ඔයාගේ පාඩම් වැඩ වලට උදවු වෙන සුපිරිම ඇප් එකක් ගැන බලමුද?

අද අපි කතාකරමු සුපිරිම ඇප් එකක් ගැන. ඔයාගෙ සමහර ගෙදර වැඩ, පාඩම් වැඩවල​ට එහෙම මේක ගොඩක් වැදගත් වෙයි. එහෙනම් අපි අද ඒ ඇප් එක ගැන දැන කියාගමු.

01. මොකද්ද මේ ඇප් එකේ විශේෂත්ව​ය?

ඔක්කොටම කලින් මේ ඇප් එකේ නම කියන්නම්කෝ මේකේ නම් socratic. මේ ඇප් එක හඳුන්වලා දීලා තියෙන්නේ ගූගල් සමාගම විසින්මයි. ඒ ගොඩක් වෙලාවට අපි නොදන්න දෙයක් තිබ්බොත් අපි සාමාන්‍යයෙන් සර්ච් කරන්නේ ගූගල් එකෙන්නේ. ඉතින් ගූගල් ආයතනය විසින්මයි අපි වගේ ඉගෙන ගන්න අය වෙනුවෙන් මේ වගේ ඇප් එකක් හදලා තියෙන්නේ. මොකද සමහර වෙලාවට අපි නොදන්න දෙයක් ගූගල් කලාම හරිම උත්තරය හොයාගන්න අපිට වෙබ්සයිට් ගොඩකට යන්න වෙනවා. ඒ නිසා ගොඩක් මේක වැදගත් වෙයි අපි වගේ ඉගෙන ගන්න අයට. 

 

02. ගණන් ගැටළු 

මේකෙ තියෙන විශේෂත්වයක් තමයි අපිට පුළුවන් ඕන තරම් අපි හදන්න නොදන්න ගණන් මේ ඇප් එකේ ස්කෑන් කරන්න. ඒ ගණන් කොලේක ලියලා තිබ්බත් එක්කෝ ප්‍රින්ට් කොලෙක ප්‍රින්ට් අකුරින් තිබ්බත් කොහොම වුනත් මේ ඇප් එකට පුළුවන් ඔයාට ඒ ගැටළුව විස්තරාත්මක ව හරියටම හදන හැටි කියලා දෙන්න. ඒ වගේමයි මේ ඇප් එකේ ඒ ගැටළුව තවත් හොඳින් හදන්න උදවු වෙන වෙබ්සයිට් ගොඩක් සජෙස්ට් කරනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඒ දේවලුත් බලලා ගණන් වැඩ තවත් හොඳින් කරන්න.

 

03. විද්‍යා ගැටළු 

දැන් ඔයාලා හිතුවට මේකෙ ගණිත ගැටළු විතරයි පුළුවන් කියලා.. නැහැ ඔයාට පුළුවන් ඔයා ඉංග්‍රීසි මාධ්‍යෙන් විශයන් හදාරන කෙනෙක් නම් අවශ්‍ය නොදන්න ප්‍රශ්න මේ ඇප් එකේ සර්ච් කරන්න. හරිම ලස්සනට ලොකු පැඇදිලි කිරිමක් එක්ක සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් ට තේරෙන විදියට මේ ඇප් එකෙන් පිලිතුරු සපයනවා. 

 

04. ස්පීකර්, ටයිපින් , ස්කෑන් පහසුකම් 

මේකේ දැන් අපි කලින් කිව්වා වගේ අපි නොදන්න ගණිත ගැටළු ලස්සනට ස්කෑන් කරලා උත්තරය ගන්න පුළුවන්. ඒ වගේමයි විද්‍යාව වගේ විශයන් වල ගැටළු සර්ච් කරලා පිලිතුරු ගන පුළුවන්. ඒ වගේමයි මේ ඇප් එකේ තවත් විශේෂත්වයක් තමා මේකෙන් පුළුවන් අපිට තියෙන ගැටළුව voice search එකක් විදියට කරන්න. ඒකත් ගොඩක් විශේෂත්වයක් මේ ඇප් එකේ තියෙන. ඒ වගේමයි ඒ හින්දා වැඩකටයුතු ලේසියෙන් කරන්න පුළුවන්.

05. ඉංග්‍රීසි මාධ්‍ය හදාරන සිසුන්ට විතරයිද?

දැන් අපි කලින් කිව්වා නේ මේක ගොඩක් international පාසල් වල නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යෙන් විශයන් හදාරන සිසුන්ට ගොඩක් සුදුසුයි කියලා. ඒත් එහෙන සිංහලෙන් හදාරන සාමාන්‍ය රජයේ පාසල් වල ඉගෙනුම හදරන සිසුන්ටත් මේ ඇප් එක ගොඩක් වැදගත්. නොදන්න ප්‍රශ්න ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා හරි ඔයාට ඔයාගෙ විද්‍යා ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. ගණන් වැඩ නම් ලේසියෙන් ම කරගන්න පුළුවන්. ඒකට නම් භාෂා ගැටළුවක් නැ. ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගන්න ත් මේ ඇප් එකභාවිතකරන්න පුළුවන්.

 

06. අනවශ්‍ය භාවිතය

අනවශ්‍ය භාවිතය කියලා අපි අදහස් කරන්නේ මෙන්න මේක.. අපිට සාමාන්‍යයෙන් පාසලෙන් හෝ ටියුෂන් එකෙන් දෙන ගෙදර වැඩ අපි පුළුවන් තරම් අපි දන්න විදියට අපේ දැනුමෙන් පොත පාඩම් කරලා පිලිතුරු ලියන්න ඔනේ. නොදන්න ම ප්‍රශ්නයක් හෝ පිලිතුර නිවැරැදිද කියන එක පරික්ෂා කරන්න විතරක් ඔයාට පුළුවන් මේ ඇප් එක භාවිත කරන්න. මොකද අපිට විභාගෙට මේ ඇප් එක පාවිච්චි කරන්න බෑනේ ඉටින් මේ ඇප් එක අනවශ්‍ය විදියට යොදාගන්න නම් එපා.

 

එහෙනම් ඔයා දැන් දැනුවත් මේ සුපිරිම ඇප් එක ගැන. මේ ඇප් එක ගැන ඔයා දන්න යාලුවන් එක්කත් බෙදාගන්න අනිවාර්යයෙන් මොකද ඔයාට වගේම එයාලටත් මේක ගොඩක් වටිවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *