කේක් එකක් හරියටම හදාගන්න සැළකිලිමත් විය යුතු කරුණු 7ක්

ඔන්න අද අපි කියන්න යන්නෙ කේක් එකක් හදාගන්න බයෙන් ඉන්න අයට කොහොමද හරියටම කේක් එකක් හදාගන්නෙ කියලා. හැමෝටම අතට රෙසිපි එක ලැබුණු පමණින් රසට ලස්සනට සොෆ්ට් කේක් හදන්න බෑ. ඒවට අවශ්‍ය දේවල් තව ගොඩක් තියනවා. අපි අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු

 

1. ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතය

කේක් එකකට අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය තියනවා. බටර් කියන්නෙ කේක් වලට අවශ්‍යම අමුද්‍රව්‍යක්. සමහර කේක් වර්ග වලට නම් එළවළු තෙල් වගේ තමා පාවිච්චි කරන්නෙ. ඒත් අපි හදන්නෙ බටර් කේක් එකක් නම් බටර් අනිවාර්‍යයි. බටර් ගන්නකොට ෆ්‍රිජ් එකෙන් එළියට අරන් කාමර උෂ්ණත්වයේ විනාඩි 10ක් වගේ තියලා තමා ගන්න ඕනේ. අනික බටර් කේක් වලට මාගරින්, ෆැට් ස්ප්‍රෙඩ් ,ශෝර්ට්නින් නැතුව නියම බටර් පාවිච්චි කිරීම වැදගත්.

පාන්පිටි ගන්නකොට හුළං නොවැදුණ පාන්පිටි ගන්න ඕනේ. ඒ වගේම බේකින් පව්ඩර් වල නිසි ක්‍රියාකාරිත්වයක් ගන්න බෑ අපිට ඒවා වාතයට නිරාවරණය වෙලා තිබ්බානම්. ඒ වගේම කේක් එක හදන්න පටන් ගන්න කලින් පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා 4 පාරක් හලලා හොඳට වහලා තියන්න. 

බිත්තර උනත් නැවුම් බිත්තර ගන්න එක අපේ කේක් එකේ සොෆ්ට්නස් එකට ගොඩක් බලපානවා. බිත්තර ගන්නත් ඕනේ කාමර උෂ්ණත්වයේ තියපු බිත්තර. 

සීනි ගන්නකොට කැට පොඩි, තෙත රහිත සීනි ගන්න. ඒ වගේම කිරි දානකොට නිවුණු කිරි දාන්න. 

කිලෝ එකක කේක් එකක් හදාගන්න පාන්පිටි 250, බටර් 250, සීනි 250ක්, බිත්තර (ලොකු)4ක්, බේකින් පව්ඩර්තේ හැඳි 2ක් හා කිරි මේසහැඳි 4ක් ඕන වෙනවා.

 

2. නිවැරදිව මිණුම් කර ගැනීම

කේක් අමුද්‍රව්‍ය ටික හරියට මිණුම් කරගැනීම වැදගත්. නැත්තන් කේක් එක කොහොමත්ම හරියට හදාගන්න බෑ. ඔයාට මේක ස්කේල් එකකින් හෝ කප් මෙශරින් ක්‍රමයට කරගන්න පුලුවන්. කප් මෙශර්මන්ට් ගන්නකොට බටර්, පිටි, සීනි වලට වෙන වෙනම මෙශමන්ට් තියනවා. පහළින් මං ඒ මෙශමන්ට්ස් ටිකක් දාන්නම්.

පාන්පිටි කෝප්ප 1 – ග්‍රෑම් 120

සීනි කෝප්ප 1 – ග්‍රෑම් 200

බටර් කෝප්ප 1 – ග්‍රෑම් 225

 

3. අවශ්‍ය වන උපකරණ 

කේක් එකක් හදනකොට අවශ්‍යම වන උපකරණ කිහිපයක් තියනවා. එයින් එකක් උඩින් කිව්ව ස්කේල් එක. ස්කේල් නැතිනම් කප්වලින් මෙශර් කරගන්න පුලුවන් කිව්වනේ. තව එකක් තමයි පෙරනය. පාන්පිටි හලාගන්න තමයි මේක අපිට ඕනෙ වෙන්නෙ. ඒ වගේම බීටර් එක. බීටර් එකෙන් තමා අපි කේක් එක හොඳට බීට් කරගන්නෙ. ඒ වගේම අවන් එක. අපිට කේක් එක බේක් කරගන්න අවන්එක අත්‍යවශ්‍යයි. කේක් එක හරියටම හදාගන්න මේ අවන් එකේ ක්‍රියාකාරිත්වය හරිම වැදගත්. කේක් එක අවන් දාන්න විනාඩි10කට පෙර අවන් එක ඔන් කරලා ප්‍රීහීට් කරගන්න ඕනේ. කේක් එක හදාගන්න ගන්න බෝල් එක ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. තෙත රහිත පතුල U හැඩැති බෝල් එකක්නම් වඩාත් ගැළපෙනවා.

 

4. කේක් එක නිසිපරිදි සාදා ගැනීම

මුලින්ම බෝල් එකට අපි බටර් ටික දාලා විනාඩි 3ක් විතර බීට් කරලයි සීනි දාගන්න ඕනේ. ඊළඟට සීනි හා බටර් විනාඩි 10-15ක් වගේ හොඳට බීට් වෙන්න ඕනේ. ඒ වෙනකොටත් සීනි කැට තියනවනම් බිත්තරයක් දාලා ආයෙ බීට් කරන්න ගන්න. එතකොට සීනි කැට සම්පූර්ණයෙන්ම දිය වෙනවා. ඊළඟට බිත්තර එකින් එක දාලා බීට් කරන්න. පාන්පිටි එකතු කරන්න කලින් බැටර් එක විනාඩි 20ක් වගේ බීට් වෙලා තියෙන්න ඕනේ. ගොඩක්ම බීට් කරන්නත් එපා බටර් වලින් තෙල් අයින් වෙලා වෙනම ලේයර් එකක් වගේ පේන්න ගන්නවා එතකොට. පාන්පිටි දාලා බීට් නොකර ස්පැචූලා එකකින් හෝ ලී පත්තකින් එකම පැත්තට කලවම් කරගන්න. ඊළඟට කිරිටික දාලා අන්තිමට විනාඩි 2ක් විතර බීට් කලාට කමක් නෑ.

 

5. තැටි සූදානම් කර ගැනීම

කේක් තැටි ගන්නකොටත් සාමාන්‍යයෙන් මිණුම් තියනවා. කිලෝ එකක කේක් එකක් කොටු තැටියක සාදා ගන්නවනම් අඟල් 8*8 දිග පළල සහිත ට්‍රේ එකක් ප්‍රමාණවත්. රවුම් තැටියක් නම් විශ්කම්භය අඟල් 8ක ප්‍රමාණෙන් ගන්න ඕනේ. ට්‍රේ වලට ඔයිල්පේපස් දාලා බටර් ගාලා රෙඩි කරගන්න ඕනේ. කේක් එක බේක් උනාට පස්සෙ මතුපිට පලුදු නොවී තැටියෙන් අයින් කරගන්න ඕනෙනම් කොටු තැටියෙ ප්‍රතිවිරුද්ධ පැති දෙකට වැඩිපුර එලියට එන විදියට ඔයිල් පේපර්ස් දැම්මනම් ඒකෙන් උස්සලා ගන්න ලේසිවෙනවා. ඒ වගේම බැටර් එක ට්‍රේ එකට දාලා ලෙවල් කරලා තුන් පාරක් ටැප් කරන්නත් ඕනේ.

 

6. බේක් වෙන අතරතුර

ප්‍රීහීට් කරපු අවන් එකට කේක් එක දානකොට මැද රැක් එකට හැමවෙලේම කේක් දාන්න ඕනේ. ඒ වගේම සෙල්සියස් අංශක 180ට උඩ හා යට හීටර්ස් දෙකම ඔන් කරලා කේක් එක දාන්න ඕනෙ. කේක් එක අවන් එකට දැම්මට පස්සෙ අවන් එක අරින්න යන්න එපා. විනාඩි 40 ඉවර උනාට පස්සෙ තමා අවන් එක අරින්නෙ. නැත්තන් කේක් එක බහින්න මේක ලොකු හේතුවක් වෙනවා.

7. බේක් උනාට පසු

නිසි කාලෙ අවසන් වෙලා කේක් එක බේක් උනාට පස්සෙ ටූත්පීක් එකක් ගහලා බේක් වෙලාද බලලා එලියට ගන්න. කේක් එක එලියට අරන් කූලින් ට්‍රේ එකට දාලා නිවෙන්න තියන්න. බේක් උනාට පස්සෙ නිවෙනකල් අවන් එක ඇතුලෙ තියන්න එපා.

මේ විදියට කේක් එක හදාගත්තොත් ඔයාට රසම රස සොෆ්ට් කේක් එකක් හදගන්න පුලුවන්. කේක් ගැන වගේම අනික් ආහාර ගැනත් දැනගන්න අපේ ලයිෆි වෙබ්සයිට් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *