ඔබ නැරඹිය යුතුම ඇන්තලොජි නිර්මාණ හතක්

ඉතින් අපි මීට කලින් බොලිවුඩය තුල නිර්මාණය වුනු ඇන්තලොජි නිර්මාණ හතක් ගැන කතාකලා ඔබට මතක ඇති. අද අපි හැරෙමු ලෝක සිනමාව පැත්තට. ඉතින් කෙටි කතා කිහිපයකින් සමන්විත වුනු සුපිරිම ඇන්තලොජි නිර්මාණ යක් ගැන අද අපි කතාකරමු.

 

01. Pulp Fiction 

මේක නම් ගොඩක් ජනප්‍රිය නිර්මාණයක්. ඔස්කාර් සම්මානයක් පවා හිමිවුනා. ඒ නිසාම මුලින්ම මේක මතක් කරන්න හිතුනා. මේකට පාදක වෙන කතා ටික කිවොත් මූලිකවම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිදු වන විවිධ අපරාධ ගැන තමයි මූලිකවම කතාව යන්නේ. ඒ වගේමයි කුතුහලයෙන්, දෙබස්, කතාව වගේම කොමඩි සීන්ස්සුත් නොඅඩුව තියෙන මේ ෆිල්ම් එක ඔබ නැරඹුවේ නැත්නම් ලොකු අඩුවක්.

 

02. The Ballad of Buster Scruggs 

මේක හරිම වෙනස්, පොදුවේ ඕනම කෙනෙක් ට වගේ රසවිඳින්න පුලුවන් විදියේ නිර්මාණය ක් කියලා කිව්වොත් වැරදි නෑ. මේකේ කතා හයක් තියෙනවා. ඒත් වැඩේ කියන්නේ හයම, හය විදියක්. සමහර ඒවා දුකයි, සමහර ඒවා comedy පැත්තට බරයි, සමහර ඒවා ටිකක් ක්‍රයිම් පැත්තට වගේ. ඒ වගේම සමහර ඒවා රොමෑන්ටික් පැත්තට බරයි. ඉතින් වැඩිය කතාව ගැන කියන්නේ නෑ නොබලපු කෙනෙක් ඉන්නවා නම් අදම අනිවාර්යයෙන්ම බලන්න.

 

03. Trick ‘r Treat 

මේක නම් ගොඩක් හොඳ නිර්මාණයක්. අනිත් ඒවා වගේම මේක හොරර් මාදිලියේ කතාවක්. ඒ හින්දා ඒ පැත්තට කැමති නිර්මාණ බලන්න ආස අය නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක් කියල හිතනවා. මේකට පාදක වෙන්නේ හැලෝවින් දිනයක්. ඉතින් එදින සිද්ද වෙන විවිධ අද්භූත කතා හතරක් තමයි මේ නිර්මාණය ට අන්තර්ගත වෙන්නේ. නොබලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න.

 

04. Sin City

මේකත් ගොඩක් ජනප්‍රිය නිර්මාණයක් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම බලලා ඇති කියලා හිතනවා. නොබලපු කෙනෙක් ට කතා ටික පොඩ්ඩක් ස්පිල් කලොත්.. මේකේ කතා තුනක් තියෙනවා. පලවෙනි කතාව කුඩා දියනියක්ව බේරගන්න උත්සහ කරන පොලිස් නිලධාරියෙක්, දෙවනි කතාව තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් පලිගැනිමක නිරත වන පෙම්වතෙක්, අන්තිම කතාව ගනිකාවක් වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයෙක් ඉතින් මේ කතා තුන තමයි මේ නිර්මාණය ට පාදක වෙන්නෙ.

 

05. Creepshow

මේකත් කලින් කිව්ව Trick ‘r Treat වගේ අද්භූත පැත්තට ටිකක් බර එකක්. හැබැයි මේකේ comic පැත්තට එහෙම බර ගතියක් එහෙමත් තියෙනවා. ඒ දෙක ලස්සනට ෆිල්ම් එකට ගලපලා තියෙනවා. මේකේ පිටපත ලියන්නේ සාහිත්‍ය ලොවේ හොරර් කින්ග් කියලත් සමහර අය හඳුන්වන ස්ටේපන් කිංග්. ඉතින් මේකේ කෙටිකතා පහක් අඩංගුයි. පහම විශිෂ්ට මට්ටමේ ඒවා. මේකත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම එකක්.

 

06. Paris I Love You

මේකනම් අනිත් ඒවා වලට වඩා නම් වෙනස් නිර්මාණයක්. මොකද කලින් ඒවා ඔක්කොම හොරර්, ක්‍රයිම්, ඩ්‍රාමා පැත්තට බර ඒවා ටිකක් නේ. ඒත් මේක නම් ආදර කතාවක්. ඒවගෙම මේකේ කෙටි සිනමාපට විස්සක් විතර අන්තර්ගත වෙනවා. ඒ එක එක සිනමපටය හඳුන්වන්නේ පැරිස් නගරයේ ඇති එක එක තැන් වල නම් වලින්. ඉතින් ලොව වටා ඉන්න දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙන මේ නිර්මාණයත් අනිවාර්යයෙන්ම බැලිය යුත්තක්.

 

07. Cloud Atlas 

අන්තිමේට කතා කරමු ටිකක් විද්‍යා ප්‍රබන්ධ පැත්තට බර නිර්මාණයක් ගැන. මේකෙත් ගොඩක් වෙනස් කෙටි සිනමාපට හයක් අන්තර්ගත වෙනවා. මේකේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන ටොම් හෑන්ක්ස් පවා රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේක නොබලපු කෙනෙක් ඉන්නවානම් අනිවාර්යයෙන්ම නරඹන්න ආරාධනා කරනවා .

 

එහෙනම් මේ ලිස්ට් එකේ ඔයා බලපුවත් ඇති ඒවගේමයි නොබලපුවත් ඇති. එහෙනම් නොබලපුවා බලන්නත් මීට අමතරව ඔබ නැරඹූ මෙවැනි නිර්මාණත් අමතක නොකර අපිට කියන්න.

Leave a Reply

Your email address will not be published.