එක එක විදියට හදලා කන්න පොලොස් රෙසිපි 5ක්

නම ඇහුවත් කටට කෙල උනන කැමක්නේ පොලොස් කියන්නෙ. ඔන්න ඉතින් ඔයාලා ආසම පොලොස් අපි විදි කීපයකට හදාගන්නහැටි කියන්නයි යන්නෙ. බොහොම රසට හදාගන්න පුලුවන් මේ පොලොස් හොයාගෙන ගම් පීරගෙන යන අයත් ඉන්නවා. ඉතින් ඔයාලට ලැබෙන පොලොස් ගෙඩිය මේ විදියට හදලා බලන්න කොහොමද කියලා…

01. පොලොස් ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය :-
පොලොස් ගෙඩියක්
මිටිකිරි කෝප්ප 2
දියකිරි කෝප්ප 1
චොප්කරගත් රතුළූණු ගෙඩි 2
චොප්කරගත් සුදුළූණු බික් 4
චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
චොප්කරගත් ඉඟුරු කෑල්ලක්
එනසාල් ඇට 2
කරාඹුනැටි 2
චොප්කරගත් අමුමිරිස් කරල් 2
උම්බලකඩ කෑලි ස්වල්පයක්
කුරුදුපොතු කෑල්ලක්
බැදගත් මිරිස්කුඩු මේසහැඳි 1
බැදගත් තුනපහකුඩු තේහැඳි 2
කහකුඩු තේහැඳි 1/2
සේර කැබැල්ලක්
ගොරකා කෑලි 2

  • පොලොස් ගෙඩිය පොතු ඇරලා තරමක කෑලි කපාගන්න.
  • මැටි වළඳකට මේ ටික දාලා මිටිකිරි හැර අනික් සියල්ලම දාගන්න.
  • දැන් මේක දර ලිපේ මද ගින්නෙ පිසගන්න.
  • පොලොස් තැම්බිලා නටනකොට මිටිකිරි ටික දාලා උතුරවගන්න.
  • දැන් මේක මෙහෙම්මම අඩුගින්දරේ පැය 3ක් වගේ හිඳෙන්න තියන්න.

02. පොලොස් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :-
තරමක කෑලි කපාගත් පොලොස් ගෙඩියක්
කහකුඩු ස්වල්පයක්
ගොරකා කෑලි 3
ලුණු ස්වල්පයක්
විනාකිරි කෝප්ප 1 1/2
රතුළූණු ගෙඩි 10-12
පලාගත් අමුමිරිස් කරල් 10
හීනියට කපාගත් කැරට් කෝප්ප 1/2
කපාගත් මාළුමිරිස් කරල් 2
අබ මේසහැඳි 1
මුරුංගා පොත්තක්
ලුණු හා ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු තේහැඳි 1/2
කහකුඩු තේහැඳි 1/2
තෙල් ස්වල්පයක්
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 1

  • පොලොස් ටික කහ හා ලුණු දාලා තම්බගන්න.
  • ඊළඟට මේක පොඩි කෑලි වලට කපාගන්න.
    අබ ටික අඹරගන්න.
  • මැටි ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න.
  • මේකට මිරිස්කුඩු , කහකුඩු, ගම්මිරිස්කුඩු, අඹරාගත් අබ ටික දාගන්න.
  • දැන් කපාගත් සියල්ලම එකතු කරලා විනාකිරි දාලා තැම්බෙන්න තියන්න.
  • ටිකකින් ලොස් ටිකත් දාලා අඩු ගින්දරේ විනාඩි 5ක් තැම්බෙන්න තියන්න.
  • ඊළඟට මේක නිවෙන්න තියලා බෝතල් වලට දාගන්න.

03. පොලොස් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍ය :-
පොලොස් ගෙඩි 1
කෝන්ෆ්ලා මේසහැඳි 2
මිරිස්කුඩු තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
කෑලිමිරිස් තේහැඳි 1
කහකුඩු තේහැඳි 1/2

  • පොලොස් කෑලි කපලා කට්ට පිටින් හොඳට තම්බගන්න.
  • දැන් පොත්ත අයින් කරලා වංගෙඩියකට හෝ බ්ලෙන්ඩර් එකට දාලා පොඩිකරගන්න.
  • මේකට මිරිස්කුඩු, කෑලිමිරිස්, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කෝන්ෆ්ලා ටිකත් දාගන්න.
  • හොඳට කලවම්කරගන්න.
  • දැන් ක්ලින් රැප් එකක් හෝ ලන්ච් ශීට් එකකට තෙල් ටිකක් ගාලා මිශ්‍රණයෙන් ටිකක් තියලා සොසේජස් වගේ දෙපැත්තරෝල් කරගන්න.
  • මේ වගේ මුළු මිශ්‍රණයම හදාගන්න.
  • දැන් මේක හොඳට ස්ටීම් කරලා ෆ්‍රීසර් එකේ පැය 5-6ක් තියන්න.
  • අවශ්‍යවෙලාවට එලියර අරන් රැප් එකෙන් අයින් කරලා ෆ්‍රයි කරලා ගන්න.

04. පොලොස් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය :-
තම්බාගත් පොලොස් කෝප්ප 2
පාන්පිටි කෝප්ප 1/4
බටර් මේසහැඳි 1
ග්‍රේට්කරගත් කැරට් අල 1/2
බිත්තර 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් අමුමිරිස් කරල් 2
තෙල් ස්වල්පයක්
චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
කෑලිමිරිස් තේහැඳි 1/2
කහකුඩු තේහැඳි 1/4

  • පොලොස් ටික අතින් හොඳට කුඩු කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු හා අමුමිරිස් ටික දාගන්න.
  • මේ ටික ෆ්‍රයිවෙනකොට කැරට් ටික දාගන්න.
  • ටිකකින් කුඩුකරගත් පොලොස් ටික දාගන්න.
  • මේකට රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස් හාකහකුඩු දාලා කලවම් කරගන්න.
  • කරපිංචා ටිකත් දාගන්න.
  • විනාඩි 5ක් වගේ මැලවුනාම ලිපෙන් බාගන්න.
  • බෝල් එකකට මේ ටික දාලා පාන්පිටි ටික දාගන්න.
  • මේකට බිත්තරය හා බටර් ටික දාලා හොඳට අතින් අනාගන්න.
  • පොඩි බෝල හදලා තුනී කරලා රොටිතැටියකට තෙල් ටිකක් ගාලා රොටී පුළුස්සගන්න.

05. පොලොස් බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් පොලොස් ගෙඩි 1
ලුණු ස්වල්පයක්
කහකුඩු ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 2
ගොටුකොළ මිටියක්
සුදුළූණු බික් 10
කරපිංචා ඉති 4-5
කෑලිමිරිස් මේසහැඳි 1
සීනි තේහැඳි 2
චොප්කරගත් ඉඟුරු තේහැඳි 2
බැදීමට තෙල්
දෙහි බෑයක යුෂ

  • පොලොස් ටික තරමක කෑලි කපලා ලුණු හා කහකුඩු දාලා තම්බගන්න දැන් මේවා දික් අතර තීරු කපාගන්න.
  • දැන් පොලොස් තීරුරන්වන්පාට වෙනකල් බැදගන්න.
  • ලියාගත් ළූණු, සුදුළූණු, ගොටුකොළ හා කරපිංචාත් වෙන වෙනම බැදගන්න.
  • වෙනම තාච්චියකට තෙල් ටිකක් දාලා ඉඟුරු ටික දාලා බැදගන්න.
  • දැන් මේකට කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • ටිකකින් සීනි ටික දාලා කලවම් කරලා බැදගත් සියල්ලම දාලා කලවම් කරන්න.
  • බාන්න කිට්ටුව දෙහි යුෂ එකතු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *