ඉතුරු වෙච්ච පාන් වලින් හදන්න පුලුවන් සුපිරි කෑම 7ක්

ගෙදර ඉතුරු වෙන පාන් වලට කරන්න දෙයක් නැද්ද.. ඉස්සර වගේ නෙමෙයිනේ පාන් ගෙඩියක් බොහොම ගණන් කාලේ ඉතුරු වුන පරණ පාන් විසි කරන එක හරිම අපරාධයක්. ඔන්න ඉතින් ඔයාලට ඉතුරු වෙන පාන් වලින් හදාගන්න පුලුවන් රසවත් ආහාර ටිකක් කියලා දෙන්නයි හදන්නෙ.

01. Garlic Bread Sticks

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පෙති 4-5
මෙල්ට් කරගත් බටර් මේසහැඳි 2
චොප්කරගත් ගාලික් බික් 4
හර්බ්ස් ස්වල්පයක්
කෑලිමිරිස් තේහැඳි 1/2

  • පාන්පෙති ටික දික් අතට තීරු කපාගන්න.
  • අනික් සියල්ලම බෝල් එකකට දාලා කලවම් කරලා බ්‍රශ් එකකින් පාන්පෙති වල ගාගන්න.
  • දැන් මේ ටික සෙල්සියස් අංශක 180ට විනාඩි10ක් බේක් කරගන්න.

02. Sweet Bread Snack

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන් වාටි කිහිපයක්
බටර් මේසහැඳි 3
සීනි මේසහැඳි 2

  • පාන්වාටි ටික පැයක් ෆ්‍රීසර් එකේ තියලා ගන්න.
  • දැන් මේ ටික පොඩි කෑලි වලට කපාගන්න.
  • දැන් මේ ටික පෑන් එකකට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
  • දැන් වෙනම පෑන් එකකට බටර් දාලා මෙල්ට් වෙනකොට පාන් කෑලි ටික දාගන්න.
  • ඊලඟට සීනි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
  • සීනි පොඩ්ඩක් දිය වේගෙන එනකොට ලිපෙන් බාගන්න.

03. Bread Dosa

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පෙති 4
රුලං කෝප්ප 1
හාල්පිටි කෝප්ප 1/4
කර්ඩ් කෝප්ප 1/4
ලුණු ස්වල්පයක්
සීනි තේහැඳි 1/2
බේකින් සෝඩා තේහැඳි 1/4

  • පාන්පෙති වල වාටි කපලා අයින් කරන්න.මේ ටික පොඩි කෑලි වලට කඩලා බෝල් එකකට දාගන්න.
  • මේකට රුලං, හාල්පිටි, කර්ඩ්, ලුණු, සීනි හා වතුර කෝප්ප 1ක් දාලා බැටර් එක හදාගන්න.
  • මේක විනාඩි 20ක් තියලා නැවත හොඳට කලවම් කරලා බ්ලෙන්ඩර් එකට දාගන්න.
  • රළු ගතියක් තිබුණට කමක් නෑ.
  • දැන් මේකට තව වතුර කෝප්ප 1/2ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් ස්මූත් බැටර් එකක් හැදිලා තියෙයි.
  • දැන් මේක බෝල් එකකට දාලා හොඳට විස්ක් කරලා බේකින් සෝඩා ටික දාගන්න.
  • තවත් හොඳට කලවම් කරලා පෑන් එකක් ලිපේ තියලා වතුර ටිකක් ඉහලා පෑන් එක පිහදාගන්න.
  • දැන් බැටර් එකෙන් ටික ටික දාලා තෝසේ හදාගන්න.

04. Bread Cutlet

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පෙති කිහිපයක්
චොප්කරගත් තක්කාලි ගෙඩි 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් රෙඩ් බෙල්පෙපර් ගෙඩි 1/2
තම්බාගත් ස්වීට් කෝන් මේසහැඳි 2
පාන්පිටි මේසහැඳි 4
කෝන්ෆ්ලා මේසහැඳි 2
චිලී සෝස් මේසහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු තේහැඳි 1/2
බැදීමට තෙල්

  • පාන් පෙති එකින් එක වතුරෙ පොඟවලා වතුර මිරිකලා ගන්න.
  • මේකට අනික් සියල්ලම දාලා හොඳට අනාගන්න.
  • අතේ තෙල් ටිකක් ගාගෙන ඩෝ එකෙන් ටික ටික අරන් අතින් බෝල හදලා රත්වුණු තෙලට දාලා ‍රන්වන්පාට වෙනකල් බැදගන්න.

05. Bread Roti

අවශ්‍ය ද්‍රව්‍ය :-
කඩාගත් පාන්පෙති 4-5
ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/4
ලියාගත් බෝංචි කරල් 3
චොප්කරගත් ළූණු ගෙඩියක්
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
හාල්පිටි කෝප්ප 1/4
කහකුඩු තේහැඳි 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු
තෙල් ස්වල්පයක්

  • බොල් එකකට කඩාගත් පාන්පෙති ටික දාලා කැරට්, බෝංචි, ළූණු හා කොත්තමල්ලි කොළ ටික දාගන්න.
  • මේකට හාල්පිටි හා කහකුඩු ටික දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට අනාගන්න.
  • වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.දැන් තරමක බෝල හදලා තුනී කරගන්න.
  • තෙල් ගාගත් පෑන් එකකට දාලා දෙපැත්ත පුළුස්සාගන්න.

06. Bread Gulabs

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පෙති 8
කිරි මේසහැඳි 6-7
බැදීමට තෙල්

සීනි සිරප් එකට:-
සීනි කෝප්ප 1
කරදමුංගු ඇට 2
වතුර කෝප්ප 1 1/2
සැෆ්‍රන් ස්වල්පයක්

  • පෑන් එකකට සීනි, කරදමුංගු හා වතුර දාලා ලිපේ තියන්න.
  • වතුර නටනකොට සැෆ්‍රන් ටික දාගන්න.අඩු ගින්දරේ විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න.
  • පාන්පෙති වල වාටි අයින් කරලා පොඩි කෑලි වලට කපාගන්න.
  • දැන් මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
  • හොඳටම කුඩු උනාම මේකට කිරි ටික දාගන්න.
  • අතින් හොඳට කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.දැන් මේකෙන් පොඩි බෝල හදාගන්න.
  • පෑන් එකකට තෙල් දාලා රත්වෙනකොට මේ බෝල අඩු ගින්දරේ වැඩි වේලාවක් බැදගන්න.
  • රන්වන්පාට වෙනකල් බැදුනම ලිපෙන් බාලා උණුවෙන්ම සීනි සිරප් එකට දාගන්න.
  • පැයකින් වගේ කෑමට ගන්න.

07. Bread Masala

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පෙති කිහිපයක්
තෙල් ස්වල්පයක්
කපාගත් තක්කාලි ගෙඩි 1
ඉඟුරු කෑල්ලක
සුදුළූණු බික් 3
මිරිස්කුඩු තේහැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේහැඳි 1/2
කර්ඩ් මේසහැඳි 1
තෙල් ස්වල්පයක්
චොප්කරගත් ළූණු ගෙඩි 1
කහකුඩු තේහැඳි 1/4
ගරම් මසාලා තේහැඳි 1/4
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

  • පෑන් එකට තෙල් ටිකක් ගාලා පාන්පෙති ටික දාගන්න.
  • දෙපැත්තම හොඳට ටෝස්ට් කරගන්න.
  • දැන් මේ ටික පොඩි කෑලි වලට කපාගන්න.
  • බ්ලෙන්ඩර් එකට තක්කාලි ගෙඩිය දාලා ඉඟුරු කෑල්ල දාගන්න.මේකට සුදුළූණු, මිරිස්කුඩු ,කොත්තමල්ලි කුඩු හා කර්ඩ් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු ටික දාගන්න.
  • ළූණු ටික තෙම්පරාදු උනාම ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එක දාලා කහකුඩු හා ගරම් මසාලා ටිකක් දාගන්න.
  • රස අනුව ලුණු දාගන්න.
  • හැඳිගාලා පොඩ්ඩක් හිඳෙනකොට පාන්කෑලි ටික දාලා කලවම් කරගන්න.
  • චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකත් දාලා කලවම් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *