අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි: ෆින්ගරින් ටිප්ස් කීපයක් ඉගෙන ගමු!

පළවෙනියටම කියන්න ඕන මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි මාතෘකාවක් කියන එක. ආන්න ඒ නිසා, අවුරුදු 16 ට අඩු පොඩි ළමයි එහෙම මේ ආටිකල් එක කියවන්න හරි බරි ගැහිලා ඉඳගත්තා නං, කරුණාකරලා පාඩං වැඩක් කරගන්න යන්න. ඊට වැඩි, සෙක්ස් ගැන කතා කරන්න, සෙක්ස් ගැන ඉගෙන ගන්න බය නැති වැඩිහිටියෝ විතරක් හිටියට කමක් නෑ!

 

දැන් ඔය ෆින්ගරින් කියන්නේ මොකක්ද හැබෑටම? කෙලින්ම පරිවර්තනේ කළොත් “ඇඟිලි ගහනවා”. අපි හොඳටම දන්න ඇඟිලි ගැහිල්ල වෙන්නේ අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගැහිල්ලනේ. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි. මේ කියන්නේ සෙක්ස් කරනකොට තමන්ගේ කාන්තා පාට්නර්ට වින්දනයක් ලබාදෙන්න යෝනිය තමන්ගේ ඇඟිලි වලින් උත්තේජනය කරන එක ගැන. ඒක අනුන්ට ඇඟිලි ගැහීමක් වුණාට, අනුන්ගේ වැඩක් නෙවෙයි. වැඩේ දෙන්නගෙමනේ. අන්න ඒ නිසා, අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා කිව්වට, අපි මේකට එපා කියන්නෙ නෑ.

 

හරි, ෆින්ගරින් කියන්නේ මොකක්ද කියලා දැනගත්තට මදි, ඒක හරියට කරන්නේ කොහොමද කියන එක, ඒ කියන්නේ තමන්ගේ කාන්තාවට උපරිම වින්දනයක් ලබාගන්න පුලුවන් විදියට කරන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මේ ටිප්ස් කීපය හොඳ ෆින්ගරින් අත්දැකීමක් ලබාදෙන්න ප්‍රයෝජනවත් වෙයි!

 

01. ලිහිසිකරණය ඉගෙනගමු

සාමාන්‍යයෙන් අපි දන්නේ කාන්තා යෝනිය කියන්නේ ස්වයං ලිහිසිකරණය වෙන ශරීර අවයවයක් කියලනේ. ඒ කියන්නේ කාන්තාවකට ලිංගික හැඟීම් ඇතිවෙනකොට ස්වභාවික ලිහිසිකාරක ශ්‍රාවය වෙලා, යෝනිය ලිංගික කාර්යය සඳහා සූදානම් කෙරෙනවා. හැබැයි එහෙම කිව්වට, ඒක සියේට සීයක් හැම කාන්තාවකටම හැම මොහොතකදීම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, ෆින්ගරින් වලදී ඒ ගැනත් හිතන්න ඕන. සාමාන්‍යයෙන් සුපර් වෙට් වෙන කාන්තාවක් නම් ගැටළුවක් වෙන්නෙ නෑ. හැබැයි ප්‍රමාණවත් විදියට යෝනිය ලිහිසිකරණය වෙලා නෑ කියලා හිතෙනවා නම්, ෆින්ගරින් වලට කලින් ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒක ඔය වෝටර් බේස්ඩ් හරි සිලිකන් බේස්ඩ් හරි වුණාට කමක් නෑ. එහෙම නැතිනම් වඩාත් පහසු ක්‍රමයක් තමයි ෆින්ගරින් කරන්න කලින් ඇයට හොඳ මුඛ සංසර්ගයක් ලබාදෙන එක. ඒ කියන්නේ දිවෙන් යෝනිය හොඳින් උත්තේජනය කරලා ඉන්න එක.

 

02. හෙමිහිට පටන් ගන්න

සමහරු හිතනවා ෆින්ගරින්ග් කියන්නේ වේගෙන් කරපු තරමට කාන්තාවට වැඩි උත්තේජනයක් ලැබෙන දෙයක් කියලා. තවත් සමහරුන්ට ෆින්ගරින්ග් කියන්නේ වීඩියෝ ගේම් එකක් වගේ. වැඩියෙන් වෙඩි තියලා ගොඩක් අය මරපු තරමට තමයි දිනන්න පුලුවන්. හැබැයි අපි කියන්නේ ෆින්ගරින් ඔය එකක්වත් නෙවෙයි කියලා. ඒක හෙමින් සීරුවේ ආරම්භ කරලා රිද්මයකට කරගෙන යන්න ඕන දෙයක්. එහෙම නැතුව වේගෙන්, රළු පරළු විදියට කරන්න ඕන දෙයක් නෙවෙයි බොහෝමයක් වෙලාවට. එක ඇඟිල්ලකින් පටන් ගන්න. හෙමිහිට රිද්මය ගොඩනංවන්න. ඒ වගේම, යෝනිය ප්‍රමාණවත් තරමට ලිහිසි වෙලාද කියලා බලන්න. එහෙම නැතිනම් අංක එක පියවරට යන්න.

 

03. ක්ලිටෝරිස්!

පිරිමියෙක්ගේ ලිංගේන්ද්‍රියට සමානව පිහිටලා තියෙන කාන්තා ශරීරයේ අංගය කියලා ක්ලිට් එක, ක්ලිටෝරිස් එක නැතිනම් සිංහලෙන්ම කිව්වොත් භගමණිය ගොඩක් දෙනෙක් හඳුන්වනවා. පහසුවට අපිත් ක්ලිට් එක කියලම කියමු. කාන්තාවකගේ ක්ලිට් එක ඇත්තටම අති සංවේදී ස්ථානයක්. ඒ නිසාම, හරි විදියට ක්ලිට් එක උත්තේජනය කරලා ඈව සුරතාන්තයට පත් කරන්න වුණත් පුලුවන්. ආන්න ඒ නිසා, ක්ලිට් එකට සලකන විදිය මුලින්ම ඉගෙන ගන්න ඕන. ක්ලිට් එක හොයාගන්න ක්‍රමේ ඊට කලින් ඉගෙන ගන්න ඕන! සාමාන්‍යයෙන් කාන්තාවකගේ ක්ලිට් එක තියෙන්නේ යෝනි මාර්ග ප්‍රවේශයට ඉහළින් වගේ. හැබැයි මේක හරියටම තියෙන තැන කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්. වැදගත්ම දේ මේකයි. ෆින්ගරින් වල ප්‍රධානතම තැනක් වෙන්නේ යෝනි මාර්ගයට ඔබේ ඇඟිලි ඇතුළු කරන එක නෙවෙයි. ඔබේ ඇඟිලි වලින් ක්ලිට් එක උත්තේජනය කිරීම. සමහර විට අත් දෙකම මේ කාර්යයන් දෙකට එක වර යොදාගන්න පුලුවන් නම්, ඒක ඔබේ කාන්තාවට අමතක නොවෙන විදියේ ෆින්ගරින් අත්දැකීමක් වෙයි.

 

04. අහන්න ලැජ්ජ වෙන්න එපා

ඇත්තටම ඔය බ්ලූ ෆිල්ම් එකක් දෙකක් බැලුවට පස්සේ ගොඩක් අයට හිතෙනවනේ අපිටත් ගේමක් නැතුව මෙහෙම මෙහෙම සෙක්ස් ටෙක්නික්ස් පාවිච්චි කරලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හරි වයිෆ්ව හරි පිස්සු වට්ටන්න පුලුවන් කියලා. හැබැයි ඒ තරම් තමන් ගැන අධිතක්සේරුවකින් ඇඳට යන්න එපා. උදාහරණයක් විදියට ගත්තොත්, ඔබේ කාන්තාවගේ ක්ලිට් එක හොයාගත්තත්, ඒක ඔබ උත්තේජනය කරන්නේ හරි විදියට නොවෙන්න පුලුවන්. ඇගේ යෝනි මාර්ගය ඇතුළට ඔබ ඇඟිලි ඇතුළු කළත්, ඔබ ඒක කරන රිද්මය කිසිසේත්ම ලොකු වින්දනයක් ගෙන එන්නේ නැති වෙන්න පුලුවන්. එතකොට ඉතින් මොකදෑ කරන්නේ? දේවල් දෙකක් කරන්න පුලුවන්. පළවෙනි එක අපි දෙවෙනුවට කියන්නම්. හැබැයි දෙවෙනි එක තමයි වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ගෙන්ම අහන එක එයාට දැනෙන විදිය. තමන්ගේ ශරීරය සහ තමන්ගේ ශරීරයට දේවල් හොඳින්ම දැනෙන විදිය දන්නෙ එයානේ. ඒ නිසා අපිට පුලුවන් එයාට කලින්ම කියලා තියන්න, එයාට හොඳින්ම දැනෙන කොට ඒක කියන්න කියලා. ඒ වගේම, එයාට හොඳින්ම දැනෙන විදියට කරන්න පුලුවන් වෙන්න අපිට උපදෙස් දෙන්නත් කියලා. ප්‍රධානතම දේ, වයිෆ්ගෙන් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් ගන්න ලැජ්ජ නොවීම.

 

05. ආස දේ විතරක් කරන්න

දැන් ෆින්ගරින් වගේ දෙයක් වුණත් පොඩි පහේ එක්ස්පෙරිමෙන්ටල් වැඩක් කියන එක තේරෙන්න ඕන. මෙතනදී ඕන කරන්නේ ක්ලිට් එක උත්තේජනය සහ යෝනි මාර්ගය ඇතුළත උත්තේජනය කියලා අපි දැනගෙන හිටියට, ඒක කරන්න ගියහම ඇත්තටම ලේසි නෑ. මොකද, ඒකේ රිදම් එක අනුව, ප්‍රබලත්වය අනුව, ඇඟිලි ඇතුළු කරන කෝණය අනුව පවා අපේ කාන්තාව ඒක රසවිඳිනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ආන්න ඒ නිසා, අපිට විවිධ රිදම් වලට, විවිධ ඉරියව් වලට, විවිධ චලනයන් වලට ගිහින් බලන්න වෙනවා. හැබැයි ඔහොම එක එක විදියට කරලා බලනකොට, එයාට හොඳටම දැනෙන තැනක් එයි. ඒක අපිට ලේසියෙන්ම දැනගන්න පුලුවන් එයාගේ ප්‍රතිචාර සහ ඉරියව් වලින්. විශේෂයෙන්ම කෙඳිරිය වැඩි වෙන එකෙන්, ශරීරය කම්පනය වෙන එකෙන් වගේ එයා ඒක හොඳින්ම එන්ජෝයි කරනවා කියලා දැනෙන දේවල් වලින්, අපිට හිතාගන්න පුලුවන් අපි මේ දැන් කරපු විදිය තමයි හරිම විදිය කියලා. එහෙමනම්, වහාම තමන් ඒ කළේ මොකක්ද කියලා තේරුම් අරගෙන, ඒකම පිළිපදින්න. ආයෙ වෙන වෙන එක්ස්පෙරිමන්ට් වලට යන්න එපා.

 

06. ඇතුළේ දඟලන ඇඟිලි

දැන් ෆින්ගරින් කරනකොට, සමහරු හිතන්නේ ඒකෙන් කියන්නේ යෝනි මාර්ගයට ඇඟිල්ලක් ඇතුළු කරන එක විතරයි කියලා. මෙතනදී හිතලා බලන්න ඕන කාරණාව මේකයි. යෝනි මාර්ගයට ශිෂ්ණයක් ඇතුළු කරන එකෙන්, ඇඟිල්ලක් ඇතුළු කරන එක වෙනස් වෙන්නේ කොහොමද? හරි, ප්‍රමාණය අතින් ඇඟිලි වඩාත් කුඩායි. හැබැයි සයිස් එක එහෙමට ගැටළුවක් නෑ. එහෙමනම් ශිෂ්ණයට වඩා ඇඟිල්ල විශේෂ වෙන්නේ කොහොමද? උත්තරේ තමයි ඇඟිල්ලේ නම්‍යශීලී බව. අපිට යෝනි මාර්ගයට ඇඟිල්ලක් හෝ ඇඟිලි දෙකක් ඇතුළු කරලා, නිකම්ම ඉස්සරහට පස්සට කරනවට වඩා වෙනස් දේවල් කරන්න පුලුවන්. ඇඟිලි යෝනි මාර්ගය ඇතුළේ ටිකක් නවලා ලොක් කරන්න පුලුවන්. ඇඟිලි යෝනි මාර්ගය ඇතුළේ ගවේෂණය කරන්න යොදාගන්න පුලුවන්. යෝනි මාර්ගය ඇතුළේ ඇඟිලි ඇතුළට පිටට යවන අතරෙම, ඇඟිලි යෝනි මාර්ගය ඇතුළේ හෙලවීමෙන්, නැවීමෙන් තවත් වැඩි උත්තේජනයක් ලබාදෙන්න පුලුවන්. මේ වගේ කරන්න පුලුවන් වැඩ කෝටියයි. හැබැයි එක ඇඟිල්ලකින් පටන් ගන්න. එයාට කම්ෆර්ටබල් විදිය අනුව තව ඇඟිලි ඇතුළු කරනවා නම් ඇතුළු කරන්න.

 

07. නිපල්ස්, ඇස්, තොල් සහ ෆින්ගරින්

අපිට ෆින්ගරින් කරනකොට අත් දෙකම පාවිච්චි කරලා එක අතකින් ක්ලිට් එක උත්තේජනය කරන ගමන් අනික් අතින් යෝනි මාර්ගයට ඇඟිලි ඇතුළු කරන්න පුලුවන් කියලා අපි කලිනුත් කිව්වනේ. හැබැයි ඒකටම විතරක් සීමා වෙන්න අවශ්‍ය නෑ. ෆින්ගරින් කරනකොට ඇයට උත්තේජනය වෙනස් වෙනස් විදියට ලබාදෙන්න පුලුවන් තවත් ක්‍රම තියෙනවා. ඒකට තව උදාහරණයක් තමයි එක අතකින් ෆින්ගරින් කරනකොට, අනික් අතේ ඇඟිලි වලින් නිපල්ස් උත්තේජනය කරන එක. එතකොට ෆින්ගරින් කරන අතරේ ඇගේ තොල් සිප ගන්න පුලුවන්. ඒ වගේම ඇගේ ශරීරයේ වෙනත් තැන් ස්පර්ෂ කරන්න පුලුවන්. ෆින්ගරින් කරන අතරේම දිවත් යොදාගෙන ක්ලිට් එක උත්තේජනය කරන්නත් පුලුවන්. මේ දේවල් අපිට මාරුවෙන් මාරුවට කරලා ප්‍රතිඵල බලන්න පුලුවන් ඇත්තටම. ඒ වගේම මතක තියාගන්න. සමහර වෙලාවට අපි වයිෆ්ගේ හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ගේ ඇස් දිහා ආශාව පිරුණු දෑසින්, ගැඹුරින් බලාගෙන ෆින්ගරින් කරන එක, පුදුමාකාර විදියට එයාට උත්‍තේජනයක් ලබාදෙන දෙයක් වෙන්න පුලුවන්. කරලම බලන්න.

 

08. ටෝයිස් ඕකේ?

ඇත්තටම ෆින්ගරින් වලට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ ඇඟිලි විතරක්ම නෙවෙයි. ඊට එහා ගිහින් ඕන නම් සෙක්ස් ටෝයිස් පාවිච්චි කරන්නත් පුලුවන්. ඒ ගැන මීට කලින් හිතලා නැද්ද? නිකමට හිතන්න, ඕන නම් බට් ප්ලග් එකක් පාවිච්චි කරලා එයාගේ ගුද මාර්ගය උත්තේජනය කරන අතරේ ෆින්ගරින් කරන්න පුලුවන්. ෆින්ගරින් කරනකොට ඇඟිලි වලින් ක්ලිට් එක උත්තේජනය කරන අතරවාරයේදී බුලට් වයිබ්‍රේටර් එකකින් යෝනි මාර්ගය උත්තේජනය කරන්න පුලුවන්. අනෙක් අතට, වයිබ්‍රේටර් එකකින් ක්ලිට් එක උත්තේජනය කරන අතරම, ඇඟිලි යෝනි මාර්ගයට ඇතුළු කරලා උත්තේජනය ලබාදෙන්නත් පුලුවන්.

 

තව දෙයක්. සමහර කාන්තාවෝ ඉන්නවා, ෆින්ගරින් සෙෂන් එකකින් සුරතාන්තයක් ආවට පස්සේ, ඒ ගමන්ම, ඒ ලැබෙන උද්දීපනයත් එක්කම සංසර්ගයට යන්න කැමති. ට්‍රයි කරලා බලන්න. ඒක වෙනම අත්දැකීමක් වෙයි!

Leave a Reply

Your email address will not be published.