩියකුත් තිබිලා තියෙනවා. ඒ හින්දා මේ මිනිමැරුම වංගෙඩියක්වත් කළාද කියලා සමහර මිනිස්සු උපහාසයට කියනවා.

 

03.සතාසිවම් මහත්මයා

මේ මරණයේ මුල්ම සැකකාරයා ඉතින් මේ සතාසිවම් මහත්තයා. මොකද ඒ වෙද්දි ඔවුන් දෙදෙනාගේ කසාදයක් අවුලක් වෙලා. දික්කසාදයකටත් ආසන්නව ඉඳලා තියෙන්නේ. මොකද සතාසිහම් මහත්තයාගේ අනියම් පෙම නිසා තම විවාහ භාර්‍යාව කෙරේ තිබ්බ ආදරය ඔහුගෙන් අඩු වුණා. ඉතින් මිනිස්සු මුලින්ම සැකකළේ මොහුව. සතාසිවම් තරමක් ප්‍රකට පුද්ගලයෙක් හින්දා මේ වරද්ද ඔහුට පටවන්න පොලිසියත් ටිකක් මැලිවුණා. ඔහුගෙන් ගත්ත කට උත්තරේ තිබ්බේ ‘උදේ 10.30ට විතර තමන් ගෙදරින් යද්දි ඇය හොඳින් හිටියා. ඒ වෙද්දි ලාබාල දරුවන් දෙන්න ගෙදර හිටියා කියලා…’

 

04. විලියම් 

මේ මරණයත් එක්ක අතුරුදහන් වෙන්නේ මේ ගෙදර වැඩකාරයා වෙච්ච අවුරුදු 19 විලියම්. විලියම් ව ඈත ගමක හැංගාල ඉදිද්දි කොහොමහරි පොලිසිය හොයාගන්නවා. සතාසිවම්ගේ තෙවන දියණියත් විලියම් මවව ගරාජයට ගෙනියනවත් දැකලා තියෙනවා. විලියම් කියන හැටියට ඒ ගෙදර 9.30 විතර ලොකු රණ්ඩුවක් වෙලත් තියෙනවා. ඒක විලියමුත් හොරෙන් අහන් හිටියා කියල තමයි ඔහු කියල තියෙන්නෙ. සතාසිවම් මහත්තයා ඒ මහත්මියගේ උගුර දණ්ඩ පාගද්දි ආපු ශබ්දය විලියම්ට ඇහුණලු. ඒත් ඉතින් සාමාන්‍යයෙන් උගුරුදණ්ඩ පාගද්දි ශබ්දයක් එන්නෙ නෑනේ. ඊට පස්සේ ඇයව ගරාජය ගිහින් දාලා තියෙන්නෙත් විලියම්. විලියම් ගාව සතාසිවම් මැතිණියගේ වටිනා ආභරණයක් උගස් කරපු සල්ලිත් තිබිලා තියනවා. විලියම් කියන විදියට ඒ ආභරණය සතාසිවම් මහත්තයාලු දීලා තියෙන්නෙ. ඒත් ඒ වෙද්දි ඔහු ගෙදර ඉඳලත් නෑ…

 

05.ටැක්සි රියැදුරා 

ඉතින් මේ මිනිමැරුම ගැන සාකිෂි හොයාගෙන යද්දි, මේ සිද්ධිය වුනා කියන වෙලාවෙ සතාසිවම් මහතා ගෙදර ඉඳලා නෑ කියලා කියන සාක්ෂිය ඔප්පු වෙන්නේ සතාසිවම් මහතා ගමන් කරපු ටැක්සි රථයේ රියදුරාගෙන්. ඔහු කියන හැටියට උදේ 10.30ට විතර ඔහු වාහනයට නැග ආ බවත් ඊට පස්සේ සතාසිවම් මහත්මිය ඔහුට සමුදී ගිය බවත් සඳහන් කරනවා. හැබැයි ඉතින් මේ විලියම්ගෙයි රියදුරාගෙයි සාක්ෂි එකිනෙකට පරස්පර විරෝධි. 

 

06.අධිකරණ වෛද්‍ය වාර්තාව 

ඉතින් මේ මිනීමැරුමේ වෛද්‍ය වාර්තාව ඉදිරපත් කළේ මහාචාර්ය සේරම්. මෙතන තහවුරු වෙනවා ඇය මියහිහින් තියෙන විදිය. ඇය මිය ගිහින් තියෙන්නේ ගෙල සිරකරලා. එතකොට එතන විලියම් ගේ සාක්කිය හරි. තව ඒ වෙනකොට ඇය ඉඳලා තියෙන්නේ හිටගෙන. ඉතින් මේක තමයි වෛද්‍ය වාර්තාව. තව සතාසිවම් මහත්මියගේ ඇඳුමේ ශුක්‍රාණුවකුත් තිබිලා තියෙනවා.

 

07.අවසාන නඩු තීන්දුව

ඉතින් මේ අවසන් නඩු තීන්දුව දෙන්න ගෙන්වනවා ලෝ පතළ අධිකරණ වෛද්‍ය සිඩ්නි ස්මිත් මහතා. ඉතින් මේ දක්ෂ අධිකරණ නිළධාරියා කියන්නේ මේ මිනිමැරුම 11ට වෙලා තියෙනවා කියලා. ඒ වෙලාවේ සතාසිවම් මහතාත් ගෙදර ඉඳලත් නෑ. ඉතින් මේ මිනිමැරුමේ වරදකාරයෙක් අදත් හොයාගන්න නෑ. විලියම් ට තියෙන ඡෝදනාත් එක්ක සාක්ෂි සසඳන්නත් බෑ. ඉතින් මේ මිනිමැරුම වංගෙඩියක් කරලද කියලත් මිනිස්සු විහිළුවට කියනවා. ඊට පස්සේ මේ සතාසිවම් මහතා මේ මැතිණියගේ දේපළ විකුණලා පෙම්වතියත් එක්ක පිටරටකට ගියාළු…

ඉතින් අදටත් පිලිතුරු නැති මේ මිනිමැරුම ගැන ඔයා දන්න දේවලුත් අපිට කියන්න අමතක කරන්න එපා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *